Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Showing posts with label පාරම්පරික උරුමයන්. Show all posts
Showing posts with label පාරම්පරික උරුමයන්. Show all posts

Saturday, February 22, 2014

අපල දුරු කරගන්න නිවසේදීම නවග්‍රහ පූජාවක්‌ කර ගන්නා ආකාරය


ඕනෑම කෙනෙකු වෙත බලපාන්නා වූ ග්‍රහඅපල දුරු කරගත හැකි උසස්‌ම ශාන්තිකර්මය ලෙස නවග්‍රහ පූජාව පෙන්වාදිය හැකිය. අපලකාරී තත්ත්වයන් නිසා විවිධ කරදර බාධකවලට මැදිව දුක්‌ත ජීවිත ගතකරනවා වෙනුවට තම තමන් කෙරේ එල්ලවන අපල ග්‍රහදොස්‌ හඳුනාගෙන ඒවා දුරුකර ගනිමින් සහනයෙන් ජීවත්වීමට යොමුවීම බුද්ධිමත් ක්‍රියාවකි. ඒ සඳහා ඔබ කෙම්මුර දිනයන්හි යොමුවන්න.

අදාළ පූජාව පැවැත්වීමට සුදුසුම ස්‌ථානය ඔබේ නිවසේ බුදුන් වඳින ස්‌ථානය වේ. පළමුවෙන්ම ඉහත කී වේලාවට පවුලේ සියලු දෙනා එක්‌ව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කිරි ආහාර හා පැන් බඳුනක්‌ පූජා කරන්න. අනතුරුව තිසරණ සහිත පංචශීලය සමාදන්ව ත්‍රිවිධරත්නය වැඳ නමස්‌කාර කර මල්, පහන් සුවඳ දුම් නියමිත ගාථා කියා පූජා කිරීමෙන් පසු සෙත් පිරිත් ගායනා කර "ආකාසට්‌ඨාච භුම්මට්‌ඨා" යන ගාථාව පමණක්‌ කියා දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.



පවුලේ සියලු දෙනාටම බලපාන්නාවූ නවග්‍රහ දෝෂ දුරුකර ගැනීම සඳහා පහත සඳහන් නවග්‍රහ පූජාව නිසි ලෙස සිදුකරන්න. ඒ සඳහා බුදුන් වඳින ස්‌ථානයේම මදක්‌ පහලින් අසුනක්‌ පිළියෙල කර ඒ මත නවග්‍රහයන් නවදෙනා වහන්සේලාගේ පිංතූරයක්‌ තබා ඒ ඉදිරිපිට බුලත් කොළ නවයක්‌ මත රවි ග්‍රහයාගේ සිට කේතු ග්‍රහයා දක්‌වා පිළිවෙළින් නියමිත තෙල් වර්ගයෙන් පහන් දල්වා මල් සුවඳ දුම් පූජා කර එක්‌ එක්‌ ග්‍රහ දෝෂය දුරුකර ගැනීමට භාවිතා කළ හැකි පිරිත හා නවග්‍රහ ශාන්තියේ අදාළ කවිය සජ්ජායනා කර තමාටත් පවුලේ සියලු දෙනාටත් එල්ල වී ඇති යම් අපලකාරී තත්ත්වයක්‌ ඇත්නම් ඒවා දුරුකර සහනය උදාකර දෙන මෙන් ඉල්ලා සෙත ප්‍රාර්ථනා කරන්න.

* රවි ග්‍රහයා වෙනුවෙන් තැඹිලි තෙල් පහනක්‌ දල්වා රතු නෙලුම් හෝ රතු අරලිය සමග සුවඳ දුම් පූජා කරන්න. සූරිය පිරිත සමග පහත දී ඇති නවග්‍රහ ශාන්ති කවිය සඡ්Cධායනා කරන්න.

අරුණ වේලෙහි බුදුව මුණි අපේ දහම් දෙසු ජය මංගලම්

දරුණු වසවතු ධර්ම බලයෙන් දුරුකරපු ජය මංගලම්

වරුණ පරසතු මදාරා මල් අට මිටක්‌ පිදු ජය මංගලම්

ඉරුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* සඳු ග්‍රහයා වෙනුවෙන් ගිතෙල් පහනක්‌ දල්වා සුදු නෙලුම් හෝ සමන්පිච්ච මල් පූජා කර චන්ද පිරිත සමග සඳු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

පිදුව දෙදරුන් දෙඅත් බැඳ බමුණාට වෙසතුරු මංගලම්

සඳුගෙ විමනේ එමුණි වරුණේ ඇන්ද සඳ මැද මංගලම්

ඉඳුව යහනක යසෝදර සම මහණ වුණ ජය මංගලම්

සඳුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* කුජ ග්‍රහයා වෙනුවෙන් පස්‌ තෙල් පහනක්‌ දල්වා රතු කනේරු මල් පූජා කර දසදිසා පිරිත සමග කුජ ග්‍රහයාට අයත් කවිය සඡ්Cධායනා කරන්න.

දඟරලා සිටි නාග රජු පිට වැඩ සිටිය ජය මංගලම්

සඟද සැරියුත් දැග සව්වන් වීරමැරු ජය මංගලම්

සඟද දෙදෙනා පන්සියක්‌ රහතුන් සමග වැඩි ජය මංගලම්

කුජගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* බුධ ග්‍රහයා වෙනුවෙන් කොහොඹ තෙල් පහනක්‌ දල්වා නා මල් පූජා කර දසදිසා පිරිත සමග බුධ ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

ඉඳන් ඔත්පල දෙනෙත් නැති මව්පියන් රැකි ජය මංගලම්

අදහසින් දැඩි කරපු මව්පිය දුක්‌ නොදුන් ජය මංගලම්

මුනිඳු ගජ ගිරිමේඛලා ඇතු දැපනෙ කළ ජය මංගලම්

බුධගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* ගුරු ග්‍රහයා වෙනුවෙන් රන් තැඹිලි තෙල් පහනක්‌ දල්වා බෙලි මල් හෝ කහ පැහැති මල් පූජා කර අභිසම්භිදාන පිරිත සමග ගුරු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

රහස්‌ උමගය කැප්පු මහෞෂධ පඬි ජය මංගලම්

දහස්‌ සියයක්‌ සෙනග එනුවර යුදෙන් ගැලවුණ මංගලම්

දහස්‌ ශ්‍රාවක පාලි ධර්මය නිපුන කළ ජය මංගලම්

ගුරුගෙ අපලේ එමුණි ලෙයෙන් දුරුවේය ජය මංගලම්


* සිකුරු ග්‍රහයා වෙනුවෙන් පස්‌ තෙල් පහනක්‌ දල්වා විසිතුරු වර්ණයෙන් යුත් සුවඳ මල් වර්ග පූජා කර ධජග්ග පිරිත සමග සිකුරු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

අකුරු ධර්මය ලොවට පූජිත කරපු ජයසිරි මංගලම්

අකුරු නිපුනව එසිව්සැට ශිල්පයක්‌ දැරු ජය මංගලම්

අකුරු පළමුව මැවූ මුණිඳුගෙ බෙලෙන් වෙයි ජය මංගලම්

සිකුරු අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ගිතෙල් පහනක්‌ දල්වා නිල් කටරොලු මල් පූජා කර කරණීය මෙත්ත සූත්‍රය සමග සෙනසුරු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

වෙන කෙනෙක්‌ නැත යුධ කරන්නට පත්‍ර ලෙලදුන් ජය මංගලම්

වෙන කෙනෙක්‌ මට නැතැයි කියමින් දසපෙරුම් පෑමංගලම්

සෙනෙහසින් හඬ තැලූ මරසෙන් දස අතට හැරි ජය මංගලම්

සෙනසුරුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්

* රාහු ග්‍රහයා වෙනුවෙන් පස්‌තෙල් පහනක්‌ දල්වා වැටකේ මල් පූජා කර ඛන්ද පිරිත සමග රාහු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

හදවත් ආපසු නොගත් ශ්‍රී පාද නිකමෙව් ජය මංගලම්

රාහු අසිරිඳු එබල රජු මේ ලොවට වැඩමෙව් ජය මංගලම්

රාහුලත් කුමරුන් කෙනෙක්‌ වත් ඇතැයි නොසිතු ජය මංගලම්

රාහු අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්

* කේතු ග්‍රහයා වෙනුවෙන් ගිතෙල් පහනක්‌ දල්වා පුවක්‌ මල් පූජා කර චන්ද පිරිත සමග කේතු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

ධාතු දාගැබ් වෙහෙර මහියංගනයෙ පිහිටෙව් ජය මංගලම්

ධාතු නාලොව නාරජුන් ගොස්‌ පිරික්‌සූ ජය මංගලම්

ධාතු දළදා තුනුරුවන්ගේ බෙලෙන් වෙයි ජය මංගලම්

කේතු අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්

එලෙස ග්‍රහයන් නවදෙනා වෙනුවෙන්ම පූජා තැබීමෙන් අනතුරුව මෙලෙස ප්‍රාර්ථනා කරන්න.

"අද දින අප විසින් ශ්‍රද්ධා සිතින් යුතුව සිදුකරන ලද නවග්‍රහ පූජාවේ සත්‍යානුභාව බලයෙන් අප සියලු දෙනාටම මෙතෙක්‌ පීඩා ගෙන දුන් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු කේතු යන නවග්‍රහයින්ගෙන් පැමිණි සියලු අපල, පීඩා, දෝෂ අද පටන් හිරු දුටු පිනි මෙන් දූරින්භූත කරවා අපගේ සියලු අභිමතාර්ථ මොහොතින් මොහොතට පැයෙන් පැයට දිනෙන් දිනට ඉෂ්ඨ කරදී අපගේ දියුණුව සලසා දෙනසේක්‌වා·"

මෙලෙස සිත එක අරමුණක තබාගෙන අධිෂ්ඨාන පූර්වකව ශීලයත් සමාධියත් ප්‍රඥවත් පෙරදැරිව මසකට වරක්‌වත් ශ්‍රද්ධා සිතින් යුතුව මෙවැනි නවග්‍රහ පූජාවක්‌ පැවැත්වීමෙන් සියලු අපල දුරුවීමේ භාග්‍යය ඔබට හිමිවනු ඇත.

උපුටා ගැනීම ඉරිදා දිවඉන

Tuesday, May 7, 2013

පාරම්පරික ගැමි අත් බෙහෙත් (2)




උල්කටු ඇදීමට
එරබදු කොළ කොටා කටුව ඇනී ඇති ස්ථානයේ බදින්න (කටුව ඇදේ )

දළඹු විෂට
පරණ පොල්තෙල් ගාන්න.

කෙන්ද පෙරලීමට
දියලුණු ටිකක් කන්නට දී තල තෙල් ගා සම්බාහනය කරන්න.

විදුරුමස් දියවීම සමනයට
මුනමල් පොතු ,අරළු ,පෙති පුවක් ,දෙළුම් ලෙලි සමව ගෙන කබලේ බැද කුඩුකරගෙන  දත් මදින්න ,ඉහත ද්‍රව්‍ය තම්බා එම වතුරෙන් දිනකට දෙවරක් කට සෝදන්න.

හිරමනයට තුවාල වූ විට
හිරමන තලය ලිපේ දමා රත් කරගෙන එයින් පොල් ටිකක් ගා මිරිකා ගත් කිරි තුවාලයේ ගාන්න.

Sunday, May 5, 2013

පාරම්පරික ගැමි අත් බෙහෙත් (1)




හිසරදයට
අබ හා සුදු හදුන් ගෙන අමු ඉගුරු හා දෙහි ඇඹුල් යුෂින් අඹරා නළලේ ගාන්න.

දියවැඩියාවට
ඉදුණු අළු කෙසෙල් ගෙඩි කිතුල් හකුරු සමග කෑමට ගන්න.

උළුක්කුවට
උළුහාල්,පොල්,හික්පොතු ගෙන කොටා මලවා බදින්න. වේදනාව ඇත්නම් ලුණු පොට්ටනියක් සාදා උණූ වතුරෙන් තෙමා තවන්න.

දද වලට
පෙති තෝර ඇට විනාකිරෙන් අබරා ගාන්න.

අළුහම් වලට
සුදු හදුන් දෙහි අැඹුෙලන් අඹරා දින කීපයක් ගාන්න.

කරවලා කෑ විෂට
කරපිංචා කොළ,පොතු ,නැටි කලං 12ක් වතුර පත අට එකට සිදවා පෙරා පොවන්න.

Tuesday, October 9, 2012

සිරිපා මගේ මහගිරිදඹේ දම්වැල් දැමුවෝ කවරහුද?


සිරිපා මගේ මහගිරිදඹේ දම්වැල් දැමුවෝ කවරහුද?





සිරිපා ගමන් මාර්ගයේ ඇහැල කණුව සිට මළුව දක්‌වා එකම නැග්මකි එයිනුත් මහගිරිදඹය නම් පෙදෙස සීග්‍ර නැග්මකින් යුක්‌තය. අද "නැගීම සඳහා පහසුකම් සලසා තිබුණද, එදා කෙලෙස "මළුවට" නැග ගත්තේද යනු හාස්‌කමකි ප්‍රශ්නයකි.

සිරිපා වන්දනය කළ අපේ හෙළ රජදරුවන් අතුරින් ඉතා ඉහළ තලයක වැඩඹෙන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජුය. සිරිපා නැග ශ්‍රීපාදය වන්දනා කළ රජදරුවන් 150 ක්‌ පමණ දෙනා අතරින් මුල් තැනට එන්නේ මෙම නිශ්ශංක මල්ල රජුය. ජෝන් ස්‌ටිල්ගේ වන ප්‍රවාහනය (Jungle Tide) නමැති ග්‍රන්ථයෙහි දැක්‌වෙන අන්දමට 12 වැනි සියවසෙහි පමණ මෙම රජු සිරිපා වන්දනය කර ඇත.

නමුත් ප්‍රශ්නය වන්නේ මෙම රජු ප්‍රධාන වශයෙන් සිරිපා මළුවට නැග ගත්තේ කෙසේද යන්නයි. එමර්සන් ටෙනන්ට්‌ (1860) සිලෝන් නමැති ග්‍රන්ථයෙහි සඳහන් කරන්නේ අඩි 40 ක්‌ පමණ උසක්‌ තරණය කිරීම සඳහා යකඩ ඉනිමගක්‌" සවිකොට තිබු බවයි. මේ මහගිරිදඹේ අවසාන නැග්මයි ඊට පසු පා තබන්නේ මළුවටයි. මේ අවසාන ශිඛර කොටස තරණය කිරීමට කෘත්‍රිම වශයෙන් කිසියම් උදව්වක්‌ අවශ්‍යමය. එනිසාමදෝ එච්. ඩබ්. කේව් "මනරම් ලංකාව" (Picturesque Ceylon) නමැති සිය ග්‍රන්ථයෙහි දක්‌වන්නේද යකඩ ඉනිමගක්‌ ගලට සවිකොට "එල්ලා" තිබූ බවයි.

වන්දනාකරුවෙක්‌ මෙම යකඩ දම්වැල් සහිත ඉණිමගෙහි නැගීමේදී වටපිට බැලුවොත් ක්‌ලාන්තය සෑදී අත්පා වෙව්ලා ප්‍රපාතයට ඇද වැටීමට බොහෝ දුරට ඉඩකඩ පැවැති බැව් කියති. වන්දනාකරුවෝ මෙම දම්වැල්, පුරුකෙන් පුරුක අල්ලා ගන්නාවිට කුමක්‌දෝ වාක්‍යයක්‌ ගාථාවක්‌ කියනු අසන්නට ලැබී ඇත. එසේ කරන්නේ භයටය. මෙම දම්වැල්වලට "මිනිස්‌ වර්ගයාගේ" දම්වැල් යෑයි හඳුන්වා තිබේ. (Chain ot the Creed)

ඉබන් බටූටා සිය සිරිපා වාර්තාවල සටහන් කරන්නේද මෙම "දම්වැල්" අල්ලා ඉහළට නැගීම මාරාන්තික අවස්‌ථාවක්‌ බවයි. එය ඒ තරමටම බයානයකය.

ආර්. පර්සිවල් (1805) සිය Account of the Island of Ceylon හි සඳහන් කරන්නේ මෙම යකඩ දම්වැල් "ආදම්" විසින් සවි කරන්නට ඇති බවයි.

මාර්කෝ පෝලෝ නමැති මහා සංචාරකයා ක්‍රි. ව. 1292 දී සිරිපා නැග සඳහන් කරන්නේ කවුරුන් විසින් මෙම යකඩ දම්වැල් සවි කරන්නට ඇද්ද යනුයි. ඊට අවුරුදු 50 කට පමණ පසුවයි ඉබන් බටූටා මේ දම්වැල් ගැන කියන්නේ.

සිරිපා ශිඛරය ළඟම යොදා ඇති අවසාන දම්වැල ආදාම් විසින් යොදන ලද්දක්‌ බව එච්. ඩබ්. කේව් කියයි පර්සියානු කවියෙකු වන අස්‌රීෆ් පවසන්නේ.

එච්. ඩබ්. කේව්ගේ ලස්‌සන ලංකාව ක්‍රි. පූ. 300 දී පමණ ලංකාවට පැමිණ සිරිපා මළුවට නැගීම සඳහා මහා ඇලෙක්‌සැන්ඩර් රජු විසින් මෙම යකඩ දම්වැල් යොදන්නට ඇති බවයි.

ආර්. එච්. බැසටි Romantic Ceylon 1929 සිය ග්‍රන්ථයෙහි දක්‌වන්නේ ක්‍රි. ව. 1347 දී පමණ සිරිපා "නැග්ග" ඉබන් බටූටා සිරිපා ශිඛරයට පහළින් ඇලෙක්‌සැන්ඩර් මහා අධිරාජයාගේ නමින් උස කොතක්‌ වැනි නිර්මාණයක්‌ ඉදිකොට තිබු බවයි. එම ස්‌ථානයේ විශාල යකඩ දම්වැල් යකඩ ඇණ යොදා කළුගල් පර්වතයට තදින් කාවද්දා තිබූ බවත් ඉබන් බටූටා සඳහන්කර ඇතැයි බැසට්‌ පවසයි.

ක්‍රි. ව. 1896 දී පමණ සිරිපා වන්දනයට ගිය විවියන් මජෙන්ඩයි නමැති සාමිවරයා (එංගලන්තය) හැටන් මාර්ගයේද මේ හා සමානම යකඩ දම්වැල් යොදා තිබූ බව වාර්තාකර තිබේ. බැසට්‌ තවදුරටත් ප්‍රකාශ කරන්නේ ඉන්දියාව, චීනය, ජපානය, බුරුමය, ස්‌පාඤaඤය, සියමය (වර්තමාන තායිලන්තය) අප්‍රිකාව, යනාදී රටවලින් ආගමික පූජකවරුන්, සාමාන්‍ය පුරවැසියන් රජ කුමාරවරුන් වැනි අය පැමිණ සිරිපා "නැග්ග" බව ඉබන් බටූටා වාර්තාකර ඇති බවයි. මෙයින් අදහස්‌ වන්නේ කිසිම ආගමික භේදයකින් තොරව යටකී ජනතාව සිරිපා වන්දනා කරන්නට ඇති බවය. ඇතැම්හු එහි අප ගෞතම බුදුරජාණන්වහන්සේ සිරිපා පා සලකුණ නොව ආදම්ගේ පාද ලාඤඡනය පිහිටුවා තිබෙන්නට ඇතැයි සලකා වන්දනාකර තිබෙන බව පෙනේ.

හින්දු භක්‌තිකයන් "ශිවනඩිපාදම්" යනුවෙන් සඳහන්කර ඇත්තේ අපගේ සම්බුදුරජුන්ගේ සිරිපා සලකුණ, "ශිව" දෙවියන් කදු මුදුනෙහි දැඩි භාවනාවක යෙදී සිටීම නිසා හටගත් එකක්‌ බවයි.

බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකික නරපතියන් සිරිපා වන්දනය කිරීමට පෙර ක්‍රි. පු. 330 දී පමණ මහා ඇලෙක්‌සැන්ඩර් ආධිරාජයා සිරිපා වන්දනයට යාම පහසු කිරීම පිණිස එතුමාගේ රාජ සේවකයින් විසින් මෙම "යකඩ දම්වැල්" සවිකරන්නට ඇති බවයි.

පැරණි ලක්‌දිව ද දියුණු යකඩ වානේ තාක්‍ෂණයක්‌ තිබු බවට යකඩ උණු කිරීම සඳහා යොදා ගන්නා ලද පැරණි උදුන් හම්බන්තොට, කිංචිගුණේ (අළුත්නුවර) වැනි ප්‍රදේශවලින් පොලොව යට තිබී පුරා විද්‍යාඥයින් විසින් ගොඩට ගෙන පරික්‍ෂාකර බැලීමෙන් පෙනී ගොස්‌ තිබේ. මේ නිසා අපගේ යකඩවලින් මහා ඇලෙක්‌සැන්ඩර් රජුගේ සේවකයින් විසින් යකඩ දම්වැල් තනා සවිකරන්නට ඇතැයි සිතිය හැක.

එම යකඩදම්වැල් වසර දහස්‌ ගණනක්‌ පැරණි හෙයින්ද, සවිමත්භාවය පිළිබඳව සැකමතුවී ඇති හෙයින්ද, ඒවා වෙනුවට සිරිපා මගේ මහගිරිදඹේ පෙදෙසේ මළුවට පහළින් කොන්ක්‍රිට්‌ගල්පඩි සවිකර තිබේ. පැරණි දම්වැල්ද නෂ්ඨාවශේෂ වශයෙන් දක්‌නට ලැබේ.

ස්‌ටැන්ලි සේනාධීර
උපුටා ගැනීම : දිවයින 

ඉටු අනිටු ඵල ලබාදෙන යන්ත්‍ර සහ මන්ත්‍ර

ඉටු අනිටු ඵල ලබාදෙන යන්ත්‍ර සහ මන්ත්‍ර

 මානව ශිෂ්ටාචාරයට කා වැදුණු බොහෝ අභිචාර විදීන්හි මූලයන් වේද යුගයන් දක්‌වා ගමන් කරන පැහැදිලි ලකුණු දක්‌නට ලැබේ. මානව පැවැත්ම හා බැඳුන මෙම සංස්‌කෘතිකමය අංග ප්‍රත්‍යංගයෝ වේද ග්‍රන්ථයන්හි සටහන්ව පවතී. යන්ත්‍ර, මන්ත්‍ර, ආරබාරවීම්, කෙම්, බලි, බිලි, හදි හූනියම්, දොල පිදේනි මේ ආදී වශයෙන් වූ මිනිසා ශාන්තිය පතා අදහන හා සිදුකරනු ලබන අනේක විධ පුද සිරිත්වලට දීර්ඝ කාලීනව පැවත එන ඉතිහාසයක්‌ ඇති බව මින් පෙනේ. මෙයින් වඩාත් තදින් සෑම සමාජ කොට්‌ඨාසයක්‌ විෂයයෙහිම බැඳී පවතින අංගයක්‌ වන්නේ යන්ත්‍ර මන්ත්‍ර දෙකයි.

"යන්ත්‍ර" නම් වූ වේදයට පසු කාලයේ අසන්නට ලැබෙන ග්‍රන්ථ විශේෂයක්‌ වෙයි. මෙම යන්ත්‍ර එවක සුවිශාල විද්‍යාවක්‌ ලෙස පැවතුනකි. ස්‌වභාව ධර්මය හා බැඳුණු දෙවියන් හා සොබා දහම මිනිස්‌ ජීවිතයට අවනත කර ගැනීම මෙම ගුප්ත විද්‍යාවේ අරමුණ වූ බව පෙනේ. මෙහිදී මන්ත්‍ර යනු එම විද්‍යාව සඳහාම භාවිත කරන ලද හා බලවත් සේ යොදන ලද ගණ පිහිටුවන ලද වැකි සමූහයක්‌ විය. මෙම මන්ත්‍ර පිළිබඳ සෘග් වේදයේ විවාහාදී චාරිත්‍රවලදී අසන්නට ලැබේ. මෙකී යන්ත්‍ර, මන්ත්‍ර ජප කිරීමෙන් විශ්මය ජනක බලයක්‌ ගොඩ නගාගෙන ඉන් ජීවිතවලට යම් යම් ඉෂ්ට හා කස්‌ට බලයන් උපදවාගත හැකි යෑයි ද මිනිසා තුළ විශ්වාසයක්‌ අතීතයේ සේම අදත් පවතී.

මෙකී යන්ත්‍ර විද්‍යාව භාවිතයට ගන්නා ආකාර ගැන ද සඳහන් වේ. ඒ අනුව මුළු පහ හත ආදී වශයෙන් සාදනු ලබන කොටු රූප ඇත. ඒවා හඳුන්වන්නේ මණ්‌ඩල වශයෙනි. මෙම කොටුවල පිළිවෙළට අකුරු පිහිටුවා සිදුකරනු ලබන ආරක්‍ෂක උපකරණ "යන්ත්‍ර" නම් වේ. ඒවා අඳිනු ලබන්නේ තඹ කොළවලයි. මෙවැනි යන්ත්‍ර අතීතයෙහි සිට වර්තමානයේ ද මිනිසුන් විසින් සුබ ඵල ලබාගැනීම සඳහා භාවිතයට ගනු ලැබේ. මහායානික බෞද්ධයන් මෙය සකස්‌ කරනු ලබන්නේ "තන්ත්‍ර" විද්‍යාවට අනුවය. ලාංකික බෞද්ධයන් විසින් භාවිත කරනු ලබන ජිනපඤ්ජරය ද තන්ත්‍ර විද්‍යාව අනුව සකස්‌ වූවකි. තන්ත්‍ර විද්‍යාවේ එනුයේ මිනිස්‌ සිරුරේ යම් යම් ස්‌ථාන උදෙසා දෙවි දේවතාවුන්ගේ බලපෑම පිහිටුවීමයි. එයද කොටු පිහිටුවා සකස්‌ කරන්නකි. එම කොටුවල අකුරු නම් කෙරේ. එම අකුරු යොදා පිහිටුවන මණ්‌ඩල "ධාරණී" නම් වේ. එය ආරක්‍ෂක උපකරණ සමඟ යන්ත්‍රයක බහාලනු ලැබේ. තන්ත්‍ර විද්‍යාව අනුව යන්ත්‍ර පිළියෙළ කර ගැනීම අදත් සුලබව පවතී. විශේෂයෙන් බෞද්ධයන් විසින් භාවිතා කරනු ලබන රතන යන්ත්‍රය හා නවගුණ යන්ත්‍රය ඉතා බලගතු හා වඩාත් ප්‍රචලිත යන්ත්‍ර දෙකකි. මේ හැරුණු විට නාගර්ජුන, නවනාථ, නීලමණ්‌ඩල, ආඝෝරය, මහාමෘත්‍යqංජය, ශිලම්බරිය, නාරසිංහය, සංජීවනිය, මහා කාලශනි මෘත්‍යqංජය, ආදිය දෙවියන්ගේ ආශිර්වාදය, ග්‍රහදොස්‌ සමනය, විෂහරණය වැනි දේ සඳහා බහුලව භාවිතයට ගැනේ. මෙම යන්ත්‍ර සේම ඊට විකල්පයන් ලෙසින් භාවිතා කරනු ලබන ආරක්‍ෂක උපකරණද වෙයි. සිංහල සමාජයෙහි කුඩා ළමුන්ගේ කර - ඉණ බඳින පංචායුධය එවැන්නකි. දුනු, මුගුරු අඩයටි, පත්කොහොල් හා පාරාවළලු යන ආයුධ පස මුල්කොට මෙය නිමවා ඇත. ජාතක පොතේ එන පංචායුධ ජාතකය මෙම ආරක්‍ෂණ ආභරණය නිර්මාණයට පසුබිම් වූ බව පෙනේ.

සිංහල සමාජය තුළ යන්ත්‍ර වශයෙන් සලකන තඹ, රිදී, රත්‍රන්, පස්‌ලෝ සුරවල බහා පළඳිනු ලබන යන්ත්‍ර වර්ග ඇත. සතුරන්ගෙන් ආරක්‍ෂාවීම, වෙඩි නොවැදීම, නඩු හබවලින් දිනීම ආදිය පිණිස, "හෙණරාජ තෛලය" සුරවල බහා පළඳිනු ලැබේ. මේවා ඉතා බලසම්පන්න යෑයි අදහනු ලබන අතර බාහුව පලා කුඩා සුර සමඟ යන්ත්‍ර ශරීරගත කිරීමට ද අයෙක්‌ පෙළඹෙති. එසේම මෙම යන්ත්‍ර කිළිවැදීමෙන් බලය අඩුවෙතැයි ද සුර පැළී යතැයි ද විශ්වාස කෙරේ. තවත් මෙවැනි පළඳින අනුසස්‌ අබරණ යන්ත්‍ර ලෙස කොටි දත්, කොටි නිය, අලි කෙඳි, සිංහතෙල් ආදිය භාවිතයට ගැනේ. යක්‍ෂ, ප්‍රේත, පිසාචාදීන්ගෙන් ආරක්‍ෂාවීම පිණිස ද යන්ත්‍ර විශේෂ ලෙස යොදාගන්නා දේවල් ගැමි සමාජය තුළ වෙයි. ග්‍රහ අපල සඳහා කාක නිල්, ගෝමේද, රතු කැට, දිය තරිප්පු අල්ලන ලද මුදු මාල පළඳිති. ලංකාවේ පමණක්‌ නොව විවිධ විදේශ සමාජයන්හි ද මේවා දක්‌නට වේ. යකඩ අමනුෂ්‍ය උපද්‍රව නසන උපකරණයකි. "අඝෝර ජාතකය" යකඩවල ඇති බලවත්කම කියාපාන ජාතක කතාවකි. අමනුෂ්‍යයන් පමණක්‌ නොව සමහර අවර ගණයේ දේවතාවුන් පවා යකඩවලට බිය දක්‌වන බව ජනකතාවලින් හෙළිවේ. බොහෝ ගැමියෝ මස්‌, මාළු, ආහාර, බදිනලද දේ බැහැර ගෙනයන විට යකඩ ඇණයක්‌ හෝ ආවුධයක්‌ ඒ මත තබනු ලබයි. මේ හැරුණුවිට අඟුරු කැබැල්ලක්‌, දෙහි ගෙඩියක්‌, ඇඹුල් අත්තක්‌, කහ කැබැල්ලක්‌, තබාගෙන යැමද සිරිතකි. ප්‍රේතයින් යකඩ ඇණගසා හිරකරන කට්‌ටඩිවරුන් සිටිති. ලංකාවේ ලෝහ සේම භාරතයේ හින්දුන් තෘණවලින් සාදන ලද මුද්දක්‌ ඒ සඳහා යොදාගනී. මේවා මළගමක්‌ සඳහා තුනක්‌ ද, විවාහයකදී දෙකක්‌ ද සෙසු චාරිත්‍රවලදි එක බැගින් ද ගනු ලැබේ. අණ වින පමුණුවන අද්භූත බලවේග එමගින් නසාලිය හැකි යෑයි ඔවුහු අදහති. මෙම තෘණ මුදුව බමුණන් විසින් බැතියෙන් යුතුව යන්ත්‍රයක්‌ සේ රෝග නිවාරණය, භූත බල නැසීම, සෙත සුව පිණිස භාවිතා කරනු ලැබේ.

යන්ත්‍ර ජීවමේදී මන්ත්‍ර්‍ර භාවිතා කෙරේ. එදා මෙන් අද ද බොහෝ ලෙඩට ඖෂධ ප්‍රතිකාරයට පෙර මන්ත්‍රවල පිහිට පතනු පෙනේ. තෙල් මැතිරීම, නූල් බැඳීම ගැමි සමාජයේ සුලබ දෙයකි. වේද යුගයේ ගෘහ්‍ය සුත්‍රවල දැක්‌වෙන ආකාරයට බෙහෙතට වඩා බලවත් වන්නේ මන්ත්‍රයයි. ගම්බදව බොහෝවිට උණක්‌, හිසරදයක්‌ වූ විට තනිකම් දෝෂයක්‌, යක්‍ෂ ප්‍රේත දිෂ්ටියක්‌ සේ සලකා තෙල් මැතිරීම කෙරේ. ඉන් සුව නොලද විට කහ නූල් ද, ඇපනූල් ද බඳිනු ලැබේ. ඇදුරා එය සිදුකරනුයේ යක්‍ෂයකු මුල්කොට දින 5, 7, 15, 21, 30 ආදී ලෙස නියම කරමින් බඳින ඇපනූල තොවිලයෙන් නිම කළ යුතුවේ. යක්‍ෂයින් විෂයයෙහි ගැහැනුන්ට කලුයකා ද, පිරිමින්ට රීරි යකා ද මුල් කොට පිළිවෙත් කෙරේ. කොහොඹ කංකාරිය, මහසෝන් සමයම. රට යකුම, ගරා යකුම, හා බලියාග රැසක්‌ මන්ත්‍ර මුල්කොට සිදු කෙරේ.

ලංකාව් මන්ත්‍ර පිළිබඳ එන සඳහන් අතර කෝට්‌ටේ යුගයෙන් පසු නරේJද්‍රසිංහ රජ සමයේ වඩිග දේශයෙන් පැමිණි මන්ත්‍ර ශාස්‌ත්‍ර හා යාගයන් පිළිබඳ සඳහන් වේ. එසේම බමුණන් හත් දෙනකු සහ 19 දෙනකු පැමිණ කළ යාගයන් ගැන ද 1677 දී ලියෑවුණ වියරු විෂ උත්පත්තිය නම් ලියවිල්ලක දෙවන රාජසිංහ කල ශිව ගු=ප්ත නම් බමුණකු රෝග නිවාරණයට මන්ත්‍ර හා බලියාග යොදාගත් බවට ද තොරතුරු වාර්තා ඇත. මෙරටට මන්ත්‍ර පැමිණියේ දකුණු ඉන්දියාවෙනි. එසේ පැමිණි මන්ත්‍රයක වග විස්‌තර සන්නස්‌ගල මහතා සිය සාහිත්‍ය වංශයෙහි දක්‌වා තිබේ. මන්ත්‍රයක උපත හා එය පරම්පරාගතව ආ අයුරු මෙසේ කියෑවේ.

".......... මේ ජීවම තෙලිඟුපාන සිට ආ සන්නාසියාගේ ඉස්‌ප්‍රාස්‌ බාස්‌කු උන්නැහේ, වරාගන් 120 යි. 30 රියන් මුණ්‌ඩාසන් යයි පට කවනියයි. පුqස්‌ප දෝරුවයි, කලිසන් සැට්‌ටයි, පලවරි කවිච්චියයි දීලා ගත්තාය. ඒ පරම්පරාව ප්‍රයෝජන විඳ ඒ වෙනුවට උපන් මිස්‌ක්‍රෙන්තු සන්නාසියා ගත්තාය...... එයින් ප්‍රයෝජන විඳ 89 පරම්පරාවක්‌ ප්‍රයෝජන විඳ සිටිනා අතර පිරිමි පරම්පරාවේ ගෑනු බින්නට උන් පරම්පරාවක්‌ තිබුණාය. ඉන්පසු තඹ පොතත් අරගෙන අන්දිසේ දේසෙන් වෙළෙඳනැවකට බඩු පටවා ගෙනත් ඇන්න මාතරට ගොඩ බැස්‌සාය." යනුවෙන් මෙරටට මන්ත්‍ර පැමිණි ආකාරය දැක්‌වේ.

මේ ආකාරයෙන් මෙරටට පැමිණි මන්ත්‍ර දහස්‌ ගණනක්‌ තිබේ. ඒවා විවිධ අංශ ඔස්‌සේ පැතිර විවිධ ප්‍රදෙAශවල භාවිතයේ පවතී. මහනුවර සමය වනවිට මන්ත්‍ර තැනීම ද මෙරට සිදුවනු දක්‌නට ලැබේ. ඌවේ කුඩා මොහොට්‌ටාල එවක සිටි මහා මන්ත්‍රාචාර්යවරයා සේ ප්‍රකට අතර පාතාල බහිරව ශාස්‌ත්‍රය නමැති මහා මන්ත්‍ර පොතක්‌ ඔහු සතුව තිබී ඇත. මෙම පොත දේව, යක්‌ බන්ධන හා අඳුන් ක්‍රම, වශී ගුරුකම් ආදිය චිත්‍ර සහිතව දක්‌වන ලද්දකි. තවත් මෙකල හේරත් අධිකාරියෙන් පැවත එන බණ්‌ඩාරනායක නාවල ඔල මොහොට්‌ටි නම් ලද පණ්‌ඩිත ශාස්‌ත්‍රවාදී බබහාමි නම් තැනැත්තකු විසින් මන්ත්‍ර තෙලිඟු බසින් හෙළ බසට නගා ඇත. මෙවැනි පරිවර්තන හැරුණු විට විශාල වශයෙන් ලංකාවේම මන්ත්‍ර ලියෑවෙන්නට වූ බව පෙනේ. එවැනි මන්ත්‍ර ලියූ අයකු ලෙස දෙමටපිටියේ සංඝරක්‍ෂිත හිමි ගැන සඳහන් වේ.

මන්ත්‍ර යනු ශාස්‌ත්‍ර විශේෂයකි. සුබ හා අසුබ යෑයි සම්මත ගණ පිහිටුවා කරනු ලබන අක්‍ෂර සංයෝජනය තුළින් ඉෂ්ට හා අනිෂ්ට ඵල ලබා දෙන සේ යන්ත්‍රයන්හි සුරක්‍ෂිතව අසුරා අත - කර - ඉණ බඳිනු ලැබීම සිරිතක්‌ වේ. ඒවායෙහි නානාවිධ බල මහිමයන් වෙතැයි ආදියෙහි සිට ජනතාවෝ ඇදහූහ. නූතන විද්‍යාව ග්‍රහතාරකා සොයමින් අනන්ත සක්‌වලට ඉගිල ගියද ප්‍රාථමික මූලයන් සමඟ පැවැති බැඳීම් හා විශ්වාසවලින් මිදීමට මිනිසා අපොහොසත්ව හිඳිනු පෙනේ.

ගුණපාල ජයතිස්‌ස

උපුටා ගැනීම : දිවයින 

නිවැරදිව මල් අසුනක්‌ සකසා ගන්නා ක්‍රමය

නිවැරදිව මල් අසුනක්‌ සකසා ගන්නා ක්‍රමය


භාරතයේ මෙන්ම අප රටේ බොහෝ දෙනා ලෞකික පිහිට ලබා ගැනීම සඳහා පෙරදිග ව්‍යවහාර වූ ගුප්ත විද්‍යාවන් අතරින් මන්ත්‍ර විද්‍යාව ඉතා ප්‍රකට බවත්, එදා මෙන්ම අදත් දන්නෝ ඉතා රහසිගතව එයින් ප්‍රයෝජන ගන්නා බවත් නොරහසකි. මේ මන්ත්‍ර ඇතුළත් විවිධ පුස්‌කොළ පොත් විනාශ වී යාම නිසා ගුප්ත විද්‍යාවට අයත් යන්ත්‍ර, මන්ත්‍ර, කෙම් ක්‍රම ආදී ශාස්‌ත්‍රයන් පිරිහීමට පත්ව ඇත. එනමුත් තැනින් තැන අර පරිස්‌සමින් තබා ඇති ඒවා පමණක්‌ දැනට ඉතිරිව ඇත.

අතීතයේ විසූ පැරැන්ණෝ මන්ත්‍ර, ජ්‍යෙතිෂ්‍ය, වෛද්‍ය තුනම ඉගෙන ගෙන මිනිසාට, සතාට, ජලයට, ගින්නට, බව බෝග ආදියට කළ සේවාවන්වල මහිමයන් ක්‍රියාවට නංවා ඔවුන් පෙන්වා ඇත. එහෙත් අද එම ශාස්‌ත්‍රක්‍රමයන් හරි හැටි නොදැන මන්ත්‍ර ශාස්‌ත්‍රයෙන් වැඩක්‌ ගැනීමට බැහැවූ ව්‍යාජය වැට බැඳීමෙන් නැණවතුන්ගේ බැල්මෙන් මේ වටිනා විද්‍යාව කොන්ව ඇත. මේ නිසා භාරතීය හා දේශීය මන්ත්‍ර ගුරුකම් අත් හදා බලා අප රටෙහි ජනතාවට උචිත වන මන්ත්‍ර විධි ඇතුළත් මෙම ලිපි මාලාවත් දෘඨධිජාඨානයෙන් යුතුව "නැකත" පත් ඉරුවෙන් ඔබ අතට පත්කරන්නේ ඔබගේ ප්‍රයෝජනය උදෙසාය.

පළමුව යන්ත්‍ර ක්‍රියාවන් සඳහා මල් අසුන සකසාගන්නේ මෙසේය

ඉස්‌ සෝදා නා පිරිසිදුව යකඩ ඇණ නොගුසු පුටුවක්‌ ගෙන කහ දියර ඉස පිරිසිදු කොට, සුදු පිරුවටයක්‌ පුටු ඇන්ද වැසෙන සේ එලා කෙහෙල් දල්ලක්‌ (ඇඹුල්) තබා, පුවක්‌ මල් කිණිති ගැබ් නවයක්‌ සිටින සේ අල්ලි වෙන් කොට බුලත් 9 පඬුරු 9, මල්වර්ග 9 පුදා පිනිදිය ඉස, සුවඳ කූරු හා අවශ්‍ය පහන් දල්වා, වුවමනා පුද වර්ගයන් තබා, ඇඳගත් යන්ත්‍රය හෝ ඖෂධ, අඳුන්, තෙල් තැඹිලි ගෙඩියක්‌ මත තබා අදාළ ජපයෙන් ආරම්භ කරන්න. ජප කරන විට යන්ත්‍රයෙහි නූල් සත් පොටක්‌ ඔතා එම නූල තම දකුණු අතින් අල්ලා මුවට ලංකොට ජීවං කළ යුතුයි. ජපය අවසාන වනතෙක්‌ යන්ත්‍රය අතට නොගන්න, වෙනත් කථාවක්‌ හා බුලත් විට පවා නොකන්න. මෙය ශුභ කටයුතු සඳහා පමණක්‌ සකසා ගන්න, මේ ආකාරයට විවිධ මල් අසුන් සකසා ගැනීමට ඔබ දැනුවත් වීම හොඳයි

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ 
උපුටා ගැනීම : දිවයින 

සාම්ප්‍රදායික ඥාන දායාදය සැඟැවුණු පුස්කොළ ලේඛන



කිසියම් සමාජයක් හෝ සංස්කෘතියක් සතු දැනුම් සම්භාරය හා පාරම්පරික ඥානය අනාගත පරපුර වෙත සම්පේ‍්‍රෂණය කරනු ලබන්නේ අදාළ සමාජය සතු ලේඛන මාධ්‍යයන් මඟිනි. වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලාංකික සමාජය විසින් අත්දැකීමෙන් හා ප්‍රත්‍යක්ෂයෙන් ග්‍රහණය කරගත් සාම්ප්‍රදායික දැනුම එක්තැන් වී ඇත්තේ පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලේඛන මාධ්‍යය වූ පුස්කොළ පොත්වල ය. එබැවින් මේ ලේඛන අතීතයෙන් උරුම වූ ජාතික සම්පතක් වශයෙන් සැලැකීමට පිළිවන.
තල පත්‍රය හෝ තල් පත්‍රය සකස් කර ගැනීමෙන් තනා ගත් පුස්කොළ ලේඛන වසර දහස් ගණනක් තිස්සේ අතීත ශ්‍රී ලංකාවේ මෙන් ම වෙනත් දකුණු හා අග්නිදිග ආසියානු රටවල ද ප්‍රධාන ලේඛන මාධ්‍යය වශයෙන් පැවැතුණි. ක්‍රිස්තු පූර්ව අවධියේ සිට ම පුස්කොළ මත ලිවීම ප්‍රචලිත ව පැවැති බව සාහිත්‍යමය මූලාශ්‍රවලින් මෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් ද අනාවරණය වෙයි.
අනුරාධපුර ඇතුල් නුවර සල්ගහවත්ත 2 කැණිමෙන් පුස්කොළ පොත් කම්බ හතරක් හමුවී ඇති අතර රේඩියෝ කාබන් කාලනිර්ණ ක්‍රමයට කළ කාල නිර්ණයට අනුව ඒවා ක්‍රි. පූ. 3 වන සියවස හා ක්‍රි. ව. 1 වන සියවස අතර කාලයට අයත් වේ. මේ කම්බ ඇත් දළ හා සත්ත්ව අස්ථිවලින් නිර්මාණය කර ඇත. අනුරාධපුර ඇතුල් නුවර හා කිරින්ද යන ස්ථානවල සිදුකළ කැණීම්වලින් ලිවීම සඳහා භාවිත කළ පන්හිඳවල් සොයා ගත හැකි විය.
සාහිත්‍යමය මූලාශ්‍රයන්හි ලේඛනය පිළිබඳ ව සඳහන් බොහෝ අවස්ථාවල ලේඛන මාධ්‍යය පිළිබඳව සඳහන් කර නොතිබුණ ද අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිට ම ලේඛන කටයුතු සඳහා භාවිත කළ ප්‍රධාන මාධ්‍යය තල කොළය හා තල් කොළය වූ බව විශ්වාස කිරීමට තුඩු දෙන සාධක හමුවේ. අනුරාධපුර යුගයේදී සිදුවූ මහා පරිමාණ ලේඛන කාර්යයන් වන හෙළ අටුවා රචනා කිරීම (ක්‍රි. පූ. 3 වන සියවස), ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම (ක්‍රි. පූ. 1 වන සියවස) හා පාලි අට්ඨකථා ලිවීම (ක්‍රි. පූ. 5 වන සියවස) යන කාර්යයන් සඳහා පුස්කොළ භාවිත කළ බව පිළිගත හැකිය.
පුස්කොළ අතීත සමාජයේ ප්‍රචලිත ව පැවැති ප්‍රධාන ලේඛන මාධ්‍යය වූ බැවින් ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නොපැවතුණි. වර්තමානයේ මුද්‍රණය කර ඇති මහාවංසය, දීපවංසය, බෝධිවංසය වැනි ඉතිහාස ග්‍රන්ථවල මෙන්ම කව්සිළුමිණ, ගුත්තිල කාව්‍යය, කාව්‍යශේඛරය, මුවදෙව්දාවත, බුත්සරණ, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය හා පන්සියපනස් ජාතක පොත වැනි සාහිත්‍ය කෘතීන්හි ද සියලුම ත්‍රිපිටක ග්‍රන්ථවල ද දැනට ශේෂ වී ඇති මුල් පිටපත් සියල්ල ම පුස්කොළ මත ලියූ ඒවා ය.
ලේඛන මාධ්‍යයක් වශයෙන් තල පත්‍ර හා තල් පත්‍ර භාවිත වූ බව ක්‍රි. ව. 5 වන සියවසේදී බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද කංඛාවිතරණි හා සමන්තපාසාදිකා යන අට්ඨකථාවල සඳහන් වේ. මෙම කෘතීන්හි අන්තර්ගත කරුණු බොහෝමයක් ඒවා රචනා වූ කාලයට වඩා පැරණි බව නිසැක ය. පැරණි යුගයේ විහාර ආශි‍්‍රතව වගා කර තිබූ තල ගස් හා තල් ගස් ගැන සංයුක්ත නිකායට්ඨ කථාවේ හා විශුද්ධි මාර්ගයේ තොරතුරු දක්වා ඇත.
මෙසේ මෙම ගස් වර්ග වගා කිරීමට හේතුව ලේඛනය සඳහා අවශ්‍ය පුස්කොළ සකස් කර ගැනීම බව පෙනී යයි. එමෙන්ම මෙම කරුණ පදනම් කරගෙන ක්‍රි. ව. 10 වන සියවස වන විට තල ගස් කැපීම තහනම් කරමින් රාජ ආඥා පනවා තිබුණි. උදා මහයාගේ පුලියන්කුලම ශිලා ලිපියේ එන “රදොලන් වැද තලන්... නොකපනු ඉසා” යන පාඨය හා IV  මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ දැක්වෙන කරුණු නිදසුන් වශයෙන් සඳහන් කිරීමට පිළිවන. ක්‍රි. ව. 12 වන සියවසේදී ද පුස්කොළ ප්‍රධාන ලේඛන මාධ්‍ය වශයෙන් පැවැති බවට අභිලේඛනමය සාධක පවතී.
මෙම ලේඛන මාධ්‍යය ජනපි‍්‍රයව පැවැති බවත් ඒවාට වේයන් හා මීයන් නිසා දැඩි තර්ජනයක් පැවැති බවත් නිශ්ශංකමල්ල රජුගේ පොළොන්නරු පුවරු ලිපියේ එන “නොඑක්ලෙසැ දස්කම් කළවුන්(ට).... ද... හිරසන්දපවත්නාතෙක් පවත්වුව මැනැවැයි (සි)තා වදාරා වෙයන් මීයන් ඇතුළු වූවන් විසින් සොපද්‍රව වූ තල්පතැ නොලියවා ලක්දිව පෙර පවත් නුවූ තාම්බ්‍රශාසන අකුරු කොටවා පවත් කොටැ...” යන පාඨයෙන් අනාවරණය වේ.
දැනට සොයා ගෙන ඇති පරිදි සිංහල අකුරින් ලියවී ඇති පැරණිතම පුස්කොළ ලේඛනය චීනයේ විහාරස්ථානයක ඇති ක්‍රි. ව. 7 වන සියවසට අයත් මහායාන ධාරණී ග්‍රන්ථයකි. ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම පුස්කොළ පොත කොළඹ ජාතික කෞතුකාගාරය සතු ක්‍රි. ව. 13 වන සියවසට අයත් චුල්ලවග්ග පාලියයි.
වර්තමානයේ ඉතිරි වී ඇති පුස්කොළ ලේඛනවලින් වැඩි ප්‍රමාණයක් ක්‍රි. ව. 18 හා 19 වන සියවස්වල රචනා කරන ලද ඒවාය. නමුත් මෙම පොත් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක අන්තර්ගතයන් ඒවා රචනා වූ කාලයට වඩා වසර සිය ගණනක් හෝ ඇතැම් විට වසර දහස් ගණනක් පැරණි බව අමතක නොකළ යුතුය. වර්තමානයේ ද ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක පුස්කොළ පොත් ලිවීම සුළු වශයෙන් සිදු කෙරේ.
පුස්කොළ ලේඛනයන්හි අන්තර්ගත කරුණුවල විෂයය පථය ඉතා පුළුල් පරාසයක් නියෝජනය කරයි. බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථ හා අට්ඨකථා ප්‍රධාන බෞද්ධ ග්‍රන්ථවලට මේ අතර ප්‍රමුඛස්ථානය හිමි වේ. අනුරාධපුර යුගයේ සිට මෑත කාලීන අවධිය දක්වා රචනා වූ සිංහල භාෂාව හා සාහිත්‍ය සම්බන්ධ ග්‍රන්ථ ඉතා විශාල ප්‍රමාණයක දැනට ශේෂ වී ඇති මුල් පිටපත් පුස්කොළ මත ලියූ ඒවාය. පද්‍ය ග්‍රන්ථ, ගද්‍ය ග්‍රන්ථ, ව්‍යාකරණ ග්‍රන්ථ හා සිංහල හෝඩිය පිළිබඳ ග්‍රන්ථ ඒ අතර වේ.
පාලි හා සිංහල වංශ කථා, වෛද්‍ය ග්‍රන්ථ, නක්ෂත්‍ර පොත්, යන්ත්‍ර මන්ත්‍ර පොත්, ශිල්ප ග්‍රන්ථ, සන්නස්, තුඩපත්, ලේකම් මිටි, කඩඉම් පොත්, සීට්ටු, හිම්පත්, වට්ටෝරු, විත්ති පොත්, ලියුම් හා ජන්ම පත්‍ර ද පුස්කොළ ලේඛන අතර හමුවෙයි. ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගමික ග්‍රන්ථ ද පුස්කොළ මත රචනා කර ඇති අවස්ථා දක්නට ලැබේ. මහනුවර අම්පිටිය ජාතික සෙමනේරියේ ඇති බයිබලය හා හෙලේනා චරිතය ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති තක්කසුරූන් නම් ඉස්ලාම් ආගමික ග්‍රන්ථය ද ඌර්මිලා නිද්‍රා නම් හින්දු ආගමික ග්‍රන්ථය ද නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මේ අනුව පුස්කොළ ලේඛන මෙරට ජීවත් වන සියලුම වාර්ගික කණ්ඩායම් සතු ජාතික උරුමයක් බව පැහැදිලි වේ.
මෙම පුස්කොළ ලේඛන සියල්ලම අත්පිටපත් වන අතර ඇතැම් පොත්වල ලෝකයටම ඇත්තේ එක් පිටපතක් පමණි. එබැවින් එවැනි ග්‍රන්ථවල වටිනාකම තක්සේරු කළ නොහැකිය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක ශ්‍රී ලංකාවේ පැරණි වාරි තාක්ෂණය පිළිබඳ තොරතුරු ඇතුළත් සිංහල වාරිවංසය නම් ග්‍රන්ථයක් ඇති බවට විශ්වාසනීය තොරතුරු ලැබී තිබුණ ද මේ වන තෙක් එම ග්‍රන්ථය සොයා ගැනීමට නොහැකි විය. එය සොයා ගතහොත් පුරාණ ලෝකයේ විශිෂ්ටතම වාරි තාක්ෂණයකට හිමිකම් කියූ අපේ අතීත මුතුන්මිත්තන් වාරිමාර්ග තැනීම, සැලැසුම් කිරීම හා මිනුම්ගත කිරීම ද ජල කළමනාකරණය ද සිදුකළ ආකාරය සම්බන්ධයෙන් මිල කළ නොහැකි තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත.
වංශකථා ඇතුළු සාහිත්‍යමය මූලාශ්‍රයන්හි සඳහන්ව ඇති නමුත් මෙතෙක් හමුවී නැති ඉතිහාස ග්‍රන්ථ ද සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගත හැකිය. ඒ අතරින් කිහිපයක් හෝ තවමත් දිවයිනේ කිසියම් ස්ථානයක ආරක්ෂා වී තිබීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය. මෙතෙක් හමු නොවූ අභයගිරි විහාරවාසීන්ගේ වංසකථාව වන උත්තර විහාරවංසය නිදසුනක් වශයෙන් පෙන්වා දීමට පිළිවන.
එම ග්‍රන්ථය සොයා ගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් අනාවරණය කරගැනීමට ද ඉතිහාසය දෙස තවත් දෘෂ්ටි කෝණයකින් බැලීමට ද අවස්ථාව උදා වනු ඇත. රට පුරා විවිධ ස්ථානවල ඓතිහාසික තොරතුරු ඇතුළත් සන්නස්, තුඩපත්, කඩයිම් පොත්, විත්ති පොත් වැනි පුස්කොළ ලේඛන රැසක් ඇති අතර ඒවා විධිමත් ලෙස අධ්‍යයනය කිරීම තුළින් දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික තොරතුරු රැසක් අනාවරණය කරගැනීමේ හැකියාව පවතී.
පුස්කොළ පොත් සම්බන්ධ කලාත්මක කරුණු පිළිබඳව මෙතෙක් පුළුල් විධිමත් අධ්‍යයනයක් සිදුවී නොමැත. පොත් කම්බවල දැව, ලෝහ, ඇත් දත් හා ලී කැටයම් ද චිත්‍ර ද දක්නට ලැබේ. මේවා බොහෝ විට මහනුවර කලා සම්ප්‍රදායේ ලක්ෂණ ප්‍රකට කරයි. එමෙන්ම ඇතැම් පොත්වල පත්තිරු මත නිර්මාණය කළ රේඛා චිත්‍ර හමුවේ.
කොළඹ කෞතුකාගාරයේ වෙස්සන්තර ජාතකය හා ඇහැලේපොළ හටන ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති විධුර පණ්ඩිත ජාතකය ද පුස්කොළ රේඛා චිත්‍ර කලාවේ විශිෂ්ටත්වය ප්‍රකට කරන නිර්මාණයන් ය. මේවායේ අදාළ සිදුවීම් දක්වන රූප සටහන් මෙන්ම ලිඛිත විස්තර ද දක්වා ඇති බැවින් ඒවා ලෝකයේ පැරණිතම චිත්‍ර කථා අතරට අයත් වෙයි.
ජාතිය සතු මහඟු උරුමයක් වන පුස්කොළ ලේඛන වර්තමානයේදී පරිහරණයට නොගන්නා අතර ඒවා විවිධ හේතූන් නිසා විනාශ වෙමින් පවතී. අතීතයේ ලියන ලද මිලියන ගණනක් වූ පුස්කොළ ලේඛන අතරින් වැඩි ප්‍රමාණයක් මේ වන විට ජාතියට අහිමි වී ගොස් අවසාන ය. ඒ අතරින් අද ඉතිරි වී ඇති බව අනුමාන කළ හැක්කේ පුස්කොළ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයකි.
මේවා දැනට සොයා ගෙන ඇති පරිදි රට පුරා ස්ථාන 1800 කට වැඩි ප්‍රමාණයක විසිරී ඇත. පොත් දස දහසකට අධික ප්‍රමාණයක් එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල කෞතුකාගාර, පුස්තකාල, ලේඛනාගාර හා පෞද්ගලික එකතුන් සතුව පවතී.
පැරැන්නෝ පුස්කොළ පොත් ලිවීම, ලියවීම මෙන්ම ආරක්ෂා කිරීම ද පුණ්‍ය කර්මයන් කොට සැලකූහ. පොත් ලිවීම හා ඒ සඳහා අනුග්‍රහය දැක්වීම අක්ෂර දාන ලෙස හැඳින්වූ ඔවුහු අක්ෂරයක් අක්ෂරයක් පාසා චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ද දිව්‍ය සම්පත් ද ලැබීමට හේතු වන උසස් පින්කමක් බව විශ්වාස කළෝය.
ධර්ම ග්‍රන්ථ ‘පොත් වහන්සේ’ යැයි හඳුන්වමින් වන්දනාමාන කරමින් ආරක්ෂා කරන ලදී. පොත් කොහොඹ වැනි කෘමි ප්‍රතිරෝධක දැවවලින් තැනූ පෙට්ටිවල තැන්පත් කර සැවැන්දරා මුල්, කපුරු, කොහොඹ කොළ හා ඖෂධීය තෙල් ආදිය යොදා ගෙන වරින්වර පරීක්ෂා කරමින් මනාව නඩත්තු කිරීම සිදුවිය.
මෙම ජාතික උරුමය දීර්ඝ කාලීනව ආරක්ෂා කරගැනීම සහ එහි අන්තර්ගත දැනුම් සම්භාරය තුළින් වර්තමානයට හා අනාගතයට ප්‍රයෝජන ලබා ගැනීම පිණිස සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම අරබයා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකාවේ ජන සමාජයේ හා සංස්කෘතියේ විවිධ පැතිකඩ නියෝජනය වන පුස්කොළ පොත් ගබඩා කර ඇති ස්ථාන ගවේෂණය කිරීම, අධ්‍යයනය, වර්ගීකරණය, විවරණ සහිත සූචිගත කිරීම හා සංරක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. මෙම ව්‍යාපෘතියේ ද්විතීය අරමුණු කිහිපයක් ද හඳුනාගත හැකි ය.
. මෙතෙක් හෙළි නොවූ ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගැනීම.
. අප්‍රකට ශාසනික තොරතුරු අනාවරණය කරගැනීම.
. පාලි, සංස්කෘත, සිංහල ව්‍යාකරණ හා සාහිත්‍ය තොරතුරු අනාවරණය කරගැනීම.
. වෛද්‍ය විද්‍යාව හා පශු චිකිත්සාව සම්බන්ධ අප්‍රකට දේශීය වෛද්‍ය ක්‍රම අනාවරණය කරගැනීම.
. යන්ත්‍ර, මන්ත්‍ර, ගුප්ත විද්‍යා හා කෙම් පහන් ක්‍රම අනාවරණය කරගැනීම.
. විවිධ දේශීය ශිල්ප ශාස්ත්‍ර පොත් සොයා ගැනීම.
. අක්ෂර විද්‍යාවේ විවිධ ක්‍රමවේද සොයා ගැනීම.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පියවර කිහිපයකින් සමන්විත වෙයි. පුස්කොළ පොත් සමීක්ෂණ කටයුතු දිස්ත්‍රික් මට්ටමෙන් සිදුකරනු ලබන අතර මේ වන විට මාතලේ, කුරුණැගල, ගම්පහ, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සමීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ. සෙසු දිස්ත්‍රික්කවල ද සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. සිංහල, පාලි හා සංස්කෘත දැනුම සහිත තෝරාගත් ගිහි පැවිදි උගතුන් පහළොස් දෙනෙකු ගෙන් සමන්විත පිරිසක් විසින් සමීක්ෂණ කටයුතු කරගෙන යනු ලබයි.
නියමිත ආකෘති පත්‍රවලට එක්රැස් කරගත් දත්ත විශ්ලේෂණය කර වැදගත් තොරතුරු සහිත විශේෂ ග්‍රන්ථ තෝරාගෙන අදාළ විෂයය ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයන්ගේ සහාය ඇතිව ඒවා ගැඹුරින් අධ්‍යයනය කරනු ලැබේ. සියලුම දත්ත පරිගණක ගත කර පරිගණක දත්ත බැංකුවක් ඇති කිරීම ද දත්ත මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීම ද මෙම ව්‍යාපෘතියෙන් සිදුවන වැදගත් කාර්යයන් දෙකකි. පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමට හා අඛණ්ඩ පශ්චාත් නිරීක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අපේක්ෂිතය. එමෙන්ම ව්‍යාපෘතිය මඟින් පුස්කොළ ලේඛන සම්ප්‍රදාය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රකාශන නිකුත් කිරීම හා ප්‍රදර්ශන පැවැත්වීම ද සිදුකරනු ලබයි.
දැනට මෙම ව්‍යාපෘතිය ආරම්භ කර වසරකට අධික කාලයක් ගතවී ඇති අතර ස්ථාන තුන්සියයකට ආසන්න ප්‍රමාණයක ඇති පුස්කොළ ලේඛන හත්දහස් පන්සියයක් පමණ එම කාලය තුළ සමීක්ෂණයට භාජනය කර ඇත. මෙම පර්යේෂණ කටයුතු තුළින් මේ වන විට වැදගත් ලේඛන විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගත හැකිවී තිබේ. ඒවා පිළිබඳ වැඩිදුර පර්යේෂණ තවදුරටත් සිදු කෙරෙමින් පවතී. පුරාණ තාක්ෂණය, වෙදකම, ඉතිහාසය, කෘෂිකර්මය, අභිචාර කටයුතු, නක්ෂත්‍රය හා යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධ ඇතැම් ග්‍රන්ථ ඒ අතර ප්‍රධාන වේ. මේවා සියල්ලම පාහේ මෙතෙක් මුද්‍රණය කර නොමැති අත්පිටපත් ය.
පැරණි ලෝහ කර්මාන්තය, බුද්ධ ප්‍රතිමා නිර්මාණය, කෘෂිකාර්මික උපකරණ හා ආයුධ තැනීම පිළිබඳ ශිල්පීය දැනුම අන්තර්ගත ලේඛන කිහිපයක් හමුවී ඇත. මේවා පුරාණ තාක්ෂණය පිළිබඳ අප සතු දැනුම වඩාත් පුළුල් කිරීමට හේතු වන ලේඛනයන් ය. ගොවිතැන් පරකාසේ නම් ග්‍රන්ථය කෘෂිකර්මය හා බැඳුණු සාම්ප්‍රදායික තාක්ෂණික දැනුම අනාවරණය කර ගත හැකි පද්‍ය ග්‍රන්ථයකි. එයට අමතරව ගොවි නැකත් පොත් සැලකිය යුතු ප්‍රමාණයක් ද හමුවී ඇත.
මෙතෙක් සමීක්ෂණයට ලක් කළ ලේඛන තුළින් හෙළි කර ගත හැකි ඓතිහාසික තොරතුරු ප්‍රමාණය ඉතා විශාලය. එවැනි ලේඛන අතරින් විවිධ තුඩපත්, සන්නස් හා කඩයිම් පොත් මෙන්ම දඹදෙණි විස්තරය, ගජබා පුවත, පබ්බජ්ජා උපසම්පදාවත, 1828 දළදා උත්සව විස්තරය, මහනුවර යුගයේ හේවායන්ගේ නාම ලේඛනය හා දඹුලු විහාරයේ ගම්වර ලේඛනය යන ලේඛන නිදසුන් වශයෙන් දැක්විය හැකිය. පබ්බජ්ජා උපසම්පදාවත ක්‍රි. ව. 1753 දී මෙරටට පැමිණි සියම් භික්ෂුන් බෞද්ධ විනය කර්ම හා පූජා කටයුතු සිදුකළ ආකාරය විස්තරාත්මකව වාර්තා කරන ලේඛනයකි. මහනුවර සමයේ හේවායන්ගේ නාම ලේඛනයේ දහසකට ආසන්න හේවායන් සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙයි.
දේශීය වෙදකම සම්බන්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් සමීක්ෂණයට ලක්කර ඇත. ඒ අතරින් ඇතැම් ග්‍රන්ථ පොදුවේ විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර නිර්දේශ කරන අතර ඇතැම් ග්‍රන්ථ නිල වෙදකම, විදුම් පිළිස්සුම් වෙදකම, ඇස් රෝග, පශු වෙදකම වැනි තෝරාගත් විශේෂ ක්ෂේත්‍රයක් පිළිබඳව ලියන ලද කෘතීන් වේ. එමෙන්ම විවිධ වර්ගවල පිළිකා රෝග සඳහා නිර්දේශිත බෙහෙත් වට්ටෝරු සිය ගණනක් ද දක්නට ලැබේ. මෙම දත්ත පදනම් කරගෙන සිදුකරනු ලබන අනාගත පර්යේෂණ තුළින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බේරගැනීමේ හා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ හැකියාව පවතී.
ජීවිතයේ විවිධ කටයුතු සාර්ථක කරගැනීම සඳහා නක්ෂත්‍රය හා යන්ත්‍ර මන්ත්‍ර යොදා ගන්නා ආකාරය විස්තර කරන ග්‍රන්ථ සැලකිය යුතු ප්‍රමාණයක් ද සොයා ගත හැකි විය. බලි යාග සඳහා රූප අඹන ආකාරය ද යාග පවත්වන ආකාරය ද විස්තර කරන ලේඛන අභිචාර කටයුතු පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඉතා වැදගත් වෙයි.