Thursday, August 23, 2012

අපේ ලග්නයේ මුලාරම්භය


ලග්නය යනු කුමක්ද ?

ලග්නය යනු ලැගුම් ගැනීමයි. ලැගුම් ගන්නේ පෙර භවයන් හි කරන ලද කුසල් අකුසල් බලය අනුව කර්මානුරූපව තමන්ට හිමි යොනියකය. මෙය මනුෂ්‍ය, දිව්‍ය, පේ‍්‍රත, තිරිසන් යෝනියක් විය හැකිය. මෙම ලැගුම් ගැනීමේ බලය ලග්නය යනුවෙන් හැඳින්වේ. එතුලින් කෙනෙකුගේ අතීත, වර්තමාන, අනාගත භවයන් විකාශනය වී ඇති ආකාරය ජ්‍යොතිෂ විද්‍යාව නිවැරදිව ප‍්‍රගුනකළ අයෙකුට තේරුම් ගත හැකිය

ලග්නයක් හිමිවන්නේ ඇයි ?

ලග්නයක් හිමිවන්නේ නොදැනීම හෙතුවෙනි. එසේත් නැතිනම් අවිද්‍යාව හේතුවෙනි. අවිද්‍යාව හෙවත් නොදැනීම නම් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය නොමැතිවීමයි. මෙය නිවැරදිව තේරුම්ගත් සත්වයෙකු නැවත උපදින්නේ නැත. එවිට ලග්නය තුලින් ප‍්‍රකාශවන අවිද්‍යාව හටගන්නේද නැත. මෙය බුදු දහමේ සඳහන් වන්නේ ''නිර්වාණය'' ලෙසයි..

පටිච්ච සමුප්පද විවරණයට අනුව ලග්නය ''අවිද්‍යාව'' ලෙස සඳහන් කළ හැකි සේම කර්ම විග‍්‍රහයට අනුව '' ජනක කර්මය'' යනුවෙන්ද විග‍්‍රහකළ හැකිය. ජනක යන්නෙහි අර්ථය යම් දෙයක ඉපැදීමයි. පෙර භවයන්හිදී ජන්මියා විසින් කරන ලද කුසල් අකුසල් නැවත පලදීමට අවස්ථාව උපතත් සමග නැවත ඇතිවී තිබෙන බව මෙයි අදහස් වේ.

උපත ලද මොහොතේ අදාප ස්ථානයට ග‍්‍රහ තාරකාවන්ගෙන් එල්ලවන්නා වූ බලපෑම් පරීක්‍ෂාකිරීමෙන්, එම මොහොතේ උපත ලද ජන්මියාගේ අතීත, වර්තමාන, අනාගත භාවයක් ගෙවී ගිය හා ගෙවී යන ආකාරය නිවැරදිව තේරුම් ගත හැකිය.

0 comments:

Post a Comment