Showing posts with label පැරණි රහස්. Show all posts
Showing posts with label පැරණි රහස්. Show all posts
Wednesday, January 28, 2015
Saturday, February 22, 2014
සොරුන් අල්ලන පොල් ගෙඩියේ ගුරුකම
4:40 PM
අනෙකුත් යන්ත්‍ර මන්ත්‍ර, ආරක්ෂා මන්ත්‍ර, උපුටා ගැනීම්, ජීවිතයට යන්ත්‍ර මන්ත්‍ර, දේශීය යන්ත්‍ර මන්ත්‍ර, පත්තර පිටු අතර, පැරණි රහස්
3 comments
ඉතා ශුභ දිනක ශුභ මුහුර්තයකින් රං තැඹිලි පොල් ගෙඩියක් පිරිසිදු කෙනෙකු ලවා බිම නොදමා අතින් කරකවා කඩා ගත යුතු වෙයි. ඉන් පසුව අංග සම්පූර්ණ කොට ගත් පංචෝපචාර මල් බුලත් තටුවක තැන්පත් කළ පොල් ගෙඩිය ලෙලිහැර කහ දියරෙන් සෝදා ගැනීම වැදගත් වෙයි. පූජා තටුව සූනියම් දේවතාවුන් වහන්සේ ප්‍රධාන දේව මණ්‌ඩලයට කැප කිරීම සුවිශේෂී කරුණකි. සන්ධ්‍යා සමයෙහි වෘක්‍ෂ මූලයක අබියස ජීවම ආරම්භය ද ප්‍රතිඵලයන් තිරසාරව ලැබීමෙහිලා ගුරු මුෂ්ඨ§යයි. මහාd නවනීල දෘෂ්ඨ§යෙන් 108 වරක් ජීවම් වියයුතු අතර දිෂ්ඨ§ප්‍රාණ ජීවම් පලිප්පු පුටු සිද්ධිය ද ප්‍රවීණ ගුප්ත විද්‍යාධරයකුගෙන් සිදුවීම වැදගත් වෙන්නකි.
පසු දින පොලය ලෑල්ලක් මත තබා එහි මතුපිටට කෙනකු නංවා වටේට අවිශ්වාස කටයුතු උදවියගේ නම් ලියා දුම්මල දුම් දෙමින් ජීවමෙන් මතුරා වමට දකුණට කැරකෙන සේ ආයාචනා කරන්න. එවිට පොල් ගෙඩිය වමට දකුණට කැරකෙයි. සත්‍ය වශයෙන් පොල් ගෙඩිය සොරුගේ නමටම කැරකී සිටියි. ඉපැරැණි ගැමියන් රෝගාබාධකයන් පිළිබඳව ද සොර සතුරන් සහ දිනුම් පරාද පිළිබඳව ද මේ අයුqරු දැන ගන්නා ලදී.
මෙදා ළමා අපචාර, ස්‌ත්‍රී දූෂණ, අනියම් සබඳතා, කුරිරු ඝාතන, පොදු මහජන දේපළ ගසාකෑම්, ආදී අනේකවිධ දහසකුත් ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගත හැකි අනභිබවනීය වූ අවස්‌ථා සඳහා මෙවැන්න මාහැඟි ප්‍රශස්‌ත ක්‍රමවේදයකි.
පුද පූජා සඳහා
ලේ, රීරි, අඳුන්, සඳුන්, ඇට ඇටි, ගොටුව බැගින් ද දිය ගොඩ මස්, දැල්වු පහනක්, බිත්තර බැදපු, තම්බපු දැ සියල්ල පාහේ පුද තටුවකට තබා ගන්න.
මහානවනීල දිෂ්ඨ§ය මෙන්න
ඕං ඉන්දර වඩිග නවනීල දිෂ්ඨ§ වාරුම්වාවා නීල වඩිග නාරායනෙ - ක්‍රේම සූනියන් - මුළු දිෂ්ඨ§ වාරම් වාවා. ආතාලා දිෂ්ඨ§ පාතාල දිෂ්ඨ§ ශ්‍රී විෂ්ණු දිෂ්ඨ§, කන්ද කුමාර දිෂ්ඨ§, ඔඩ්ඩි රූඪ මණි මකුට - වෛරෝඩි දිෂ්ඨ§ වරෙන් ඉර සඳ පලාගෙන වරෙන්, මහමෙර දෙබෑ කරගෙන වරෙන්, මහ මුහුද සලිත කරගෙන වරෙන්, සක්‌වල වෙවුල්ලාගෙන වරෙන්, විල් හතේ නොසිට වරෙන්, කෛලාසන යුගන්ධර සප්ත සමන්තකූට පර්වතේ නොසිට වරෙන් පොත් ගුල් හතරේ නිධන් යතුරු හිර ඉගිලගෙන වරෙන්, විස ගිනි ධූමකේතු මාලාවෙන් වරෙන්, සොහොන් කටුවෙන් වරෙන් ඔඩ්ඩි කටුවෙන් වරෙන්, මදන කටුවෙන් වරෙන් දිෂ්ටි දිෂ්ටි මෙමා දුන් මල් පහන් දොළ බිලි කැපකරගෙන, මෙමා කී දේ බලා ගනින්, යාලුවේ වරෙන්. රීරි කුමාරයා වරෙන්, තුන් බිල්ලේ මල සොහොන් යක්‍ෂණී වරෙන්, විකාර මදන පිල්ලි කුමාරි වරෙන්, රතිකාම මල්මදන මෝහිනී මුළු සූනියල් පලප්පු දිෂ්ඨ§ නීලරාම දිෂ්ටි. දැඩිමුණ්‌ඩ දේවසැර දිෂ්ටි. දේවසැර දිෂ්ටි, දෙවොල් සමයන් භූත කුරුම්බර දිෂ්ඨ§ ඔඩ්ඩි කුමාර සිවරාම දිෂ්ටි දිෂ්ටි ඒස්‌වාහඃ - (108 වරයි)
පොලය කැරකවීමේ ජීවම
ඕං ගිනි සැරෙන් ස්‌වාහඃ - ඕං නමෝ වරවර
ඕං නමඃ - ඕං ගිඩි ගිඩි ඉගිලි ඉගිලි ඒස්‌වාහඃ - (108 වරයි.)
Saturday, January 25, 2014
මතක ශක්‌තිය වැඩි වන්න ඉතා දුර්ලභ අති ශ්‍රේෂ්ඨ සරස්‌වතී බන්ධන මන්ත්‍ර රාජයා
12:00 PM
උපුටා ගැනීම්, ජීවිතයට යන්ත්‍ර මන්ත්‍ර, දේශීය යන්ත්‍ර මන්ත්‍ර, පත්තර පිටු අතර, පැරණි රහස්
4 comments
විභාගයකින් සමත්වීම යනු ඔබේ සිත විසින් මෙහෙයවනු ලැබ මනෝමය ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ඔබේ හිතේ එය නොමවන ලද්දේ නම් ඔබ විභාගයෙන් සමත් වීමක් සිදු නොවේ. මිනිසා විසින් මවන ලද ලෝකයත්, යාන, වාහන, යන්ත්‍ර සූත්‍ර, විද්‍යාශාස්‌ත්‍ර, කලා ශිල්ප හා හඳට පෘතැබීම සඳහා නිපද වූ රොකට් යානා පවා බිහි වුණේ මිනිසාගේ සිත තුළින්ම බව පරම සත්‍යයකි. නමුත් සමහරු සිතට කිසිම වැදගත්කමක් නොදී බාහිර කය සහ බාහිර ආටෝපය වැදගත් ලෙස සලකා ක්‍රියා කරමින් එයින් ප්‍රයෝජනයක් නොගනී.
සිත ස්‌වභාවයෙන්ම ප්‍රභාෂ්වරය, බැබළෙන බවත් පැහැදිලි බවත් එහි මූලික ස්‌වභාවයයි. ඒ වගේම එය පහසුවෙන් කිලිටි වේ. ඔපයද අඩු වේ. ඒ නිසා එය කිළිටි වන්නට ඉඩ නොදී ඒ ගැන නිතර නිතර සෝදිසියෙන් සිටියොත් එහි වටිනාකමත්, ශක්‌තියක් කියා නිම කළ නොහැකිය. තාපය, වායුව, විද්යුතය වැනි බලවේගවලට වඩා ඉහළින් සිත වේගවත්ව ක්‍රියා කරයි.
යම් කිසි ද්‍රව්‍යයක හෝ පදාර්ථයක ඇති ශක්‌තිය විසිර යැමේදී අඩුවීමත් ඒකරාශී වන විට රැස්‌වීමත් සිදු වේ. තනි පොල් ඉරටුකුරක් අපට පහසුවෙන් කැඩීමට පුළුවන. නමුත් ඉරටු රාශියක් එකට මිටිකර ගතහොත් එය අපට කඩන්නට අපහසු වන්නා වගේම සිතද විසිර ගියවිට ශක්‌තිය අඩුවේ. එකඟ කරගතහොත් ප්‍රබලව බලවත් වේ. පිරිසිදු කළවිට බැබළේ, ලෙළදේ. සන්සුන් වූ විට පැහැදිළිය. කුණු, කිළිටි, මලකඩ හැරැ සිත එකඟ කරගතහොත් විශාල බලයක් ධාරණ ශක්‌තියක් ඇති වී ඔබ කියවන පොතපතින් උගන්වන දේ හිත තුළ ඒකරාශි තරගතහොත්, පොත පත කියවා ගැඹුර සොයා යන්නේ නම් ඔබට විභාගයෙන් සමත්වීම එතරම් අපහසු කාර්යයක් නොවේ.
අපේ මගේ ලොව්තුරු බුදු රජාණන් වහන්සේ දේශනා කළ මේ ගාථාපාඨයෙහි අර්ථය දෙස බලන විට "ලෝකයේ මෙතෙක් පහළ වූ සියලුම චිත්ත ධර්ම විද්‍යාවන්" මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙට්‌ඨා මනෝමයා" යන සරළ ගාථාවෙන් පිඬුකොට දක්‌වා ඇත.
එනිසා ශිල්පය හදාරන ඔබගේ හිත ඒකරාශි කොට ධාරණ ශක්‌තිය සිත තුළට කිදා බැහීමට ඉපැරැණි මන්ත්‍රවේදීන් භාවිතා කළ ඉතා දුර්ලභ අති ශ්‍රේෂ්ඨ සරස්‌වතී බන්ධන මන්ත්‍ර රාජයා පැරණි පුස්‌කොළ පතින් උපුටා පළ නෙළාගත් ජය ගත් මන්ත්‍රයක් මෙසේය.
මන්ත්‍රය
ඕං ශ්‍රී්‍රං ශ්‍රීං අස්‌වාහ අමරගුරු රත මයුරාසනේ බල දැරූ ශ්‍රියා කාන්තාව දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දිව්‍යරාජයින්නේ දිව්‍ය පරසතු මල් උයනේ පරසතු මල් නෙළා මල් යහනාවක් කර අතුරුවා දස දහසක් දිව්‍ය සළු එලා මල් මාලා පැළඳ රන් ඔත් මාලිගා සමග ශක්‍ර දිව්‍ය රාජයා අප ගෞතම බුදුරජාණන් වහන්සේට පාණ්‌ඩුකම්බල සෛලාසනේ පිදූ දාමේ දිව්‍ය දේවතාවී යහනාව පූජාකර චන්ද්‍රමණ්‌ඩලයට වැඩ සිට සුවඳ මල් විමාන දේවාල රාජභවන විහාර මාලිගා බලා වාස භවන ලත් ශ්‍රියාකාන්තාවී වා වා දේව ශ්‍රී කාලී එන් එන් මාගේ සුවඳ මල් අස්‌නට සරස්‌වතී දිව්‍ය දේවතාවී එන් එන් සුවඳ මල් පහන් කෙරේ දිෂ්ඨිලා මාගේ බන්ධනයට අසුව මම සිතූ දේ සිද්ධ කර දෙන්න මම යන ගමන දිනවා දෙන්න කුහේරපුර වෛශ්‍රවන දිව්‍ය රාජයින් අනින් බැන්දේන් ශ්‍රී ලෝකාග්‍ර මුනිවරයින් අනින් බැන්දේන් තවද වෘක්‌ෂ දේවාල හිමාල දොරටු අදිපති දෙවියන් අනින් බැන්දේන් රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කෙහෙතුයි යන නව ග්‍රහ දෙවියන් අනින් බැන්දේන් ශ්‍රීකාන්තාවි පත්‍රකාලී පිය රූපි සර්වලෝක නායකකී දේව සිරි කාලි ගණදේවී සරස්‌වතී වරදේවී සිව් සැටක් ශිල්ප ධාරණේ වර දේවී නමෝ නමඃ ඕං අංගුලිමාලි මහා පෝරිසාද දැහනේ ශ්‍රීං ශ්‍රීං ශ්‍රී මුඛ සලිත දේවතාවියේ මුඛය සලිතවී දිවතුලට හිතට ප්‍රාණ දිෂ්ඨි සරස්‌වතී දේවසිරි කාලිවර වර නමඃ
(මෙහි මම, මගේ යන තැත්වලට අනුන්ට කරදෙන විට ඔහුගේ නියම නමට මතුරා දෙන්න)
ක්‍රමය
මෙයින් නිසිපල නෙළා ගැනීමට නම් පිරිසිදු පැන් කළයක් හත් වරක් පෙරා මල් අසුනක තබා, රන්තැඹිලි තෙල්, නෙලුම් රේණු, ඇට මද, අල, සුදු හඳුන්, බැමිකීරිය, ෙත්‍රෙයිලෝක්‍ය විජය පත්‍රම්, නෙලුම් පත්‍ර කබලේ රන්වන් පාටවනතෙක් බැද රසදියෙන් අඹරා අව්වේ සිඳුවා තඹ, පිත්තල බඳුනක තබා එම අසුනේම තබා ඉතා පිරිසිදුව සරස්‌වති ස්‌තෝත්‍ර කියා පිංදී ඉහත මන්ත්‍රයෙන් 1008 වරක් ජපකොට පැන් ටික ටික දින 21 ක් උදේ හිස් බඩ බොන්න. ඉන් පසු ඔබ පාඩම් කරන විට ජපකරගත් "සරස්‌වතී බන්ධන තෙල්වලින් අශ්ව මයිලක් නැතහොත් නෙලුම් රේණුවක් ගෙන බහා දිව ගා පාඩම් කරන්න. දේශනා අහන්න. ඔබ අදහන දේත් ඔබ පොත පතින් ලබන දැනුමත් සිත තුළට ධාරණයවී ඔබේ හිස තුළ ඇති ගබඩාවෙහි තැන්පත්වී ගුප්ත මහ වාසලක් වී එයින් ඔබට අනාගත ලෝකයේ සුන්දර විමන හමු වේ·
සිත කෙනකු සතුවූ - යෙද වුව හොතින් නිsසි මග,
ඒ බලය පරදන - යමක් මේ ලොව තුලේ නැත්මැයි·
සිතේ බලවේගය - වැදී මහ කඳු සමතලා වේ,
මේ බව සැබෑ බව - zඇටම්Z වේගය ලොවට පෙන්වයි.
සිතෙහි බලවේගය - ලෝකය රද කරණුවේ··
Friday, January 4, 2013
පාරම්පරික අත් බෙහෙත් කිහිපයක්
4:34 PM
අත් බෙහෙත්, උපුටා ගැනීම්, පත්තර පිටු අතර, පැරණි රහස්, රහස් වට්ටෝරු, සිංහල බෙහෙත් වට්ටෝරු, හෙළ වෙදකමේ පාරම්පරික රහස්
2 comments
පාරම්පරික අත් බෙහෙත් කිහිපයක්
හිසරදයට
අබ හා සුදු හදුන් ගෙන අමු ඉගුරු හා දෙහි ඇඹුල්
යුෂින් අඹරා නළලේ ගාන්න.
දියවැඩියාවට
ඉදුණු අළු කෙසෙල් ගෙඩි කිතුල් හකුරු සමග කෑමට
ගන්න.
උළුක්කුවට
උළුහාල්,පොල්,හික්පොතු ගෙන කොටා මලවා බදින්න.
වේදනාව ඇත්නම් ලුණු පොට්ටනියක් සාදා උණූ වතුරෙන් තෙමා තවන්න.
දද වලට
පෙති තෝර ඇට විනාකිරෙන් අබරා ගාන්න.
අළුහම් වලට
සුදු හදුන් දෙහි අැඹුෙලන් අඹරා දින කීපයක් ගාන්න.
කරවලා කෑ විෂට
කරපිංචා කොළ,පොතු ,නැටි කලං 12ක් වතුර පත අට එකට
සිදවා පෙරා පොවන්න.
උල්කටු ඇදීමට
එරබදු කොළ කොටා කටුව ඇනී ඇති ස්ථානයේ බදින්න
(කටුව ඇදේ )
දළඹු විෂට
පරණ පොල්තෙල් ගාන්න.
කෙන්ද පෙරලීමට
දියලුණු ටිකක් කන්නට දී තල තෙල් ගා සම්බාහනය
කරන්න.
විදුරුමස් දියවීම සමනයට
මුනමල් පොතු ,අරළු ,පෙති පුවක් ,දෙළුම් ලෙලි සමව
ගෙන කබලේ බැද කුඩුකරගෙන දත් මදින්න ,ඉහත
ද්‍රව්‍ය තම්බා එම වතුරෙන් දිනකට දෙවරක් කට සෝදන්න.
හිරමනයට තුවාල වූ විට
හිරමන තලය ලිපේ දමා රත් කරගෙන එයින් පොල් ටිකක්
ගා මිරිකා ගත් කිරි තුවාලයේ ගාන්න.
Tuesday, October 9, 2012
සිරිපා මගේ මහගිරිදඹේ දම්වැල් දැමුවෝ කවරහුද?
2:36 PM
උපුටා ගැනීම්, ජන ඇදහිලි, ධර්මයෙන් බිදක්, පාරම්පරික උරුමයන්, පැරණි රහස්, පෞරාණික උරුමයන්
No comments
සිරිපා මගේ මහගිරිදඹේ දම්වැල් දැමුවෝ කවරහුද?
සිරිපා ගමන් මාර්ගයේ ඇහැල කණුව සිට මළුව දක්‌වා එකම නැග්මකි එයිනුත් මහගිරිදඹය නම් පෙදෙස සීග්‍ර නැග්මකින් යුක්‌තය. අද "නැගීම සඳහා පහසුකම් සලසා තිබුණද, එදා කෙලෙස "මළුවට" නැග ගත්තේද යනු හාස්‌කමකි ප්‍රශ්නයකි.
සිරිපා වන්දනය කළ අපේ හෙළ රජදරුවන් අතුරින් ඉතා ඉහළ තලයක වැඩඹෙන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජුය. සිරිපා නැග ශ්‍රීපාදය වන්දනා කළ රජදරුවන් 150 ක් පමණ දෙනා අතරින් මුල් තැනට එන්නේ මෙම නිශ්ශංක මල්ල රජුය. ජෝන් ස්‌ටිල්ගේ වන ප්‍රවාහනය (Jungle Tide) නමැති ග්‍රන්ථයෙහි දැක්‌වෙන අන්දමට 12 වැනි සියවසෙහි පමණ මෙම රජු සිරිපා වන්දනය කර ඇත.
නමුත් ප්‍රශ්නය වන්නේ මෙම රජු ප්‍රධාන වශයෙන් සිරිපා මළුවට නැග ගත්තේ කෙසේද යන්නයි. එමර්සන් ටෙනන්ට් (1860) සිලෝන් නමැති ග්‍රන්ථයෙහි සඳහන් කරන්නේ අඩි 40 ක් පමණ උසක් තරණය කිරීම සඳහා යකඩ ඉනිමගක්" සවිකොට තිබු බවයි. මේ මහගිරිදඹේ අවසාන නැග්මයි ඊට පසු පා තබන්නේ මළුවටයි. මේ අවසාන ශිඛර කොටස තරණය කිරීමට කෘත්‍රිම වශයෙන් කිසියම් උදව්වක් අවශ්‍යමය. එනිසාමදෝ එච්. ඩබ්. කේව් "මනරම් ලංකාව" (Picturesque Ceylon) නමැති සිය ග්‍රන්ථයෙහි දක්‌වන්නේද යකඩ ඉනිමගක් ගලට සවිකොට "එල්ලා" තිබූ බවයි.
වන්දනාකරුවෙක් මෙම යකඩ දම්වැල් සහිත ඉණිමගෙහි නැගීමේදී වටපිට බැලුවොත් ක්‌ලාන්තය සෑදී අත්පා වෙව්ලා ප්‍රපාතයට ඇද වැටීමට බොහෝ දුරට ඉඩකඩ පැවැති බැව් කියති. වන්දනාකරුවෝ මෙම දම්වැල්, පුරුකෙන් පුරුක අල්ලා ගන්නාවිට කුමක්‌දෝ වාක්‍යයක් ගාථාවක් කියනු අසන්නට ලැබී ඇත. එසේ කරන්නේ භයටය. මෙම දම්වැල්වලට "මිනිස් වර්ගයාගේ" දම්වැල් යෑයි හඳුන්වා තිබේ. (Chain ot the Creed)
ඉබන් බටූටා සිය සිරිපා වාර්තාවල සටහන් කරන්නේද මෙම "දම්වැල්" අල්ලා ඉහළට නැගීම මාරාන්තික අවස්‌ථාවක් බවයි. එය ඒ තරමටම බයානයකය.
ආර්. පර්සිවල් (1805) සිය Account of the Island of Ceylon හි සඳහන් කරන්නේ මෙම යකඩ දම්වැල් "ආදම්" විසින් සවි කරන්නට ඇති බවයි.
මාර්කෝ පෝලෝ නමැති මහා සංචාරකයා ක්‍රි. ව. 1292 දී සිරිපා නැග සඳහන් කරන්නේ කවුරුන් විසින් මෙම යකඩ දම්වැල් සවි කරන්නට ඇද්ද යනුයි. ඊට අවුරුදු 50 කට පමණ පසුවයි ඉබන් බටූටා මේ දම්වැල් ගැන කියන්නේ.
සිරිපා ශිඛරය ළඟම යොදා ඇති අවසාන දම්වැල ආදාම් විසින් යොදන ලද්දක් බව එච්. ඩබ්. කේව් කියයි පර්සියානු කවියෙකු වන අස්‌රීෆ් පවසන්නේ.
එච්. ඩබ්. කේව්ගේ ලස්‌සන ලංකාව ක්‍රි. පූ. 300 දී පමණ ලංකාවට පැමිණ සිරිපා මළුවට නැගීම සඳහා මහා ඇලෙක්‌සැන්ඩර් රජු විසින් මෙම යකඩ දම්වැල් යොදන්නට ඇති බවයි.
ආර්. එච්. බැසටි Romantic Ceylon 1929 සිය ග්‍රන්ථයෙහි දක්‌වන්නේ ක්‍රි. ව. 1347 දී පමණ සිරිපා "නැග්ග" ඉබන් බටූටා සිරිපා ශිඛරයට පහළින් ඇලෙක්‌සැන්ඩර් මහා අධිරාජයාගේ නමින් උස කොතක් වැනි නිර්මාණයක් ඉදිකොට තිබු බවයි. එම ස්‌ථානයේ විශාල යකඩ දම්වැල් යකඩ ඇණ යොදා කළුගල් පර්වතයට තදින් කාවද්දා තිබූ බවත් ඉබන් බටූටා සඳහන්කර ඇතැයි බැසට් පවසයි.
ක්‍රි. ව. 1896 දී පමණ සිරිපා වන්දනයට ගිය විවියන් මජෙන්ඩයි නමැති සාමිවරයා (එංගලන්තය) හැටන් මාර්ගයේද මේ හා සමානම යකඩ දම්වැල් යොදා තිබූ බව වාර්තාකර තිබේ. බැසට් තවදුරටත් ප්‍රකාශ කරන්නේ ඉන්දියාව, චීනය, ජපානය, බුරුමය, ස්‌පාඤaඤය, සියමය (වර්තමාන තායිලන්තය) අප්‍රිකාව, යනාදී රටවලින් ආගමික පූජකවරුන්, සාමාන්‍ය පුරවැසියන් රජ කුමාරවරුන් වැනි අය පැමිණ සිරිපා "නැග්ග" බව ඉබන් බටූටා වාර්තාකර ඇති බවයි. මෙයින් අදහස් වන්නේ කිසිම ආගමික භේදයකින් තොරව යටකී ජනතාව සිරිපා වන්දනා කරන්නට ඇති බවය. ඇතැම්හු එහි අප ගෞතම බුදුරජාණන්වහන්සේ සිරිපා පා සලකුණ නොව ආදම්ගේ පාද ලාඤඡනය පිහිටුවා තිබෙන්නට ඇතැයි සලකා වන්දනාකර තිබෙන බව පෙනේ.
හින්දු භක්‌තිකයන් "ශිවනඩිපාදම්" යනුවෙන් සඳහන්කර ඇත්තේ අපගේ සම්බුදුරජුන්ගේ සිරිපා සලකුණ, "ශිව" දෙවියන් කදු මුදුනෙහි දැඩි භාවනාවක යෙදී සිටීම නිසා හටගත් එකක් බවයි.
බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකික නරපතියන් සිරිපා වන්දනය කිරීමට පෙර ක්‍රි. පු. 330 දී පමණ මහා ඇලෙක්‌සැන්ඩර් ආධිරාජයා සිරිපා වන්දනයට යාම පහසු කිරීම පිණිස එතුමාගේ රාජ සේවකයින් විසින් මෙම "යකඩ දම්වැල්" සවිකරන්නට ඇති බවයි.
පැරණි ලක්‌දිව ද දියුණු යකඩ වානේ තාක්‍ෂණයක් තිබු බවට යකඩ උණු කිරීම සඳහා යොදා ගන්නා ලද පැරණි උදුන් හම්බන්තොට, කිංචිගුණේ (අළුත්නුවර) වැනි ප්‍රදේශවලින් පොලොව යට තිබී පුරා විද්‍යාඥයින් විසින් ගොඩට ගෙන පරික්‍ෂාකර බැලීමෙන් පෙනී ගොස් තිබේ. මේ නිසා අපගේ යකඩවලින් මහා ඇලෙක්‌සැන්ඩර් රජුගේ සේවකයින් විසින් යකඩ දම්වැල් තනා සවිකරන්නට ඇතැයි සිතිය හැක.
එම යකඩදම්වැල් වසර දහස් ගණනක් පැරණි හෙයින්ද, සවිමත්භාවය පිළිබඳව සැකමතුවී ඇති හෙයින්ද, ඒවා වෙනුවට සිරිපා මගේ මහගිරිදඹේ පෙදෙසේ මළුවට පහළින් කොන්ක්‍රිට්‌ගල්පඩි සවිකර තිබේ. පැරණි දම්වැල්ද නෂ්ඨාවශේෂ වශයෙන් දක්‌නට ලැබේ.
ස්‌ටැන්ලි සේනාධීර
උපුටා ගැනීම : දිවයින
සාම්ප්‍රදායික ඥාන දායාදය සැඟැවුණු පුස්කොළ ලේඛන
කිසියම් සමාජයක් හෝ සංස්කෘතියක් සතු දැනුම් සම්භාරය හා පාරම්පරික ඥානය අනාගත පරපුර වෙත සම්පේ‍්‍රෂණය කරනු ලබන්නේ අදාළ සමාජය සතු ලේඛන මාධ්‍යයන් මඟිනි. වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලාංකික සමාජය විසින් අත්දැකීමෙන් හා ප්‍රත්‍යක්ෂයෙන් ග්‍රහණය කරගත් සාම්ප්‍රදායික දැනුම එක්තැන් වී ඇත්තේ පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලේඛන මාධ්‍යය වූ පුස්කොළ පොත්වල ය. එබැවින් මේ ලේඛන අතීතයෙන් උරුම වූ ජාතික සම්පතක් වශයෙන් සැලැකීමට පිළිවන.
තල පත්‍රය හෝ තල් පත්‍රය සකස් කර ගැනීමෙන් තනා ගත් පුස්කොළ ලේඛන වසර දහස් ගණනක් තිස්සේ අතීත ශ්‍රී ලංකාවේ මෙන් ම වෙනත් දකුණු හා අග්නිදිග ආසියානු රටවල ද ප්‍රධාන ලේඛන මාධ්‍යය වශයෙන් පැවැතුණි. ක්‍රිස්තු පූර්ව අවධියේ සිට ම පුස්කොළ මත ලිවීම ප්‍රචලිත ව පැවැති බව සාහිත්‍යමය මූලාශ්‍රවලින් මෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් ද අනාවරණය වෙයි.
අනුරාධපුර ඇතුල් නුවර සල්ගහවත්ත 2 කැණිමෙන් පුස්කොළ පොත් කම්බ හතරක් හමුවී ඇති අතර රේඩියෝ කාබන් කාලනිර්ණ ක්‍රමයට කළ කාල නිර්ණයට අනුව ඒවා ක්‍රි. පූ. 3 වන සියවස හා ක්‍රි. ව. 1 වන සියවස අතර කාලයට අයත් වේ. මේ කම්බ ඇත් දළ හා සත්ත්ව අස්ථිවලින් නිර්මාණය කර ඇත. අනුරාධපුර ඇතුල් නුවර හා කිරින්ද යන ස්ථානවල සිදුකළ කැණීම්වලින් ලිවීම සඳහා භාවිත කළ පන්හිඳවල් සොයා ගත හැකි විය.
සාහිත්‍යමය මූලාශ්‍රයන්හි ලේඛනය පිළිබඳ ව සඳහන් බොහෝ අවස්ථාවල ලේඛන මාධ්‍යය පිළිබඳව සඳහන් කර නොතිබුණ ද අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිට ම ලේඛන කටයුතු සඳහා භාවිත කළ ප්‍රධාන මාධ්‍යය තල කොළය හා තල් කොළය වූ බව විශ්වාස කිරීමට තුඩු දෙන සාධක හමුවේ. අනුරාධපුර යුගයේදී සිදුවූ මහා පරිමාණ ලේඛන කාර්යයන් වන හෙළ අටුවා රචනා කිරීම (ක්‍රි. පූ. 3 වන සියවස), ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම (ක්‍රි. පූ. 1 වන සියවස) හා පාලි අට්ඨකථා ලිවීම (ක්‍රි. පූ. 5 වන සියවස) යන කාර්යයන් සඳහා පුස්කොළ භාවිත කළ බව පිළිගත හැකිය.
පුස්කොළ අතීත සමාජයේ ප්‍රචලිත ව පැවැති ප්‍රධාන ලේඛන මාධ්‍යය වූ බැවින් ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නොපැවතුණි. වර්තමානයේ මුද්‍රණය කර ඇති මහාවංසය, දීපවංසය, බෝධිවංසය වැනි ඉතිහාස ග්‍රන්ථවල මෙන්ම කව්සිළුමිණ, ගුත්තිල කාව්‍යය, කාව්‍යශේඛරය, මුවදෙව්දාවත, බුත්සරණ, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය හා පන්සියපනස් ජාතක පොත වැනි සාහිත්‍ය කෘතීන්හි ද සියලුම ත්‍රිපිටක ග්‍රන්ථවල ද දැනට ශේෂ වී ඇති මුල් පිටපත් සියල්ල ම පුස්කොළ මත ලියූ ඒවා ය.
ලේඛන මාධ්‍යයක් වශයෙන් තල පත්‍ර හා තල් පත්‍ර භාවිත වූ බව ක්‍රි. ව. 5 වන සියවසේදී බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද කංඛාවිතරණි හා සමන්තපාසාදිකා යන අට්ඨකථාවල සඳහන් වේ. මෙම කෘතීන්හි අන්තර්ගත කරුණු බොහෝමයක් ඒවා රචනා වූ කාලයට වඩා පැරණි බව නිසැක ය. පැරණි යුගයේ විහාර ආශි‍්‍රතව වගා කර තිබූ තල ගස් හා තල් ගස් ගැන සංයුක්ත නිකායට්ඨ කථාවේ හා විශුද්ධි මාර්ගයේ තොරතුරු දක්වා ඇත.
මෙසේ මෙම ගස් වර්ග වගා කිරීමට හේතුව ලේඛනය සඳහා අවශ්‍ය පුස්කොළ සකස් කර ගැනීම බව පෙනී යයි. එමෙන්ම මෙම කරුණ පදනම් කරගෙන ක්‍රි. ව. 10 වන සියවස වන විට තල ගස් කැපීම තහනම් කරමින් රාජ ආඥා පනවා තිබුණි. උදා මහයාගේ පුලියන්කුලම ශිලා ලිපියේ එන “රදොලන් වැද තලන්... නොකපනු ඉසා” යන පාඨය හා IV මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ දැක්වෙන කරුණු නිදසුන් වශයෙන් සඳහන් කිරීමට පිළිවන. ක්‍රි. ව. 12 වන සියවසේදී ද පුස්කොළ ප්‍රධාන ලේඛන මාධ්‍ය වශයෙන් පැවැති බවට අභිලේඛනමය සාධක පවතී.
මෙම ලේඛන මාධ්‍යය ජනපි‍්‍රයව පැවැති බවත් ඒවාට වේයන් හා මීයන් නිසා දැඩි තර්ජනයක් පැවැති බවත් නිශ්ශංකමල්ල රජුගේ පොළොන්නරු පුවරු ලිපියේ එන “නොඑක්ලෙසැ දස්කම් කළවුන්(ට).... ද... හිරසන්දපවත්නාතෙක් පවත්වුව මැනැවැයි (සි)තා වදාරා වෙයන් මීයන් ඇතුළු වූවන් විසින් සොපද්‍රව වූ තල්පතැ නොලියවා ලක්දිව පෙර පවත් නුවූ තාම්බ්‍රශාසන අකුරු කොටවා පවත් කොටැ...” යන පාඨයෙන් අනාවරණය වේ.
දැනට සොයා ගෙන ඇති පරිදි සිංහල අකුරින් ලියවී ඇති පැරණිතම පුස්කොළ ලේඛනය චීනයේ විහාරස්ථානයක ඇති ක්‍රි. ව. 7 වන සියවසට අයත් මහායාන ධාරණී ග්‍රන්ථයකි. ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම පුස්කොළ පොත කොළඹ ජාතික කෞතුකාගාරය සතු ක්‍රි. ව. 13 වන සියවසට අයත් චුල්ලවග්ග පාලියයි.
වර්තමානයේ ඉතිරි වී ඇති පුස්කොළ ලේඛනවලින් වැඩි ප්‍රමාණයක් ක්‍රි. ව. 18 හා 19 වන සියවස්වල රචනා කරන ලද ඒවාය. නමුත් මෙම පොත් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක අන්තර්ගතයන් ඒවා රචනා වූ කාලයට වඩා වසර සිය ගණනක් හෝ ඇතැම් විට වසර දහස් ගණනක් පැරණි බව අමතක නොකළ යුතුය. වර්තමානයේ ද ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක පුස්කොළ පොත් ලිවීම සුළු වශයෙන් සිදු කෙරේ.
පුස්කොළ ලේඛනයන්හි අන්තර්ගත කරුණුවල විෂයය පථය ඉතා පුළුල් පරාසයක් නියෝජනය කරයි. බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථ හා අට්ඨකථා ප්‍රධාන බෞද්ධ ග්‍රන්ථවලට මේ අතර ප්‍රමුඛස්ථානය හිමි වේ. අනුරාධපුර යුගයේ සිට මෑත කාලීන අවධිය දක්වා රචනා වූ සිංහල භාෂාව හා සාහිත්‍ය සම්බන්ධ ග්‍රන්ථ ඉතා විශාල ප්‍රමාණයක දැනට ශේෂ වී ඇති මුල් පිටපත් පුස්කොළ මත ලියූ ඒවාය. පද්‍ය ග්‍රන්ථ, ගද්‍ය ග්‍රන්ථ, ව්‍යාකරණ ග්‍රන්ථ හා සිංහල හෝඩිය පිළිබඳ ග්‍රන්ථ ඒ අතර වේ.
පාලි හා සිංහල වංශ කථා, වෛද්‍ය ග්‍රන්ථ, නක්ෂත්‍ර පොත්, යන්ත්‍ර මන්ත්‍ර පොත්, ශිල්ප ග්‍රන්ථ, සන්නස්, තුඩපත්, ලේකම් මිටි, කඩඉම් පොත්, සීට්ටු, හිම්පත්, වට්ටෝරු, විත්ති පොත්, ලියුම් හා ජන්ම පත්‍ර ද පුස්කොළ ලේඛන අතර හමුවෙයි. ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගමික ග්‍රන්ථ ද පුස්කොළ මත රචනා කර ඇති අවස්ථා දක්නට ලැබේ. මහනුවර අම්පිටිය ජාතික සෙමනේරියේ ඇති බයිබලය හා හෙලේනා චරිතය ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති තක්කසුරූන් නම් ඉස්ලාම් ආගමික ග්‍රන්ථය ද ඌර්මිලා නිද්‍රා නම් හින්දු ආගමික ග්‍රන්ථය ද නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මේ අනුව පුස්කොළ ලේඛන මෙරට ජීවත් වන සියලුම වාර්ගික කණ්ඩායම් සතු ජාතික උරුමයක් බව පැහැදිලි වේ.
මෙම පුස්කොළ ලේඛන සියල්ලම අත්පිටපත් වන අතර ඇතැම් පොත්වල ලෝකයටම ඇත්තේ එක් පිටපතක් පමණි. එබැවින් එවැනි ග්‍රන්ථවල වටිනාකම තක්සේරු කළ නොහැකිය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක ශ්‍රී ලංකාවේ පැරණි වාරි තාක්ෂණය පිළිබඳ තොරතුරු ඇතුළත් සිංහල වාරිවංසය නම් ග්‍රන්ථයක් ඇති බවට විශ්වාසනීය තොරතුරු ලැබී තිබුණ ද මේ වන තෙක් එම ග්‍රන්ථය සොයා ගැනීමට නොහැකි විය. එය සොයා ගතහොත් පුරාණ ලෝකයේ විශිෂ්ටතම වාරි තාක්ෂණයකට හිමිකම් කියූ අපේ අතීත මුතුන්මිත්තන් වාරිමාර්ග තැනීම, සැලැසුම් කිරීම හා මිනුම්ගත කිරීම ද ජල කළමනාකරණය ද සිදුකළ ආකාරය සම්බන්ධයෙන් මිල කළ නොහැකි තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත.
වංශකථා ඇතුළු සාහිත්‍යමය මූලාශ්‍රයන්හි සඳහන්ව ඇති නමුත් මෙතෙක් හමුවී නැති ඉතිහාස ග්‍රන්ථ ද සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගත හැකිය. ඒ අතරින් කිහිපයක් හෝ තවමත් දිවයිනේ කිසියම් ස්ථානයක ආරක්ෂා වී තිබීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය. මෙතෙක් හමු නොවූ අභයගිරි විහාරවාසීන්ගේ වංසකථාව වන උත්තර විහාරවංසය නිදසුනක් වශයෙන් පෙන්වා දීමට පිළිවන.
එම ග්‍රන්ථය සොයා ගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් අනාවරණය කරගැනීමට ද ඉතිහාසය දෙස තවත් දෘෂ්ටි කෝණයකින් බැලීමට ද අවස්ථාව උදා වනු ඇත. රට පුරා විවිධ ස්ථානවල ඓතිහාසික තොරතුරු ඇතුළත් සන්නස්, තුඩපත්, කඩයිම් පොත්, විත්ති පොත් වැනි පුස්කොළ ලේඛන රැසක් ඇති අතර ඒවා විධිමත් ලෙස අධ්‍යයනය කිරීම තුළින් දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික තොරතුරු රැසක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී.
පුස්කොළ පොත් සම්බන්ධ කලාත්මක කරුණු පිළිබඳව මෙතෙක් පුළුල් විධිමත් අධ්‍යයනයක් සිදුවී නොමැත. පොත් කම්බවල දැව, ලෝහ, ඇත් දත් හා ලී කැටයම් ද චිත්‍ර ද දක්නට ලැබේ. මේවා බොහෝ විට මහනුවර කලා සම්ප්‍රදායේ ලක්ෂණ ප්‍රකට කරයි. එමෙන්ම ඇතැම් පොත්වල පත්තිරු මත නිර්මාණය කළ රේඛා චිත්‍ර හමුවේ.
කොළඹ කෞතුකාගාරයේ වෙස්සන්තර ජාතකය හා ඇහැලේපොළ හටන ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති විධුර පණ්ඩිත ජාතකය ද පුස්කොළ රේඛා චිත්‍ර කලාවේ විශිෂ්ටත්වය ප්‍රකට කරන නිර්මාණයන් ය. මේවායේ අදාළ සිදුවීම් දක්වන රූප සටහන් මෙන්ම ලිඛිත විස්තර ද දක්වා ඇති බැවින් ඒවා ලෝකයේ පැරණිතම චිත්‍ර කථා අතරට අයත් වෙයි.
ජාතිය සතු මහඟු උරුමයක් වන පුස්කොළ ලේඛන වර්තමානයේදී පරිහරණයට නොගන්නා අතර ඒවා විවිධ හේතූන් නිසා විනාශ වෙමින් පවතී. අතීතයේ ලියන ලද මිලියන ගණනක් වූ පුස්කොළ ලේඛන අතරින් වැඩි ප්‍රමාණයක් මේ වන විට ජාතියට අහිමි වී ගොස් අවසාන ය. ඒ අතරින් අද ඉතිරි වී ඇති බව අනුමාන කළ හැක්කේ පුස්කොළ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයකි.
මේවා දැනට සොයා ගෙන ඇති පරිදි රට පුරා ස්ථාන 1800 කට වැඩි ප්‍රමාණයක විසිරී ඇත. පොත් දස දහසකට අධික ප්‍රමාණයක් එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල කෞතුකාගාර, පුස්තකාල, ලේඛනාගාර හා පෞද්ගලික එකතුන් සතුව පවතී.
පැරැන්නෝ පුස්කොළ පොත් ලිවීම, ලියවීම මෙන්ම ආරක්ෂා කිරීම ද පුණ්‍ය කර්මයන් කොට සැලකූහ. පොත් ලිවීම හා ඒ සඳහා අනුග්‍රහය දැක්වීම අක්ෂර දාන ලෙස හැඳින්වූ ඔවුහු අක්ෂරයක් අක්ෂරයක් පාසා චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ද දිව්‍ය සම්පත් ද ලැබීමට හේතු වන උසස් පින්කමක් බව විශ්වාස කළෝය.
ධර්ම ග්‍රන්ථ ‘පොත් වහන්සේ’ යැයි හඳුන්වමින් වන්දනාමාන කරමින් ආරක්ෂා කරන ලදී. පොත් කොහොඹ වැනි කෘමි ප්‍රතිරෝධක දැවවලින් තැනූ පෙට්ටිවල තැන්පත් කර සැවැන්දරා මුල්, කපුරු, කොහොඹ කොළ හා ඖෂධීය තෙල් ආදිය යොදා ගෙන වරින්වර පරීක්ෂා කරමින් මනාව නඩත්තු කිරීම සිදුවිය.
මෙම ජාතික උරුමය දීර්ඝ කාලීනව ආරක්ෂා කරගැනීම සහ එහි අන්තර්ගත දැනුම් සම්භාරය තුළින් වර්තමානයට හා අනාගතයට ප්‍රයෝජන ලබා ගැනීම පිණිස සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම අරබයා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකාවේ ජන සමාජයේ හා සංස්කෘතියේ විවිධ පැතිකඩ නියෝජනය වන පුස්කොළ පොත් ගබඩා කර ඇති ස්ථාන ගවේෂණය කිරීම, අධ්‍යයනය, වර්ගීකරණය, විවරණ සහිත සූචිගත කිරීම හා සංරක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. මෙම ව්‍යාපෘතියේ ද්විතීය අරමුණු කිහිපයක් ද හඳුනාගත හැකි ය.
. මෙතෙක් හෙළි නොවූ ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගැනීම.
. අප්‍රකට ශාසනික තොරතුරු අනාවරණය කරගැනීම.
. පාලි, සංස්කෘත, සිංහල ව්‍යාකරණ හා සාහිත්‍ය තොරතුරු අනාවරණය කරගැනීම.
. වෛද්‍ය විද්‍යාව හා පශු චිකිත්සාව සම්බන්ධ අප්‍රකට දේශීය වෛද්‍ය ක්‍රම අනාවරණය කරගැනීම.
. යන්ත්‍ර, මන්ත්‍ර, ගුප්ත විද්‍යා හා කෙම් පහන් ක්‍රම අනාවරණය කරගැනීම.
. විවිධ දේශීය ශිල්ප ශාස්ත්‍ර පොත් සොයා ගැනීම.
. අක්ෂර විද්‍යාවේ විවිධ ක්‍රමවේද සොයා ගැනීම.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පියවර කිහිපයකින් සමන්විත වෙයි. පුස්කොළ පොත් සමීක්ෂණ කටයුතු දිස්ත්‍රික් මට්ටමෙන් සිදුකරනු ලබන අතර මේ වන විට මාතලේ, කුරුණැගල, ගම්පහ, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සමීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ. සෙසු දිස්ත්‍රික්කවල ද සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. සිංහල, පාලි හා සංස්කෘත දැනුම සහිත තෝරාගත් ගිහි පැවිදි උගතුන් පහළොස් දෙනෙකු ගෙන් සමන්විත පිරිසක් විසින් සමීක්ෂණ කටයුතු කරගෙන යනු ලබයි.
නියමිත ආකෘති පත්‍රවලට එක්රැස් කරගත් දත්ත විශ්ලේෂණය කර වැදගත් තොරතුරු සහිත විශේෂ ග්‍රන්ථ තෝරාගෙන අදාළ විෂයය ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයන්ගේ සහාය ඇතිව ඒවා ගැඹුරින් අධ්‍යයනය කරනු ලැබේ. සියලුම දත්ත පරිගණක ගත කර පරිගණක දත්ත බැංකුවක් ඇති කිරීම ද දත්ත මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීම ද මෙම ව්‍යාපෘතියෙන් සිදුවන වැදගත් කාර්යයන් දෙකකි. පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමට හා අඛණ්ඩ පශ්චාත් නිරීක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අපේක්ෂිතය. එමෙන්ම ව්‍යාපෘතිය මඟින් පුස්කොළ ලේඛන සම්ප්‍රදාය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රකාශන නිකුත් කිරීම හා ප්‍රදර්ශන පැවැත්වීම ද සිදුකරනු ලබයි.
දැනට මෙම ව්‍යාපෘතිය ආරම්භ කර වසරකට අධික කාලයක් ගතවී ඇති අතර ස්ථාන තුන්සියයකට ආසන්න ප්‍රමාණයක ඇති පුස්කොළ ලේඛන හත්දහස් පන්සියයක් පමණ එම කාලය තුළ සමීක්ෂණයට භාජනය කර ඇත. මෙම පර්යේෂණ කටයුතු තුළින් මේ වන විට වැදගත් ලේඛන විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගත හැකිවී තිබේ. ඒවා පිළිබඳ වැඩිදුර පර්යේෂණ තවදුරටත් සිදු කෙරෙමින් පවතී. පුරාණ තාක්ෂණය, වෙදකම, ඉතිහාසය, කෘෂිකර්මය, අභිචාර කටයුතු, නක්ෂත්‍රය හා යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධ ඇතැම් ග්‍රන්ථ ඒ අතර ප්‍රධාන වේ. මේවා සියල්ලම පාහේ මෙතෙක් මුද්‍රණය කර නොමැති අත්පිටපත් ය.
පැරණි ලෝහ කර්මාන්තය, බුද්ධ ප්‍රතිමා නිර්මාණය, කෘෂිකාර්මික උපකරණ හා ආයුධ තැනීම පිළිබඳ ශිල්පීය දැනුම අන්තර්ගත ලේඛන කිහිපයක් හමුවී ඇත. මේවා පුරාණ තාක්ෂණය පිළිබඳ අප සතු දැනුම වඩාත් පුළුල් කිරීමට හේතු වන ලේඛනයන් ය. ගොවිතැන් පරකාසේ නම් ග්‍රන්ථය කෘෂිකර්මය හා බැඳුණු සාම්ප්‍රදායික තාක්ෂණික දැනුම අනාවරණය කර ගත හැකි පද්‍ය ග්‍රන්ථයකි. එයට අමතරව ගොවි නැකත් පොත් සැලකිය යුතු ප්‍රමාණයක් ද හමුවී ඇත.
මෙතෙක් සමීක්ෂණයට ලක් කළ ලේඛන තුළින් හෙළි කර ගත හැකි ඓතිහාසික තොරතුරු ප්‍රමාණය ඉතා විශාලය. එවැනි ලේඛන අතරින් විවිධ තුඩපත්, සන්නස් හා කඩයිම් පොත් මෙන්ම දඹදෙණි විස්තරය, ගජබා පුවත, පබ්බජ්ජා උපසම්පදාවත, 1828 දළදා උත්සව විස්තරය, මහනුවර යුගයේ හේවායන්ගේ නාම ලේඛනය හා දඹුලු විහාරයේ ගම්වර ලේඛනය යන ලේඛන නිදසුන් වශයෙන් දැක්විය හැකිය. පබ්බජ්ජා උපසම්පදාවත ක්‍රි. ව. 1753 දී මෙරටට පැමිණි සියම් භික්ෂුන් බෞද්ධ විනය කර්ම හා පූජා කටයුතු සිදුකළ ආකාරය විස්තරාත්මකව වාර්තා කරන ලේඛනයකි. මහනුවර සමයේ හේවායන්ගේ නාම ලේඛනයේ දහසකට ආසන්න හේවායන් සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙයි.
දේශීය වෙදකම සම්බන්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් සමීක්ෂණයට ලක්කර ඇත. ඒ අතරින් ඇතැම් ග්‍රන්ථ පොදුවේ විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර නිර්දේශ කරන අතර ඇතැම් ග්‍රන්ථ නිල වෙදකම, විදුම් පිළිස්සුම් වෙදකම, ඇස් රෝග, පශු වෙදකම වැනි තෝරාගත් විශේෂ ක්ෂේත්‍රයක් පිළිබඳව ලියන ලද කෘතීන් වේ. එමෙන්ම විවිධ වර්ගවල පිළිකා රෝග සඳහා නිර්දේශිත බෙහෙත් වට්ටෝරු සිය ගණනක් ද දක්නට ලැබේ. මෙම දත්ත පදනම් කරගෙන සිදුකරනු ලබන අනාගත පර්යේෂණ තුළින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බේරගැනීමේ හා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව පවතී.
ජීවිතයේ විවිධ කටයුතු සාර්ථක කරගැනීම සඳහා නක්ෂත්‍රය හා යන්ත්‍ර මන්ත්‍ර යොදා ගන්නා ආකාරය විස්තර කරන ග්‍රන්ථ සැලකිය යුතු ප්‍රමාණයක් ද සොයා ගත හැකි විය. බලි යාග සඳහා රූප අඹන ආකාරය ද යාග පවත්වන ආකාරය ද විස්තර කරන ලේඛන අභිචාර කටයුතු පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඉතා වැදගත් වෙයි.
මහාචාර්ය
නිමල් ද සිල්වා
අධ්යක්ෂ
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය
නිමල් ද සිල්වා
අධ්යක්ෂ
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය
උපුටා ගැනීම : සිළුමිණ පුන්කලස ඉරිදා සංග්‍රහය
Wednesday, September 5, 2012
රාවණා අදත් ජීවතුන් අතර
7:37 AM
අනෙකුත් යන්ත්‍ර මන්ත්‍ර, ජන ඇදහිලි, පාරම්පරික ඇදහිලි, පැරණි රහස්, පෞරාණික උරුමයන්, රාම රාවණා ජනප්‍රවාද, රාවණ රජතුමාගේ ඉතිහාසය
No comments
රාවණා අදත් ජීවතුන් අතර

රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති.
රාවණා රාජධානිය පිළිබඳ තොරතුරු ගවේෂණය කොට එය ලංකාවේ පිහිටි බව සනාථ වූ දාට අප පැවැතගෙන එන්නේ රාවණාගෙන් බව අවිවාදයෙන්ම අපට පිළිගැනීමට සිදු වනු ඇත.
දඹදිව අයෝධ්‍යා පුරයේ විසු රාම, ලක්ෂමණ සහ සීතා යනාදීහු මනුෂ්‍යයෝය. එහෙත් යක්ෂ ගෝත්‍රික රාවණා මනුෂ්‍ය වර්ගයක් ලෙසින් පිළිගන්නට ඔවුන් සූදානම් වූයේ නැත. එවකට ලංකාවේ විසු රාවණා හා ඔහුගේ පිරිස් විස්මිත දේ කිරීමෙහි දක්ෂයෝ වූහ. විටෙක ඔවුහු ගුවනින් ගියහ. වාතයෙන්, හිරු එළියෙන් හා සඳ එළියෙන් ක්‍රියාත්මක වන යානාවල නැඟී ගියහ. විටෙක කිසිවකුටවත් නොපෙනී ගියහ. යන්ත්‍ර - මන්ත්‍ර ආදි ගුප්ත බලවේගයන්ගෙන් වැඩ ගත්හ.
ලක්ෂමණගේ රැකවරණයෙහි සිටි සීතා ඔහුටත් නොදැනෙන පරිදි පැහැර ගන්නට රාවණා සමත් වූයේ ඔහු සතුව පැවති ගුප්ත බලවේගයන්හි පිහිටෙනි. මෙවන් විස්මිත දේ කළ හැක්කේ යකුන්ටම මිස මිනිසුන්ට නොවේ යනුවෙන් සිතූ දඹදිව වැසියන් එදා ලක්වැසියන් දෙස බලා ඇත්තේ යක්ෂයන් දෙස බලන ආකාරයෙනි.
රාම - රාවණා යුද්ධයෙන් රාමට ජය ගත හැකි වූයේ ද රාවණාගේම ආයුධ උපක්‍රමශීලීව රාම අතට පත්වීමේ හේතුවෙනි. යුද්ධයේ දී රාවණා මිය නොගිය බවත්, හී පහර වැදුණු රාවණා සිහිමුර්ජා තත්ත්වයට පත්ව අදත් ජීවත්ව සිටින බවත් පුරාවෘත්ත කතාවල සඳහන් වේ. රාවණා මියගියා යයි සිතා එම සිරුර මිහිදන් කොට ඇතත් එය පවතින්නේ සිහිමුර්ජා වී පමණි.
උග්‍ර ලෙස භාවනා වැඩු රාවණා මහා බ්‍රහ්මයාගෙන් අමරණීය වී සිටීමට වරම් ලත් අයෙකි. එම වරම මහා බ්‍රහ්මයා ආපසු උදුරා ගත් බවක් පුරාවෘත්තවල සඳහන් නොවේ. එසේනම් රාවණා මියයන්නේ කෙසේ ද? රම්භා නම් වූ දිව්‍ය අප්සරාවට රාවණා බලහත්කාරකමක් කළ මොහොතේ නලකුවේරයන් ශාප කරන්නේ නැවත වතාවක් කාන්තාවකට අනතුරයක් කළහොත් එකෙණෙහිම රාවණා මරණයට පත්වේවා කියාය. එහෙත් සීතා පැහැරගෙන ආ රාවණා ඇයටවත් අනතුරයක් නොකළේය. එසේනම් රාවණා මිය යන්නට හේතුවක් නැත.
කෙසේමුත් රාම, ලක්ෂමණ ආදීන් රාවණාගේ බලපරාක්‍රමය බලෙන්ම යටපත් කොට ඇත. රාවණාගේ බලය යළි කිසිදා පැන නොනැඟෙන පරිදි වළලා දමා ඇත. මුළු ලෝකයාම රාවණා දුෂ්ටයකු ලෙස දකින්නේ එබැවිනි. රාවණා දුෂ්ටයකු බවට පත්කළ රාම, ලක්ෂමණ දෙදෙනා මුළු ලොව ඉස්මතුව සිටිති. එබැවින් වර්තමානයේ දී පවා පවතින්නේ රාම, ලක්ෂමණ, සීතා සහ ඔවුන් බලවත් කළ හනුමාන්ගේ බලයයි.
එහෙත් කිසිදා සත්‍යය යටපත් කළ නොහැකිය. තාවකාලිකව සත්‍යය යටපත් කළත් කවදා හෝ එය ප්‍රබලාකාරයෙන් ඉස්මතු වෙයි. මේ පිළිබඳ පුරාවෘත්ත ප්‍රකාශ කරන්නේ මෙම යුගය රාවණාගේ බලපරාක්‍රමය ඉස්මතුව විත් ලොවට සර්ව සාධාරණය ඉෂ්ට වන යුගයක් බවයි.
අන් කවර කලෙකටත් වඩා වර්තමානයේ දී රාවණා රජු පිළිබඳ සොයන්නට, ගවේෂණය කරන්නට බොහෝ දෙනෙක් පෙලඹී සිටිති. රාවණාට සිදුවූයේ කුමක් ද යන ප්‍රශ්නයේ දී අමරණීය වරම් ලද රාවණා දැනට පරනිර්මිත වසවර්ති දිව්‍යලෝකයේ වෙසෙන බව පුරාවෘත්ත කතාවල සඳහන් වේ. පරනිර්මිත වසවර්තියේ වාසය කරන රාවණා නමැති දිව්‍යරාජයා මුළු ලොව දකිමින්, මුළු ලොව සිදුවන අකටයුතු දකිමින්, ලෝකයට සාධාරණය සලසන්නේ කවදාදැයි බලමින් සිටී.
රාවණා රජු පිළිබඳ අසීමිත විශ්වාසයක් ඇති අය කෙරෙහි බැඳී සිටින රාවණා දෙවි ඔවුන් මඟින් ලොවට සෙත, සහනය උදා කරන්නට, සාධාරණය සලසා දෙන්නට උත්සාහයක යෙදී සිටී. රාවණා දෙවියන් වෙනුවෙන් ඉදිවෙන දෙවොල් මඟින් මෙම කටයුත්ත ඉටුවනු ඇති බව පුරාවෘත්ත කතාවන්හි සඳහන් වේ.
රාවණා රජු පිළිබඳ අවංක චේතනාවෙන් යුතුව තොරතුරු ගවේෂණය කර රාවණා බලය පිළිබඳ අචල විශ්වාසයක් ඇතිව කටයුතු කරන ගවේෂකයන් කීප දෙනකුටම රාවණා රුව සිහිනෙන් හෝ වෙනත් බලවේග මඟින් දැක ගැනීමට හැකි වී ඇත. රාවණා රුව පිහිටුවමින් රාවණා වෙනුවෙන් දෙවොල් ඉදිකොට මනා ලෙස වත් පිළිවෙත් ඉටු කිරීම මඟින් රාවණා බලය රටේ පිහිටුවිය හැකි බව එම ගවේෂකයන්ට දැනගැනීමට ලැබී ඇත.
ඒ අනුව රාවණා රුව පිහිටුවමින් ඉදිවූ ප්‍රථම දෙවොල වලපනේ දරපනාහෙල ශ්‍රී රාවණා පබ්බත මහා විහාරයේ පිහිටියාය. රාවණා බලකොටුව ආශි‍්‍රතව පිහිටුවා ඇති මෙම විහාරය රාවණාගේ උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින ආකාරය එහි ගිය මට දැක ගත හැකි විය. එපමණකුදු නොවේ. එම ගමේ වසන සෑම සියලු වැඩිහිටියෙක්ම රාවණාගේ උරුමය මැනවින් රැකීමට ඇප - කැපවී සිටී.
ගමට අමුත්තකු පැමිණි විගසින් ඔහු ආවේ කුමට ද? ඔහුගේ අවශ්‍යතාව කුමක් ද? කරන්නේ කුමක් ද? යන්නේ කුමන ස්ථානවලට ද යනාදී වශයෙන් රහසිගතව සොයා බලා, ඔහුගේ පැමිණිම සැකමුසු වී නම් ඔහු ගමෙන් පිටමන් කරවීමට ද මෙම ගමේ වැසියෝ පසුබට නොවෙති. මක්නිසාද යත් පිටස්තරින් පැමිණි බොහෝ අය මෙම පෙදෙසේ පොළව පෙරළමින්, යමක් සොයමින් රාවණාගේ උරුමය විනාශ කරන්නට කටයුතු කිරීමේ හේතුවෙනි.
රාවණා රුව තැන්පත් කරමින් මෙරට දෙවැනි දෙවොල ඉදිවී ඇත්තේ කුරුණෑගල රම්බඩගල්ල, මොනරාගල විහාරස්ථානයේය. මෙම විහාරස්ථානය පිහිටි ගම රම්බඩගල්ල සහ මොනරාගල යන දෙනමින්ම හැඳින්වේ. එම ග්‍රාම නාමය පවා අපට රාවණා පිළිබඳ කිසියම් ඉඟියක් දෙයි. රම්බොඩය යන්නෙන් අදහස් වන්නේ රත්තරන් ආයුධය යන්නයි. රත්තරනින් නිම කළ ආයුධ සම්භාරයක් තැන්පත් කොට ඇති ස්ථානය රම්බඩගල්ල නමින් හැඳින්වෙයි.
මොනරා ආ(පැමිණි) ගල මොනරාගල විය. මෙහිදී දඬු මොනර යන්ත්‍රය පැමිණීමේ හේතුවෙන් ද, මොනර පිහාටුවක සටහනක් ගල්තලාවේ කොට තිබීමේ හේතුවෙන් ද මොනරාගල ග්‍රාම නාමය සකස් වී ඇත. කුරුණෑගලට යාබද වාරියපොළ ශ්‍රී සුමංගල විහාරස්ථානය පිහිටි ගල්තලාවේ දඬුමොනර යන්ත්‍රය නවතා තබා ඇති බව මීට ඉහත දී අපි කීවෙමු.
මේ දිනවල රම්බඩගල්ල - මොනරාගල විහාරස්ථානයේ බෞද්ධාගමට අදාළව සුවිශේෂී කටයුත්තක් ඉටුවෙමින් පවතී. එනම් ලෝකයේ විශාලතම ශෛලමය සමාධි බුදු පිළිමය නෙළීමයි. අති දක්ෂ ගල් වඩුවන් අතින් එම කර්තව්‍යය ඉටුවෙමින් පවතී.
ශෛලමය සමාධි බුදු පිළිමයේ උස අඩි 67.5 ක් වන අතර එහි හිටි උස අඩි 108 කි. මීට පෙර මෙරට තැනුණු අවුකන බුදු පිළිමයේ උස අඩි 38.10 ක් වන අතර පොළොන්නරුවේ ශෛලමය පිළිමයේ උස අඩි 22 ක් පමණි.
මෙවන් ශුද්ධ වූ පුද බිමක රාවණා රුව පිහිටුවමින් දෙවොලක් ඉදි කරන්නට කටයුතු සම්පාදනය වීමෙන් බුදු පිළිමය නෙළීමේ කටයුත්තට මහඟු ආශීර්වාදයක් උදාවන බව ද කිව යුතුය.
“යගු කෞරාණ මන්ථක ශ්‍රී රාවණ විමානය” යනු දෙවොලේ නමයි. රම්බඩගල්ලට ඉදිරියෙන් වූ පර්වතය රාවණාගේ ප්‍රබල සෙන්පතියකු වූ මකර සෙන්පතියාගේ වාසභවනයයි. මකර සෙන්පතියා එම කන්දේ වසමින් රම්බඩගල්ලට රැකවරණය සලසයි.
මහනුවරට අයත් අංකුඹුර පෙදෙසේ රාම කොටුවක් පිහිටි අතර රාවණාට විරුද්ධව යුද්ධ කිරීම සඳහා රාම කඳවුරු බැඳ ගත්තේ එහිය. අංකුඹුර පෙදෙසේ ‘රාම කොටුව‘ නමින් ගමක් ද වෙයි. අංකුඹුර, රම්බඩගල්ල අතර ප්‍රදේශයේ රාම - රාවණා යුද්ධය පැවති බව විශ්වාස කෙරේ. රාවණාගේ පුත් ඉන්ද්‍රජිත්ගේ බලපරාක්‍රමය හේතුවෙන් එම සටන ජය ගන්නට රාවණාට හැකි විය.
යුද්ධයේ දී යුද බිම මැරී වැටුණු වානරයන්ගේ බෙලි හෙවත් බොටු (රම්, බොටු, ගොඩ) බලන්නට ඉන්ද්‍රජිත් රාවණාට ඇරැයුම් කළේය. රාවණා මෙම බොටු ගොඩ දෙස බැලුවේ විහාරස්ථාන භූමියේ ගල්තලාව මත සිටය.
මෙම අරුතින් ද රම්බොටුගල්ල නාමය ඇති වී පසුව එය රම්බඩගල්ල ලෙසින් ව්‍යවහාරයට පත් වූ බව ද කියනු ලැබේ.
උපුටා ගැනීම : http://www.silumina.lk
Tuesday, September 4, 2012
රාම-රාවණා සිදුවීමට අදාළ ඔසු උයන්
9:34 PM
අනෙකුත් යන්ත්‍ර මන්ත්‍ර, ජන ඇදහිලි, පාරම්පරික ඇදහිලි, පැරණි රහස්, පෞරාණික උරුමයන්, රාම රාවණා ජනප්‍රවාද, රාවණ රජතුමාගේ ඉතිහාසය
No comments
රාම-රාවණා සිදුවීමට අදාළ ඔසු උයන්....
රාම - රාවණා යුද්ධයේ දී රාවණාගේ බිහිසුණු හී පහරවල් වැදී යුදබිම මැරී වැටුණු රාම - ලක්ෂමණ හා ඔවුන්ගේ වානර හමුදාවෙන් කොටසක් ද සුවපත් කරනු වස් හනුමාන් දඹදිවට ගොස් ගෙන ආ ඖෂධ වනාන්තරය ගැන මීට පෙර ද සඳහන් කොට ඇත. ඉන් කොටසක් මහ පොළව මතට කඩා වැටී සෑදුණු ඖෂධ වනාන්තරය ගාල්ලේ රූමස්සල කන්ද යයි මීට ඉහතින් අපි සඳහන් කළෙමු.
රිටිගල
|
මෙම ඖෂධ වනාන්තරය පිළිබඳ පළවන මත ගණනාවක්ම පවතී. ඉන් එක ජනකතාවකින් කියවෙන්නේ රාවණා රජු සඟවා තැබු සීතා දේවිය සොයා ගැනීමේ කාර්යය පැවරුණේ හනුමාන්ට සහ ලක්ෂමණට බවයි. මෙම කාර්යයේ දී ලක්ෂමණට තුවාල විය. එම තුවාල සුවපත් කරන්නට හනුමාන් හිමාලය කන්දෙන් ඖෂධ වනාන්තරයක් ඔසොවාගෙන ආවේය. තුවාලවලට අවශ්‍ය බෙහෙත් සපයාගෙන බෙහෙත් කන්ද මෙරට ස්ථාන තුනක පිහිටුවන්නට යෙදුණි. එම ස්ථාන තුන වර්තමානයේ දී හැඳින්වෙන්නේ රිටිගල, රූමස්සල සහ දොළුකන්ද යනාදී වශයෙනි.
රිටිගල, රූමස්සල, සහ දොළුකන්ද යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ලභ ගණයේ ඖෂධ වර්ග සහිත පැරණි වනාන්තර තුනකි. මින් රිටිගල අනුරාධපුර පෙදෙසේ පිහිටියේය. අක්කර 3777 ක විශාලත්වයකින් යුත් රිටිගල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙයි.
ඇත්ත වශයෙන්ම රිටිගල දැනට ද දුර්ලභ ගණයේ ඖෂධ වර්ගවලින් ගහණ වන පියසකි. එහි අරුළු, බුළු, නෙල්ලි, බිංකොහොඹ, කොතලහිඹුටු, කොහොඹ, ගම්මාලු, රණවරා, මහහැඩයා, පටිධතු, වල්නවහංදි, වේලන්ගිරිය, වනරාජ, සැවැන්දරා, සහ තවත් බොහෝ ඖෂධ වර්ග පිරී පවතී. ඖෂධ වර්ගවලින්ම පිරුණු වන පියසක් නිසාම “රිටිගලත් හරියට හනුමාන් ගෙනා ඖෂධ වනාන්තරය වගේ” යයි ආප්තෝපදේශයක් සෑදුණා ද විය හැකිය. දොළුගල යනු ද මෙවන්ම වූ වන පියසකි.
මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ලග්ගල හෙවත් ලකේගල ද රාවණා පුවත හා ඈඳුණු ග්‍රාම නාමයකි. රාම - රාවණා යුද්ධයට පෙර වකවානුවේදී ලග්ගල යනු ඉතා උස් වූ කන්දකි. වර්තමානයේ දී පවතිනවාට වඩා ඉතා උස් වූ කන්දක් විය. එකල ලග්ගල හැඳින්වුණේ ලකේගල නමිනි. රාවණා රජතුමා සිය රාජධානිය පිහිටුවාගෙන තිබුණේ ලකේගල මුදුනේය.
රාවණා රජු පැහැරගෙන ආ සීතා දේවිය සඟවා තැබුවේ ලකේගල මුදුනේය. අශෝක වනය, ගල් ගුහා පද්ධතියක් ආදිය ද මෙම ගල් පව්ව මුදුනේ පැවති බව කියනු ලැබේ. සීතා සොයා මෙහි පැමිණි රාම කුමරු රාවණා රජු සමඟ පුරා දොළොස් අවුරුද්දක් යුද්ධ කළ බව කියනු ලැබේ. රාමට සිය ප්‍රතිමල්ලවයා පරාජය කරන්නට එතරම් කාලයක් ගතවීමෙන් පෙනී යන්නේ රාවණා රජුට ද ප්‍රබල යුද ශක්තියක් පැවති බවයි.
ලකේගලට සැතපුම් විසි හතරක් ඊසාන දිගින් යුදඟනා පිටිය නමින් ව්‍යවහාර කරන ස්ථානයක් තිබේ.
ලක්ගල (ලකේගල)
|
යුදඟනා පිටියට ආසන්නව දුනුවිල නමින් හැඳින්වෙන තැනක් ද විය. එහිදි රාවණා රජු රැඳී සිටින ලකේගල සුනුවිසුනු කර දැමීම සඳහා රාම සැරයක් යවන්නැයි විභීෂණ රාම කුමරුට උපදෙස් දුන්නේය. විභීෂණ යනු රාවණා රජුගේ බාල සොහොයුරාය. සිය අයියා වන රාවණා රජුගේ දුෂ්ට ක්‍රියා ඉදිරියේ විභීෂණ ද රාමගේ පැත්ත ගතේය.
එම උපදෙස් මත ක්‍රියාත්මක වූ රාම ලකේගලට සිය දුන්නෙන් හී සැරයක් යැව්වේය. හී සරය වැදුණු ලකේගල මුදුන් කොටස කැඩී සුනුවිසුනු විය. එසේ නොවන්නට ලකේගල අද පෙනෙනවාට වඩා බොහෝ උස්ව පැවතුණි. හී සරය යැවීම සඳහා රාම දුන්න ඇදීමේ දී දුන්නේ කොන වැදී වළක් හෑරුණි. පසුකල දුනුවිල නමින් ව්‍යවහාර වූයේ එම වළයි. වැසි කාලයට දැන ද එහි වතුර පිරේ.
කේගල කන්ද සුනුවිසුනු කළ රාම එහි සඟවා සිටි සීතා දේවිය ලබාගත් බව ද සඳහන් වේ.
රාම - රාවණා යුද්ධය පැවතුණේ මාතලේ පෙදෙසේම පිහිටි දැනට රණමුරේ නමින් හැඳින්වෙන ස්ථානයේ දී බව ද පළවන මතයක් තිබේ. රණ යනු යුද්ධය යන අරුත් දෙයි. මුරේ යනු වාරයයි. රණමුරේට ඔබ්බෙන් පිහිටි හල්මිණිය ගමේ කයිකාවල නමින් ප්‍රකට ස්ථානයක් පවතී. කයිකාවල පුරාණයේ පැවති මුරපොළකි. ඊට නුදුරුව රාවණා රජුගේ බලකොටුව පැවති බව ද කියනු ලැබේ.
එසේම රණමුරේ, නාරංගමුව ආසන්නයේ ද මහමුරය නමින් මහ මුර පොළක් පැවති බව විශ්වාසයකි. එදා මහමුරය අද හැඳින්වෙන්නේ මීමුරය හෙවත් මීමුරේ නමිනි. මීමුරේ ආසන්නයේ ද රාවණා කොටුව නමින් හඳුන්වන ස්ථානයක් තිබේ. රාවණා රජුගේ බලකොටුව සහිත රාජධානිය පිහිටි ලග්ගල මුදුන අදත් හැඳින්වෙන්නේ මාළිගාතැන්න නමිනි.
ලග්ගල පල්ලේසිය පත්තුවේ පිහිටි රාවණාගල, රාවණා ඇළ, සීතාගල, සීතාලෙන ආදි ස්ථාන නාම ප්‍රකට කරවන්නේ එම ස්ථාන ආශි‍්‍රතව පැවති රාවණා - සීතා සම්බන්ධය පිළිබඳවයි.
සිංහරාජයේ ඓතිහාසික තොරතුරු සොයාගෙන යාමේදී ඒ සමඟ ද රාවණා - සීතා සිදුවීම සම්බන්ධ වී ඇති අයුරු පෙනේ. වනාන්තරයේ සිංහගල නමින් හඳුන්වන කඳු ශීඛරයේ පාමුල ගල් ගුහාවක් පවතී. එහි සිංහරාජයෙකු ද වාසය කළ බව කියනු ලැබේ. සිංහයා සිංහරාජය පුරා සිය අණසක පතුරුවාගෙන විසු බව කියනු ලැබේ.
සිංහරාජය රාවණා රජුගේ ඖෂධ වනාන්තරය ලෙසින් හඳුන්වන අතර එහි වූ දුර්ලභ ගණයේ ඖෂධ වර්ග ආරක්ෂා කිරීම පැවරී තිබුණේ ඉහත කී සිංහරාජයාටය. මෙහි ඇතුළු වී දුර්ලභ ගණයේ ඖෂධ වර්ග ලබා ගැනීමට සිංහයාගෙන් අවසර ලැබුණේ රාවණා රජුගේ දූතයන්ට පමණක් බව ද කියනු ලැබේ.
සිංහරාජයා සිංහරාජය පුරා පතුරුවාගෙන සිටි අණසකට විරුද්ධ වූ යෝධයෙකු සිටි බව ද ඔහු විශාල ගල්වලින් පහර දී සිංහයා මරා දැමු බව ද කියනු ලැබේ.
සිංහයා සිටි ගල්ලෙන සිංහ ලෙන ලෙසින් ද, යෝධයා පහර දුන් ගල් එකතු වූ තැන යෝධගල්ගොඩ නමින් වර්තමානයේ දී පවා පවතින බව ද කියනු ලැබේ.
සිංහරාජයේ පවතින ශාක හා ඖෂධ වර්ග අතර වෙනිවැල්, රසකිඳ, රණබෙරලිය, ගල් වෙරළු, බෙරලිය, තිනිය, බටුනා, කීන, හැඩවක, මලබොඩ, දියනා, කිතුල් ආදිය ද වේ. යටිරෝපණයක් ලෙසින් ඉඟුරු කුලයට අත් මඩොල්, අතුකැටිය ආදිය පවතී.
සිංහරාජයේ ඕකිඩ් වර්ග පනහකට වඩා පවතී. වෙසක් මල්, පොසොන් මල්, වනරාජ, ඉරුරාජ, නාරිලතා, නිල් බිනර, සුදු බිනර ආදි දුර්ලභ ගණයේ මල් වර්ග ද පවතී. මාවේවැල්, කුඩා වේවැල් ආදි සියලු ම වේවැල් වර්ග ද පවතී.
රාවණාගේ ‘දඬුමොනරය’ ධාවනය කළ ගුවන් පථය....
9:28 PM
අනෙකුත් යන්ත්‍ර මන්ත්‍ර, ජන ඇදහිලි, පාරම්පරික ඇදහිලි, පැරණි රහස්, පෞරාණික උරුමයන්, රාම රාවණා ජනප්‍රවාද, රාවණ රජතුමාගේ ඉතිහාසය
No comments
‘දඬුමොනරය’ ධාවනය කළ ගුවන් පථය බිංගන්තලාව ද?
රාවණාගේ ලංකාපුරය ලක්දිව ගිනිකොණ දිග පිහිටි මහා රාවණා සහ කුඩා රාවණා කොටු විය හැකි යයි ද, එසේ නැතහොත් එය පිහිටියේ නුවරඑළිය, බදුල්ල හා ඒ ආශි‍්‍රත ප්‍රදේශවල විය හැකි යයි ද අපි මීට ඉහතින් පැවසීමු. මේ සියල්ලම ජනකතා, ජනප්‍රවාද හා ජනවහරේ එන තොරතුරු ආශි‍්‍රතව අනාවරණය කළ ඒවාය.
මේ අතර රාවණාගේ බලකොටුව පිහිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේම වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හරස්බැද්ද ප්‍රදේශයේ පිහිටි කඳු මුදුනක් වන දරපනාහෙළ බවට ලද තොරතුරක් මත පසුගිය දිනෙක එහි යාමට ද මට හැකි විය.
රාගල හරස්බැද්ද හරහා වලපනේ මාර්ගයේ කිලෝමීටර් 70, 71 හා 72 කණු පිහිටි ස්ථානවල සිට කඳු මුදුනට නැඟීමට තැනුණු අඩි පාරවල් මෙන්ම තරමක් සංවර්ධනය වූ පාරවල් ද කීපයක්ම ඇත. මෙම මාර්ග දිගේ දරපනාහෙළ ගමට යාම ද දැඩි වෙහෙසකරය. හිණිමඟක් දිගේ ඉහළට නැඟ යන ආකාරයෙන් කන්ද නැඟගෙන යාමට සිදු වේ. ඒ තරමටම එය ඉතා දැඩි බෑවුමකි.
ඉතා වියළි රළු කාලගුණයක් පැවතිය ද පදිංචිකරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය පදනම් කරගෙන සංවර්ධනය කර ගත් ගමක් ලෙස දරපනාහෙළ හඳුන්වා දිය හැකිය. කඳු බෑවුම්, ප්‍රපාත හරහා වගා බිම් ඉදිකරගෙන ඇති ආකාරය අපූරුය.
මා ගියේ දරපනාහෙළ ගමේ විහාරස්ථානය වෙතය. “ශ්‍රී රාවණ පබ්බත විහාරය” නම් වූ එය ඉතා කුඩා ප්‍රමාණයේ එකකි. විහාරාධිපති ධුරය හොබවන්නේ තරුණ භික්ෂුන් වහන්සේ නමක වූ ශාස්ත්‍රපති පූජ්‍ය තඹලගොල්ලෑවේ ධම්මික හිමියන්ය. උන්වහන්සේ ඓතිහාසික පර්යේෂණ කෙරෙහි දක්වන උනන්දුව පැසසිය යුතුය.
“මහත්තය හොයාගෙන ආපු කාරණේට අදාළ තොරතුරු නම් බොහොමයක්ම මෙහේ තියෙනව. ඒත් අපි ඒ තොරතුරු කිසිම කෙනෙකුට දෙන්නෙ නෑ. අපි මේව රැකබලාගෙන ඉන්නෙ බොහොම පරෙස්සමට. නිතරම මේව විනාශ කරල දමන්ඩ පිරිසක් බලාගෙන ඉන්නවා” විහාරාධිපති හිමියෝ කීහ.
උන්වහන්සේ විහාරස්ථානයට පිටස්තරින් පැමිණෙන අය දෙස බලන්නේ සැකමුසුවය. ඔවුන් සැමකෙකුම පාහේ විමසන්නේ මෙහි තැන්පත් නිධන් පිළිබඳවත් ඒවා පවතින්නේ කුමන ස්ථානවල ද යන්නත් වන බැවිනි. එසේම තැනින් තැන හාරා වටිනා පුරාවස්තු විශාල ප්‍රමාණයක් විනාශ කොට ඇති බව ද උන්වහන්සේ කීහ.
රාවණ රජුගේ පිළිරුව
|
සුහද කතාබහේදී මා කෙරෙහි පැහැදුණු ධම්මික හිමියෝ රාවණා පුවතට අදාළ බොහෝ තොරතුරු මට කීහ. ප්‍රථමයෙන්ම විහාරය තුළ ඇති වටිනා ලෝහයෙන් තැනු පිළිම කීපයක් දැකීමට හැකි විය. ඒ අතර රාවණා, රාවණා රජුගේ සීයා ලෙස සැලකෙන පුලස්ති සෘෂිවරයා, කුම්භකරණ, ඉන්ද්‍රයින් මෙන්ම අවලෝකිතේස්වර බෝධි සත්ත්ව පිළිමය ආදිය ද විය. ඒ සැමෙකක්ම වටිනා ලෝහයෙන් ඉදිකර තිබුණි.
“මහත්තය ඇවිත් ඉන්නෙ රාවණා රජ්ජුරුවන්ගෙ බලකොටුවට. මේ අඩවියේ තමයි රාවණගෙ බලකොටුව තිබිල තියෙන්නෙ. ඒ බව ඔප්පු කරන්ඩ ඕනෑතරම් ඓතිහාසික සාක්ෂි මෙහේ තියෙනව. මහත්තය වටාපිටාවේ පරිසරය දිහාවෙ බලන්ඩකො” ධම්මික හිමියෝ කීහ.
දළ බෑවුම් සහිත කන්දේ මුදුන සුවිශාල ගල් පර්වතයකි. ගල් පව්වේ පාමුල දරපනාහෙළ ගම පිහිටා ඇත. මේ ගම පුරාමත් ගල් පර්වතය පුරාමත් පවතින්නේ රාවණාගේ රාජධානියේ නෂ්ටාවශේෂය.
විහාරස්ථානය ඉදිරියෙන් වූ විශාල වැවක නටබුන් පෙන්වූ ධම්මික හිමියෝ එය රාවණා රජු ඉදිකරවූ වැවක් බවත් වැව් බැම්බ කඩා බිඳ දමා එය ජනාවාසයක් කරගෙන අති බවත් කීහ. දැනට විහාරස්ථානයේ සිට ගමට මාර්ගය තැනී ඇත්තේ මෙම වැවේ බැම්ම මතිනි. පිහිටි භූමි ලක්ෂණ අනුව අපූර්වතම වැවක් එහි පවතින්නට ඇතැයි සිතා ගත හැකිය.
“රාවණා රජ්ජුරුවන්ගෙ බලකොටුවෙ දිය අගල තිබුණේ මෙතන. මීට අවුරුදු හැටකට ඉස්සර වෙලත් මේ දිය අගල වතුරෙන් පිරිල තිබුණ. දැන් තමයි ඔය කඩල බිඳල දමල තියෙන්නෙ” වයසක අම්මා කෙනෙක් මා හා කීවාය.
ධම්මික හිමියෝ දරපනාහෙළ ගමේ එක් අන්තයකට මා කැටුව ගියහ. පුදුමයකි. මේ වනාන්තර බිමේ ගල්කුළුවල නටබුන් කීපයකි. විහාරාධිපතීන් වහන්සේ පැවසු ආකාරයට එය මුර මඩුවකි. රාවණා රජුගේ බලකොටුව ආරක්ෂා කිරීම සඳහා ඉදිකළ මුර මඩුවලින් එකක් බව උන්වහන්සේගේ අදහසයි.
“මේ වාගෙ මුරමඩු මේ ගල් පව්ව වටේටම තියෙනව. මේවයින් සමහරක් කුලුනු ගලවගෙන ගිහින් මිනිස්සු ගෙවල් හදාගෙනත් ඉන්නව. මේ ගල් කණු හතර ආරක්ෂා කරන්නෙ අපි මහත්තයො” ගැමියෙක් මා හා කීවේය.
ඉදිරිපසින් වූ ගල් කණු දෙක උස්ව ද, පිටුපසින් වූ ගල් කණු දෙක මිටිව ද සකසා ඇත. ඒ අනුව වහල තනි පලේට තනා තිබු බව සිතාගත හැකිය. එතුළ ගලින් කළ ආසනයක් ද වල් බිහිවෙමින් පවතී. මේ ගල්කණු ඔපමට්ටම් කළ ඒවා නොවේ. ඉතා ප්‍රාථමික යුගයක භාවිත ගල්කණුය.
ඉන් එහාට කැලෑව තුළ ගල් ගුහා, චෛත්‍යයක නටබුන් ආදිය ඇතැයි ද, ඒවා වළගම්බා රාජ්‍ය සමයට අයත් ඒවා විය හැකි යයි ද විහාරාධිපති හිමියෝ කීහ.
“අපි රාවණා බලකොටුවට අයිති දේවල් ආරක්ෂා කරන්නෙ නාගයෙක් මැණිකක් රකින්න වගේ. මමවත් ගමේ කිසි කෙනෙක්වත් මෙතන තොරතුරු කිසි දෙයක් කිසිම කෙනකුට කියන්නෙ නෑ. ඒව ආරංචි වුණහම සමහරු ඇවිත් මෙහේ තැනින් තැන හාරනව නිදන් ගන්ඩ. මෙහේ තියෙන නටබුන්, පිළිම ආදී කිසිම දෙයක් මිල කරන්ඩ බෑ. ඒවයෙ තියෙන්නෙ ඓතිහාසික වටිනාකමක් විතරයි. ඒ බව නොදැන ඓතිහාසික සාක්ෂි විනාශ කරනව“ විහාරාධිපති හිමියෝ කීහ.
උන්වහන්සේ ප්‍රකාශ කරන ආකාරයට ගම ඉහත්තාවේ ඇති සුවිශාල ගල් පව්වේ අමුතු ආකාරයේ පැලීම්, කඩතොලුවීම් දක්නට ලැබේ. එසේ වී ඇත්තේ රාම - රාවණා යුද්ධයේ දී විදි හී පහරවල් වැදීමෙනි. ගල් පව්වේ එහා පැත්ත විශාල තැනිතලාවකි. එය බිංගන්තලාව නමින් හැඳින්වේ. එය රාවණා රජු දඩුමොනර යන්ත්‍රය ගුවන් ගත කිරීමට භාවිත කළ ගුවන් පථයයි.
ගුවන් පථය උඩු ගුවනේ දුරදීම දර්ශනය වීම සඳහා ගල් කුට්ටියක් මත දියමන්තියක් සවිකොට තිබුණි.
දියමන්තිය දැනට නැතත් එය සවිකළ ගල් කුට්ටිය තිබේ. ගල් පව්වේ පසෙකින් උමං කටකි. ඒ අනුව කිව හැක්කේ ගල් පව්ව තුළ උමඟක් හෝ භූගත මාළිගාවක් පවතින බවයි. එම උමඟ ආශි‍්‍රතව රාවණා රජු පිළිබඳ තොරතුරු ගොන්නක් පවතී.
ගල් පර්වතය ආශි‍්‍රතව රාවණාගේ මෘත දේහය, තැන්පත් සොහොන තවමත් පවතී. එය පවතින්නේ විශාල ගල් අල්ලා ඉදිකළ ගල් කොටුවක් තුළයි. එය විශාල ගල් ලෑල්ලකින් වසා තිබේ. එය උපක්‍රමශීලී වැස්මකි. කිසිවෙකු සොහොන බිඳීමට තැත් කළහොත් ගල් පියන පෙරළී ඔවුන් සියලු දෙනා ඊට යට වී විනාශ වනු පිණිස එසේ සකසා ඇත. සොහොන පවතින්නේ පොළව මතුපිට ඉදිකර ඇති පෙට්ටියකය.
පසුගිය දිනෙක රාවණා සොහොනට හෙණයක් පුපුරා ඇත. ඉන් සොහොනට කිසිදු හානියක් සිදු වී නැතත් සොහොන තුළ යකඩ වැනි අකුණු ඇදගන්නා සුලු ලෝහයක් තිබිය හැකි යයි විශ්වාස කරනු ලැබේ.
ප්‍රදේශය පුරා ගල් කණු, ගල් ප්‍රාකාර, ගල් බිත්ති, ගල් පොකුණු, වළං කටු ආදි නටබුන් බොහොමයක් පවතී. ඒ කිසිවක් නිශ්චිතව අනාවරණය කරන්නට කිසිවෙකුත් සූදානම් නැත. මක්නිසාද යත් ඒවා නටබුන්වල ආරක්ෂාව පිණිස රැක ගත යුතු රහස් සේ ගම්මු සිතති. කෙසේ මුත් එහි පවතින්නේ රාවණා රජුගේ බලකොටුවම බව ගැමියෝ තරයේ විශ්වාස කරති.
දරපනාහෙළ ආදී රාවණාගේ බලකොටුව පවත්නා ස්ථානය හාත්පස අවට ප්‍රදේශය ගැන අවධානය යොමු කරද්දී ඊට කිට්ටුවෙන්ම ඇති මතුරට සීතාව ගම එනමින් ප්‍රචලිත වූයේ රාවණා සීතා දේවිය සඟවා තැබු තැනක් වන හෙයිනි. දරපනාහෙළට පහළින් ඇති හරස්බැද්ද එනම ලද්දේ රාමගේ වානර හමුදාවේ පැමිණීම වළකාලීමට රාවණාගේ හමුදා සේනා හරස් කළ ස්ථානය වූ බැවිනි. රාගල නගරය එනම ලද්දේ රාවණා - ආ - ගල නිසාවෙනි.
එසේම මන්දාරම් නුවර පිහිටියේ ද මීට නුදුරෙනි. “මන්දාරම් පුර පුවත” නමැති ඓතිහාසික කාව්‍ය ග්‍රන්ථයෙහි මන්දාරම් පුරය හා රාවණා අතර වූ සම්බන්ධය මැනවින් විග්‍රහ කොට ඇත. එහි ඇති කාව්‍ය ගණනාවකින්ම සීතා මුදුන, සීතා කන්ද, සීතා ගිරි නමින් හැඳින්වූයේ මතුරට සීතාව ගම ද නැතිනම් දරපනාහෙළ මුදුනේ ගල්පව්ව දැයි විමසා බැලිය යුතුය. එසේම රටේ පැවති යුදමය අවස්ථාවන්හිදී මේ ප්‍රදේශයේ සෙනෙවියන් ඊට සහභාගි වී ඇත්තේ රාවණා කොඩිය පෙරටු කරගෙනය. උත්සව, පෙරහර ආදියට මොවුන් ගියේ ද රාවණා කොඩිය පෙරමුණෙහි තබාගෙනය.
මීට වසර කීපයකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණ සමීක්ෂණයක් පවත්වා ගල් ලෙන් කීපයක් හඳුනාගෙන ඒවා අංක කොට ගොස් ඇත ද ඒ පිළිබඳ නිශ්චිත නිගමනයක් මෙතෙක් දී නොමැත. රාවණා බලකොටුවට පසෙකින් වළගම්බා රජුගේ ඉදිකිරීම්වල නටබුන් පවතින බව ද ගැමියෝ පවසති.
මෙම ලිපිය කියවා කිසිවෙකුත් දරපනාහෙළ කන්ද නැඟ රාවණාගේ බලකොටුව නැරැඹීමට නොයා යුතුය. තවමත් වනාන්තර ගතව පවතින දේ මා අනාවරණය කළේ විහාරාධිපති හිමියන් හා ගැමියන් පැවසූ ආකාරයෙනි. ඔවුන් සියලු දෙනා මගෙන් ඉල්ලීමක් කළේ රාවණා බලකොටුවේ තොරතුරු කිසිවක් ප්‍රචලිත කිරීමට කටයුතු නොකරන ලෙසයි. කලින් එසේ ප්‍රචලිත වූ කීප විටෙකම පිටින් ආ පිරිස් මෙහි තැන තැන හාරමින් ප්‍රදේශයේ කළ විනාශය පිළිබඳ ගම්මු මට තොරතුරු කීහ.
ඉදිරියේදී රාවණා බලකොටුවේ සියලු විස්තර අනාවරණය කිරීමට හැකි වනු ඇතැයි ද විශ්වාසයක් පවතී.
අශෝක උයන
9:21 PM
අනෙකුත් යන්ත්‍ර මන්ත්‍ර, පාරම්පරික ඇදහිලි, පැරණි රහස්, පෞරාණික උරුමයන්, රාම රාවණා ජනප්‍රවාද, රාවණ රජතුමාගේ ඉතිහාසය
No comments
රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා....
රාවණා රජගේ ඖෂධ උද්‍යානය, මල් උද්‍යානය මෙන්ම වනෝද්‍යානය ද මෙරට පැවතිනැයි ද, මෙරට විවිධ ප්‍රදේශවලින් ඒ පිළිබඳ තොරතුරු ලැබෙතැයි ද ජනප්‍රවාදයේ පවතී. ඇත්තෙන්ම මේ උයන් පැවති ස්ථානය ස්ථිර වශයෙන්ම දන්නා කිසිවෙකුත් නැත. මේ පිළිබඳ පවතින මත සියල්ලම මනඞකල්පිතය. එසේනම් මෙරට කුමන ස්ථානයක මේවා පවතින්නට ඇද්ද?
නුවරඑළිය, හග්ගල මල්වත්ත හෙවත් හග්ගල උද්භිද උද්‍යානය බවට පත්වූයේ රාවණාගේ ඖෂධ උද්‍යානය බවට පළවෙන මත අනන්තය. රජ කෙනෙකුගේ ඖෂධ උද්‍යානය හග්ගල මල්වත්ත තරම් කුඩා එකක් වන්නට බැරිය. හග්ගල මල්වත්ත යනු පැය තුන-හතරක් ඇතුළත සංචාරය කොට නරඹා අවසන් කළ හැකි තැනකි.
එහෙත් දුරාතීතයේ දී හග්ගල මල්වත්ත සතුව පැවති භූමිභාගය අති විශාල විණැයි ද, වර්තමානයේ දී ඉන් විශාල ප්‍රමාණයක් ජනාවාස බවට පත්වී ඇතැයි ද කියනු ලැබේ. හග්ගල මල්වත්ත වටේටම පවතින ජනාවාස හේතුවෙන් මෙම ප්‍රකාශයේ සත්‍යයක් ඇතැයි සිතිය හැකිය.
රාවණා රජුගේ මල් උද්‍යානය සමන්විතව තිබී ඇත්තේ අශෝක වර්ගයේ මල් ගස්වලිනි. රාවණාගේ අශෝක මල් උයන යයි කියන්නේ එබැවිනි. අශෝක මල් මහරත්මල් නමින් ද හඳුන්වනු ලැබේ. මාතලේ, මහනුවර හා නුවරඑළිය ඇතුළත් මධ්‍යම පළාතේ පුෂ්පය වූයේ ද මහරත්මලයි. එය එසේ වූයේ මහරත්මල මධ්‍යම පළාතේ අනන්‍යතාව පළකරන නිසා වන්නට බැරිද? මෙම රචනයේ දී මහරත්මල වෙනුවට අශෝකමල යන නාමය භාවිත කිරීමට කැමැත්තෙමි.
දුරාතීතයේ එනම් ක්‍රිස්තු පූර්ව යුගයටත් එහා යුගයේ මෙරට අශෝක මල් උයනක් පැවතියා නම් එහි නටබුන් වර්තමානයේ දී වුවද නොපවතින්නට හේතුවක් නැත. රාවණා රජු ඇතුළු යක්ෂ ගෝත්‍රික රජවරුන් මෙරට පාලනය කළ අවධිය තෙත්‍රා යුගය නමින් හඳුන්වනු ලැබේ. රාවණා බදුල්ල අගනගරය කරගෙන රට පාලනය කළ බව ද, ඔහුගේ දුර්ගම නගරය නුවරඑළිය වී යයි ද ප්‍රකටව ඇති තවත් මතයකි. එසේ නම් රාවණා සතු වන, ඔසු, මල් උයන් ආදිය ඒ ආශ්‍රිත ප්‍රදේශයේම පැවතියා වන්නට නොහැකිද?
අශෝක හෙවත් මහරත්මල් වර්තමානයේ දී ද දක්නට ලැබේ. විසිතුරු මලින් පිරි රුක් විශේෂයකි. මධ්‍යම කඳුකරයේ ද මුදුන්ම ස්ථානවල, විශේෂයෙන්ම මුහුදු මට්ටමේ සිට අඩි 5000ට ඉහළින් පිහිටි භූමිවල දැනට ද තැනින් තැන අශෝක ගස් පවතිනු දැකිය හැකිය. නුවරඑළිය, සීතාඑළිය, හාවාඑළිය, සඳතැන්න, හග්ගල, කඳපොල, මීපිළිමාන, අඹේවෙල, පට්ටිපොළ, හෝර්ටන්තැන්න යනාදී ප්‍රදේශවල අශෝක ගස් පවතිනු දැකිය හැකිය. එසේනම් මේ සුවිශාල ප්‍රදේශය රාවණාගේ අශෝක උයන පිහිටි ප්‍රදේශයම යයි නිගමනයකට එළඹිය නොහැකිද?
දුම්රියෙන් යද්දී නාවලපිටිය – බදුල්ල අතර දී මඟ දෙපස අශෝක ගස් තිබෙනු දර්ශනය වේ. රම්බොඩ හරහා නුවරඑළිය පාරේ ගමන් ගන්නා විට ද අශෝක ගස් තිබෙනු පෙනේ. ගැවසි කඳු බෑවුම්වල ඇති පතන බිම්හි හෝපලු වැනි මල් ඇති ගස් විශේෂයක් ඇති බවද, මේවා බොහෝ සෙයින් වැවෙන්නේ නුවරඑළිය, බණ්ඩාරවෙල හා බදුල්ල යන නගරවලට ඇතුළත් වූ ත්‍රිකෝණාකාර බිම් කොටසේ බවද 1948 දී රචිත ‘ද පීපල් ඔෆ් සිලෝන්’ නමැති ග්‍රන්ථයේ සඳහන්ව ඇත. මෙහි හෝපලු නමින් හැඳින්වෙන්නේ අශෝක මල්ම විය නොහැකිද?
1818 ඌව - වෙල්ලස්ස කැරැල්ල හේතුවෙන් මෙරට සිදුව තිබූ ව්‍යසන ගැන සොයා බලමින් දේශ සංචාරයක යෙදුණ දොස්තර ජෝන් ඩේවි රචනා කළ “ලංකාවේ අභ්‍යන්තරය එහි ජනතාව හා ඒ දිවයිනේ චාරිකා” (ඩේවි දුටු ලංකාව) නමැති ග්‍රන්ථයේ ලා අශෝක මල් පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් සඳහන්ව ඇත. ඔහු නුවරඑළිය ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යය වින්දනය කරමින් අශෝක ගස් ගැන මෙසේ සඳහන් කොට ඇත.
”අශෝක වැනි මල් සහිත ගස් විශේෂයක් ඇති මිටි ලඳු කැලයෙන් ගැවසුණ අති විෂම භූමි භාගයක් මත ගමන් කළෙමු.... කිකිළියාමාන නම් එළිමහන් භූමියකට පෙරවරු 10ට පැමිණියෙමු. ...අශෝක ගණයට අයත් ගස් ප්‍රධාන වශයෙන් ඇති වනයෙන් වටවී තිබුණි. මේ වර්ගයට අයත් හුදකලා ගස්ද අතන - මෙතන දක්නට ලැබුණේය ... අපි විශාල අනාවරණ ප්‍රදේශයකට පැමිණියෙමු. මෙහි දර්ශනය සිත්ගන්නා තරමටම අලුත් ද විය. මඟපෙන්වන්නෝ එය නුවරඑළිය පතන යයි හැඳින්වූහ. ... තනි ගස් ගොන්නවල් වශයෙන් සිට අතන, මෙතන පිහිටි විශාල හුදකලා අශෝක ගස් හා එක්වී අතිදර්ශනීය පෙනුමක් පහළ කොට චිත්තකාන්ත භූමි දර්ශනයක් නිපදවීමට සහාය වේ.”
ඉංග්‍රීසීන් රචිත ග්‍රන්ථවල නුවරඑළිය හා ඒ අවට උස් බිම්වල තිබූ අශෝක ගස් ගැන විග්‍රහ කර ඇත්නම්, අදත් මේ ප්‍රදේශවල අතන-මෙතන හුදකලා අශෝක ගස් දක්නට ඇත්නම් රාවණාගේ අශෝක වනය පැවතියේ නුවරඑළිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ බව සනාථ කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය වේද? මෙරට පහත් බිම් ප්‍රදේශ කිසිවකින් අශෝක ගස් වාර්තා නොවේ.
රාවණා දඹදිව සිට පැහැරගෙන ආ සීතා සඟවා තැබුවේ අශෝක මල් උයනේ බව ද, සීතා සොයා පැමිණි හනුමාන් සහිත පිරිස දිවයිනේ සතර දිග් භාගයේම සොයා බලා නුදුටු තැන, සීතා සොයා අශෝක මල් උයනට පිවිසි බවද ‘රාමායනය’ විස්තර කොට ඇත.
රාමායණය විග්‍රහ කරන අශෝක වනය නුවරඑළිය ආශ්‍රිතව පිහිටි අශෝක වනයම නම් එකල ගසින් ගස එකට ගැටී රුක්ගොමුව මලින් පිරී පැවති අශෝක වනය අද අතන-මෙතන කලාතුරකින් පමණක් දක්නට ලැබෙන අශෝක ගසින් හිඟ ප්‍රදේශයක් බවට පත්ව ඇත්තේ මන්දැයි කුකුසක් උපදිනු ඇත. ’රාමායනය’ ම කියන පරිදි හනුමාන් අශෝක වනයෙහි සීතා දෙස බලමින්ම මධ්‍යම රාත්‍රිය ගත කළ අතර හනුමාන් උයනේ වූ ගස් පෙරළා බිම දමා උයන විනාශ කළේය. අශෝක වනය විනාශ කරන්නට වූ හනුමාන් අල්වා රාවණා රජු උගේ වලිගයට ගිනි තබන ලදී.” යන ප්‍රකාශවලින් ඇඟවෙන්නේ හනුමාන් විසින්ම අශෝක වනය විනාශ කර දමන ලද බවයි. එම විනාශය නිසා අශෝක ගස් වඳවී ඒවා යළි බෝවීම වැළකුණා වන්නට බැරිද?
අශෝක යනු අපගේ අත්දැකීමේ හැටියට ඉතා ඉක්මනින් ලියලා වැඩෙන ගස් වර්ගයක් නොවේ. එහි වර්ධනය ඉතා සෙමින්ය. ගස අඟල් හතරක් පහක් උස යන්නට අවුරුදු දහය – පහළොව අතර කාලයක් වත් ගතවෙයි. දැනට අශෝක පැළ යායක් පවතිනුයේ හෝටන්තැන්නේ පමණි. ඒවා තවමත් කුඩා පැළෑටිය. දුරාතීතයේ විනාශයට පත් අශෝක වනය කාලයාගේ ඇවෑමෙන් ලියලා වැඩෙන ආකාරයක් මින් පළ නොකරන්නේද?
රාවණා විසින් සීතාට කන්නට දෙන ලද කිරිබත්, කෝපත්ව සිටි ඇය දසත විසි කළ බව ද, ඒවා පාෂාණිභූත වූ බව ද, ඒවා කැට වශයෙන් දැනට ද පොළව කොටන විට හමුවන අතර මෙම ‘සීතා ගුලි’, ‘සීතා කැට’ හෝ ‘සීතා අග්ගලා’ ගලගා බොන්නට දීමෙන් බඩේ රුදා සුවපත් වන බවට විශ්වාසයක් පවතින බවද, මෙය අත්දුටු අය ද නුවරඑළිය පෙදෙසේ වසති. අශෝක වනයේ අඳුරු ගල්ගුහා තුළ සඟවා තැබීමේ හේතුවෙන් සීතාට ඇස් රෝගයක් වැලඳුණ අතර එය සුවපත් කරන්නට හිරුඑළිය ස්පර්ශ කරවීම සඳහා ඇය රැගෙන ආ එළිමහන පසු කල සීතාඑළිය නමින් ප්‍රකට වූ බවද, එම ස්ථානයේ වර්තමානයේ දී සීතා කෝවිල ඉදිවී ඇතැයි ද ජනප්‍රවාදයේ පවතී.ඒ ඇරත් අශෝක යනු ප්‍රබල ඖෂධයකි. ආදායම් උපයා ගැනීමේ මඟක් ලෙසින් අශෝක ගස් කපා පොතු අලෙවි කර ගත්තා ද විය හැකිය. දැනට මෙම ගස කැපීම, ප්‍රවාහණය ආදිය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කොට තිබේ.
මීට අවුරුදු කීපයකට පෙර සීතාඑළිය ප්‍රදේශයේ ළිඳක් කැණීමේ දී එහි ඉවුරක හනුමාන්ගේ සුවිශාල රූපයක් මතු වූ බව ද, එය සියැසින්ම දුටුවෝ ද සිටිති. ප්‍රශ්න ගණනාවක් හේතුවෙන් එම ළිඳ වසා දැමුණු අතර ඉන්පසුව එහි පදිංචිකරුවන්ට එහි විසිය නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවද කියනු ලැබේ. රාවණාගේ මළසිරුර නරක් නොවන පරිදි බෙහෙත් ගල්වා වලපනේ මහකුඩුගල පර්වතයේ ගල්ගුහාවක තැන්පත් කර ඇතැයි ද මතයක් පවතී. මහකුඩුගල ඇත්තේ ද නුවරඑළියට නුදුරු පෙදෙසකය.
නිරාහාරව විසීමේ හේතුවෙන් සීතාට බඩේ රුදාවක් වැලඳුණ අතර එය සුවපත් කරන්නට හනුමාන් දඹදිව සිට ගෙන ආ ඖෂධ ගලේ ඉතිරි කැබෙල්ල ලියලා වැඩී වලපනේ නීල ගරුඬ ගල තැනුණ බවට මතයක් පවතී. එය ද විවිධ රෝගාබාධ රැසකට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
1999 වසරේ ජනවාරි මස 06 දින ඇතුළුව තවත් කීප දිනක්ම මුළු ලොව වසන හින්දු බැතිමතුන් විශාල පිරිසක් සීතාඑළියට රැස්ව එහිදී රාම පූජා පැවැත්වූ අතර ඔවුන් හග්ගල, සීතාඑළිය, හග්ගල කඳුවැටිය ආදියට වැඳ නමස්කාර කළේ අප්‍රමාණ භක්තියකින් යුක්තවය. අශෝක ගස ද ඔවුන්ගේ වන්දනාමානයට ලක් විය. රාම පූජා සීතාඑළියේ දී පැවැත්වූයේ රාවණා පැහැරගෙන ආ සීතා සිය පතිවෘතා ධර්මය ආරක්ෂා කර ගත් සීතාඑළිය ශුද්ධ භූමියක් සේ හින්දුන් සලකන බැවිනි.
සිය පතිවෘතා බල මහිමය විදහා පෑමට සීතා ගිනි ජාලාවකට පැන්න අතර, ඇගේ සුපිරිසුදු භාවය නිසා ඇය ගින්නෙන් පිළිස්සුණේ නැත. මෙසේ සීතා සුපිරිසුදු බව සනාථ කළ ස්ථානයේ දිව්රුම්වෙල පුරාණ රජ මහා විහාරස්ථානය ඉදිවී ඇත. එය ඇත්තේ ද නුවරඑළියට නුදුරු ප්‍රදේශයකය. හග්ගල කන්දේ ආශ්චර්යවත්, අද්භූත දේ පවතින බව සියැසින් දුටුවෝ සිටිති. ගල්ගුහා, ගල්පඩි පෙළවල්, ගල් ආසන එහි පවතින්නේ යයිද, ඉතා දුර්ලභ ගණයේ ඖෂධ වර්ග එහි පවතින්නේ යයි ද, එහි ඇති ගස්වල උස අඩි 4 – 5 නොඉක්මවන අතර එම ගස් සුවිශාල කඳන් සහිත බවද, ගස් කඳන් ඇඹරුණ ස්වරූපයක් පළකරන්නේ යයි ද දුටුවෝ කියති.
එසේනම් අශෝක වනය පිහිටියේ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශයේම බව සනාථ කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය නොවනු ඇත.
සටහන හා ඡායාරූප
සිරිසේන දේවපි‍්‍රය
රාවණාගේ ලංකාපුර
9:12 PM
ජන ඇදහිලි, පාරම්පරික ඇදහිලි, පැරණි රහස්, පෞරාණික උරුමයන්, රාම රාවණා ජනප්‍රවාද, රාවණ රජතුමාගේ ඉතිහාසය
No comments
රාවණාගේ ලංකාපුරය කුඩා රාවණා, මහා රාවණා කොටු ද?
රාම, සීතා, රාවණා සහ හනුමාන් පිළිබඳ අප මෙතෙක් ඉදිරිපත් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සොයා ගනු ලැබු තොරතුරු සම්භාරයකි. එසේම ඇල්ල - වැල්ලවාය මාර්ගය අද්දර පැවති තොරතුරු ද අනාවරණය කළෙමු. අවිස්සාවේල්ල ආශි‍්‍රතව පැවති තොරතුරු ද ඉදිරිපත් කිරීමට හැකි විය. මෙම ස්ථාන එකිනෙකට සෑහෙන දුරින් පිහිටියා වුවද රාම - රාවණා - සීතා සහ හනුමාන් පිළිබඳ කතා පුවතේ්දී එම සියලුම ප්‍රදේශ එකම කලාපයක් සේ සැලකිය හැකිය.
මධ්‍යම කඳුකරයේ උස් බිම් හා ඒවා අද්දර තිබු පහත් බිම් ආශි‍්‍රතව පැවති තොරතුරු ලෙසින් පැවසීම උචිතය. ඒ අනුසාරයෙන් අපි රාවණාගේ අශෝක උයන පැවතියේ ද, රාවණා සීතා දේවිය සඟවා තැබුවේ ද, රාම - රාවණා යුද්ධය පැවතියේ ද මධ්‍යම කඳුකරයේ උස්බිම් ආශි‍්‍රතව බව ජනප්‍රවාද ආශ්‍රයෙන් සනාථ කිරීමට උත්සාහ කළෙමු. ග්‍රාම නාම, ස්ථාන නාම, ද්‍රව්‍ය නාම ආදිය අපි මෙහිදී උපයෝගී කර ගතිමු.
එම තොරතුරු ආශි‍්‍රතව මෙරට පැරණිම රාජධානිය වූ කුවේරගේ, රාවණාගේ සහ විභීෂණගේ “ලංකාපුරය” මධ්‍යම කඳුකරයේ පැවති බවට අනුමාන කළ හැකි විය. ලංකාපුරය යනු අප රටේ පැරණිතම රාජධානියයි. ඒ පිළිබඳ තොරතුරු සියල්ල අප්‍රකටය. අලිඛිතය. ලංකාපුරය යනු සම්පූර්ණ රටම ද, නැතිනම් ඉන් කොටසක් ද යන්න පවා සිතා ගත නොහැකිය.
එහෙත් ඉහත සඳහන් ස්ථාන ආශි‍්‍රතව කළ සොයා බැලීම්වලදී අනාවරණය වූයේ “ලංකාපුරය” පිහිටියේ මධ්‍යම කඳුකරය ආශි‍්‍රතව බවයි. ඒ බව අනාවරණය කර ගැනීමට ඉවහල් වූයේ ජනප්‍රවාදගත සිදුවීම් පමණි. රාවණා - සීතා ප්‍රවාදය සම්බන්ධ ඓතිහාසික සාක්ෂි කිසිවක් කිසිම තැනකින් අනාවරණය නොවීය.
එපමණකින්ම ලංකාපුරය මධ්‍යම කඳුකරය ආශි‍්‍රතවම පැවතියා යයි නිගමනයකට ඒමට ද අපට නොහැකිය. එසේ වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය ආශි‍්‍රතව ඇති රූමස්සල කඳු වැටියත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ආශි‍්‍රතව පවතින මහා රාවණා කොටුව සහ කුඩා රාවණා කොටුව ආශි‍්‍රතවත් රාම - සීතා - රාවණා සහ හනුමාන් පිළිබඳ ගෙතුණු ජනප්‍රවාද බොහොමයක් ද පවතින හෙයිනි.
මෙරට රුහුණු පුරවරයේ ආර්යය ජනාවාස ඇතිවීමට පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ එනම් මීට වසර හාරදහසකට, පන්දහසකට පෙර යක්ෂ ගෝත්‍රිකයන් විසු බව සඳහන් වේ. යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රබලතම අධිපති වූයේ රාවණා රජුය. ඔහුගේ අගනුවර හැඳින්වුණේ ‘ලංකාපුරය’ නමිනි. ලංකාපුරය නිර්මාණය කළේ රාවණා රජුගේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්මය දකුණු මුහුදේ වෙරළාසන්නව ලංකාපුරය ගොඩනැඟු බව සඳහන් වේ.
රාම සහ රාවණා අතර ඇති වූ යුද්ධයෙන් රාවණා මියගිය පසු ලංකාපුරය මුහුදේ ගිලී විනාශයට පත් වූ බව කියනු ලැබේ. රාවණාගේ මෙම ලංකාපුරය නමැති රාජධානිය ලංකාවේ ගිනිකොන දිග වෙරළ ආශි‍්‍රතව පිහිටි මහා රාවණා සහ කුඩා රාවණා කොටු විය හැකි යයි කියනු ලැබේ. මේවා හිරිගල් පර ලෙසින් හැඳින්වේ.
මෙම හිරිගල් පර හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද - පොත්තන අතර මුහුදු තීරයට සමාන්තරව සැතපුම් ගණනාවක් දිගට සාගරයේ විහිදී තිබේ. මහා රාවණා කොටුව කිරින්දේ සිට කිලෝ මීටර් 15 1/2 ක් දුරින් ද, කුඩා රාවණා කොටුව කිරින්දේ සිට කි. මීටර් 47 1/2 ක් දුරින් ද මුහුදේ පිහිටා ඇත.
මේවා ගොඩබිමේ විහිදීමක් ලෙස සලකන අතර වැලි ගල්වලින් නිර්මාණය වී ඇත. ඒ මත දීර්ඝ කාලයක් කොරල් ගොඩගැසීම නිසා කොරල්පර ලෙසින් දිස් වේ.
මහා රාවණා කොටුවේ මුහුදින් මතුව ඇති කොටස සැතපුම් හයක් පමණ දිග වුවත් තවත් සැතපුම් අටක පමණ කොටසක් මුහුදු ජලයට යට වී පවතී. කුඩා රාවණා කොටුව සැතපුම් 25 ක් පමණ දිගට විහිදී ඇති අතර මෙහි වැඩි කොටසක් මුහුදින් යට වී පවතී. ගොඩබිමට පෙනෙන්නේ මේවා මුහුදෙන් මතුව පවතින ගල් පර්වත දෙකක් ලෙසිනි.
කලක් ගොඩබිම් ලෙසින් පැවති මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව මුහුදු ඛාදනයට ලක්ව මුහුදු ජලයට යට වී ඇත. ලක් ඉතිහාසයේ ඉතා පැරණිම රාජධානිය වූ ලංකාපුරය පිහිටියේ මෙම මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව මත බවට පළවෙන මත අනන්තය.
කුඩා රාවණා කොටුවත් මහා රාවණා කොටුවත් මහා සාගරයෙන් මතුවී, ඉලිප්පී සිටින ගල්පර දෙකක්. මේ ස්ථාන දෙක වර්තමානයේදී බොහෝ දුරට ප්‍රකටව පවතින්නේ නෞකාවලට ගමන් මාර්ගය දක්වන ප්‍රදීපාගාර දෙකක් මේ ස්ථානයේ පිහිටා තිබීම නිසා. එහෙම වුණත් ජනප්‍රවාද ගත සිද්ධි අනුව මෙම ස්ථානයන්හි ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යනව.
යක්ෂ ගෝත්‍රික රාවණා රජුගේ ලංකාපුරය නමැති බලවත් රාජධානී නගරය පිහිටියේ මේ ස්ථාන ආශි‍්‍රතව බවයි පැවසෙන්නෙ. රාවණාගෙ රාජධානියෙ නටබුන් බොහොමයක් මේ ස්ථානවල ජලයට යට වී පවතිනව. ලංකාපුරය වටේට රාවණා රජු පිත්තල භාවිතයෙන් ඉදිකළ පවුරු හතක් තිබිල තියෙනව. පවුරු හත ඉදිකළේ ලංකාපුරයෙ ආරක්ෂාවට. හිරු නඟින - බහින වෙලාවට අහස රන්වන් පැහැයෙන් බබළන්නෙ මේ පිත්තල පවුරු හතේ වදින සූර්ය රශ්මියෙ ප්‍රභාවය නිසා කියලයි කියන්නෙ.
ඉතා බලසම්පන්න රජෙකු වූ රාමටත් මේ පවුරු හත කඩල සුනුවිසුනු කරල දමන්න බැරි වුණා. නමුත් මේ පවුරු හත මුහුදේ ගිලී සැඟවුණා. එහෙම වුණේ රාවණා සිදුකළ පාපි ක්‍රියාවට දෙවියන් ලබාදුන් දඬුවමක් විදිහට බවයි විශ්වාසය. මේ විදිහට මුහුදේ ගිලී ගිය ලංකාපුරයේ වටිනා ප්‍රාසාද විසි පහකට වැඩි ප්‍රමාණයක් තිබුණලු. ඒ වගෙම මංමාවත් පන්ලක්ෂයක් පමණක් තිබුණලු. මේ නටබුන් සියල්ලම විනාශ නොවී අදත් මුහුද තුළ පවතින බවයි “විශ්වාසය.” ඇතැමෙකුගේ අදහස එපරිදිය.
මහා රාවණා ගල් පරය සහ කුඩා රාවණා ගල් පරය පිහිටා ඇත්තේ ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගයක් ආසන්නයෙහිය. එබැවින් දිනපතා මෙම මාර්ගය දිගේ නෞකා විශාල වශයෙන් ගමන් කරනු ලැබේ. දුරාතීතයේ සිට මේ ගල් පරවල වැදී විනාශයට පත් නෞකාවන්ගේ සංඛ්‍යාව අනන්තය. ඒ සියල්ල මුහුදේ ගිලී ගැඹුරු මුහුදේ පතුලේ තැන්පත්ව ඇති බව විශ්වාස කරනු ලැබේ. එසේ හෙයින් රන් - රිදී - මුතු - මැණික් ආදි වටිනා දේ බොහොමයක් රාවණා කොටු ආසන්න ගැඹුරු මුහුදේ පතුලේ තැන්පත්ව ඇතැයි කියනු ලැබේ.
මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව යනු රාවණාගේ රාජධානිය නම් එහි නටබුන් බොහොමයක් මෙම ස්ථානයේ මුහුදට යටව පවතින බව විශ්වාස කළ හැකිය. ගොඩනැඟිලි, පවුරු, මාළිගා ආදි වශයෙන් තිබිය යුතු කිසිවක් පිළිබඳ මෙතෙක් අනාවරණය කර ගත් තොරතුරු කිසිවක් නොමැත. ගැඹුරු මුහුද නිසා මේවා ගවේෂණයට බාධා වී ඇති බව සිතිය හැකිය.
මෙම ස්ථානය රාවණා රජුගේ ලංකාපුරය වී නම් එහි අශෝක වනයක්, ගල් ගුහා, ආදිය ද තිබුණා විය හැකිය. රාවණා පැහැරගෙන ආ සීතා සඟවා තැබුවේත් රාම - රාවණා යුද්ධය පැවතියේත් මෙහිම විය යුතුය. මෙම ස්ථානය සමග රාවණා නාමය සම්බන්ධ වූයේ රාවණාගේ සම්බන්ධයක් මෙහි පැවති නිසා විය නොහැකි ද?
ගාල්ල නගරාශි‍්‍රත මුහුදු වෙරළ කේන්ද්‍ර කර ගනිමින් පිහිටි රූමස්සල කඳුවැටිය හා ඒ පිළිබඳ පවතින ජනප්‍රවාද රාවණාගේ රාජධානිය පිහිටියේ මහා රාවණා කොටුව හා කුඩා රාවණා කොටුව ආශි‍්‍රතව බව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සපයයි ද?
රාම - රාවණා ප්‍රවාදය සම්බන්ධයෙන් තවත් ස්ථාන කීපයක් ආශ්‍රයෙන් ප්‍රචලිතව ඇති මත කීපයක් ද අනාවරණය කිරීමට කැමැත්තෙමි.
වලපනේ රූපඟ ගම පිහිටි නීල ගරුඬ පාෂාණය පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් අප මීට ඉහත දී කියා සිටියේ සීතා දේවිය අසනීප වූ කල එය සුවපත් කරන්නට හනුමාන් දඹදිව සිට ගෙන ආ ඖෂධ ගලේ ඉතිරිය ලියලා වැඩී එම ගල් පර්වතය තැනුණු බවයි. එහෙත් නීල ගරුඬ පාෂාණය යනු මහා බ්‍රහ්මයා ප්‍රථමයෙන්ම මහ පොළව මතට පිවිසීමේ දී පය ගැසු ස්ථානය බව පැවසේ. ප්‍රබල හින්දුහු මෙම මතය පිළි ගනිති.
වලපනේ ප්‍රදේශයේ හරස්බැද්ද ග්‍රාමය එනමින් ප්‍රකට වූයේ රාම - රාවණා යුද්ධය පවතින අවස්ථාවේදී ජීවිතාරක්ෂාව සඳහා ගවයන් ගාල්කොට තැබු ස්ථානය වූ නිසාවෙනි. හරක් බැද්ද උච්චාරණයේ පහසුවට පසුකල හරස්බැද්ද නම් විය.
වලපනේ රාගලට ආසන්නව රාවණා රුව තැන්පත් කොට ඉදි කළ විහාරස්ථානයක් “ශ්‍රී රාවණා පබ්බත විහාරය” නමින් හැඳින්වෙයි. රාවණා ආ ගල රාගල නම් විය. මෙම ප්‍රදේශයේ ගල් දොරටු තුනක් සහිත ප්‍රබල බලකොටුවක් පැවති බවට මතයක් තිබේ.
බදුල්ල නගරය රාවණා රජුගේ රාජධානි අග නගරය බව ප්‍රකට මතයකි. බදුල්ල අග නගරය කරගෙන රාවණා රට පාලනය කළ බව පැවසේ. නගරයට ආසන්න දුරකින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ආශි‍්‍රත කන්දේ ගල් ගුහාවක් පවතින අතර රාවණා එහි ද සීතා සඟවා තැබු බව තවත් මතයකි.
රාවණා යනු ස්වදේශික රජෙකි. අති බලසම්පන්න රජෙකි. මිනිසුන් දස දෙනෙකුගේ බලය සහිත රාවණා රණශූරයෙකි. වෛද්‍ය වරයෙකි. විද්‍යාඥයෙකි. ගුවනින් ගමන් යා හැකි රිය අධිපතියෙකි. රාම - රාවණා යුද්ධයේ එක් අවස්ථාවකදී රාමගේ ප්‍රබල ප්‍රහාර හමුවේ රාමත් ඔහුගේ සොහොයුරු ලක්ෂමණත් වානර හමුදාවෙන් විශාල පිරිසකුත් මියගිය බව ද පැවසේ.
රාවණා සීතා පැහැරගෙන ආවේ ඇගේ රූපශි‍්‍රයට වශී වීමෙනැයි රාමායනය විග්‍රහ කරයි. එහෙත් තවත් මතයකින් කියවෙන්නේ රාවණාගේ නැගණිය වූ සුපර්ණකාට රාමගෙන් සිදු වූ හිරිහැරයකට පළිගැනීම සඳහා රාම සොයා ඔහුගේ මැඳුරට ගිය බවත් එවේලෙහි රාම මැඳුරේ නොසිටි හෙයින් සීතා දේවිය පැහැරගෙන ආ බවත් ය.
කෙසේමුත් සීතා දේවියගේ පේ‍්‍රමය බලෙන් පැහැර ගැනීමට කටයුතු නොකළ රාවණා පරමාදර්ශී රජෙකි. සිය වාසභූමියෙන් බොහෝ දුරස්ථර ප්‍රදේශයකට ගෙනැවිත් යක්ෂ ගෝත්‍රික හමුදා භාරයේ තැබු සීතාගේ පේ‍්‍රමය බලෙන් දිනන්නට හැකියාව තිබුණත් රාවණා එසේ නොකිරීමෙන් ඔහු සිය මහත්මා ගතිය මොනවට ප්‍රකට කළේය.
සටහන සහ ඡායාරූප
සිරිසේන දේවපි‍්‍රය
Subscribe to:
Posts (Atom)
.jpg)








