Tuesday, May 7, 2013

පාරම්පරික ගැමි අත් බෙහෙත් (2)




උල්කටු ඇදීමට
එරබදු කොළ කොටා කටුව ඇනී ඇති ස්ථානයේ බදින්න (කටුව ඇදේ )

දළඹු විෂට
පරණ පොල්තෙල් ගාන්න.

කෙන්ද පෙරලීමට
දියලුණු ටිකක් කන්නට දී තල තෙල් ගා සම්බාහනය කරන්න.

විදුරුමස් දියවීම සමනයට
මුනමල් පොතු ,අරළු ,පෙති පුවක් ,දෙළුම් ලෙලි සමව ගෙන කබලේ බැද කුඩුකරගෙන  දත් මදින්න ,ඉහත ද්‍රව්‍ය තම්බා එම වතුරෙන් දිනකට දෙවරක් කට සෝදන්න.

හිරමනයට තුවාල වූ විට
හිරමන තලය ලිපේ දමා රත් කරගෙන එයින් පොල් ටිකක් ගා මිරිකා ගත් කිරි තුවාලයේ ගාන්න.

0 comments:

Post a Comment