Tuesday, October 9, 2012

නිවැරදිව මල් අසුනක්‌ සකසා ගන්නා ක්‍රමය

නිවැරදිව මල් අසුනක්‌ සකසා ගන්නා ක්‍රමය


භාරතයේ මෙන්ම අප රටේ බොහෝ දෙනා ලෞකික පිහිට ලබා ගැනීම සඳහා පෙරදිග ව්‍යවහාර වූ ගුප්ත විද්‍යාවන් අතරින් මන්ත්‍ර විද්‍යාව ඉතා ප්‍රකට බවත්, එදා මෙන්ම අදත් දන්නෝ ඉතා රහසිගතව එයින් ප්‍රයෝජන ගන්නා බවත් නොරහසකි. මේ මන්ත්‍ර ඇතුළත් විවිධ පුස්‌කොළ පොත් විනාශ වී යාම නිසා ගුප්ත විද්‍යාවට අයත් යන්ත්‍ර, මන්ත්‍ර, කෙම් ක්‍රම ආදී ශාස්‌ත්‍රයන් පිරිහීමට පත්ව ඇත. එනමුත් තැනින් තැන අර පරිස්‌සමින් තබා ඇති ඒවා පමණක්‌ දැනට ඉතිරිව ඇත.

අතීතයේ විසූ පැරැන්ණෝ මන්ත්‍ර, ජ්‍යෙතිෂ්‍ය, වෛද්‍ය තුනම ඉගෙන ගෙන මිනිසාට, සතාට, ජලයට, ගින්නට, බව බෝග ආදියට කළ සේවාවන්වල මහිමයන් ක්‍රියාවට නංවා ඔවුන් පෙන්වා ඇත. එහෙත් අද එම ශාස්‌ත්‍රක්‍රමයන් හරි හැටි නොදැන මන්ත්‍ර ශාස්‌ත්‍රයෙන් වැඩක්‌ ගැනීමට බැහැවූ ව්‍යාජය වැට බැඳීමෙන් නැණවතුන්ගේ බැල්මෙන් මේ වටිනා විද්‍යාව කොන්ව ඇත. මේ නිසා භාරතීය හා දේශීය මන්ත්‍ර ගුරුකම් අත් හදා බලා අප රටෙහි ජනතාවට උචිත වන මන්ත්‍ර විධි ඇතුළත් මෙම ලිපි මාලාවත් දෘඨධිජාඨානයෙන් යුතුව "නැකත" පත් ඉරුවෙන් ඔබ අතට පත්කරන්නේ ඔබගේ ප්‍රයෝජනය උදෙසාය.

පළමුව යන්ත්‍ර ක්‍රියාවන් සඳහා මල් අසුන සකසාගන්නේ මෙසේය

ඉස්‌ සෝදා නා පිරිසිදුව යකඩ ඇණ නොගුසු පුටුවක්‌ ගෙන කහ දියර ඉස පිරිසිදු කොට, සුදු පිරුවටයක්‌ පුටු ඇන්ද වැසෙන සේ එලා කෙහෙල් දල්ලක්‌ (ඇඹුල්) තබා, පුවක්‌ මල් කිණිති ගැබ් නවයක්‌ සිටින සේ අල්ලි වෙන් කොට බුලත් 9 පඬුරු 9, මල්වර්ග 9 පුදා පිනිදිය ඉස, සුවඳ කූරු හා අවශ්‍ය පහන් දල්වා, වුවමනා පුද වර්ගයන් තබා, ඇඳගත් යන්ත්‍රය හෝ ඖෂධ, අඳුන්, තෙල් තැඹිලි ගෙඩියක්‌ මත තබා අදාළ ජපයෙන් ආරම්භ කරන්න. ජප කරන විට යන්ත්‍රයෙහි නූල් සත් පොටක්‌ ඔතා එම නූල තම දකුණු අතින් අල්ලා මුවට ලංකොට ජීවං කළ යුතුයි. ජපය අවසාන වනතෙක්‌ යන්ත්‍රය අතට නොගන්න, වෙනත් කථාවක්‌ හා බුලත් විට පවා නොකන්න. මෙය ශුභ කටයුතු සඳහා පමණක්‌ සකසා ගන්න, මේ ආකාරයට විවිධ මල් අසුන් සකසා ගැනීමට ඔබ දැනුවත් වීම හොඳයි

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ 
උපුටා ගැනීම : දිවයින 

0 comments:

Post a Comment