Tuesday, August 20, 2013

ඉතා දුර්ලභ අති ශ්‍රේෂ්ඨ සරස්‌වතී බන්ධන මන්ත්‍ර රාජයා

ඕං ශ්‍රී්‍රං ශ්‍රීං අස්‌වාහ අමරගුරු රත මයුරාසනේ බල දැරූ ශ්‍රියා කාන්තාව දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දිව්‍යරාජයින්නේ දිව්‍ය පරසතු මල් උයනේ පරසතු මල් නෙළා මල් යහනාවක්‌ කර අතුරුවා දස දහසක්‌ දිව්‍ය සළු එලා මල් මාලා පැළඳ රන් ඔත් මාලිගා සමග ශක්‍ර දිව්‍ය රාජයා අප ගෞතම බුදුරජාණන් වහන්සේට පාණ්‌ඩුකම්බල සෛලාසනේ පිදූ දාමේ දිව්‍ය දේවතාවී යහනාව පූජාකර චන්ද්‍රමණ්‌ඩලයට වැඩ සිට සුවඳ මල් විමාන දේවාල රාජභවන විහාර මාලිගා බලා වාස භවන ලත් ශ්‍රියාකාන්තාවී වා වා දේව ශ්‍රී කාලී එන් එන් මාගේ සුවඳ මල් අස්‌නට සරස්‌වතී දිව්‍ය දේවතාවී එන් එන් සුවඳ මල් පහන් කෙරේ දිෂ්ඨිලා මාගේ බන්ධනයට අසුව මම සිතූ දේ සිද්ධ කර දෙන්න මම යන ගමන දිනවා දෙන්න කුහේරපුර වෛශ්‍රවන දිව්‍ය රාජයින් අනින් බැන්දේන් ශ්‍රී ලෝකාග්‍ර මුනිවරයින් අනින් බැන්දේන් තවද වෘක්‌ෂ දේවාල හිමාල දොරටු අදිපති දෙවියන් අනින් බැන්දේන් රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කෙහෙතුයි යන නව ග්‍රහ දෙවියන් අනින් බැන්දේන් ශ්‍රීකාන්තාවි පත්‍රකාලී පිය රූපි සර්වලෝක නායකකී දේව සිරි කාලි ගණදේවී සරස්‌වතී වරදේවී සිව් සැටක්‌ ශිල්ප ධාරණේ වර දේවී නමෝ නමඃ ඕං අංගුලිමාලි මහා පෝරිසාද දැහනේ ශ්‍රීං ශ්‍රීං ශ්‍රී මුඛ සලිත දේවතාවියේ මුඛය සලිතවී දිවතුලට හිතට ප්‍රාණ දිෂ්ඨි සරස්‌වතී දේවසිරි කාලිවර වර නමඃ 

(මෙහි මම, මගේ යන තැත්වලට අනුන්ට කරදෙන විට ඔහුගේ නියම නමට මතුරා දෙන්න)
මෙයින් නිසිපල නෙළා ගැනීමට නම් පිරිසිදු පැන් කළයක්‌ හත් වරක්‌ පෙරා මල් අසුනක තබා, රන්තැඹිලි තෙල්, නෙලුම් රේණු, ඇට මද, අල, සුදු හඳුන්, බැමිකීරිය, ෙත්‍රෙයිලෝක්‍ය විජය පත්‍රම්, නෙලුම් පත්‍ර කබලේ රන්වන් පාටවනතෙක්‌ බැද රසදියෙන් අඹරා අව්වේ සිඳුවා තඹ, පිත්තල බඳුනක තබා එම අසුනේම තබා ඉතා පිරිසිදුව සරස්‌වති ස්‌තෝත්‍ර කියා පිංදී ඉහත මන්ත්‍රයෙන් 1008 වරක්‌ ජපකොට පැන් ටික ටික දින 21 ක්‌ උදේ හිස්‌ බඩ බොන්න. ඉන් පසු ඔබ පාඩම් කරන විට ජපකරගත් "සරස්‌වතී බන්ධන තෙල්වලින් අශ්ව මයිලක්‌ නැතහොත් නෙලුම් රේණුවක්‌ ගෙන බහා දිව ගා පාඩම් කරන්න. දේශනා අහන්න. ඔබ අදහන දේත් ඔබ පොත පතින් ලබන දැනුමත් සිත තුළට ධාරණයවී ඔබේ හිස තුළ ඇති ගබඩාවෙහි තැන්පත්වී ගුප්ත මහ වාසලක්‌ වී එයින් ඔබට අනාගත ලෝකයේ සුන්දර විමන හමු වේ·

5 comments:

  1. මේ යන්ත්‍රය පැහැදිලිව දැම්ම නම් ඇදගන්න තිබුන .කොහොම උනත් හොද වැඩක්

    ReplyDelete
  2. ත්‍රෛලොක්‍ය විජය පත්ර්ම් යනු කුමක්ද

    ReplyDelete
  3. පැහදිලිව දාන්න ලොකු පිනක්

    ReplyDelete
  4. මගේ විවාහය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මට මේ වගේ දෙයක් වෙයි කියලා මම කවදාවත් විශ්වාස කළේ නැහැ.
    මගේ සැමියා හදිසියේම වෙනස් වුණා. මට ආදරය කළ සහ රැකබලා ගත් මිනිසා කිසිම හේතුවක් නොමැතිව සීතල, දුරස් සහ කෝපයට පත් වුණා. ඔහු අපේ විවාහය ගැන උනන්දු වීම නැවැත්තුවා, මාව සම්පූර්ණයෙන්ම මඟ හැරියා, අවසානයේ මගෙන් දික්කසාද වෙන්න කියලා ඉල්ලුවා. මම මගේ සැමියාට ඇත්තටම මුළු හදවතින්ම ආදරය කළ නිසා මම කම්පනයට පත් වුණා.
    මම කවදාවත් හිටියේ නැති තරම් - WhatsApp, Facebook, Instagram - හැමතැනම එයා මාව අවහිර කළ විට දේවල් තවත් නරක අතට හැරුණා. මම වැරැද්ද මොකක්ද කියලා හිතමින් මම සෑම රාත්‍රියකම ඇඬුවා.
    දිනක්, සමීප මිතුරෙක් මාව බලන්න ඇවිත් ඩොක්ටර් ඩෝන් කියන අධ්‍යාත්මික පුරුෂයෙකුට මාව හඳුන්වා දුන්නා. අවංකවම, මම මුලින් සැක කළා, නමුත් මට නැති වෙන්න දෙයක් නැති නිසා මම ඔහුට සියල්ල පැහැදිලි කරන්න තීරණය කළා.
    ඩොක්ටර් ඩෝන් මට අධ්‍යාත්මික කියවීමක් කළා, මම කම්පනයට පත් වුණා. මගේ විවාහය සහ පෞද්ගලික ජීවිතය ගැන කිසිවෙකු නොදන්නා රහස් ඔහු හෙළි කළා. ඔහු කියපු හැම දෙයක්ම 100% නිවැරදියි. ඊට පස්සේ ඔහු හෙළි කළේ තවත් කාන්තාවක් මගේ සැමියාට මන්ත්‍රයක් කරලා තියෙනවා කියලා. මේ කාන්තාව නිතරම ඔහුව බලන්න ගියා, මම මෝඩ විදිහට විශ්වාස කළේ ඒක රැකියාව ගැන විතරයි කියලා.
    ඩොක්ටර් ඩෝන් මට මන්ත්‍රය බිඳ දැමීමට උදව් කළ අතර මගේ විවාහය සඳහා බලවත් ප්‍රේම ප්‍රතිෂ්ඨාපන චාරිත්‍රයක් සිදු කළේය.
    මගේ ලොකුම පුදුමයට, ටික කලකට පසු, මගේ සැමියාම මාව අවහිර කර, ඔහුට සමාව දී නැවත නිවසට එන ලෙස අයැද සිටිමින් ගණන් කළ නොහැකි පණිවිඩ මට කතා කර යැවීමට පටන් ගත්තේය. ඔහු මට ඇති කළ වේදනාව නිසා මුලදී මම ඔහුව නොසලකා හැරියෙමි, නමුත් අවසානයේ ඔහු තවත් අවස්ථාවක් ඉල්ලා ඔහුගේ ඇස්වල කඳුළු සහ තෑගි සමඟ නිවසට පැමිණියේය.
    අද, අපේ විවාහය වෙන කවරදාටත් වඩා ශක්තිමත්, සතුටින් හා සාමකාමීයි. අප අතර ආදරය සම්පූර්ණයෙන්ම අලුත් වී ඇති බවක් දැනේ.
    ඒක ප්‍රමාණවත් නොවූවාක් මෙන්, ඩොක්ටර් ඩෝන් පසුව ගැබ්ගැනීමේ චාරිත්‍රයක් සමඟ මට උදව් කළේ අපි දරුවන් ලැබීමට වසර ගණනාවක් අරගල කළ බැවිනි. සති 8ක් ඇතුළත, මම ස්වභාවිකව පිළිසිඳ ගත්තා, අද අපට නිරෝගී කඩවසම් පිරිමි ළමයින් දෙදෙනෙකු සිටී.
    මම සදහටම කෘතඥ වනු ඇත.
    ඔබට අවශ්‍ය නම්: ඔබේ හිටපු අය සමඟ නැවත එක්වීමට ප්‍රේම මන්ත්‍රයක්
    . විවාහ ප්‍රතිෂ්ඨාපන උපකාර
    . ගැබ්ගැනීමේ චාරිත්‍ර
    .උසාවි නඩු හෝ උරුමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අධ්‍යාත්මික උපකාර
    . අධ්‍යාත්මික මඟ පෙන්වීම සහ ආරක්ෂාව
    මම ඩොක්ටර් ඩෝන්ව බෙහෙවින් නිර්දේශ කරමි. මගේ සාක්ෂිය සැබෑ වන අතර අද මගේ සතුට සාක්ෂියකි. ඔහුගේ WhatsApp: (+2349046229159 ) dawnacuna314@gmail.com

    ReplyDelete