Saturday, February 22, 2014

අපල දුරු කරගන්න නිවසේදීම නවග්‍රහ පූජාවක්‌ කර ගන්නා ආකාරය


ඕනෑම කෙනෙකු වෙත බලපාන්නා වූ ග්‍රහඅපල දුරු කරගත හැකි උසස්‌ම ශාන්තිකර්මය ලෙස නවග්‍රහ පූජාව පෙන්වාදිය හැකිය. අපලකාරී තත්ත්වයන් නිසා විවිධ කරදර බාධකවලට මැදිව දුක්‌ත ජීවිත ගතකරනවා වෙනුවට තම තමන් කෙරේ එල්ලවන අපල ග්‍රහදොස්‌ හඳුනාගෙන ඒවා දුරුකර ගනිමින් සහනයෙන් ජීවත්වීමට යොමුවීම බුද්ධිමත් ක්‍රියාවකි. ඒ සඳහා ඔබ කෙම්මුර දිනයන්හි යොමුවන්න.

අදාළ පූජාව පැවැත්වීමට සුදුසුම ස්‌ථානය ඔබේ නිවසේ බුදුන් වඳින ස්‌ථානය වේ. පළමුවෙන්ම ඉහත කී වේලාවට පවුලේ සියලු දෙනා එක්‌ව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කිරි ආහාර හා පැන් බඳුනක්‌ පූජා කරන්න. අනතුරුව තිසරණ සහිත පංචශීලය සමාදන්ව ත්‍රිවිධරත්නය වැඳ නමස්‌කාර කර මල්, පහන් සුවඳ දුම් නියමිත ගාථා කියා පූජා කිරීමෙන් පසු සෙත් පිරිත් ගායනා කර "ආකාසට්‌ඨාච භුම්මට්‌ඨා" යන ගාථාව පමණක්‌ කියා දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.



පවුලේ සියලු දෙනාටම බලපාන්නාවූ නවග්‍රහ දෝෂ දුරුකර ගැනීම සඳහා පහත සඳහන් නවග්‍රහ පූජාව නිසි ලෙස සිදුකරන්න. ඒ සඳහා බුදුන් වඳින ස්‌ථානයේම මදක්‌ පහලින් අසුනක්‌ පිළියෙල කර ඒ මත නවග්‍රහයන් නවදෙනා වහන්සේලාගේ පිංතූරයක්‌ තබා ඒ ඉදිරිපිට බුලත් කොළ නවයක්‌ මත රවි ග්‍රහයාගේ සිට කේතු ග්‍රහයා දක්‌වා පිළිවෙළින් නියමිත තෙල් වර්ගයෙන් පහන් දල්වා මල් සුවඳ දුම් පූජා කර එක්‌ එක්‌ ග්‍රහ දෝෂය දුරුකර ගැනීමට භාවිතා කළ හැකි පිරිත හා නවග්‍රහ ශාන්තියේ අදාළ කවිය සජ්ජායනා කර තමාටත් පවුලේ සියලු දෙනාටත් එල්ල වී ඇති යම් අපලකාරී තත්ත්වයක්‌ ඇත්නම් ඒවා දුරුකර සහනය උදාකර දෙන මෙන් ඉල්ලා සෙත ප්‍රාර්ථනා කරන්න.

* රවි ග්‍රහයා වෙනුවෙන් තැඹිලි තෙල් පහනක්‌ දල්වා රතු නෙලුම් හෝ රතු අරලිය සමග සුවඳ දුම් පූජා කරන්න. සූරිය පිරිත සමග පහත දී ඇති නවග්‍රහ ශාන්ති කවිය සඡ්Cධායනා කරන්න.

අරුණ වේලෙහි බුදුව මුණි අපේ දහම් දෙසු ජය මංගලම්

දරුණු වසවතු ධර්ම බලයෙන් දුරුකරපු ජය මංගලම්

වරුණ පරසතු මදාරා මල් අට මිටක්‌ පිදු ජය මංගලම්

ඉරුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* සඳු ග්‍රහයා වෙනුවෙන් ගිතෙල් පහනක්‌ දල්වා සුදු නෙලුම් හෝ සමන්පිච්ච මල් පූජා කර චන්ද පිරිත සමග සඳු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

පිදුව දෙදරුන් දෙඅත් බැඳ බමුණාට වෙසතුරු මංගලම්

සඳුගෙ විමනේ එමුණි වරුණේ ඇන්ද සඳ මැද මංගලම්

ඉඳුව යහනක යසෝදර සම මහණ වුණ ජය මංගලම්

සඳුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* කුජ ග්‍රහයා වෙනුවෙන් පස්‌ තෙල් පහනක්‌ දල්වා රතු කනේරු මල් පූජා කර දසදිසා පිරිත සමග කුජ ග්‍රහයාට අයත් කවිය සඡ්Cධායනා කරන්න.

දඟරලා සිටි නාග රජු පිට වැඩ සිටිය ජය මංගලම්

සඟද සැරියුත් දැග සව්වන් වීරමැරු ජය මංගලම්

සඟද දෙදෙනා පන්සියක්‌ රහතුන් සමග වැඩි ජය මංගලම්

කුජගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* බුධ ග්‍රහයා වෙනුවෙන් කොහොඹ තෙල් පහනක්‌ දල්වා නා මල් පූජා කර දසදිසා පිරිත සමග බුධ ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

ඉඳන් ඔත්පල දෙනෙත් නැති මව්පියන් රැකි ජය මංගලම්

අදහසින් දැඩි කරපු මව්පිය දුක්‌ නොදුන් ජය මංගලම්

මුනිඳු ගජ ගිරිමේඛලා ඇතු දැපනෙ කළ ජය මංගලම්

බුධගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* ගුරු ග්‍රහයා වෙනුවෙන් රන් තැඹිලි තෙල් පහනක්‌ දල්වා බෙලි මල් හෝ කහ පැහැති මල් පූජා කර අභිසම්භිදාන පිරිත සමග ගුරු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

රහස්‌ උමගය කැප්පු මහෞෂධ පඬි ජය මංගලම්

දහස්‌ සියයක්‌ සෙනග එනුවර යුදෙන් ගැලවුණ මංගලම්

දහස්‌ ශ්‍රාවක පාලි ධර්මය නිපුන කළ ජය මංගලම්

ගුරුගෙ අපලේ එමුණි ලෙයෙන් දුරුවේය ජය මංගලම්


* සිකුරු ග්‍රහයා වෙනුවෙන් පස්‌ තෙල් පහනක්‌ දල්වා විසිතුරු වර්ණයෙන් යුත් සුවඳ මල් වර්ග පූජා කර ධජග්ග පිරිත සමග සිකුරු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

අකුරු ධර්මය ලොවට පූජිත කරපු ජයසිරි මංගලම්

අකුරු නිපුනව එසිව්සැට ශිල්පයක්‌ දැරු ජය මංගලම්

අකුරු පළමුව මැවූ මුණිඳුගෙ බෙලෙන් වෙයි ජය මංගලම්

සිකුරු අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්


* සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ගිතෙල් පහනක්‌ දල්වා නිල් කටරොලු මල් පූජා කර කරණීය මෙත්ත සූත්‍රය සමග සෙනසුරු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

වෙන කෙනෙක්‌ නැත යුධ කරන්නට පත්‍ර ලෙලදුන් ජය මංගලම්

වෙන කෙනෙක්‌ මට නැතැයි කියමින් දසපෙරුම් පෑමංගලම්

සෙනෙහසින් හඬ තැලූ මරසෙන් දස අතට හැරි ජය මංගලම්

සෙනසුරුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්

* රාහු ග්‍රහයා වෙනුවෙන් පස්‌තෙල් පහනක්‌ දල්වා වැටකේ මල් පූජා කර ඛන්ද පිරිත සමග රාහු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

හදවත් ආපසු නොගත් ශ්‍රී පාද නිකමෙව් ජය මංගලම්

රාහු අසිරිඳු එබල රජු මේ ලොවට වැඩමෙව් ජය මංගලම්

රාහුලත් කුමරුන් කෙනෙක්‌ වත් ඇතැයි නොසිතු ජය මංගලම්

රාහු අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්

* කේතු ග්‍රහයා වෙනුවෙන් ගිතෙල් පහනක්‌ දල්වා පුවක්‌ මල් පූජා කර චන්ද පිරිත සමග කේතු ග්‍රහයාට අයත් කවිය සජ්ජායනා කරන්න.

ධාතු දාගැබ් වෙහෙර මහියංගනයෙ පිහිටෙව් ජය මංගලම්

ධාතු නාලොව නාරජුන් ගොස්‌ පිරික්‌සූ ජය මංගලම්

ධාතු දළදා තුනුරුවන්ගේ බෙලෙන් වෙයි ජය මංගලම්

කේතු අපලේ එමුණි බලයෙන් දුරුවේය ජය මංගලම්

එලෙස ග්‍රහයන් නවදෙනා වෙනුවෙන්ම පූජා තැබීමෙන් අනතුරුව මෙලෙස ප්‍රාර්ථනා කරන්න.

"අද දින අප විසින් ශ්‍රද්ධා සිතින් යුතුව සිදුකරන ලද නවග්‍රහ පූජාවේ සත්‍යානුභාව බලයෙන් අප සියලු දෙනාටම මෙතෙක්‌ පීඩා ගෙන දුන් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු කේතු යන නවග්‍රහයින්ගෙන් පැමිණි සියලු අපල, පීඩා, දෝෂ අද පටන් හිරු දුටු පිනි මෙන් දූරින්භූත කරවා අපගේ සියලු අභිමතාර්ථ මොහොතින් මොහොතට පැයෙන් පැයට දිනෙන් දිනට ඉෂ්ඨ කරදී අපගේ දියුණුව සලසා දෙනසේක්‌වා·"

මෙලෙස සිත එක අරමුණක තබාගෙන අධිෂ්ඨාන පූර්වකව ශීලයත් සමාධියත් ප්‍රඥවත් පෙරදැරිව මසකට වරක්‌වත් ශ්‍රද්ධා සිතින් යුතුව මෙවැනි නවග්‍රහ පූජාවක්‌ පැවැත්වීමෙන් සියලු අපල දුරුවීමේ භාග්‍යය ඔබට හිමිවනු ඇත.

උපුටා ගැනීම ඉරිදා දිවඉන

0 comments:

Post a Comment