Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Showing posts with label නැකැත්. Show all posts
Showing posts with label නැකැත්. Show all posts

Friday, August 23, 2013

ශිෂ්‍යත්ව කඩ ඉම පැන ගන්න සුබ නැකතින් පිටත් වෙන්න මෙන්න නැකත



ශිෂ්‍යත්ව විභාගය යනු දරුවකු පෙනී සිටින ප්‍රථම ජාතික විභාගයයි. එම විභාගයට පෙනී සිට උසස්‌ ලෙස සමත් වන දූ දරුවන්ට 6 වන ශ්‍රේණියේ සිට උසස්‌ පාසලක අධ්‍යාපනය ලැබීමේ වරම හිමිවන නිසාවෙන් පළමු වැනි වසර සඳහා එවැනි පාසලකට දරුවා ඇතුළත් කරගත නොහැකි වූ දෙමවුපියන් ශිෂ්‍යත්ව කඩඉම හරහා තම දරුවා උසස්‌ පාසලකට ඇතුළත් කරගැනීමට උනන්දු වේ.

වසර දෙක තුනක්‌ තිස්‌සේ පාසල් අධ්‍යාපනයට අමතරව නොයෙක්‌ උපකාරක පංතිවලට දරුවන් යොමුකරමින් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී බොහෝ කැපවීම් සිදුකරමින් තම දරුවා වෙතින් ශිෂ්‍යත්ව ජයග්‍රහණය බලාපොරොත්තු වන්නේ එමගින් හෝ දරුවා උසස්‌ පාසලකට ඇතුළත් කර තමන් ලැබූ අධ්‍යාපනයට වඩා වැඩි අධ්‍යාපනයක්‌ ලබාදී රටට වැඩදායක බුද්ධිමත් පුරවැසියකු කිරීමේ උදාර අරමුණෙහි රැඳෙමිනි.

එලෙස කටයුතු කරන දෙමාපියන් ඉතා කල්පනාකාරීව එම කටයුතු සිදුකළ යුතු අතර දරුවාගේ කුඩා මනසට ඔරොත්තු නොදෙන ආකාරයෙන් දවසේ විසිහතර පැයේම ශිෂ්‍යත්වය යන වචනය ඇසීමට සැලැස්‌වීමෙන් වැළකී බියකින් පීඩනයකින් තොරව සුපුරුදු ආකාරයට දරුවාට අධ්‍යාපන කටයුතු කරගෙන යැමට ඉඩ සලසා දෙන්න.

විභාගය යන වචනයට දරුවා බිය නොකර ඉගෙනීම් කටයුතු විනෝදාංශයක්‌යේ කරදීමට උත්සාහ දරමින් පෙර සිදුකළ පාඩම් ආශ්‍රයෙන් ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය කියාදෙමින් පෙරහුරුවක යෙදෙන්න.

ඒ අතරතුර දරුවාගේ මානසික සතුට සහනය වර්ධනය වී මතක ශක්‌තිය වර්ධනය වීම පිණිස භාවිත කළ හැකි

ජනස්‌සාරිය සංඝෝච

භූරි පඤ්ඤ විපාක දෝ

සුඛෙත්තේ රෝ පීතං

බීජං හෝති මහප්ඵලං

ඒතේන සච්ච වඡ්ඡේන

සස්‌ස සම්පත්ති වඩ්ඩතු

යන ගාථාවෙන් සෑම දිනකම උදැසන පැන් වීදුරුවක්‌ 108 වරක්‌ මතුරා හිස්‌බඩ දරුවාට එය පානය කිරීමට සලස්‌වන්න. එමගින් ශරීරයේ පවතින්නා වූ දොaෂ දුරුවී පෙර සිදුකළ අභ්‍යාස පිළිබඳ මතකය අලුත්වී අධ්‍යාපන කටයුතු ජයගැනීමට මහෝපකාරී වේ.

මීට අමතරව සෑම දිනකම උදේ සවස දරුවාද සහභාගි කරගනිමින් ආගමික වතාවත්වල යෙදෙන්න. වන්දනා මාන කිරීමෙන් අනතුරුව දෙවියන්ට පිංදී දරුවාට යම් ග්‍රහ දෝෂයක්‌ අපලකාරී තත්ත්වයක්‌ අසුබ බලපෑමක්‌ ඇත්නම් ඒ සියලු බාධක මැඬපවත්වා ගනිමින් ඉදිරිපත් වන විභාගයෙන් විශිෂ්ට ජයක්‌ ලබාදෙන මෙන් අධිෂ්ඨාන පූර්වකව ප්‍රාර්ථනා කරන්න.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අගෝස්‌තු 25 දා උදැසන නිවසේදී බුදුරජාණන් වහන්සේ උදසො මල් පහන් සුවඳදුම් ද පැන් සහ කිරි ආහාරද පූජාකර බුදුන් වඳින්න. එම ස්‌ථානයේම මඳක්‌ පහලින් ගණදෙවියන්ගේ හා සරස්‌වතී මෑණියන්ගේ පිංතූර තබා එම දෙවිවරුන්ට මල් සුවඳ දුම් පූජාකර ගණ දෙවියන් උදෙසා පොල් තෙල් පහනක්‌ සමඟ රතුමල් මාලයක්‌ද සරස්‌වතී මෑණියන් උදෙසා එළිඟිතෙල් පහනක්‌ සමඟ සුදුමල් මාලයක්‌ පූජාකර හැකියාවක්‌ ඇත්නම් පලතුරු පූජාවක්‌ තබා දෙවියන්ට පිං අනුමෝදන් කර දරුවා මෙතෙක්‌ කල් සිදුකළ පාඩම් ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්නවලට නිසි පිළිතුරු සැපයීමේ හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කර "දිව්‍ය මූර්ති" ක්‍රමය සැලකිල්ලට ගෙන සෑම දරුවකු වෙනුවෙන්ම පොදුවේ සකස්‌කර ඇති පහත දැක්‌වෙන සුබ නැකැත්වලින් ඔබට පහසු නැකතක්‌ අනුගමනය කර දරුවා ලවා මෙම ගාථා ත්‍රිත්වය ගායනා කරවා විභාගය සඳහා පිටත් කරන්න. ඔබේ දරුවාට මෙම ගාථා කීමට අපහසුනම් මව හෝ පියා දරුවා ළඟට ගෙන මෙම ගාථාවල එන "මේ ජයමංගලානි" වෙනුවට "තේ ජයමංගලම්" ලෙස අක්‍ෂරය වෙනස්‌කොට ගායනා කරන්න.

නිවසින් පිටත්වීමට සුබ නැකැත්

අගෝස්‌තු 25 වන ඉරිදා පෙ.ව.6.10, 6.23, 6.32, 7.45, 8.02 ට දකුණු දිශාව බලා දකුණු පය පෙරට තබා පිටත් වන්න.

ගාථා ත්‍රිත්වය

නත්ථි මේ සරණං අඤaඤං

බුද්ධෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජය මංගලම්



නත්ථි මේ සරණං අඤaඤං

ධම්මෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජය මංගලම්



නත්ථි මේ සරණං අඤaඤං

සංඝෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජය මංගලම්


උපුටා ගැනීම ඉරිදා දිවයින නැකත පත්‍රය.

Tuesday, August 20, 2013

2013-08-18 දින සිට 2013-08-25 දින දක්‌වා සතියේ සුබ නැකැත්


සතියේ සුබ නැකැත්


2013-08-19 සඳුදා පෙ.ව. 10.10 ට දකුණු දිශාව බලා පොදු ගොඩනැඟිලිවල යටලී තැබීමට සුබයි. මෙදිනම පෙ.ව. 11.10 ට දකුණු දිශාව බලා පොදු ආයතන විවෘත කිරීමට සුබයි.

2013-8-20 අඟහරුවාදා පෙ.ව. 10.10 ට නැගෙනහිර බලා ගොයම් පෑගීමට සුබයි. (මැඩීමට)

2013-8-21 බදාදා පෙ.ව. 06.57 ට නැගෙනහිර බලා නිවාස මුල්ගල් තැබීමට සුබයි. පසළොස්‌වක පෝය යෙදී ඇති බැවින් නිවාස කටයුතු සඳහා ඉතාම සුදුසුය. උපන් නැකතට ගලපා ගන්න.

"ආල වඩන පසළොස යන වක්‌රැසය
කෝල නොව යොදන් මෙය වෙයි ඉසිබසය"

2013-8-22 බ්‍රහස්‌පතින්දා

පෙ.ව. 6.57 ට නැගෙනහිර බලා ගොයම් අස්‌වනු නෙළීමට සුබයි.

"ගුරු කිවි දෙදිනේ උදයේ

සිංහ ලග්න කෙළවරයේ

මඩින ලෙසට කොළ රැසයේ

හොඳ යෑයි පෙර රුසි කීයේ"

2013-8-23 සිකුරාදා - පෙ.ව. 6.57 ට උතුර බලා ගොයම් අස්‌වනු නෙළීමට සුබයි.

(පෙර දින යෙදී තිබූ බලවත් යෝගය මෙදින ද එසේම පවතී.මෙදිනම පෙ.ව. 10.10 ට උතුර බලා සියලු සුබ වැඩ ආරාම්භයට සුබයි.

2013-8-24 සෙනසුරාදා - පෙ.ව. 7.11 ට දකුණ බලා සියලු පුණ්‍ය කටයුතුවලට පැවිදි කිරීමට ශාසනාවතරණය කියවීමට සුබයි. මෙදිනම පස්‌වරු 1.57 ට දකුණු දිශාව බලා සියලු අල බීජ සිටුවා ජලයෙන් තෙත් කිරීමෙන් ඒවා ආරක්‍ෂා වේ.

2013-8-25 ඉරිදා - පෙ.ව. 10.10 ට දකුණු දිශාව බලා විවාහ කටයුතු හැර ඕනෑම සුබ කටයුත්තක්‌ ආරම්භ කිරීමට සුබයි. මෙය ගණ්‌ඩ දොaෂය දුරුවෙන කෝටියක්‌ දෝෂ භංග වන නැකතකි.

උපුටා ගැනීම ඉරිදා දිවයින නැකත පත්‍රය.

Monday, August 12, 2013

2013-08-12 දින සිට 2013-08-18 දින දක්‌වා සතියේ සුබ නැකැත්


2013-08-02 සඳුදා - පෙ.ව. 6.10 ට දකුණු දිශාව බලා ජලජ මල් රෝපණයට සුබයි. පොකුණු වැව් තටාක හා ආරාම සැදීමට සුබයි.

මෙදිනම පෙ.ව. 11.10 ට දකුණු දිශාව බලා

2013-08-13 අඟහරුවාදා - පෙ.ව. 6.35 ට නැගෙනහිර බලා කරන විභාග සඳහා නිවසින් පිටත්වීමට සුබයි.

මෙදිනම පෙ.ව. 9.01 ට නැගෙනහිර බලා සටන් කලාව ඉගෙන ගැනීමට සුබයි

2013-08-14 බදාදා - පෙ.ව. 6.21 ට නැගෙනහිර බලා නීතිය තර්ක ශාස්‌ත්‍රය හා ජනසන්නිවේදන කලාව පාඨමාලා හැදැරීම සඳහා පිටත්ව යැමට සුබයි.

මෙදිනම පෙ.ව. 9.57 ට නැගෙනහිර බලා හිස කෙස්‌ කැපීමට සුබයි.

"ප්‍රථම වසර හෝ තුන්වන වසරේ

කරකම් යහපති පස්‌වන වසරේ"

2013-08-15 බ්‍රහස්‌පතින්දා - පෙ.ව. 6.55 ට නැගෙනහිර බලා සියලු ගොඩනැඟිලි සඳහා අත්තිවාරම් කැපීමට සුබයි.

මෙදිනම පෙ.ව. 9.47 ට නැගෙනහිර බලා මුල්ගල තැබීමට සුබයි.

2013-08-16 සිකුරාදා - පෙ.ව. 6.07 ට උතුර බලා වැව්, ළිං, පොකුණු, නාන තටාක ඉදිකිරීම සඳහා පළමු පස්‌ පිඬැල්ල කැපීමට සුබයි.

මෙදිනම පෙ.ව. 9.00 ට උතුර බලා සියලු ගොවිතැන් කටයුතු සඳහා සුබයි.

2013-08-17 සෙනසුරාදා - පෙ.ව. 7.11 ට දකුණ බලා අල, බතල, මඤ්ෙÆක්‌කා, රාබු, කැරට්‌, බීට්‌ ආදී පොළව යටින් පල නෙළා ගන්නා වගාවන් ආරම්භයට සුබයි.

2013-08-18 ඉරිදා - පෙ.ව. 10.00 ට දකුණු දිශාව බලා විවාහ කටයුතු හැර ඕනෑම සුබ කටයුත්තක්‌ ආරම්භයට සුබයි. කෝටියක්‌ දෝෂ භංග වන යෝගයකි.

උපුටා ගැනීම ඉරිදා දිවයින නැකත පත්‍රය.