Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Friday, August 24, 2012

සූනියම් යනු මොනවාද ?


සූනියම්


ප්‍රථමයෙන් සූනියම් උපත් කතාවල එන සූනියම් වර්ග පිළිබඳව විමසීමේදී මල්සරා රජු පිළිබඳ කතාව වැදගත් වේ. එම කතාවේ එන ආකාරයට දිගින් සැට රියනක්‌ හා පළලින් සත් වියතක්‌ වූ තඹ කරඬුවක ඇණ යතුරු තිස්‌ දෙකක කරවා ඒ තුළ හැටහතරක්‌ කටුගැසුවේද, නවසියයක්‌ දුණු විඡ්ජාද, පන්සියයක්‌ ගොපලු විඡ්ජාද, හාරසියයක්‌ විස විඡ්ජාද, දහ අටක්‌ ආගම්ද, පුරවා මල්සරා රජුට එවා ඇත. තවද "මල්සරා යන්ත්‍රයේ" එන ආකාරයට එම කරඬුවේ තුන්දහස්‌ අටසියයක්‌ ක්‍රේම සූනියම්ද, තිස්‌ එකක්‌ කටු ගැසුම්ද, එකසිය අටක්‌ පැතලි ගිනියම්ද, හැටහතරක්‌ දුණු ඇට පිළිද, යක්‌ගැටහිර, පිල්ලු, සූනියම්, ගිනියම් සූනියම් ආදීය දමා තිබුණා. මීට අමතරව එහි වැල්පැන්නුම්, ඉරි පැන්නුම්, අවෙල්, දෙවොල් විණ ආදී එකසිය අටක්‌ විණ තිබූ බව ද තිස්‌ස කාරියවසම් මහතා විස්‌තර කරයි. සත්කෝරළයේ ප්‍රචලිත "කබලෑපටුන" කවිපොතේ එන ආකාරයට ලක්‌දිවට ආගමනය වූ සූනියම් වර්ග රාශියකි. "පිල්ලි මෙ දහඅට අංගම් දෙසිතයි. ජීවම් දහඅට රූකඩ දොළහයි. කටුසර ජීවම් දෙසිය අසූවයි. ඉණාමදන තෙල් මාත්‍රා දොළහයි.

(ඒ. ඇම්. උක්‌කුබණ්‌ඩා මහතාගේ අත්පිටපතකිනි.)

මේ ආකාරයට කබලෑ පටුනේ පිල්ලි දහහඅටක්‌, ආගම් තිස්‌ දෙකක්‌. ජීවම් දහ අටක්‌, රූකඩ දොළහක්‌, කටුසර ජීවම් දෙසිය අසූවක්‌, මල් වැල් ඉරි ආදී පැන්නුම් දෙතිසක්‌, හිර වැලකුම් දෙතිසක්‌, සිංගි සූනියම් බන්ධන දොළහක්‌ (මෙය පියතිලක හල්පෙ ශූරීන්ගේ කබලෑ දෙවියෝ කෘතියේ දෙතිසක්‌ ලෙස ද ) දැක්‌වේ. මීට අමතරව මෙබඳු සූනියම් ආපිට යෑවීමේ ක්‍රම ද මෙහි අන්තර්ගතය. එනම් බන්ධන කැපුම් හතලිහක්‌, ජීවම් පිට පෙරලුම් නවයක්‌, ආගම් පෙරලුම් දොළහක්‌, පිල්ලි ආපිට යෑවීම් දොළහක්‌, හා අටකොණ ආරක්‌ෂා විධි විසි හතරක්‌ පිළිබඳව ද එහි සඳහන් වේ.

මීට අමතරව "බුද්ධමාලා මන්ත්‍රයේ" එන විණ කිරීම් ද කීපයකි. මෙහිදී එබඳු විණ හඳුන්වා දී ඇත්තේ ඒ ඒ විණ කරන යකුන් වශයෙනි. බුදුන් වහන්සේ ගාථා දේශනා කරන විට "හාරදහසක්‌ ක්‍රේමසූනියම්" වලට අරක්‌ගත් යකුනුත් යන්ත්‍ර, මන්ත්‍ර, තෙල්, අඳුන්, සඳුන් ආදියට අරක්‌ගත් භූත අභූත ප්‍රේත කොටසුත්, තෙල් මැතිරීම්, මල් මැතිරීම් ආදියට අරක්‌ගත් දෙමළ වෛකුණ්‌ඩ යකුනුත්, සන්නි දහඅට, කෝලා දහඅට, වලිප්පු දහඅටට අරක්‌ගත් සන්නි දහ අටේ දේවතාවෝත් තම තමන් කරන ලද ලෙඩ හා අවතාර අතහැර යැමට පොරොන්දු වූ බව එහි සඳහන්ය. මෙහි අවතාර හා ලෙඩ කිරීම් යනු විණ කිරීම්ය. තවද ඒ. ඇම්. උක්‌කුබණ්‌ඩා මහතාගේ අත්පිටපතක එන "කඟවේනා කැපීම" නම් මන්ත්‍රයේ කඟවේනා ඉරුදෙවි බැලීමට ගිය ගමනේදී පසු කළ විවිධ පොළොව වලදී හමුවූ විණ කපාගෙන ගිය අයුරු කියෑවේ. ජල පොළොවේදී ඉරි පැන්නුම්, දහසක්‌ බන්ධන, දහසක්‌ යන්ත්‍ර මන්ත්‍ර කටු ගැසුම් ද, ගල් පොළොවේදී දුනු බන්ධන, රතිමදන බන්ධන, වෙඩි බන්ධන, යන්ත්‍ර කටු ගැසුම් බන්ධන, මන්ත්‍ර කටු ගැසුම් බන්ධන, පිල්ලි අංගම් බන්ධන ද ලේ පොළවේදී දහසක්‌ ක්‍රේම වැලකුම්, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, රූකඩ කටු ගැසුම්ද, සාමාන්‍ය පොළවේදී යගල් බන්ධනද, වාපොළොවේදී දෙමළ, විල්ලෝඩි, එළු, මකත, වඩිග, තෙලිඟු, නාගර, සගිස්‌කුර්තා, වෑකරණ, භාෂා බන්ධනද, ඝනකඩ බොල් පොළොවේදී උරඟ රාම හිර බන්ධන, පිල්ලි අංගම්, සොහොන් බන්ධන, පිල්ලි කඩවර බන්ධන, යක්‌ෂ, රාක්‌ෂ, භූත, ප්‍රේත යක්‌ෂ කටු ගැසුම් බන්ධන ද පිළිබඳව කියෑවෙන අතර මීට අමතරව නව ලක්‌ෂ අසූහතර දහසක්‌ ක්‍රේමහිර බන්ධන ද අටසියයක්‌ මුණගැසුම්ද, හාර දහස්‌ හාරසිය හැත්තෑ හතරක්‌ අණ විණ ක්‍රේම වැලකුම්ද, ඔඩ්ඩිස බන්ධන, තාරුකා බන්ධන, වටකුමාර, ලේ කඩවර, ඉණාමදන, රතිමදන, මල්මදන, කාම මදන, ගිනි බහිරව, පිල්ලි, අංගම් ආදී විවිධ සූනියම් ක්‍රම පිළිබඳව සඳහන් වේ. මෙම මන්ත්‍රයේ බලය කියාපෑමට මෙබඳු විණ කැපිය හැකි යයි නම් කර ඇතත් මේ මන්ත්‍රය තුළ එම සූනියම් පිළිබඳව වැඩි විස්‌තර දක්‌නට නැත.

විඡේකෝන් මුදියන්සේලාගේ උක්‌කුබණ්‌ඩා මහතා සතු පාරම්පරික මන්ත්‍ර ශාස්‌ත්‍ර දැනුමට අනුව "දහඅටපාලි මන්ත්‍රයේ" එක්‌වාදහස්‌ හාරසිය හැත්තෑවක්‌ සූනියම්ද, තුන්දාස්‌ හාරසිය හැත්තෑවක්‌ බන්ධනද, තිස්‌දෙකක්‌ අංගම්ද, ඇති බව කියෑවේ. එමෙන්ම "දෙවොල් අලගු" මන්ත්‍රයේ යක්‌ෂ බන්ධන, හනුමා බන්ධන, බහිරව බන්ධන ආදී නවසිය හැත්තෑ අටක්‌ බන්ධන පිළිබඳවත් එක්‌දහස්‌ අටසියයක්‌ සූනියම් පිළිබඳවත් කියෑවෙන අතර එම මන්ත්‍රය මගින් හැටලක්‌ෂ එක්‌දහස්‌ අටසියයක්‌ බන්ධන කැපෙන බවත් තිබේ. අවසානයේ බන්ධන ලෙස සඳහන් කර ඇත්තේ සියලු ආකාරයේ විණ කිරීම් විය හැකිය.

හීන්කන්දේ සිරිපාල වෙද මහතා විසින් සිය පාරම්පරික පුස්‌කොළපොත් ඇසුරින් සොයා දුන් "මහපිල්ලි පාරාව මන්ත්‍රය" මගින් කැපිය හැකි විණ වර්ග මෙසේ සඳහන් වේ. ආතාල සූනියම්, පාතාල සූනියම්. එවන සූනියම්. මරණ සූනියම් ආදී හාරදහස්‌ හාරසිය හැත්තෑ එකක්‌ සූනියම් ද, ආතාල බන්ධන, පාතාල බන්ධන, දිෂ්ටි බන්ධන, වලහක බන්ධන ආදී තුන්දහස්‌ හාරසිය හැත්තෑ එකක්‌ බන්ධන ද, වෙඩි වැලකුම්, දුණු වැළකුම්, ඇට වැළකුම්, කුර වැලකුම් ආදී දහ අටක්‌ වැලකුම් ද, රොඩී අංගම්, එවන අංගම්, හරින අංගම්, පිඹින අංගම්, ආදී තිස්‌ දෙකක්‌ අංගම් ද පිළිබඳව සඳහන්ය. මීට අමතරව එතුමා සතු "සත්පත්තිනි දෙවොල් අලගුව" මන්ත්‍රයේ "බන්ධන" වර්ගයන්හි අනුකොටස්‌ද සංඛ්‍යාත්මකව තවදුරටත් විස්‌තර කර ඇත. එනම් තාරුකා බන්ධන එකසිය තිස්‌ දෙකක්‌ද, වටුක බන්දන හැට හතරක්‌ ද, හිර බන්ධන එක්‌දහස්‌ හාරසියයක්‌ද, පිල්ලි බන්ධන හාරසිය තිස්‌ දෙකක්‌ද, ආදී ලෙස බන්ධනයන්ගේ අනුකොටස්‌ ද තව තවත් විග්‍රහකොට ඇත.

මෙසේ ප්‍රධාන වශයෙන් සූනියම්, බන්ධන, වැලකුම්, අංගම් පිල්ලි, ජීවම්, රූකඩ කටු ගැසුම්, පැන්නුම්, හිරකෙරුම්, කාලම් ආදිය වර්තමානයේ ව්‍යවහාරයේ පවතින නමුත් මේ සියල්ල භාවිතයේ නොපවතී. මෙම අභිචාර ක්‍රමයන්ගේ වර්තමාන හා අතීත භාවිතයන් පිළිබඳව ඉදිරි ලිපිවලින් සාකච්ඡා කෙරෙයි. මෙසේ මේවා සංඛ්‍යාත්මකව මෙපමණකැයි පැවසීම අසීරුය. ඒ ඒ මන්ත්‍රවල බලය කියාපෑමට මේවා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කර ඇතත් සමස්‌ථය ඒ ඇසුරින් නිශ්චය කිරීම කළ නොහැක. මෙසේ ප්‍රමාණාත්මක වශයෙන් විග්‍රහ කළ නොහැකි අති විශාලවූ අනර්ථකාරී අභිචාර මගින් පුහුදුන් මිනිසා සතු අනන්ත වූ ද්වේශයත් වෛරයත්, ක්‍රෝධයත් ආදී අයහපත් සිතුවිලිම නිරූපණය කරන්නේදැයි හැඟේ.
බුද්ධික සමන් ගුණවර්ධන

කාන්තා වශී මන්තරයක්.

මෙන්න තවත් වශී මන්තරයක්...

මන්ත්‍රය 

නමෝ මුඛ බන්ධ මෝක්‍ෂ මුඛ බන්ධ හෑස්වාහා ෴

මුහුණ බලාගෙන නම සමග මන්ත්‍රය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ...

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්


උපුටා ගත්තේ / ලොවෙත් නෑ පිටුවෙන්
◄ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා ►

ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූයේ වීදාගම මෛත්‍රිය නාහිමියන්ය. රාහුල හිමි පසුව ගුරු හිමියන්ටත් වඩා දක්ෂයකු වූ බව ප්‍රකටය. රාහුල හිමියන් ගැනත් වීදාගම නා හිමියන් ගැනත් (ගුරුගෝල) ගෙතී ඇති කතා රාශියක් අසන්නට ලැබේ.

රාහුල හිමියන් සසුන් ගතවීමට පෙර මාළු ඇල්ලිමට මහත් කැමත්තක් දැක්වුහ. දිනක් මේ කුමරා වෙල් යායක වක්කඩට වි බිලී බාමින් සිටින අතර වීදාගම නා හිමියෝ එතැනින් යන්නට පැමිණියහ. බිලී බාන කුමරා දුටු වීදාගම හිමි “ඈ බොල කොලුවෝ, අටවකදා මොන වළ යන්නද ඔය මාළු බාන්නේ” යනුවෙන් ඇසුවේය. එය ඇසු සැණින් කුමරා දුන් පිළිතුර වූයේ “නෑ හාමුදුරුවනේ, මේකේ අටවකක් නැ. එක වකයි තියෙන්නේ. මේ වළ නැත්නම් එහා වළටත් යනවා” යනුවෙනි. වීදාගම නා හිමියන් එදා මේ කුමරාගේ තරම දැන ගත්තේය.

දිනක් වීදාගම නාහිමියෝ රාහුල පොඩි හමුදුරුවන්ට කිරිහට්ටියක් සමග කෙසෙල් ඇවරියක් දී එය ලඟ පන්සලකට නායක හිමි නමකට දී එන්නට හැරියේය. එය පිළිගන්වා “පුර හඳයි, පසලොස්වකයි” පිළිගන්නා ලෙසද කියන ලෙස කිවේය. එය පිළිගන්වා පැමිණ “නායක හාමුදුරුවන් අඩ සඳයි, අටවකයි පිළිගත්තා” යැයි කියා යැවුහ. රාහුල සාමණේරයන් කිරි හට්ටියෙන් අඩක් සහ කෙසෙල් ගෙඩි කිහිපයක් කා ඇති බව වීදාගම හිමියෝ තෙරුම් ගත්හ.

වීදාගම නාහිමියන් වෙදකමට මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අති දක්ෂයකු විය. වීදාගම මෛත්‍රිය නා හිමියන් සතුව සරස්වතී තෛලය නමින් බලගතු, දිව ගෑ සැණින් මතකය වඩවන සුළු තෙලක් තිබුණු බව එකල ප්‍රසිද්ධ විය. එය කෙස් ගසකින් ලා කට ගැසු සැණින් පුදුමාකර තෛලයකි. නා හිමිගේ ප්‍රධාන ගෝලයා වු සිරි රහල් හිමියන්ද මෙය දැන සිටියේය. වීදාගම නා හිමියන් මේ බෙහෙත අල්මාරියක දමා යතුරු ලා ඉතා සුරක්ෂිතව තබාගෙන සිටියේය. දිනක් වීදාගම නාහිමියෝ දානයකට වැඩියහ. නමුත් අල්මාරියේ යතුර ගෙන යාමට අමතක විය. අවස්ථාවෙන් ප්‍රයොජන ගත් රාහුල හිමියෝ සරත්වතී තෛලයෙන් මදක් පානය කළෝය. නමුත් එය කට ගැ යුතු වුයේ තෙල් ගැ කෙන්ද පවා හත්වරක් ගසා දමාය. මෙනිසා රහල් හිමියෝ සිහි මූර්ජා විය. දානයට වැඩි වීදාගම හිමියෝ ආපසු පැමිණ තම ගෝලයාට සිදුවී ඇති විපත දැන ගත්තේ ගිරවා ගෙනි. “තොටගමුවේ මළා තොටගමුවේ මළා” යැයි ගිරවා කියන්නට පටන්ගත්තේය. ගිරවාගේ මේ කීමෙන් වීදාගම හිමියෝ සිදුවු දේ වටහාගත්තෝය.විදාගම හිමියෝ සැම තැනම් ගෝලයන් යවා මව් කිරි එකතුකර රහල් හිමියන්ව මව් කිරි ඔරුවක බහා විස බැස්සුවේය. එතැන් පටන් ශ්‍රි රාහුල හිමිට නොවරදින මතකයක් ලැබුණු බව කියවේ.

දිනක් විදාගම-රාහුල ගුරු ගෝල දෙනම ඉදිරියට ඇති සුභ නැකැත් දින තේරීමේදී ගලක වුවත් ඉන්නක් පැලවෙන ඉතා බලගතු ගොවි නැකැතක් ඇති බව දෙදෙනාම දුටුවේය. නැකැත් වේලාව තත්පර කිහිපයකට පමනක් සීමා වී ඇති බව දුටු දෙදෙනා මෙම සුභ නැකත අත්හදා බැලීමට කතා කර ගත්තේය. දෙදෙනා කතාකර ගත් පරිදි සුභ නැකැත් වේලාව උදවන දිනයේ දෙදෙනාම පැළ ඉණි දෙකක් සූදානම් කරගෙන පන්සල් වත්තේ පිහිටි ස්වභාවික ගල්තාලවක් මතට වී නැකැත් වේලාව උදාවන තුරු සූදානම් වී සිටියේය. සුභ නැකැත් වේලාව අනුව ගල් තලාවේ පිහිටි සිරස් දෙබලක් මතට පැල ඉන්න දැමූ විට දෙබල හා වී ඉන්න ගල් තලාවේ නොගැලවිය හැකි පරිදි පිහිටිය යුතුය. නැකැත් වේලාව උදාවුණි. විදාගම හිමි තමන් අතින් අල්ලන් සිටි පැළ ඉන්න ගල් සිදුර තුලට "ඔසවා" අත්හලහ. ඉන්න ඔසවන විට ගුරුහිමියන්ට නැකත වැරදුන නමුත් ගෝලයා ඉන්න තම පය ඇඟිලි අතර රඳවාගෙන සිටි නිසා ඉතා පහසුවෙන් ඉන්න සිටුවීමට හැකිවිය.

රාහුල හිමියන් තොටගමුවේ විජයබා පිරිවෙණේ විහාරාධිපති ධූරය දරන සමය වනවිට සියලු සාස්ත්‍ර වල කෙල පැමිණි යතිවරයෙක් විය. උන්වහන්සේ ගූප්ත විද්‍යවෙන් නොයෙකුත් හාස්කම් කලබවට ප්‍රකටය. වරක් දේව රූපයක් දකිනු රිසියෙන් සෙත් කවියක් කියු විගස දේවියන් දර්ශණය වූ බව ප්‍රකටය. රාහුල හිමියන්ට යොදුනක් මානයේ කතාබහට සවන්දිය හැකි ධ්වනිවාහිනි නම් යන්ත්‍රයක් තිබිනු බවත් ගුප්තවිද්‍යා බලයෙන් හිමාලයට ගොස් එහි විස්තර දැනගෙන “හිමාල වර්ණනා” නම් පොතක් ලිවූ බවටත් කතාවක් ඇත. ගූප්ත ශාස්ත්‍ර මගින් යකුන් ඇතුළු අමනුෂ්‍යන්ගෙන් වැඩ ගත් බවද ප්‍රකටය. තොටගමුවේ විහාරය වැඩ පවා යකුන් ලවා කරගත් බව කියැවේ එම විහාර කොටුවේ මේ භුත පිරිස විසූ අතර එම ප්‍රදේශය අද යක්කටුව නමින් හැදින්වේ.

උන්වහන්සේ කවියකු ෂඩ්භාෂා පරමේශ්වර නාමධාරි පඩිවරයකු මෙන්ම නක්ෂත්‍ර යන්ත්‍ර මන්ත්‍ර වෙදකම් ආදී නොයෙක් ශාස්ත්‍රයන්හි හසළ දැනුමක් තිබූ අයෙකි. අම්බන කිඳුරුගල ලෙනෙහි වැඩ සිටිය දී අවසන් හුස්ම හෙලූ උන්වහන්සේගේ ශ්‍රී දේහය ඖෂධ හා මන්ත්‍ර බලයෙන් ආරක්ෂා වී තිබීම හේතුවෙන් සියලු ලක්වැසියන් ඒ දේහයට වැඳුම් පිදුම් පුද සත්කාර කරමින් සිටි අතර 1552 මුල් අවධියේ පෘතුගීසීහු දේහය ගෝවට රැගෙන ගොස් එය ඔවුන්ගේ ශාන්තුවරයකුගේ දේහයැයි ප්‍රසිද්ධියට පත් කොට අද දක්වා එහි රඳවා ගෙන ඇත.

මේ ශ්‍රී දේහය අවුරුදු දහස් ගණනක් ජීවමාන ආකාරයෙන් ම තබාගන්නට හැකි බව වරාම්භිර ආචාර්යයන්ගේ “ප්‍රණීත වෘහත් ජාතක” යන පොත සඳහන් කරයි. අද දක්වා නියපොතු, රැවුල, හිසකෙස් ආදිය වැඩෙන බවට දේහය ඇසින් දුටුවන් සාක්ෂි දරයි.

රාවණාගේ ආකර්ෂණය ගන්න දිෂ්ටි මන්තරයක්


මන්ත්‍රය 

ඕං ශ්‍රී රාවණා ශක්ති සද්ධිං විඣිමාහ හරිං හරිං ශ්‍රී ය:

වැඩි වෙලාවක් රතියෙහි යෙදීමට මන්ත්‍රයක්


රතියෙහි යෙදෙන අවස්ථාවේ මුමුණ මුමුණ ඇයගේ නළලට පිඹින්න..... timing timing..(වැඩි වෙලාවක් රතියෙහි යෙදීමට )

මන්ත්‍රය 

'' ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි ඉබ්‍රා වාරු ශ්‍රී නාකර යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී අම්මා ඉදං වා වා ''
---------------------------------------------------------------------------

සරල වශීයක්


මෙය වැඩිපුර කියා සිඩිය ලබාගත් විට ඕනෑම කෙනෙකුගේ මුහුණ බලා මන්ත්‍රය සිහිකොට ශරීර අඟවල ඕං කාර්ය ලීවා යැයි සිතා සිනාසෙන්න... සිත බැඳේ...

මන්ත්‍රය 


ඕං විචී චිචී ඒස්වඃ 
----------------------

සතුරන්ගෙන් ආරක්ෂාවීමට මන්තරයක්

සතුරන්ගෙන් ආරක්ෂාවීමට.


ක්‍රමය :-මෙම මන්ත්‍රය තල්කොළ කෑල්ලක ලියා දෝෂ නොමැති වෙලාවක 108 වරක් මතුරා ඉනේ තබා ගැනීමෙන් සතුරු කරදර වලින් ආරක්ෂාවී සිටිය හැක.

මන්ත්‍රය:- ඕං නමෝ ක: ක: කි: කි:කු: කු: ශ්‍රී ය:


බිරිද සතුටු කිරීමට මන්තරයක්


බිරියගේ මුහුණ බලා හත්වරක් සිහි කරනු... ඇය සතුටට පත්වෙයි... ( රතියෙන් ) නැතුව නම් ගැනු සතුටු කරන්න හීනෙන්වත් බැහැ...

මන්ත්‍රය 

' ඕං නමෝ එක්වූ ස්වාමිං දනං කරෝනිඃ '' 
----------------------------------------------

සීනි බෝල වශී ගුරුකමක්

වශී ගුරුකමක් .....


ක්‍රමය 

එක් සිනි බෝලයකට නම වර බැගින් සිනි බෝල තුනක් මතුරා දෙනු... සිත බැඳේ...

මන්ත්‍රය 

'' ඕං පාන්බු ඉරික්කුම් පදිනරු ඉරික්කුම් එට්ටු පත්තු ශක්‍ර ඉරිපත්තු කෝණාවුන් මදන මෝහිනී උම්මේයියා නානේ අමියුම් කිලියුම් ( ස්ත්‍රියගේ නම ) වර වර නමඃ ''
--------------------------------------------------------------------

අත කැපිමකදී ප්‍රතිකර්මයක්

----------------------------------------අත කැපිමකදී----------------------------------------


බුලත් කොළ කැබැල්ලක් ගෙන කැපුණු තැන අලවා,

මන්ත්‍රය 

'' ඕං නමෝ අප සම්මා සම්බුදු මෑණියන් වහන්සේගේ අත කපා අත හා කිරීමෙන්
පය කපා පය හා කිරීමෙන් , එකිරි මස් දෙකිරි මස් , කිරි කිරි මස් පූට්ටු පූට්ටු එස්වඃ ''

තවත්  මන්ත්‍රයක්‌  

'' ඕං අංගුලිමාල තෙරුණ්ගේ අත කපා අත සංධි කලෙම්, පය කපා පය සංධි කලෙමි...එකිරි කිරි මස් මෙකිරි කිරිමස් පුට්ටු පුට්ටු එස්වහ්ඃ'' 

සර්පයන් ගෙන ආරක්ෂාවීම සඳහා මන්ත්‍රයක්

------------------------- සර්පයන් ගෙන ආරක්ෂාවීම සඳහා මන්ත්‍රයක් -------------------------

මන්තරය 
'' අසර්පේන සර්පේනං නෙරං නමඃ ''

නාගයින්ගෙන් ආරක්ෂා වීමට මන්තරයක්

නාගයින්ගෙන් ආරක්ෂා වීමට.
මන්ත්‍රය 
ආසිකාරේ නාසිකාරේ නෛ නාසිකාරේ නයි දරන උසි උසී.

ක්‍රමය 
වැලි ටිකක් හෝ ගල් කැබලි ටිකක් තම අතට ගෙන මෙම මන්ත්‍රයෙන් තුන්වරක් මතුරා විසිකරන්න. නයා නොපෙනී දුවනු ඇත.