Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Saturday, January 25, 2014

මතක ශක්‌තිය වැඩි වන්න ඉතා දුර්ලභ අති ශ්‍රේෂ්ඨ සරස්‌වතී බන්ධන මන්ත්‍ර රාජයා


විභාගයකින් සමත්වීම යනු ඔබේ සිත විසින් මෙහෙයවනු ලැබ මනෝමය ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ඔබේ හිතේ එය නොමවන ලද්දේ නම් ඔබ විභාගයෙන් සමත් වීමක්‌ සිදු නොවේ. මිනිසා විසින් මවන ලද ලෝකයත්, යාන, වාහන, යන්ත්‍ර සූත්‍ර, විද්‍යාශාස්‌ත්‍ර, කලා ශිල්ප හා හඳට පෘතැබීම සඳහා නිපද වූ රොකට්‌ යානා පවා බිහි වුණේ මිනිසාගේ සිත තුළින්ම බව පරම සත්‍යයකි. නමුත් සමහරු සිතට කිසිම වැදගත්කමක්‌ නොදී බාහිර කය සහ බාහිර ආටෝපය වැදගත් ලෙස සලකා ක්‍රියා කරමින් එයින් ප්‍රයෝජනයක්‌ නොගනී.

සිත ස්‌වභාවයෙන්ම ප්‍රභාෂ්වරය, බැබළෙන බවත් පැහැදිලි බවත් එහි මූලික ස්‌වභාවයයි. ඒ වගේම එය පහසුවෙන් කිලිටි වේ. ඔපයද අඩු වේ. ඒ නිසා එය කිළිටි වන්නට ඉඩ නොදී ඒ ගැන නිතර නිතර සෝදිසියෙන් සිටියොත් එහි වටිනාකමත්, ශක්‌තියක්‌ කියා නිම කළ නොහැකිය. තාපය, වායුව, විද්යුතය වැනි බලවේගවලට වඩා ඉහළින් සිත වේගවත්ව ක්‍රියා කරයි.

යම් කිසි ද්‍රව්‍යයක හෝ පදාර්ථයක ඇති ශක්‌තිය විසිර යැමේදී අඩුවීමත් ඒකරාශී වන විට රැස්‌වීමත් සිදු වේ. තනි පොල් ඉරටුකුරක්‌ අපට පහසුවෙන් කැඩීමට පුළුවන. නමුත් ඉරටු රාශියක්‌ එකට මිටිකර ගතහොත් එය අපට කඩන්නට අපහසු වන්නා වගේම සිතද විසිර ගියවිට ශක්‌තිය අඩුවේ. එකඟ කරගතහොත් ප්‍රබලව බලවත් වේ. පිරිසිදු කළවිට බැබළේ, ලෙළදේ. සන්සුන් වූ විට පැහැදිළිය. කුණු, කිළිටි, මලකඩ හැරැ සිත එකඟ කරගතහොත් විශාල බලයක්‌ ධාරණ ශක්‌තියක්‌ ඇති වී ඔබ කියවන පොතපතින් උගන්වන දේ හිත තුළ ඒකරාශි තරගතහොත්, පොත පත කියවා ගැඹුර සොයා යන්නේ නම් ඔබට විභාගයෙන් සමත්වීම එතරම් අපහසු කාර්යයක්‌ නොවේ.

අපේ මගේ ලොව්තුරු බුදු රජාණන් වහන්සේ දේශනා කළ මේ ගාථාපාඨයෙහි අර්ථය දෙස බලන විට "ලෝකයේ මෙතෙක්‌ පහළ වූ සියලුම චිත්ත ධර්ම විද්‍යාවන්" මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙට්‌ඨා මනෝමයා" යන සරළ ගාථාවෙන් පිඬුකොට දක්‌වා ඇත.

එනිසා ශිල්පය හදාරන ඔබගේ හිත ඒකරාශි කොට ධාරණ ශක්‌තිය සිත තුළට කිදා බැහීමට ඉපැරැණි මන්ත්‍රවේදීන් භාවිතා කළ ඉතා දුර්ලභ අති ශ්‍රේෂ්ඨ සරස්‌වතී බන්ධන මන්ත්‍ර රාජයා පැරණි පුස්‌කොළ පතින් උපුටා පළ නෙළාගත් ජය ගත් මන්ත්‍රයක්‌ මෙසේය.

මන්ත්‍රය

ඕං ශ්‍රී්‍රං ශ්‍රීං අස්‌වාහ අමරගුරු රත මයුරාසනේ බල දැරූ ශ්‍රියා කාන්තාව දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දිව්‍යරාජයින්නේ දිව්‍ය පරසතු මල් උයනේ පරසතු මල් නෙළා මල් යහනාවක්‌ කර අතුරුවා දස දහසක්‌ දිව්‍ය සළු එලා මල් මාලා පැළඳ රන් ඔත් මාලිගා සමග ශක්‍ර දිව්‍ය රාජයා අප ගෞතම බුදුරජාණන් වහන්සේට පාණ්‌ඩුකම්බල සෛලාසනේ පිදූ දාමේ දිව්‍ය දේවතාවී යහනාව පූජාකර චන්ද්‍රමණ්‌ඩලයට වැඩ සිට සුවඳ මල් විමාන දේවාල රාජභවන විහාර මාලිගා බලා වාස භවන ලත් ශ්‍රියාකාන්තාවී වා වා දේව ශ්‍රී කාලී එන් එන් මාගේ සුවඳ මල් අස්‌නට සරස්‌වතී දිව්‍ය දේවතාවී එන් එන් සුවඳ මල් පහන් කෙරේ දිෂ්ඨිලා මාගේ බන්ධනයට අසුව මම සිතූ දේ සිද්ධ කර දෙන්න මම යන ගමන දිනවා දෙන්න කුහේරපුර වෛශ්‍රවන දිව්‍ය රාජයින් අනින් බැන්දේන් ශ්‍රී ලෝකාග්‍ර මුනිවරයින් අනින් බැන්දේන් තවද වෘක්‌ෂ දේවාල හිමාල දොරටු අදිපති දෙවියන් අනින් බැන්දේන් රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කෙහෙතුයි යන නව ග්‍රහ දෙවියන් අනින් බැන්දේන් ශ්‍රීකාන්තාවි පත්‍රකාලී පිය රූපි සර්වලෝක නායකකී දේව සිරි කාලි ගණදේවී සරස්‌වතී වරදේවී සිව් සැටක්‌ ශිල්ප ධාරණේ වර දේවී නමෝ නමඃ ඕං අංගුලිමාලි මහා පෝරිසාද දැහනේ ශ්‍රීං ශ්‍රීං ශ්‍රී මුඛ සලිත දේවතාවියේ මුඛය සලිතවී දිවතුලට හිතට ප්‍රාණ දිෂ්ඨි සරස්‌වතී දේවසිරි කාලිවර වර නමඃ

(මෙහි මම, මගේ යන තැත්වලට අනුන්ට කරදෙන විට ඔහුගේ නියම නමට මතුරා දෙන්න)

ක්‍රමය

මෙයින් නිසිපල නෙළා ගැනීමට නම් පිරිසිදු පැන් කළයක්‌ හත් වරක්‌ පෙරා මල් අසුනක තබා, රන්තැඹිලි තෙල්, නෙලුම් රේණු, ඇට මද, අල, සුදු හඳුන්, බැමිකීරිය, ෙත්‍රෙයිලෝක්‍ය විජය පත්‍රම්, නෙලුම් පත්‍ර කබලේ රන්වන් පාටවනතෙක්‌ බැද රසදියෙන් අඹරා අව්වේ සිඳුවා තඹ, පිත්තල බඳුනක තබා එම අසුනේම තබා ඉතා පිරිසිදුව සරස්‌වති ස්‌තෝත්‍ර කියා පිංදී ඉහත මන්ත්‍රයෙන් 1008 වරක්‌ ජපකොට පැන් ටික ටික දින 21 ක්‌ උදේ හිස්‌ බඩ බොන්න. ඉන් පසු ඔබ පාඩම් කරන විට ජපකරගත් "සරස්‌වතී බන්ධන තෙල්වලින් අශ්ව මයිලක්‌ නැතහොත් නෙලුම් රේණුවක්‌ ගෙන බහා දිව ගා පාඩම් කරන්න. දේශනා අහන්න. ඔබ අදහන දේත් ඔබ පොත පතින් ලබන දැනුමත් සිත තුළට ධාරණයවී ඔබේ හිස තුළ ඇති ගබඩාවෙහි තැන්පත්වී ගුප්ත මහ වාසලක්‌ වී එයින් ඔබට අනාගත ලෝකයේ සුන්දර විමන හමු වේ·

සිත කෙනකු සතුවූ - යෙද වුව හොතින් නිsසි මග,

ඒ බලය පරදන - යමක්‌ මේ ලොව තුලේ නැත්මැයි·

සිතේ බලවේගය - වැදී මහ කඳු සමතලා වේ,

මේ බව සැබෑ බව - zඇටම්Z වේගය ලොවට පෙන්වයි.

සිතෙහි බලවේගය - ලෝකය රද කරණුවේ··


2014 නව වසරට සදහම් ඔවදනක්‌...



2014 වර්ෂයේ පළමු මාසයේ අවසන් දවස් කිහිපයේ පල කරන මෙම සදහම් ඔවදන.... ව්‍යවහාරික වර්ෂයෙන් එක්‌ වර්ෂයක්‌ ගෙවී නව වර්ෂයක්‌ උදාවෙලා. ඒ කියන්නේ 2014 වර්ෂය උදාවෙලා. වෙනත් වචනවලින් කියනවා නම් අවුරුද්දකින් වයසට ගිහිල්ල. මරණයට ළඟාවෙලා. අපිට මේ වර්ෂයේ උදාව විවිධ දෘෂ්ටි කෝණවලින් බලන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක්‌ මේ දෙස බලන්නේ මේ විදිහේ ලෞකික දෘෂ්ටිකෝණයකින්. තව තවත් කාම සම්පත් ලබන්න. පංචකාමය තුළ ගිලා බසින්න. මමත්වය හුවා දක්‌වාගන්න. ධන කාමයෙන් මත් වෙන්න. බල කාමයෙන් මත්වෙන්න. රූප මදයෙන් මත්වෙන්න. ජනප්‍රියත්වයෙන් මත්වෙන්න. අන් අයට ගිනි ගෙඩි දෙන්න. තමාගේ සුබසිද්ධිය පතාගෙන රට, ජාතිය, ආගම, පාවා දෙන්න. අන් අයට මොන තරම් බාධා වුණත් තමාගේ වැඩේම කර ගන්න. කොතරම් අයුක්‌ති සහගත ලෙස හරි බඩගෝස්‌තරවාදීව, ධන තෘෂ්ණාවෙන් මුදල් හම්බ කරන්න. ඒ කියන්නේ ආධාර්මික විදියට ධනය හම්බ කරන්න. අනිත් අයව යටපත් කරගෙන කෙතරම් නුසුදුසුකම් තියාගෙන හරි තනතුරු නම්බුනාම ලබන්න.

මේ ආකාරයෙන් කටයුතු කිරීම මේ වර්ෂයේදී දිගටම කරගෙන යැම ධර්මානුකූව කොතරම් ගැළපෙනවාද කියල අපි විවරණය කර බැලිය යුතුයි. බැරිවෙලාවත් අපි අධර්මානුකූලව ජීවත්වුණොත් අපි මේ ජීවිතය පරිහානියට පත්කර ගත්තා වෙනවා. පරලොව ජීවිතයත් අනිවාර්යයෙන්ම දුගතිගාමී කරගන්න වෙනවා. ඒ නිසා අපි කළ යුත්තේ මුලදීම අපේ ජීවිතය යහපත් කර ගැනීම සඳහා සැලසුම් කර ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ අපිට දෙශ්නා කළා පියවර තුනක්‌ ගැන. ඒ තමයි ශීල, සමාධි සහ ප්‍රඥ. ඔබ පසුගිය වසරේ හොඳින් ශීලය ආරක්‌ෂා කළාද යන්න කල්පනා කර බලන්න. බොහෝදුරට පංචශීලවත් රැකගැනීමට ඔබට හැකියාවක්‌ නොලැබෙන්න ඇති. ඔබ පන්සිල් පද පහ ආරක්‌ෂා කර ගැනීමට අධිෂ්ඨාන කරගන්න ඕන. පංචශීලය රැකීය හැමදාම අහන්න ලැබෙන්න යෑයි ඔබට හිතෙන්න පුලුවන්. ඒ වුනත් අපිට ඒකෙන් ලැබෙන ආනිසංශය බැලිය යුතුයි. රහතන් වහන්සේලා සියනමකට දෙන දානයට පිං සිද්දවෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා සියනමකට දෙනදානයට ඊට වඩා පිංසිද්ධවෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දෙන දානය ඊටත් වඩා පිංසිද්ධවෙනවා. ඔබ පංචශීලය අරක්‌ෂා කරගත්තොත් මේ වගේ විශා පිනක්‌ ලබාගන්න පුළුවන් වෙනවා.

පොහෝ දිනවලදී නිවාඩු දාල අටසිල් සමාදන් විය යුතුයි. බොහෝ විට අපි කරන්නේ නිවාඩු දිනවල පාඩිදාන එක, විනෝද ගමන් යන එක වැනි දේවල්. ඒ වුණත් කවුද නිවාඩුදාලා සිල සමාදන් වෙන්නෙ. නමුත් අපේ මරණය කොයි මොහොතේ සිදුවෙයිද කියා කාටවත් කියන්න බැහැ. සමහරු පොහෝ දිනයට සිල් සමාදන් වෙන්නෙ හතරහන්දි පණ නැතිව ගියාම. එතෙක්‌ නට නට, ගය ගය, වය වය කාලය ගත කරනවා. සමහරු මැරෙනකම් හතරමායිම් පරිස්‌සම් කරමින් ඉන්නවා. ලෞකික ජීවිත ගතකරද්දී ගේ-දොර, ඉඩ-කඩම් ආදිය අවශ්‍යයි. නමුත් අපි ඒ පසුපසම වැටී සිටියොත් පිනක්‌ කර ගැනීමට තිබෙන අවස්‌ථාව නැතිවෙනවා. ඒ නිසා කොහොම හරි පන්සිල්, අටසිල්, දසසිල් සැබෑ ලෙස ආරක්‌ෂා කිරීම පටන් ගන්න ඕන.

ඊට පසු සමාධිය වැඩීම ආරම්භ කළ යුතුයි. සමාධිය කියන්නේ භාවනා කිරීම. සිත එක අරමුණකට ගෙන ඒමට උත්සාහ කිරීම. ඒ සඳහා අපි හැකි පමණින් පහසු භාවනා ක්‍රම ආරම්භ කරන්න ඕන. එකක්‌ තමයි මෛත්‍රී භාවනාව. ඒ වගේම ආනාපානසති භාවනාව. ඒ වගේම ධාතුමනසිකාර භාවනවා. අනිත්‍ය ආයතන භාවනාව. සමහර අය භාවනා කිරීම ගැන පැවැසූ විට භය වෙනවා. ඇතැම් අයට වේලාවක නැති බව කියමින් ලතවෙනවා. නමුත් අපි ඔබ භාවනා අරමුණු ගැන ටික ටික කල්පනා කරන්න ගත්තොත් ඒකෙන් කෙරෙන්නේ භාවනාව සිදුකිරීමයි. එනිසා ඔබ දැනට භාවනා නොකරනවා නම් භාවනා කිරීම ආරම්භ කළ යුතුයි. කාලයක්‌ ගිය විට අපිට භාවනාව ගැඹුරට දියුණු කරන්න ලැබෙනවා. එවිට චිත්ත සමාධිය ඇතිවෙනවා.

මේ සියලු කටයුතුවලින් අපි බලාපොරොත්තු වෙන්නෙ ප්‍රඥව දියුණු කර ගැනීම. ඒ නිසා අපි අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින කෙනෙක්‌ බවට පත්විය යුතුයි. දුක දුක වශයෙන් දකින කෙනෙක්‌ බවට පත්විය යුතුයි. අනාත්මය අනාත්මය වශයෙන් දකින් අයෙක්‌ බවට පත්විය යුතුයි. එවිට අපිට ලෝක යථාර්ථය තේරුම්ගැනීමට හැකියි. ඒ නිසා මේ වර්ෂය තුළ නිවැරැදි දැක්‌මකින් ආධ්‍යාත්මික සුවපත්භාවයකට කටයුතු කළ යුතුයි.

ඒ වගේම අප තුළ සාමාන්‍ය ජීවිතයේදී තිබෙන ඉරිසියාව, කෝධය, මානය, ගැටෙන ගතිය, එකට එක කිරීම, පළිගැනීම අඩු කර යහපත් ලෙස ජීවත්වීමට අධිෂ්ඨාන කර ගත යුතුයි. එමෙන්ම මෛත්‍රිය, කරුණාව, පරෝපකාරය, අනුන්ගේ සිත් නොතැලීම, අනුන්ට අවහිර නොකිරීම, සියලු දෙනාට ගරු කිරීම වැනි ගුණධර්ම දියුණු කරගත යුතුයි. ඔබ සියලු දෙනාට මේ වර්ෂය යහපත් ලෙස ගත කරන්න තෙරුවන් බෙලෙන් වාසනාව උදාවේවා.

උපුටා ගැනීම : දිවඉන පත්‍රය