
මිහිඳු මාහිමියන් ලක්‌දිවට වැඩම කළේ අවන්ති රට වේදිස නගරයේ සිටය. උඡ්ජයිනියට නැගෙනහිරින් පිහිටා තිබූ වේදිස නගරය වර්තමානයෙහි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රෙසෙන් දිස්‌ත්‍රික්‌කයේ බිල්සා නගරය (බේස් නගර්) ලෙස හඳුනාගෙන තිබේ. බෙත්වා හා බේස් යන ගංගා දෙක එක්‌වන ස්‌ථානයේ පිහිටි මෙම භූමිය අද හින්දූන්ගේ පුණ්‍ය තීර්ථයකි. එහෙයින් ලක්‌දිව බුද්ධාගමෙහි මාතෘ භූමිය අවන්තියේ වේදිස නුවර යෑයි කිවහොත් එහි කිසිදු වරදක් නො මැත.
පාටලීපුත්‍ර නගරයෙන් පිටත් වූ මිහිඳු මාහිමියන්...