සතියේ සුබ නැකැත්
2013-08-19 සඳුදා පෙ.ව. 10.10 ට දකුණු දිශාව බලා පොදු ගොඩනැඟිලිවල යටලී තැබීමට සුබයි. මෙදිනම පෙ.ව. 11.10 ට දකුණු දිශාව බලා පොදු ආයතන විවෘත කිරීමට සුබයි.
2013-8-20 අඟහරුවාදා පෙ.ව. 10.10 ට නැගෙනහිර බලා ගොයම් පෑගීමට සුබයි. (මැඩීමට)
2013-8-21 බදාදා පෙ.ව. 06.57 ට නැගෙනහිර බලා නිවාස මුල්ගල් තැබීමට සුබයි. පසළොස්‌වක පෝය යෙදී ඇති බැවින් නිවාස කටයුතු සඳහා ඉතාම සුදුසුය. උපන් නැකතට ගලපා ගන්න.
"ආල වඩන පසළොස යන වක්‌රැසය
කෝල නොව යොදන් මෙය වෙයි ඉසිබසය"
2013-8-22 බ්‍රහස්‌පතින්දා
පෙ.ව. 6.57 ට නැගෙනහිර බලා ගොයම් අස්‌වනු නෙළීමට සුබයි.
"ගුරු කිවි දෙදිනේ උදයේ
සිංහ ලග්න කෙළවරයේ
මඩින ලෙසට කොළ රැසයේ
හොඳ යෑයි පෙර රුසි කීයේ"
2013-8-23 සිකුරාදා - පෙ.ව. 6.57 ට උතුර බලා ගොයම් අස්‌වනු නෙළීමට සුබයි.
(පෙර දින යෙදී තිබූ බලවත් යෝගය මෙදින ද එසේම පවතී.මෙදිනම පෙ.ව. 10.10 ට උතුර බලා සියලු සුබ වැඩ ආරාම්භයට සුබයි.
2013-8-24 සෙනසුරාදා - පෙ.ව. 7.11 ට දකුණ බලා සියලු පුණ්‍ය කටයුතුවලට පැවිදි කිරීමට ශාසනාවතරණය කියවීමට සුබයි. මෙදිනම පස්‌වරු 1.57 ට දකුණු දිශාව බලා සියලු අල බීජ සිටුවා ජලයෙන් තෙත් කිරීමෙන් ඒවා ආරක්‍ෂා වේ.
2013-8-25 ඉරිදා - පෙ.ව. 10.10 ට දකුණු දිශාව බලා විවාහ කටයුතු හැර ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කිරීමට සුබයි. මෙය ගණ්‌ඩ දොaෂය දුරුවෙන කෝටියක් දෝෂ භංග වන නැකතකි.
උපුටා ගැනීම ඉරිදා දිවයින නැකත පත්‍රය.
උපුටා ගැනීම ඉරිදා දිවයින නැකත පත්‍රය.
0 comments:
Post a Comment