Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Showing posts with label ආරක්ෂා මන්ත්‍ර. Show all posts
Showing posts with label ආරක්ෂා මන්ත්‍ර. Show all posts

Saturday, February 22, 2014

සොරුන් අල්ලන පොල් ගෙඩියේ ගුරුකම



ඉතා ශුභ දිනක ශුභ මුහුර්තයකින් රං තැඹිලි පොල් ගෙඩියක්‌ පිරිසිදු කෙනෙකු ලවා බිම නොදමා අතින් කරකවා කඩා ගත යුතු වෙයි. ඉන් පසුව අංග සම්පූර්ණ කොට ගත් පංචෝපචාර මල් බුලත් තටුවක තැන්පත් කළ පොල් ගෙඩිය ලෙලිහැර කහ දියරෙන් සෝදා ගැනීම වැදගත් වෙයි. පූජා තටුව සූනියම් දේවතාවුන් වහන්සේ ප්‍රධාන දේව මණ්‌ඩලයට කැප කිරීම සුවිශේෂී කරුණකි. සන්ධ්‍යා සමයෙහි වෘක්‍ෂ මූලයක අබියස ජීවම ආරම්භය ද ප්‍රතිඵලයන් තිරසාරව ලැබීමෙහිලා ගුරු මුෂ්ඨ§යයි. මහාd නවනීල දෘෂ්ඨ§යෙන් 108 වරක්‌ ජීවම් වියයුතු අතර දිෂ්ඨ§ප්‍රාණ ජීවම් පලිප්පු පුටු සිද්ධිය ද ප්‍රවීණ ගුප්ත විද්‍යාධරයකුගෙන් සිදුවීම වැදගත් වෙන්නකි.

පසු දින පොලය ලෑල්ලක්‌ මත තබා එහි මතුපිටට කෙනකු නංවා වටේට අවිශ්වාස කටයුතු උදවියගේ නම් ලියා දුම්මල දුම් දෙමින් ජීවමෙන් මතුරා වමට දකුණට කැරකෙන සේ ආයාචනා කරන්න. එවිට පොල් ගෙඩිය වමට දකුණට කැරකෙයි. සත්‍ය වශයෙන් පොල් ගෙඩිය සොරුගේ නමටම කැරකී සිටියි. ඉපැරැණි ගැමියන් රෝගාබාධකයන් පිළිබඳව ද සොර සතුරන් සහ දිනුම් පරාද පිළිබඳව ද මේ අයුqරු දැන ගන්නා ලදී.

මෙදා ළමා අපචාර, ස්‌ත්‍රී දූෂණ, අනියම් සබඳතා, කුරිරු ඝාතන, පොදු මහජන දේපළ ගසාකෑම්, ආදී අනේකවිධ දහසකුත් ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගත හැකි අනභිබවනීය වූ අවස්‌ථා සඳහා මෙවැන්න මාහැඟි ප්‍රශස්‌ත ක්‍රමවේදයකි.

පුද පූජා සඳහා

ලේ, රීරි, අඳුන්, සඳුන්, ඇට ඇටි, ගොටුව බැගින් ද දිය ගොඩ මස්‌, දැල්වු පහනක්‌, බිත්තර බැදපු, තම්බපු දැ සියල්ල පාහේ පුද තටුවකට තබා ගන්න.

මහානවනීල දිෂ්ඨ§ය මෙන්න

ඕං ඉන්දර වඩිග නවනීල දිෂ්ඨ§ වාරුම්වාවා නීල වඩිග නාරායනෙ - ක්‍රේම සූනියන් - මුළු දිෂ්ඨ§ වාරම් වාවා. ආතාලා දිෂ්ඨ§ පාතාල දිෂ්ඨ§ ශ්‍රී විෂ්ණු දිෂ්ඨ§, කන්ද කුමාර දිෂ්ඨ§, ඔඩ්ඩි රූඪ මණි මකුට - වෛරෝඩි දිෂ්ඨ§ වරෙන් ඉර සඳ පලාගෙන වරෙන්, මහමෙර දෙබෑ කරගෙන වරෙන්, මහ මුහුද සලිත කරගෙන වරෙන්, සක්‌වල වෙවුල්ලාගෙන වරෙන්, විල් හතේ නොසිට වරෙන්, කෛලාසන යුගන්ධර සප්ත සමන්තකූට පර්වතේ නොසිට වරෙන් පොත් ගුල් හතරේ නිධන් යතුරු හිර ඉගිලගෙන වරෙන්, විස ගිනි ධූමකේතු මාලාවෙන් වරෙන්, සොහොන් කටුවෙන් වරෙන් ඔඩ්ඩි කටුවෙන් වරෙන්, මදන කටුවෙන් වරෙන් දිෂ්ටි දිෂ්ටි මෙමා දුන් මල් පහන් දොළ බිලි කැපකරගෙන, මෙමා කී දේ බලා ගනින්, යාලුවේ වරෙන්. රීරි කුමාරයා වරෙන්, තුන් බිල්ලේ මල සොහොන් යක්‍ෂණී වරෙන්, විකාර මදන පිල්ලි කුමාරි වරෙන්, රතිකාම මල්මදන මෝහිනී මුළු සූනියල් පලප්පු දිෂ්ඨ§ නීලරාම දිෂ්ටි. දැඩිමුණ්‌ඩ දේවසැර දිෂ්ටි. දේවසැර දිෂ්ටි, දෙවොල් සමයන් භූත කුරුම්බර දිෂ්ඨ§ ඔඩ්ඩි කුමාර සිවරාම දිෂ්ටි දිෂ්ටි ඒස්‌වාහඃ - (108 වරයි)



පොලය කැරකවීමේ ජීවම

ඕං ගිනි සැරෙන් ස්‌වාහඃ - ඕං නමෝ වරවර
ඕං නමඃ - ඕං ගිඩි ගිඩි ඉගිලි ඉගිලි ඒස්‌වාහඃ - (108 වරයි.)

Monday, December 3, 2012

සියලු ආරක්ෂාවට බුදුගුණ සපිරුණ නව ගුණ යන්ත්‍රය


බුදුගුණ සපිරුණ නව ගුණ යන්ත්‍රය
බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කළ පමණින් අපේ මතකයට නැගෙන්නේ උන්වහන්සේගේ රූප ශෝභාවෙන් අලංකාරවූ පිංතූරයක්‌ හෝ පිළිම වහන්සේ නමකි. එසේ බුදුරුවක්‌ සිත තුළ මවා ගැනීම වරදක්‌ නොවේ. එහෙත් අප බුදුරජාණන් වහන්සේ ලෙස සලකා වැඳුම් පිඳුම් කළයුත්තේ එම රූපකායට නොව උන්වහන්සේ තුළ පැවැති අනන්ත වූ ගුණ සමුදායටය.

ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධො

විඡ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ

අනුත්තරෝ පුරුසධම්ම සරථි සත්වා දේව

මනුස්‌සානං බුද්ධෝ භගවාතී

බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ හෙයින්ද චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත් හෙයින් ද අෂ්ට විද්‍යා පසලොස්‌චරණ ධර්මයන් ගෙන් සමන්විත හෙයින් ද මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිවනට පැමිණි හෙයින් ද සත්ත්ව, සමස්‌කාර, අවකාස යන තුන්ලොව තත්වූ පරිද්දෙන් දැනගත් හෙයින්ද අංගුලිමාල නාලාගිරි ආදීන් දමනය කළ හෙයින් ද දෙව් මිනිසුන්ට අනුශාසනා කළ හෙයින්ද සියලු ධර්ම අවබෝධ කළ හෙයින්ද ධර්මය දෙසා වදාළ හෙයින්ද යන මේ මහා ගුණ නවයකින් සමන්විත වනසේක.

මෙම ඉතිපිසෝ - ගාථාව සිහි කළ පමණින් නොයෙක්‌ ඵල ලද හැකි බව කියවෙන අතර ශබ්ද විද්‍යාව අනුවද, මෙම ගාථාව අති ප්‍රබල බව පෙනේ.

ඉතිපි/සෝ භග/වා අර /හං සම්මා/සම්බුද්ධෝ

ඉතිපි යන වචනයේ මුල් අකුරු දෙක දිව්‍ය අක්‌ෂර වන අතර තෙවන අක්‌ෂරය මනුෂ්‍ය අක්‌ෂර වේ. ඉ - යනු තේජෝ භූත වන අතර - ති, පි - අකුරු දෙක වායෝ භූත වේ. මෙම භූත දෙකද මිත්‍රය. මෙයට සුබ වේ. මෙම වචන පහේ එන ගණ පිළිබඳව බැලුවත් මෙසේය. දේව ගණ, චන්ද්‍ර ගණ, චන්ද්‍ර ගණ, භූමි ගණ, භූමි ගණ වශයෙන් වේ.

මෙය තවත් ක්‍රමයකට බෙදනවිට මිත්‍ර ගණ දාස ගණ, මිත්‍ර ගණ, මිත්‍ර ගණ වශයෙන් වේ. මේ අනුව මිත්‍ර ගණයෙන් පසුව දාස ගණ පැමිණි විට ප්‍රතිඵලය ජයවේ. දාස ගණයෙන් පසුව දාස ගණ පැමිණීම අධික ගුණ හා ලාභ වේ. දාස ගණයෙන් පසුව මිත්‍ර ගණය දෛවය හා උත්සාහය වේ. මිත්‍ර ගණයෙන් පසුව මිත්‍ර ගණය ධන ලාභ වේ. මේ අනුව මන්ත්‍රයක්‌ මෙන් මෙම ගථාව කීමෙන් සෙතක්‌ අත්වේ.

නව අරහාදී බුදුගුණ

* අරහං - ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූද, ලෝකෝත්තර වූද, උසස්‌ පල පතා සැදැහැතියන් විසින් කරන සියලු පූජාවන් පිළිගැනීමට සුදුසුවන සේක.

* සම්මා සම්බුද්ධෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූද, ලෝකෝත්තර වූද, සකල ධර්ම සමූහයට අනෙකකුගෙන් නොඅසා තමන් වහන්සේ විසින්ම කිසිදු වැරදීමකින් තොරව ඇති සැටියෙන්ම වදාළ සේක.

* විජ්ජාචරණ සම්පන්නෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම්වූ ඥාන විශේෂයන්ගෙන් හා චරණ නම්වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන සේක.

* සුගතෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක. සුන්දර වූ නිවනට වැඩි සේක.

* ලෝකවිදු - ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයට ඇති සැටියෙන් දැන වදාළ සේක.

* අනුත්තරෝ පුරිසධම්ම සාරථී - ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල, ඥානබල, සෘධිබලාදියෙන් මත්ව ප්‍රචණ්‌ඩව සිටින පුද්ගලයන් පමණක්‌ නොව තිරිසන් සතුන් පවා දමනය කොට සුමගට පැමිණ වීමෙහි අන්සැමට වඩා සමත් වන සේක.

* සත්තා දේවමනුස්‌සානං - ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක්‌ නොව අපමණ දෙව්බඹුන්ටද ගුරු වූ සේක.

* බුද්ධෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය තමන් විසින් අවබෝධකොට ලෝකයාටද අවබෝධ කරවන්නට සමත්වූ සේක.

* භගවා - ඒ භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේශ, මෝහ යන කෙළෙස්‌ සහමුලින්ම දුරු කළ සේක.

නිතර නිතර බුදුගුණ සිහිකිරීම තුළින් මනා ආරක්‌ෂාවක්‌ ඔබවෙත ලැබෙන බව සත්‍යයකි. ගමනක්‌ යැමට පෙර, කුමන හෝ හොඳ වැඩක්‌ පටන් ගන්නා විට සිහිපත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල අතිමහත්ය. සොර සතුරු, දිය, ගිනි, සුළං, යක්‌ෂ, ප්‍රේත, භූත, පිසාච, ග්‍රහදෝස ආදී සියලු බලවේගවලින් මිදී ආරක්‌ෂාව සලසාගත හැකි අතර බියක්‌ තැතිගැනීමක්‌ ඇති වන ඕනෑම අවස්‌ථාවක බුදුගුණ ගායනා කිරීමෙන්, සිහිකිරීමෙන් ආරක්‌ෂාව ලැබේ. බිය දුරුවේ. අනතුරු වැළකී යන ගමන් සාර්ථක වේ. කෙබඳු තැනකදී වුවද සිහිකිරීමෙන් ජය ලැබිය හැකිය.

නව අරහාදී බුදුගුණ, පිළිබඳව දේශනා කළේ බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ ළඟ තිබූ අසීමත ගුණ සමුදාය සඟවගෙන ලෝකයට අවශ්‍ය කරන ගුණ නමයක්‌ අපට කියා දුන්නේ අපේ ජීවිත නිවැරදිකර ගනිමින් ඒවා අපේ ජීවිත තුළට ඇතුළත් කරගැනීමටය.

එවන් වූ අසිරිමත් බුදුගුණ නවය කැටිකොට පැරණි සෘෂිවරුන් විසින් පුද්ගලයන්ගේ ආරක්‌ෂාව සඳහා නවගුණ යන්ත්‍රය නමින් යන්ත්‍රයක්‌ ප්‍රස්‌ථාරගත කළ අතර එදා සිට අද දක්‌වා එයින් පිහිට ලැබූවෝ අපමණය.

පුද්ගලයන්ට පැමිණෙන්නාවූ සියලුම මාරක අපලවලටද ගුරු 8 භාවයේ ගමන් ගන්නා වර්ෂයක පමණ කාලයේදී ජන්මියකුට ඇතිවන හදිසි අනතුරු නීතිමය ගැටලු කල්ගතවන රෝගාබාධ සඳහාද සියලුම අමනුෂ්‍ය දෝෂ සඳහාද මෙම යන්ත්‍රයෙන් ගුණ ලැබිය හැකිය.

ඉතා පහසුවෙන් සාදා ගත හැකි මෙම යන්ත්‍රය නිවසේ ඊසාන දිසාව බලා මල් බුලත් තටුවක්‌ සාදා හරි හතරැස්‌ තඹ පතක නිවැරදිව ප්‍රස්‌ථාරගතකර සතරවරම් දෙවියන් ඇතුළු දේවතා මණ්‌ඩලයට ආරාධනා කොට කරණීයමෙත්ත සූත්‍රය තෙවරක්‌ සඡ්Cධායනා කොට ඉතිපිසෝ ගාථාවෙන් 336 වරක්‌ පිරිත් කර පැළඳීම ඉතා යහපත් වන අතර අටවිසි පිරිතෙන් 21 වරක්‌ පිරිත්කර ගැනීම තුළින් විශ්මිත බලයක්‌ ලැබිය හැකිය.

නිවාස ආරක්‌ෂාව සඳහාද මෙම යන්ත්‍රය භාවිතා කළ හැකි අතර දැහැමිව කල්ගෙවන අයකු ලවා යන්ත්‍රය සකස්‌ කර ගැනීම යහපත්ය. කිළි කුණු දෝෂවල බලපෑමක්‌ මෙම යන්ත්‍රයට නොමැත.


නවගුණ යන්ත්‍රය

ති
ති
වා
පි
සො
F:d
මබු
දෙOd
Ò
වි
පු
නෙනා
රො
සු
දෙ
මප
දු
තත
ජජා
දෙOd
මමා
රි
ලො
වි
සා
තො
නු
බු
මම
වා
හං
නු
සසා
නං


මෙම යන්ත්‍රය මෙහි පෙනෙන ආකාරයට රන්  තහඩුවක  හෝ රිදී තහඩුවක හෝ පුස්කොල යක  ලියා ඉතිපිසෝ ගාථාවෙන් 108 වරක් ජප කර ළදරුවන්ට සෑදෙන සියලු ග්‍රහ දෝෂ ,යක්ෂ ,ප්‍රේත ආදී දෝෂ වලටද,ස්ත්‍රී  පුරුෂ සියලු දෙනාගේ ආරක්ෂාවටද බදිනු .අටවිසි පිරිතෙන්ද ජප කිරීම මැනවි.

Wednesday, October 3, 2012

සතුරු විපත් කරදර දුරුවීමට

සතුරු විපත් කරදර දුරුවීමට මන්තරයක් 


"යෙ බ්‍රාහ්මණ වෙදගු සබ්බ ධම්මෙ 
තෙමේ නමෝ තෙ ච මං පාලයන්තු 
නමත්ථු බුද්දානං නමත්ථු  බෝදියා" 
නමෝ විමුන්තානං නමෝ විමුත්තියා 


Sunday, August 26, 2012

සියලු ආරක්ෂාවට මන්ත්‍රයක්



ඕං හ්‍රීං මම ආඝෝරාය නමඃ ඕං හ්‍රීං ගසත ඝෝරාය නමඃ ඕං හ්‍රීං භුවන ආඝෝරාය නමඃ ඕං හ්‍රීං මක්‍ර ආඝෝරාය නමඃ ඕං හ්‍රීං කාලි කූටං ආඝෝර බන්දම් ආකාස බන්දම් පාතාල බන්දම් සර්‍මය කැර කද වදත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ අපස්මාර වේනන්ඩ මන හර හර ආඝෝර ආඝෝර ඒස්වාහඃ 

සියලු ආරක්ෂාවට යහපති. මහසොහොනාට නූල් බඳිනු.
(සුදුසු වාරගණන් යොදාගන්නා ලෙස දක්වා ඇත)

ආරක්ශාවට මන්ත්‍රයක්


සියලු ආරක්ශාවට කහදියර මතුර ගානු

ඕං ප්‍රරාක්ශ ඉර රාක්ශ ලංකා රාක්ශ විශ්ණු වින රාක්ශ අරුමෝ රාක්ශ කුංබ කුංම්බාන්ඩාය මේ කුංඩ උපද්‍රා කල යක්ශ යක්ශනී කච්චල නමුච්චේ ඒස්වාහඃ

මන්ත්‍ර දිශ්ටියක්

මන්ත්‍ර දිශ්ටියක්

ඕං සර්ව ගිනි හෙන ගිනි දිශ්ටි මන්ත්‍ර පුට ගිනි හෙන දිශ්ටි ශැර මන්ඩල ගිනි හෙන දිශ්ටි ශැර ගිනි විශ්ණු දිශ්ටි මන්ත්‍ර කාලි විශ්ණු දිශ්ටි පුට මන්ත්‍ර විශ්ණු දිශ්ටිමග්‍ර ශුභ මග්‍ර දිශ්ටි මන්ත්‍ර දිශ්ටි දිශ්ටි ඒස්වාහඃ......

දුම්මල දිශ්ටියක්.....

දුම්මල දිශ්ටියක්

ඕං හ්‍රීං එන්තාල වාලුම් එව්වාන් මරක්කිලුම් ගුරු වරමෙන් දීර්ග මූර්තු කුරු කාල් කුරු කාල් පත්තුප්ප්‍රමේශ්වර තම්බිරනේ ශ්‍රිං ශ්‍රීං ඔඩ්ඩෛප්පුල්ලේ ඊශ්වර අනින් වා වා...

දිශ්ටි ඉගිල්ලුවන මන්ත්‍රයක්

අත්දුටු දිශ්ටි ඉගිල්ලුවන මන්ත්‍රයකි..දැන කරනු..ආරක්ශාවට යහපති.

ඕං ශ්‍රී විශ්ණු ප්‍රලාඩි තූලාපොරුකි හන්ති සංක්‍රෙස් බහුලඩි විශ්ණු දේස් දේස් ඕං ආදේස් කීමරේ උර්ලඩී දේහෝ ආක්‍රෝන්තු භාහේස් ශ්‍රී විශ්ණු නාරායනේ දේස් දේස්......
ඕං අරි අරි ශක්ක්‍රාන් ගුරු ගුරු ශක්ක්‍රාන් විෂ්ණු නාරායණේ ගිනි කුලඹු දිරි.......

මෙයින් තද යකුන්ට පිබිණු.....කුලුම්බු මන්ත්‍ර ගනනාවකි. පත්තිනි කුලුම්බුව,ශැර කුලුම්බු,විශ්ණු කුලුම්බු,කදිර කුලුම්බු, ආදි වශයෙන්.. කුලුම්බුව යනු ;පිබීම යන අර්තයයි.මෙම මන්ත්‍ර හදිසි අවස්තා වලදි යකුන් වසුනු මිනිසුන්ට අතට මතුර පිබීනු ලැබේ.

..................................................................................................................................

ඕං අරි අරි ශක්ක්‍රාන් ගුරු ගුරු ශක්ක්‍රාන් විෂ්ණු නාරායණේ ගිනි කුලඹු දිරි.......
මෙයින් තද යකුන්ට  ..............

මන්ත්‍ර දිශ්ටියක්



ශිව ගුරැ නාරායනේ නමහං..
ඕ වජ්ජ්‍ර දිෂ්ටි දේව දිෂ්ටි විෂ්නු අවතාර දිෂ්ටි නාග දිෂ්ටි ගරැඩ දිෂ්ටි වර වර නමංගග
ඕ භද්‍ර කාලී දිෂ්ටි ගන්
බහිරව භූමි දේවි දිෂ්ටි ගන්
මකී යන යන්ත්‍ර මන්ත්‍ර දිෂ්ටි ගන්
කකුසද කෝනාගම කාශ්‍යප ගෙෘතම යන සතර බුදුවර අණින් මෙකී යන දේවතාවියන් සැනින් දිෂ්ටි ගන් වර වර නමං.

සොහොන් ශ්‍රී මහසොහොන් දිෂ්ටිය

මහසොහොනට පිදේනි කැප කිරීමේදී, ඒ සම්බන්ද කටයුතු වලදී, දිෂ්ටි කිරීමට මේ මන්ත්‍රය යොදා ගනී......



ඕං නමෝ සෝ වැලි ගජරාෂ්ට දේසේ උපන් සිද්ද මහ සොහොන් දේවතාවුන් වහන්සේ එදා යමරජ්ජුරුවන්නේ යම දොර හත, පලාගනීමැයි සිතා කටින් ජලාටයක් මවාගෙන නාස්පුඩු දෙකෙන් දුම් කදන් දෙකක් මවාගෙන දෑත් දෙකින් ගංගා දෙක්ක මවාගෙන සිවුඅත් සිව්නේත්ත්‍රයක් මවාගෙන, අතුන් දහසක් මවාගෙන ඇතුන් දහසක් වම් අතින් ඇන ඉරා ලේ බීගෙන යමගල් පර්වතේට පැනනැගී, තිස් දහසක් පිරිවෙරට අඩ ගැසූතැනේදී, සැනකින් තිස්දහසක් පිරිවර ස්වාමීනි අඩගැසූ කාරණා කිමෙක් දැයි විචාල තැනේදී, යම රජ්ජුරුවෝ අල්ලා ලේ රීරි බොන්ඩ අඩගැසීමැයි කී තැනේදී, එවිට මහ විෂ්ණු දෙවියෝ යමරජ්ජුරුවන්ඩ සැල කල තැනේදී, යමරජ්ජුරුවෝ එක් සැණෙකින් ගොසින් මාලා දේවතාවට අඩ ගසා මහසොහොන් දේවතාවා එරන් කීල කණුවේ බැද මහසොහොන් දේවතාවා දැපනය කල අනූභාවයෙන්, ඊශ්වර බන්ද, මහේශ්වර බන්ද, ක්‍රිතේශ්වර බන්ද, තිස්දහසක් පිරිවර ලත් මහසොහොන් දෙවතාවා, සර්ව නාග පාසාවෙන් ඉගිල බන්ද බන්ද වර වර ඒස්වාහං....

ඕං නමෝ අදේ නැකතින් උපන් යමරජ්ජුරුවන් වරං ලත් සිද්ද මහසොහොන් දේවතාවුන් වහන්සේට අමු රීරි පුලුටු කැපකර දෙන හෙයින් තිස්දහසක් පිරිවර ලත් සිද්ද මහසොහොන් දේවතාවා දිෂ්ටි ලා විගස බන්ද බන්ද ඒස්වහං...
ඕං නමෝ රූපන්ච නම් ගංගාවේ රූපංච නම් පර්වතේ පැදෙගෙන ඇතෙකු ඇන ලේ බීගෙන කටින් ගිනිජල් මවාගෙන තිස්දහසක් පිරිවර ඇති සිද්දි මහසොහොන් දේවතාවුන් වහන්සේ එරට එදේස් සිට මෙරට මේ දේසේට ගොඩ බසින්ඩ එන වේලාවට, ඊශ්වර දෙවියෝ සිටින් කියා නැවැත්තූ අච්චාවෙන්, ආනුබාවයෙන්, තිස්දහසක් පිරිවර ඇති මහසොහොන් දේවතාවුන් වහන්සේ, අදත් මාගේ රංග මණ්ඩගලයට දිෂ්ටි ල එන්ඩ ඊශ්වර දෙවියන්නෙන් වරමි.....

ඕං නමෝ නේරංජ නන් ගංගාවේ නේරංජ නන් පර්වතේ පැදගෙන අතුන් දහසක් ඇන ලේ උරා බීගෙන, ඇවිත් කටින් ගිනිදැල් දහසක් විහිදුවාගෙන සක්වල ගලේ මහමේරු පර්වතේ කඩා පැදගෙන සිද්ද මහාසොහොන් දේවතාවුන් වහන්සේ, මේ ලංකාද්වීපේට ගොඩ බසින්ඩ එන වේලාවට ගෝඩම්බර දේවතාවුන් වහන්සේ කොයි යන ගමනක් දැයි කියා, වම් පයින් ගසා සිටින්ඩ කියා නැවැත්තූ ආච්චාවෙන් ආනුභාවෙන්, ආකාර යක්ෂයෝ ගොලු යක්ෂයෝ, බිහිරි යක්ෂයෝ, මති යක්ෂයෝ, ඉන්ද්‍ර කාම යක්ෂයෝ, පුලුටුකාම යක්ෂයෝත් තිස් දහසක් පිරිවර ඇති මහසොහොන් දේවතාවුන් වහන්සේ අදත් මාගේ රංග මංඩලේට දිෂ්ටිලා එන්ඩ ඊශ්වර දෙවියන්ගෙන් වරමි......  

ඕං නමෝ මහා සම්මත කාලේදී මහා සම්මත රජ්ජුරුවන් දැවූ සොහොනේ උපන් සිද්ද මහසොහොන් දේවාතාවුන් වහන්සේත් පඩුවස් රජ්ජුරුවන්නේ නුවර පඩුවස් රජ්ජුරුවෝ දැවූ සොහොනෙන් උපන් සිද්ද මහ අමුසොහොන් දේවතාවන් වහන්සේත් විජේ රජ්ජුරුවෝ දැවූ සොහොනෙන් උපන් සිද්ද ජය සොහොන් දේවතාවුන් වහන්සේත් යක්ෂණියන් අට දෙනෙකුත් කුරුම්බ්‍රයින් නවදෙනෙකුත් පිරිවරන් ඇතුන් දහසක් ඇන ලේ රීරි උරා බී මේ ශ්‍රී ලංකාදීපයට ගොඩබසින්ඩ එන් වේලාවට ඊශ්වර දෙවියෝ දිවසින් දැකලා උන් වහන්සේගේ කරේ තිබුනු නූල් සත්පොට කඩා ගැට හතක් ගසා සිවුසැටක් වරලා යක්ශයෝ තුන්දෙනෙක් අමුසොහොනට ගෙන්නා සොහොන් පොලේ සිටුවා බැන්ද ආච්චාවෙන් තඩුත්තු කල අනූබාවෙන් මෙවැනි යකුන් යක්ශනීයන් දිෂ්ටි ලා බන්ද බන්ද ඒස්වාහං .......

ඕං නමෝ තානංගුරු පොතී, ආදේස් පොතී, ත්‍රී නේත්‍රා දාරී ආගෝර විෂ්ණු අණින් සිද්ද මහසොහොන් දේවතාවා දිෂ්ටි ලා විගස බන්ද බන්ද ඒස්වාහා....

ඕං සූර්යා දිෂ්ටි, රාම දිෂ්ටි දිරි දිරි කයි කොණ්ඩුන් කුමාර වේට්ටුගන් ජන්කා වේට්ටු ගජකුම්බකාරීගේ පුතා, අද අසූවිය තෝ ඊශ්වර දෙවියන්ගෙන් වරමින් තා හිමි නැත, විෂ්ණු අවතාර ගජමුත්තු සුර්යා පත්තු වෙසමුණි අණින් දිෂ්ටි ලා විගස බන්ද බන්ද ඒස්වාහා....

ඕං නමෝ ගජන්ත දේසේ ගජකුම්බකාරිගේ කුසයෙන් උපන් සිද්ද මහසොහොන් දේවතාවා, සමන් දෙවියෝ ලගදී, අපි නරපනුවන් ලේ රීරි උරා බොන්ඩ නරලොවට යමුයි කී තැනෙදී, ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේත්, සමනල සමන් දෙවියන් වහන්සේත්, ඕං තිලත්තාල් උල්ලාල්ල ප්‍රාණ රූ තලික්කී පල්ලාලං නෝරුන් පල්ලා, ඕරුක්කා මෙරේ රූඩන් යන් මික්කා කාකෝඩුන් වච්චිරු පාක්කු වෙඩි වසලච්ච ක්‍රී එං කියා රාමසැරේන් බන්දන කර නරලොව කෙලි පිදවිනි ගන්ඩ වරං දුන් අච්චාවෙන් ආනුබාවයෙන් සොහොන් ශ්‍රී මලාවෙන් බැන්දෙන් ජලරාම දිෂ්ටි දිෂ්ටි ඒස්වහං ....

ඕං නමෝ ඉරිදා අදේ නැකතින් මවු කුම්බකාරීගේ කුසයෙන් උපන් සිද්ද මහසොහොන් දේවතාවා තිස්දහසක් පිරිවර මවාගෙන නරලොවට ගොඩ බසින්ඩ එන වේලාවට අහස පොලොව මවාපාපු ශ්‍රී විෂ්ණුන් වහන්සේත්, සමනල සමන් දෙවියන් වහන්සේත් දිවසින් දැක කොයි යන ගමනක්දැයි කියා ඇසූ තැනේදී තිස්දහසක් පිරිවර ඇති සැටපන්දහසකට නායකයා වූ තිස්දහසක් අතුමං රකින්නා වූ මරුවාට සොල්මන් බලන්නා වූ සිද්ද මහසොහොන් දේවතාවා, අදත් මා ගේ රංග මන්ඩලේට දිෂ්ටි ලා එන්ඩ කුවේර පුර නුවර වාසස්තානය කරන  වෙසමුනි රජ්ජුරුවන්ගෙන් වරමි.......

(වැරදි ඇත්නම් නිවරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.....)

Saturday, August 25, 2012

ආරක්ෂාව සදහා මන්තරයක්


මන්තරය 
ඔං මුනි මහා මුනි මේඝ මුනි බුද්ධ වූ ශ්‍රී මුනි මුනි මොහු ආරක්ශාතු එස්වඃ
ඔං තට්ටා මෙට්ටා දිවා ගුලේ මොහුගේ ජිවිත පරාන ආරක්ෂතු එස්වඃ 

ක්‍රමය 
මේ මන්ත්‍රය ආරක්ෂාවට එකක්. වදකහ කැල්ලක් පිරිසිදු කර පිරිසිදු රෙදි කඩක පඩුරක් ආකාරයෙන් ගැට ගසා108 වරක් මතුරා දකුණු අතේ බඳිනු මැන..

Friday, August 24, 2012

එතිපිසො ගාථාවෙ බලයන් අත්දකිමු ....



  • එතිපිසො ගතවෙන් 21 පරක් මතුරල මුන හොදපුවහම සියලු ඇස වහ කට වහ තුන් දොස් සමනය වේ.


  • ඉතිපිසෝ ගාථාවෙන් දහස් වතාවක් මතුරලා නුලක් හදල දාගත්තහම සියලුම දෝෂ දුරු වෙන්ව.. ග්‍රහ දෝෂ පවා දුරු වෙන්ව...

රාවණාගේ ආකර්ෂණය ගන්න දිෂ්ටි මන්තරයක්


මන්ත්‍රය 

ඕං ශ්‍රී රාවණා ශක්ති සද්ධිං විඣිමාහ හරිං හරිං ශ්‍රී ය:

සතුරන්ගෙන් ආරක්ෂාවීමට මන්තරයක්

සතුරන්ගෙන් ආරක්ෂාවීමට.


ක්‍රමය :-මෙම මන්ත්‍රය තල්කොළ කෑල්ලක ලියා දෝෂ නොමැති වෙලාවක 108 වරක් මතුරා ඉනේ තබා ගැනීමෙන් සතුරු කරදර වලින් ආරක්ෂාවී සිටිය හැක.

මන්ත්‍රය:- ඕං නමෝ ක: ක: කි: කි:කු: කු: ශ්‍රී ය:


බලවත් අරක්ෂක මන්තරයක්


මෙය බොහෝම බලවත් අරක්ෂක මන්තරයක්......යක්ෂ භයක භූත භයට මෙයින් 21 වරක් අත්කහ, සදුන් දැමූ තෙල්වලට මතුරා හිසේ නලලේ ගා යෑමෙන් උපද්‍රව වලින් මිදීමට පුලුවන්.....