Friday, January 4, 2013

පාරම්පරික අත් බෙහෙත් කිහිපයක්


පාරම්පරික අත් බෙහෙත් කිහිපයක් 


හිසරදයට
අබ හා සුදු හදුන් ගෙන අමු ඉගුරු හා දෙහි ඇඹුල් යුෂින් අඹරා නළලේ ගාන්න.

දියවැඩියාවට
ඉදුණු අළු කෙසෙල් ගෙඩි කිතුල් හකුරු සමග කෑමට ගන්න.

උළුක්කුවට
උළුහාල්,පොල්,හික්පොතු ගෙන කොටා මලවා බදින්න. වේදනාව ඇත්නම් ලුණු පොට්ටනියක් සාදා උණූ වතුරෙන් තෙමා තවන්න.

දද වලට
පෙති තෝර ඇට විනාකිරෙන් අබරා ගාන්න.

අළුහම් වලට
සුදු හදුන් දෙහි අැඹුෙලන් අඹරා දින කීපයක් ගාන්න.

කරවලා කෑ විෂට
කරපිංචා කොළ,පොතු ,නැටි කලං 12ක් වතුර පත අට එකට සිදවා පෙරා පොවන්න.

උල්කටු ඇදීමට
එරබදු කොළ කොටා කටුව ඇනී ඇති ස්ථානයේ බදින්න (කටුව ඇදේ )

දළඹු විෂට
පරණ පොල්තෙල් ගාන්න.

කෙන්ද පෙරලීමට
දියලුණු ටිකක් කන්නට දී තල තෙල් ගා සම්බාහනය කරන්න.

විදුරුමස් දියවීම සමනයට
මුනමල් පොතු ,අරළු ,පෙති පුවක් ,දෙළුම් ලෙලි සමව ගෙන කබලේ බැද කුඩුකරගෙන  දත් මදින්න ,ඉහත ද්‍රව්‍ය තම්බා එම වතුරෙන් දිනකට දෙවරක් කට සෝදන්න.

හිරමනයට තුවාල වූ විට
හිරමන තලය ලිපේ දමා රත් කරගෙන එයින් පොල් ටිකක් ගා මිරිකා ගත් කිරි තුවාලයේ ගාන්න.


1 comments:

  1. පාරම්පරික අපේ නැතිවී යන වෙද හෙදකම් තවදුරටත් රැක ගැනීමට ඔබ දරන මේ උත්සාහය ඉතා අගේ කොට සලකමි

    ReplyDelete