Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Showing posts with label බුද්ධ මන්ත්‍ර. Show all posts
Showing posts with label බුද්ධ මන්ත්‍ර. Show all posts

Saturday, February 22, 2014

අපල දුරු කරගන්න නිවසේදීම නවග්‍රහ පූජාවක්‌ කර ගන්නා ආකාරය


ඕනෑම කෙනෙකු වෙත බලපාන්නා වූ ග්‍රහඅපල දුරු කරගත හැකි උසස්‌ම ශාන්තිකර්මය ලෙස නවග්‍රහ පූජාව පෙන්වාදිය හැකිය. අපලකාරී තත්ත්වයන් නිසා විවිධ කරදර බාධකවලට මැදිව දුක්‌ත ජීවිත ගතකරනවා වෙනුවට තම තමන් කෙරේ එල්ලවන අපල ග්‍රහදොස්‌ හඳුනාගෙන ඒවා දුරුකර ගනිමින් සහනයෙන් ජීවත්වීමට යොමුවීම බුද්ධිමත් ක්‍රියාවකි. ඒ සඳහා ඔබ කෙම්මුර දිනයන්හි යොමුවන්න.

අදාළ පූජාව පැවැත්වීමට සුදුසුම ස්‌ථානය ඔබේ නිවසේ බුදුන් වඳින ස්‌ථානය වේ. පළමුවෙන්ම ඉහත කී වේලාවට පවුලේ සියලු දෙනා එක්‌ව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කිරි ආහාර හා පැන් බඳුනක්‌ පූජා කරන්න. අනතුරුව තිසරණ සහිත පංචශීලය සමාදන්ව ත්‍රිවිධරත්නය වැඳ නමස්‌කාර කර මල්, පහන් සුවඳ දුම් නියමිත ගාථා කියා පූජා කිරීමෙන් පසු සෙත් පිරිත් ගායනා කර "ආකාසට්‌ඨාච භුම්මට්‌ඨා" යන ගාථාව පමණක්‌ කියා දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.



පවුලේ සියලු දෙනාටම බලපාන්නාවූ නවග්‍රහ දෝෂ දුරුකර ගැනීම සඳහා පහත සඳහන් නවග්‍රහ පූජාව නිසි ලෙස සිදුකරන්න. ඒ සඳහා බුදුන් වඳින ස්‌ථානයේම මදක්‌ පහලින් අසුනක්‌ පිළියෙල කර ඒ මත නවග්‍රහයන් නවදෙනා වහන්සේලාගේ පිංතූරයක්‌ තබා ඒ ඉදිරිපිට බුලත් කොළ නවයක්‌ මත රවි ග්‍රහයාගේ සිට කේතු ග්‍රහයා දක්‌වා පිළිවෙළින් නියමිත තෙල් වර්ගයෙන් පහන් දල්වා මල් සුවඳ දුම් පූජා කර එක්‌ එක්‌ ග්‍රහ දෝෂය දුරුකර ගැනීමට භාවිතා කළ හැකි පිරිත හා නවග්‍රහ ශාන්තියේ අදාළ කවිය සජ්ජායනා කර තමාටත් පවුලේ සියලු දෙනාටත් එල්ල වී ඇති යම් අපලකාරී තත්ත්වයක්‌ ඇත්නම් ඒවා දුරුකර සහනය උදාකර දෙන මෙන් ඉල්ලා සෙත ප්‍රාර්ථනා කරන්න.

* රවි ග්‍රහයා වෙනුවෙන් තැඹිලි තෙල් පහනක්‌ දල්වා රතු නෙලුම් හෝ රතු අරලිය සමග සුවඳ දුම් පූජා කරන්න. සූරිය පිරිත සමග පහත දී ඇති නවග්‍රහ ශාන්ති කවිය සඡ්Cධායනා කරන්න.

අරුණ වේලෙහි බුදුව මුණි අපේ දහම් දෙසු ජය මංගලම්

දරුණු වසවතු ධර්ම බලයෙන් දුරුකරපු ජය මංගලම්

වරුණ පරසතු මදාරා මල් අට මිටක්‌ පිදු ජය මංගලම්

ඉරුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* සඳු ග්‍රහයා වෙනුවෙන් ගිතෙල් පහනක්‌ දල්වා සුදු නෙලුම් හෝ සමන්පිච්ච මල් පූජා කර චන්ද පිරිත සමග සඳු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

පිදුව දෙදරුන් දෙඅත් බැඳ බමුණාට වෙසතුරු මංගලම්

සඳුගෙ විමනේ එමුණි වරුණේ ඇන්ද සඳ මැද මංගලම්

ඉඳුව යහනක යසෝදර සම මහණ වුණ ජය මංගලම්

සඳුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* කුජ ග්‍රහයා වෙනුවෙන් පස්‌ තෙල් පහනක්‌ දල්වා රතු කනේරු මල් පූජා කර දසදිසා පිරිත සමග කුජ ග්‍රහයාට අයත් කවිය සඡ්Cධායනා කරන්න.

දඟරලා සිටි නාග රජු පිට වැඩ සිටිය ජය මංගලම්

සඟද සැරියුත් දැග සව්වන් වීරමැරු ජය මංගලම්

සඟද දෙදෙනා පන්සියක්‌ රහතුන් සමග වැඩි ජය මංගලම්

කුජගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* බුධ ග්‍රහයා වෙනුවෙන් කොහොඹ තෙල් පහනක්‌ දල්වා නා මල් පූජා කර දසදිසා පිරිත සමග බුධ ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

ඉඳන් ඔත්පල දෙනෙත් නැති මව්පියන් රැකි ජය මංගලම්

අදහසින් දැඩි කරපු මව්පිය දුක්‌ නොදුන් ජය මංගලම්

මුනිඳු ගජ ගිරිමේඛලා ඇතු දැපනෙ කළ ජය මංගලම්

බුධගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* ගුරු ග්‍රහයා වෙනුවෙන් රන් තැඹිලි තෙල් පහනක්‌ දල්වා බෙලි මල් හෝ කහ පැහැති මල් පූජා කර අභිසම්භිදාන පිරිත සමග ගුරු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

රහස්‌ උමගය කැප්පු මහෞෂධ පඬි ජය මංගලම්

දහස්‌ සියයක්‌ සෙනග එනුවර යුදෙන් ගැලවුණ මංගලම්

දහස්‌ ශ්‍රාවක පාලි ධර්මය නිපුන කළ ජය මංගලම්

ගුරුගෙ අපලේ එමුණි ලෙයෙන් දුරුවේය ජය මංගලම්


* සිකුරු ග්‍රහයා වෙනුවෙන් පස්‌ තෙල් පහනක්‌ දල්වා විසිතුරු වර්ණයෙන් යුත් සුවඳ මල් වර්ග පූජා කර ධජග්ග පිරිත සමග සිකුරු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

අකුරු ධර්මය ලොවට පූජිත කරපු ජයසිරි මංගලම්

අකුරු නිපුනව එසිව්සැට ශිල්පයක්‌ දැරු ජය මංගලම්

අකුරු පළමුව මැවූ මුණිඳුගෙ බෙලෙන් වෙයි ජය මංගලම්

සිකුරු අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ගිතෙල් පහනක්‌ දල්වා නිල් කටරොලු මල් පූජා කර කරණීය මෙත්ත සූත්‍රය සමග සෙනසුරු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

වෙන කෙනෙක්‌ නැත යුධ කරන්නට පත්‍ර ලෙලදුන් ජය මංගලම්

වෙන කෙනෙක්‌ මට නැතැයි කියමින් දසපෙරුම් පෑමංගලම්

සෙනෙහසින් හඬ තැලූ මරසෙන් දස අතට හැරි ජය මංගලම්

සෙනසුරුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්

* රාහු ග්‍රහයා වෙනුවෙන් පස්‌තෙල් පහනක්‌ දල්වා වැටකේ මල් පූජා කර ඛන්ද පිරිත සමග රාහු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

හදවත් ආපසු නොගත් ශ්‍රී පාද නිකමෙව් ජය මංගලම්

රාහු අසිරිඳු එබල රජු මේ ලොවට වැඩමෙව් ජය මංගලම්

රාහුලත් කුමරුන් කෙනෙක්‌ වත් ඇතැයි නොසිතු ජය මංගලම්

රාහු අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්

* කේතු ග්‍රහයා වෙනුවෙන් ගිතෙල් පහනක්‌ දල්වා පුවක්‌ මල් පූජා කර චන්ද පිරිත සමග කේතු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

ධාතු දාගැබ් වෙහෙර මහියංගනයෙ පිහිටෙව් ජය මංගලම්

ධාතු නාලොව නාරජුන් ගොස්‌ පිරික්‌සූ ජය මංගලම්

ධාතු දළදා තුනුරුවන්ගේ බෙලෙන් වෙයි ජය මංගලම්

කේතු අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්

එලෙස ග්‍රහයන් නවදෙනා වෙනුවෙන්ම පූජා තැබීමෙන් අනතුරුව මෙලෙස ප්‍රාර්ථනා කරන්න.

"අද දින අප විසින් ශ්‍රද්ධා සිතින් යුතුව සිදුකරන ලද නවග්‍රහ පූජාවේ සත්‍යානුභාව බලයෙන් අප සියලු දෙනාටම මෙතෙක්‌ පීඩා ගෙන දුන් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු කේතු යන නවග්‍රහයින්ගෙන් පැමිණි සියලු අපල, පීඩා, දෝෂ අද පටන් හිරු දුටු පිනි මෙන් දූරින්භූත කරවා අපගේ සියලු අභිමතාර්ථ මොහොතින් මොහොතට පැයෙන් පැයට දිනෙන් දිනට ඉෂ්ඨ කරදී අපගේ දියුණුව සලසා දෙනසේක්‌වා·"

මෙලෙස සිත එක අරමුණක තබාගෙන අධිෂ්ඨාන පූර්වකව ශීලයත් සමාධියත් ප්‍රඥවත් පෙරදැරිව මසකට වරක්‌වත් ශ්‍රද්ධා සිතින් යුතුව මෙවැනි නවග්‍රහ පූජාවක්‌ පැවැත්වීමෙන් සියලු අපල දුරුවීමේ භාග්‍යය ඔබට හිමිවනු ඇත.

උපුටා ගැනීම ඉරිදා දිවඉන

Thursday, August 1, 2013

විභාග ජයට බුද්ධ මන්ත්‍රයක්‌




බුද්ධි වර්ධනය බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අපේක්‍ෂාවකි. විභාග සමාර්ථවීමට බුද්ධිය අත්‍යවශ්‍යය. ඥාණය යනුද එයටම තවත් නමකි.

ඥාණය හෙවත් බුද්ධිමත් බව වර්ධනය කර ගැනීමට අපේක්‌ෂා කරන අය ඒ සඳහා බුද්ධ ඥාණයට වන්දනා කිරීම නොවරදින ක්‍රමයකි. බුද්ධ වන්දනාව සඳහා නිවසේ සුදුසු ස්‌ථානයක්‌ පිළියෙල කරගත යුතුය. මේ පිළිබඳව පසුගිය "නැකත" අතිරේකයෙන්ද විස්‌තර කර ඇත. කරුණාකර එයද කියවා බලන්න. ඒ අනුව බද්ධ වන්දනාවට ස්‌ථානයක්‌ සකසා ගන්න.

අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බුද්ධ වන්දනාව උදේ දවස ආරම්භයේම කළ හැකිය. එය වඩාත් සුදුසු වේලාවයි. සවස නින්දට පෙරද කිරීම මැනවි.

පහන් ආලෝක පූජාවෙන් ඥනාලෝකය ලැබේ. ඒ නිසා මල් පහන් සහිත බුද්ධ පූජාවක්‌ කරන්න. පන්සිල් සමාදන් වන්න. තෙරුවන් නමදින්න. ඉන්පසුව බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ ඥනය ගැන විස්‌තර කෙරෙන පහත සඳහන් පාඨය කියවන්න. මෙම බුද්ධ ඥනය ගැන හැකිනම් ඉගෙන ගන්න.

දුක්‌ඛේ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛේ සමුදයේ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛ නිරෝධෙ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාණං බුද්ධ ඥාණං

අත්ථපටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

ධම්ම පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

නිරුක්‌ති පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

පටිභාන පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණං බුද්ධ ඥාණං

ආසයානුසසේ ඥාණං බුද්ධ ඥාණං

යමක පටිහාරියේ ඥාණං බුද්ධ ඥාණං

මහා කරුණා සමාපත්තියා ඥාණං බුද්ධ ඥාණං

සබ්බඤ්Cදුත ඥාණං බුද්ධ ඥාණං

අනාවරන ඥාණං බුද්ධ ඥාණං

ඉමේහි බුද්ධ ඥාණේනි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමී.

අනන්ත බුදු ගුණ බලයෙන් ඔබට ඥාණාලෝකය පහළවේවායි අපිද ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.


උපුටා ගැනීම : ඉරිදා දිවයින පුවත් පත 

Monday, December 3, 2012

සියලු ආරක්ෂාවට බුදුගුණ සපිරුණ නව ගුණ යන්ත්‍රය


බුදුගුණ සපිරුණ නව ගුණ යන්ත්‍රය
බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කළ පමණින් අපේ මතකයට නැගෙන්නේ උන්වහන්සේගේ රූප ශෝභාවෙන් අලංකාරවූ පිංතූරයක්‌ හෝ පිළිම වහන්සේ නමකි. එසේ බුදුරුවක්‌ සිත තුළ මවා ගැනීම වරදක්‌ නොවේ. එහෙත් අප බුදුරජාණන් වහන්සේ ලෙස සලකා වැඳුම් පිඳුම් කළයුත්තේ එම රූපකායට නොව උන්වහන්සේ තුළ පැවැති අනන්ත වූ ගුණ සමුදායටය.

ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධො

විඡ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ

අනුත්තරෝ පුරුසධම්ම සරථි සත්වා දේව

මනුස්‌සානං බුද්ධෝ භගවාතී

බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ හෙයින්ද චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත් හෙයින් ද අෂ්ට විද්‍යා පසලොස්‌චරණ ධර්මයන් ගෙන් සමන්විත හෙයින් ද මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිවනට පැමිණි හෙයින් ද සත්ත්ව, සමස්‌කාර, අවකාස යන තුන්ලොව තත්වූ පරිද්දෙන් දැනගත් හෙයින්ද අංගුලිමාල නාලාගිරි ආදීන් දමනය කළ හෙයින් ද දෙව් මිනිසුන්ට අනුශාසනා කළ හෙයින්ද සියලු ධර්ම අවබෝධ කළ හෙයින්ද ධර්මය දෙසා වදාළ හෙයින්ද යන මේ මහා ගුණ නවයකින් සමන්විත වනසේක.

මෙම ඉතිපිසෝ - ගාථාව සිහි කළ පමණින් නොයෙක්‌ ඵල ලද හැකි බව කියවෙන අතර ශබ්ද විද්‍යාව අනුවද, මෙම ගාථාව අති ප්‍රබල බව පෙනේ.

ඉතිපි/සෝ භග/වා අර /හං සම්මා/සම්බුද්ධෝ

ඉතිපි යන වචනයේ මුල් අකුරු දෙක දිව්‍ය අක්‌ෂර වන අතර තෙවන අක්‌ෂරය මනුෂ්‍ය අක්‌ෂර වේ. ඉ - යනු තේජෝ භූත වන අතර - ති, පි - අකුරු දෙක වායෝ භූත වේ. මෙම භූත දෙකද මිත්‍රය. මෙයට සුබ වේ. මෙම වචන පහේ එන ගණ පිළිබඳව බැලුවත් මෙසේය. දේව ගණ, චන්ද්‍ර ගණ, චන්ද්‍ර ගණ, භූමි ගණ, භූමි ගණ වශයෙන් වේ.

මෙය තවත් ක්‍රමයකට බෙදනවිට මිත්‍ර ගණ දාස ගණ, මිත්‍ර ගණ, මිත්‍ර ගණ වශයෙන් වේ. මේ අනුව මිත්‍ර ගණයෙන් පසුව දාස ගණ පැමිණි විට ප්‍රතිඵලය ජයවේ. දාස ගණයෙන් පසුව දාස ගණ පැමිණීම අධික ගුණ හා ලාභ වේ. දාස ගණයෙන් පසුව මිත්‍ර ගණය දෛවය හා උත්සාහය වේ. මිත්‍ර ගණයෙන් පසුව මිත්‍ර ගණය ධන ලාභ වේ. මේ අනුව මන්ත්‍රයක්‌ මෙන් මෙම ගථාව කීමෙන් සෙතක්‌ අත්වේ.

නව අරහාදී බුදුගුණ

* අරහං - ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූද, ලෝකෝත්තර වූද, උසස්‌ පල පතා සැදැහැතියන් විසින් කරන සියලු පූජාවන් පිළිගැනීමට සුදුසුවන සේක.

* සම්මා සම්බුද්ධෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූද, ලෝකෝත්තර වූද, සකල ධර්ම සමූහයට අනෙකකුගෙන් නොඅසා තමන් වහන්සේ විසින්ම කිසිදු වැරදීමකින් තොරව ඇති සැටියෙන්ම වදාළ සේක.

* විජ්ජාචරණ සම්පන්නෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම්වූ ඥාන විශේෂයන්ගෙන් හා චරණ නම්වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන සේක.

* සුගතෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක. සුන්දර වූ නිවනට වැඩි සේක.

* ලෝකවිදු - ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයට ඇති සැටියෙන් දැන වදාළ සේක.

* අනුත්තරෝ පුරිසධම්ම සාරථී - ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල, ඥානබල, සෘධිබලාදියෙන් මත්ව ප්‍රචණ්‌ඩව සිටින පුද්ගලයන් පමණක්‌ නොව තිරිසන් සතුන් පවා දමනය කොට සුමගට පැමිණ වීමෙහි අන්සැමට වඩා සමත් වන සේක.

* සත්තා දේවමනුස්‌සානං - ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක්‌ නොව අපමණ දෙව්බඹුන්ටද ගුරු වූ සේක.

* බුද්ධෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය තමන් විසින් අවබෝධකොට ලෝකයාටද අවබෝධ කරවන්නට සමත්වූ සේක.

* භගවා - ඒ භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේශ, මෝහ යන කෙළෙස්‌ සහමුලින්ම දුරු කළ සේක.

නිතර නිතර බුදුගුණ සිහිකිරීම තුළින් මනා ආරක්‌ෂාවක්‌ ඔබවෙත ලැබෙන බව සත්‍යයකි. ගමනක්‌ යැමට පෙර, කුමන හෝ හොඳ වැඩක්‌ පටන් ගන්නා විට සිහිපත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල අතිමහත්ය. සොර සතුරු, දිය, ගිනි, සුළං, යක්‌ෂ, ප්‍රේත, භූත, පිසාච, ග්‍රහදෝස ආදී සියලු බලවේගවලින් මිදී ආරක්‌ෂාව සලසාගත හැකි අතර බියක්‌ තැතිගැනීමක්‌ ඇති වන ඕනෑම අවස්‌ථාවක බුදුගුණ ගායනා කිරීමෙන්, සිහිකිරීමෙන් ආරක්‌ෂාව ලැබේ. බිය දුරුවේ. අනතුරු වැළකී යන ගමන් සාර්ථක වේ. කෙබඳු තැනකදී වුවද සිහිකිරීමෙන් ජය ලැබිය හැකිය.

නව අරහාදී බුදුගුණ, පිළිබඳව දේශනා කළේ බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ ළඟ තිබූ අසීමත ගුණ සමුදාය සඟවගෙන ලෝකයට අවශ්‍ය කරන ගුණ නමයක්‌ අපට කියා දුන්නේ අපේ ජීවිත නිවැරදිකර ගනිමින් ඒවා අපේ ජීවිත තුළට ඇතුළත් කරගැනීමටය.

එවන් වූ අසිරිමත් බුදුගුණ නවය කැටිකොට පැරණි සෘෂිවරුන් විසින් පුද්ගලයන්ගේ ආරක්‌ෂාව සඳහා නවගුණ යන්ත්‍රය නමින් යන්ත්‍රයක්‌ ප්‍රස්‌ථාරගත කළ අතර එදා සිට අද දක්‌වා එයින් පිහිට ලැබූවෝ අපමණය.

පුද්ගලයන්ට පැමිණෙන්නාවූ සියලුම මාරක අපලවලටද ගුරු 8 භාවයේ ගමන් ගන්නා වර්ෂයක පමණ කාලයේදී ජන්මියකුට ඇතිවන හදිසි අනතුරු නීතිමය ගැටලු කල්ගතවන රෝගාබාධ සඳහාද සියලුම අමනුෂ්‍ය දෝෂ සඳහාද මෙම යන්ත්‍රයෙන් ගුණ ලැබිය හැකිය.

ඉතා පහසුවෙන් සාදා ගත හැකි මෙම යන්ත්‍රය නිවසේ ඊසාන දිසාව බලා මල් බුලත් තටුවක්‌ සාදා හරි හතරැස්‌ තඹ පතක නිවැරදිව ප්‍රස්‌ථාරගතකර සතරවරම් දෙවියන් ඇතුළු දේවතා මණ්‌ඩලයට ආරාධනා කොට කරණීයමෙත්ත සූත්‍රය තෙවරක්‌ සඡ්Cධායනා කොට ඉතිපිසෝ ගාථාවෙන් 336 වරක්‌ පිරිත් කර පැළඳීම ඉතා යහපත් වන අතර අටවිසි පිරිතෙන් 21 වරක්‌ පිරිත්කර ගැනීම තුළින් විශ්මිත බලයක්‌ ලැබිය හැකිය.

නිවාස ආරක්‌ෂාව සඳහාද මෙම යන්ත්‍රය භාවිතා කළ හැකි අතර දැහැමිව කල්ගෙවන අයකු ලවා යන්ත්‍රය සකස්‌ කර ගැනීම යහපත්ය. කිළි කුණු දෝෂවල බලපෑමක්‌ මෙම යන්ත්‍රයට නොමැත.


නවගුණ යන්ත්‍රය

ති
ති
වා
පි
සො
F:d
මබු
දෙOd
Ò
වි
පු
නෙනා
රො
සු
දෙ
මප
දු
තත
ජජා
දෙOd
මමා
රි
ලො
වි
සා
තො
නු
බු
මම
වා
හං
නු
සසා
නං


මෙම යන්ත්‍රය මෙහි පෙනෙන ආකාරයට රන්  තහඩුවක  හෝ රිදී තහඩුවක හෝ පුස්කොල යක  ලියා ඉතිපිසෝ ගාථාවෙන් 108 වරක් ජප කර ළදරුවන්ට සෑදෙන සියලු ග්‍රහ දෝෂ ,යක්ෂ ,ප්‍රේත ආදී දෝෂ වලටද,ස්ත්‍රී  පුරුෂ සියලු දෙනාගේ ආරක්ෂාවටද බදිනු .අටවිසි පිරිතෙන්ද ජප කිරීම මැනවි.

Wednesday, October 3, 2012

කරන කියන වැඩ සාර්ථක වීමට මන්තරයක්

කරන කියන වැඩ සාර්ථක වීමට බලංගොඩ ආනන්ද නා සමිදුන්ගෙන් ....


මන්ත්‍රය 
ඕම්ඃ ශ්‍රී වම් ශරවනභවාය‌ නමඃ

මෙය යම් කටයුත්තක් ආරම්බයේ මෙම මන්ත්‍රය සත් වරක් කීමෙන් කටයුතු සාර්ථක වේ .....


සතුරු විපත් කරදර දුරුවීමට

සතුරු විපත් කරදර දුරුවීමට මන්තරයක් 


"යෙ බ්‍රාහ්මණ වෙදගු සබ්බ ධම්මෙ 
තෙමේ නමෝ තෙ ච මං පාලයන්තු 
නමත්ථු බුද්දානං නමත්ථු  බෝදියා" 
නමෝ විමුන්තානං නමෝ විමුත්තියා