Friday, August 23, 2013

ශිෂ්‍යත්ව කඩ ඉම පැන ගන්න සුබ නැකතින් පිටත් වෙන්න මෙන්න නැකත



ශිෂ්‍යත්ව විභාගය යනු දරුවකු පෙනී සිටින ප්‍රථම ජාතික විභාගයයි. එම විභාගයට පෙනී සිට උසස්‌ ලෙස සමත් වන දූ දරුවන්ට 6 වන ශ්‍රේණියේ සිට උසස්‌ පාසලක අධ්‍යාපනය ලැබීමේ වරම හිමිවන නිසාවෙන් පළමු වැනි වසර සඳහා එවැනි පාසලකට දරුවා ඇතුළත් කරගත නොහැකි වූ දෙමවුපියන් ශිෂ්‍යත්ව කඩඉම හරහා තම දරුවා උසස්‌ පාසලකට ඇතුළත් කරගැනීමට උනන්දු වේ.

වසර දෙක තුනක්‌ තිස්‌සේ පාසල් අධ්‍යාපනයට අමතරව නොයෙක්‌ උපකාරක පංතිවලට දරුවන් යොමුකරමින් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී බොහෝ කැපවීම් සිදුකරමින් තම දරුවා වෙතින් ශිෂ්‍යත්ව ජයග්‍රහණය බලාපොරොත්තු වන්නේ එමගින් හෝ දරුවා උසස්‌ පාසලකට ඇතුළත් කර තමන් ලැබූ අධ්‍යාපනයට වඩා වැඩි අධ්‍යාපනයක්‌ ලබාදී රටට වැඩදායක බුද්ධිමත් පුරවැසියකු කිරීමේ උදාර අරමුණෙහි රැඳෙමිනි.

එලෙස කටයුතු කරන දෙමාපියන් ඉතා කල්පනාකාරීව එම කටයුතු සිදුකළ යුතු අතර දරුවාගේ කුඩා මනසට ඔරොත්තු නොදෙන ආකාරයෙන් දවසේ විසිහතර පැයේම ශිෂ්‍යත්වය යන වචනය ඇසීමට සැලැස්‌වීමෙන් වැළකී බියකින් පීඩනයකින් තොරව සුපුරුදු ආකාරයට දරුවාට අධ්‍යාපන කටයුතු කරගෙන යැමට ඉඩ සලසා දෙන්න.

විභාගය යන වචනයට දරුවා බිය නොකර ඉගෙනීම් කටයුතු විනෝදාංශයක්‌යේ කරදීමට උත්සාහ දරමින් පෙර සිදුකළ පාඩම් ආශ්‍රයෙන් ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය කියාදෙමින් පෙරහුරුවක යෙදෙන්න.

ඒ අතරතුර දරුවාගේ මානසික සතුට සහනය වර්ධනය වී මතක ශක්‌තිය වර්ධනය වීම පිණිස භාවිත කළ හැකි

ජනස්‌සාරිය සංඝෝච

භූරි පඤ්ඤ විපාක දෝ

සුඛෙත්තේ රෝ පීතං

බීජං හෝති මහප්ඵලං

ඒතේන සච්ච වඡ්ඡේන

සස්‌ස සම්පත්ති වඩ්ඩතු

යන ගාථාවෙන් සෑම දිනකම උදැසන පැන් වීදුරුවක්‌ 108 වරක්‌ මතුරා හිස්‌බඩ දරුවාට එය පානය කිරීමට සලස්‌වන්න. එමගින් ශරීරයේ පවතින්නා වූ දොaෂ දුරුවී පෙර සිදුකළ අභ්‍යාස පිළිබඳ මතකය අලුත්වී අධ්‍යාපන කටයුතු ජයගැනීමට මහෝපකාරී වේ.

මීට අමතරව සෑම දිනකම උදේ සවස දරුවාද සහභාගි කරගනිමින් ආගමික වතාවත්වල යෙදෙන්න. වන්දනා මාන කිරීමෙන් අනතුරුව දෙවියන්ට පිංදී දරුවාට යම් ග්‍රහ දෝෂයක්‌ අපලකාරී තත්ත්වයක්‌ අසුබ බලපෑමක්‌ ඇත්නම් ඒ සියලු බාධක මැඬපවත්වා ගනිමින් ඉදිරිපත් වන විභාගයෙන් විශිෂ්ට ජයක්‌ ලබාදෙන මෙන් අධිෂ්ඨාන පූර්වකව ප්‍රාර්ථනා කරන්න.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අගෝස්‌තු 25 දා උදැසන නිවසේදී බුදුරජාණන් වහන්සේ උදසො මල් පහන් සුවඳදුම් ද පැන් සහ කිරි ආහාරද පූජාකර බුදුන් වඳින්න. එම ස්‌ථානයේම මඳක්‌ පහලින් ගණදෙවියන්ගේ හා සරස්‌වතී මෑණියන්ගේ පිංතූර තබා එම දෙවිවරුන්ට මල් සුවඳ දුම් පූජාකර ගණ දෙවියන් උදෙසා පොල් තෙල් පහනක්‌ සමඟ රතුමල් මාලයක්‌ද සරස්‌වතී මෑණියන් උදෙසා එළිඟිතෙල් පහනක්‌ සමඟ සුදුමල් මාලයක්‌ පූජාකර හැකියාවක්‌ ඇත්නම් පලතුරු පූජාවක්‌ තබා දෙවියන්ට පිං අනුමෝදන් කර දරුවා මෙතෙක්‌ කල් සිදුකළ පාඩම් ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්නවලට නිසි පිළිතුරු සැපයීමේ හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කර "දිව්‍ය මූර්ති" ක්‍රමය සැලකිල්ලට ගෙන සෑම දරුවකු වෙනුවෙන්ම පොදුවේ සකස්‌කර ඇති පහත දැක්‌වෙන සුබ නැකැත්වලින් ඔබට පහසු නැකතක්‌ අනුගමනය කර දරුවා ලවා මෙම ගාථා ත්‍රිත්වය ගායනා කරවා විභාගය සඳහා පිටත් කරන්න. ඔබේ දරුවාට මෙම ගාථා කීමට අපහසුනම් මව හෝ පියා දරුවා ළඟට ගෙන මෙම ගාථාවල එන "මේ ජයමංගලානි" වෙනුවට "තේ ජයමංගලම්" ලෙස අක්‍ෂරය වෙනස්‌කොට ගායනා කරන්න.

නිවසින් පිටත්වීමට සුබ නැකැත්

අගෝස්‌තු 25 වන ඉරිදා පෙ.ව.6.10, 6.23, 6.32, 7.45, 8.02 ට දකුණු දිශාව බලා දකුණු පය පෙරට තබා පිටත් වන්න.

ගාථා ත්‍රිත්වය

නත්ථි මේ සරණං අඤaඤං

බුද්ධෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජය මංගලම්



නත්ථි මේ සරණං අඤaඤං

ධම්මෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජය මංගලම්



නත්ථි මේ සරණං අඤaඤං

සංඝෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජය මංගලම්


උපුටා ගැනීම ඉරිදා දිවයින නැකත පත්‍රය.

0 comments:

Post a Comment