Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Friday, August 23, 2013

ශිෂ්‍යත්ව කඩ ඉම පැන ගන්න සුබ නැකතින් පිටත් වෙන්න මෙන්න නැකත



ශිෂ්‍යත්ව විභාගය යනු දරුවකු පෙනී සිටින ප්‍රථම ජාතික විභාගයයි. එම විභාගයට පෙනී සිට උසස්‌ ලෙස සමත් වන දූ දරුවන්ට 6 වන ශ්‍රේණියේ සිට උසස්‌ පාසලක අධ්‍යාපනය ලැබීමේ වරම හිමිවන නිසාවෙන් පළමු වැනි වසර සඳහා එවැනි පාසලකට දරුවා ඇතුළත් කරගත නොහැකි වූ දෙමවුපියන් ශිෂ්‍යත්ව කඩඉම හරහා තම දරුවා උසස්‌ පාසලකට ඇතුළත් කරගැනීමට උනන්දු වේ.

වසර දෙක තුනක්‌ තිස්‌සේ පාසල් අධ්‍යාපනයට අමතරව නොයෙක්‌ උපකාරක පංතිවලට දරුවන් යොමුකරමින් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී බොහෝ කැපවීම් සිදුකරමින් තම දරුවා වෙතින් ශිෂ්‍යත්ව ජයග්‍රහණය බලාපොරොත්තු වන්නේ එමගින් හෝ දරුවා උසස්‌ පාසලකට ඇතුළත් කර තමන් ලැබූ අධ්‍යාපනයට වඩා වැඩි අධ්‍යාපනයක්‌ ලබාදී රටට වැඩදායක බුද්ධිමත් පුරවැසියකු කිරීමේ උදාර අරමුණෙහි රැඳෙමිනි.

එලෙස කටයුතු කරන දෙමාපියන් ඉතා කල්පනාකාරීව එම කටයුතු සිදුකළ යුතු අතර දරුවාගේ කුඩා මනසට ඔරොත්තු නොදෙන ආකාරයෙන් දවසේ විසිහතර පැයේම ශිෂ්‍යත්වය යන වචනය ඇසීමට සැලැස්‌වීමෙන් වැළකී බියකින් පීඩනයකින් තොරව සුපුරුදු ආකාරයට දරුවාට අධ්‍යාපන කටයුතු කරගෙන යැමට ඉඩ සලසා දෙන්න.

විභාගය යන වචනයට දරුවා බිය නොකර ඉගෙනීම් කටයුතු විනෝදාංශයක්‌යේ කරදීමට උත්සාහ දරමින් පෙර සිදුකළ පාඩම් ආශ්‍රයෙන් ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු සපයන ආකාරය කියාදෙමින් පෙරහුරුවක යෙදෙන්න.

ඒ අතරතුර දරුවාගේ මානසික සතුට සහනය වර්ධනය වී මතක ශක්‌තිය වර්ධනය වීම පිණිස භාවිත කළ හැකි

ජනස්‌සාරිය සංඝෝච

භූරි පඤ්ඤ විපාක දෝ

සුඛෙත්තේ රෝ පීතං

බීජං හෝති මහප්ඵලං

ඒතේන සච්ච වඡ්ඡේන

සස්‌ස සම්පත්ති වඩ්ඩතු

යන ගාථාවෙන් සෑම දිනකම උදැසන පැන් වීදුරුවක්‌ 108 වරක්‌ මතුරා හිස්‌බඩ දරුවාට එය පානය කිරීමට සලස්‌වන්න. එමගින් ශරීරයේ පවතින්නා වූ දොaෂ දුරුවී පෙර සිදුකළ අභ්‍යාස පිළිබඳ මතකය අලුත්වී අධ්‍යාපන කටයුතු ජයගැනීමට මහෝපකාරී වේ.

මීට අමතරව සෑම දිනකම උදේ සවස දරුවාද සහභාගි කරගනිමින් ආගමික වතාවත්වල යෙදෙන්න. වන්දනා මාන කිරීමෙන් අනතුරුව දෙවියන්ට පිංදී දරුවාට යම් ග්‍රහ දෝෂයක්‌ අපලකාරී තත්ත්වයක්‌ අසුබ බලපෑමක්‌ ඇත්නම් ඒ සියලු බාධක මැඬපවත්වා ගනිමින් ඉදිරිපත් වන විභාගයෙන් විශිෂ්ට ජයක්‌ ලබාදෙන මෙන් අධිෂ්ඨාන පූර්වකව ප්‍රාර්ථනා කරන්න.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අගෝස්‌තු 25 දා උදැසන නිවසේදී බුදුරජාණන් වහන්සේ උදසො මල් පහන් සුවඳදුම් ද පැන් සහ කිරි ආහාරද පූජාකර බුදුන් වඳින්න. එම ස්‌ථානයේම මඳක්‌ පහලින් ගණදෙවියන්ගේ හා සරස්‌වතී මෑණියන්ගේ පිංතූර තබා එම දෙවිවරුන්ට මල් සුවඳ දුම් පූජාකර ගණ දෙවියන් උදෙසා පොල් තෙල් පහනක්‌ සමඟ රතුමල් මාලයක්‌ද සරස්‌වතී මෑණියන් උදෙසා එළිඟිතෙල් පහනක්‌ සමඟ සුදුමල් මාලයක්‌ පූජාකර හැකියාවක්‌ ඇත්නම් පලතුරු පූජාවක්‌ තබා දෙවියන්ට පිං අනුමෝදන් කර දරුවා මෙතෙක්‌ කල් සිදුකළ පාඩම් ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්නවලට නිසි පිළිතුරු සැපයීමේ හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කර "දිව්‍ය මූර්ති" ක්‍රමය සැලකිල්ලට ගෙන සෑම දරුවකු වෙනුවෙන්ම පොදුවේ සකස්‌කර ඇති පහත දැක්‌වෙන සුබ නැකැත්වලින් ඔබට පහසු නැකතක්‌ අනුගමනය කර දරුවා ලවා මෙම ගාථා ත්‍රිත්වය ගායනා කරවා විභාගය සඳහා පිටත් කරන්න. ඔබේ දරුවාට මෙම ගාථා කීමට අපහසුනම් මව හෝ පියා දරුවා ළඟට ගෙන මෙම ගාථාවල එන "මේ ජයමංගලානි" වෙනුවට "තේ ජයමංගලම්" ලෙස අක්‍ෂරය වෙනස්‌කොට ගායනා කරන්න.

නිවසින් පිටත්වීමට සුබ නැකැත්

අගෝස්‌තු 25 වන ඉරිදා පෙ.ව.6.10, 6.23, 6.32, 7.45, 8.02 ට දකුණු දිශාව බලා දකුණු පය පෙරට තබා පිටත් වන්න.

ගාථා ත්‍රිත්වය

නත්ථි මේ සරණං අඤaඤං

බුද්ධෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජය මංගලම්



නත්ථි මේ සරණං අඤaඤං

ධම්මෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජය මංගලම්



නත්ථි මේ සරණං අඤaඤං

සංඝෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජය මංගලම්


උපුටා ගැනීම ඉරිදා දිවයින නැකත පත්‍රය.

Tuesday, August 20, 2013

ඉලක්‌කමෙන් ඔබේ දෛවය



ලොව ඇති සියලුම ශාස්‌ත්‍රයන් අභිබවා "අංක ශාස්‌ත්‍රය" පෙරමුණේයි. මනුෂ්‍යයාගේ ජීවිතයට මුලින්ම සම්බන්ධ වන්නේ අංක ශාස්‌ත්‍රයයි. මවු කුසින් ජන්මියා බිහිවන්නේ තිඹිරිගෙයක නොහොත් සූතිකාගාරයකදීය. එහිදී ඡන්මියාට ලැබෙනුයේ මුලින් උපන් වෙලාව, දිනය, මාසය හා අවුරුද්දයි. ඊළඟට සූතිකාගාරයකදී නම් අතේ ගැටගසන ලේබලයේ (ඔAඨ) ඇති අංකයයි. ඒ ඡන්මියා අන් ජන්මීන් අතරින් වෙන්කර හඳුනාගැනීම සඳහාය.

එතැන් සිට මනුෂ්‍යයා හා අංක අතර මුළු ජීවිත කාලය පුරාම සබඳතා පැවැත්වෙයි. මෙලෙසින් උපතේ සිට මරණය දක්‌වාම මනුෂ්‍යයා දිවි ගෙවනුයේ අංක අතරට මැදිවීමෙනි. මනුෂ්‍යයාගේ දින චර්යාව හා අංක අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි. බස්‌ ගාස්‌තු, ලයිට්‌ බිල්, වතුර බිල්, ටෙලිෙµdaන් බිල්, පාසල් ගාස්‌තු, ගෙවල් වැනි මෙකී නොකී සියලුම බිල්වල අන්තර්ගතය තුළ ඇත්තේ අංකමය ගණනය කිරීමකි. උදේ පාන්දර අවදිවන මනුෂ්‍යයා රාත්‍රියේ නින්දට යන තුරුම ජීවත් වන්නේ අංක සමඟ බව ඉතා පැහැදිලි සත්‍යයකි.

අංකවලට පසු උපතේදී අපට ලැබෙනුයේ අප එකිනෙකාට හිමි පෞද්ගලික නාමයයි. එයද අංක හා මනාසේ බද්ධ වූවකි. ලොව මුල් යුගයේ අක්‌ෂරයන්ට අගයක්‌ දී තිබුණ බව ඉතිහාසයේ සඳහන් වේ. මනුෂ්‍යයන්ට සත්ත්වයන්ට මෙන්ම මිනිසා පරිහරණය කරනු ලබන භාණ්‌ඩ වෙනුවෙන්ද නමක්‌ සෑදී ඇත. එම භාණ්‌ඩ වලටද අංකමය අගයක්‌ දී තිබේ. නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය මගින් එම භාණ්‌ඩ හා මනුෂ්‍යයා යා කෙරෙනුයේ අංකමය ශාස්‌ත්‍රයට පින් සිදුවන්නටය. අංක නොමැති ලොවක්‌ පිළිබඳව අපට සිතාගන්නටත් බැරිය.

අංක විද්‍යාව නොහොත් භඹඵඊERධඛධඨශ ලොව ඇති පැරණිම විද්‍යාවකි. එය වසර හත්දහසකටත් වඩා පැරණිය. මා එසේ කියනුයේ අංක විද්‍යාව ජ්‍යෙdතිෂයටත් වඩා පැරණි බවට උපකල්පනය කරමිනි. අංක නොමැතිව ජ්‍යෙdතිෂය ගණනය කළ නොහැකිය. එම නිසා ජ්‍යෙතිෂයටත් වඩා අංක විද්‍යාව පැරණි බව තහවුරු වේ.

අංක ශාස්‌ත්‍රයේ නිජබිම අපගේ අසල්වැසි රට වූ "මහා භාරතයයි. හින්දු ජාතිකයන්ගේ සාම්ප්‍රදායික හා සංස්‌කෘතික ඇදහිලිවලට අනුව අංක ශාස්‌ත්‍රය ඔවුන්ට තිළිණ කරදී ඇත්තේ දෙවියන් විසින් බව කියෑවේ. ඔවුන් සතු චතූර් වේදයෙන් එක්‌ වේදයකට මෙම අංක සහ අක්‌ෂර විද්‍යාව අයත් වන බව ඉතිහාසයේ දැක්‌වේ.

මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතයට අංක තරම් සමීප තවත් දෙයක්‌ ඇත්දැයි නොදනිමි. ඒ තරමටම මනුෂ්‍යයා හා අංක අතර ඇත්තේ පුදුමාකාර වූ බැඳීමකි. භාරතීය වැසියන් තම ජීවිතයේ සියලුම කටයුතු වලදී අංක විද්‍යාව උපයෝගී කර ගැනීමට පුරුදුව සිටිති. එමෙන්ම ශ්‍රී ලංකාව තුළද මෑතක සිට අංක විද්‍යාව පිළිබඳව මහත් උනන්දුවක්‌ ඇති වෙමින් පවතී. ඒ සඳහා දායකත්වය දක්‌වන ලද මුද්‍රිත මාධ්‍යයනට ශ්‍රී ලංකා වාසි අංක විද්‍යා ලෝලීනගේ උපහාරය හිමිවනු ඇත. අප රට තුළද බොහෝ සතිපතා ප්‍රකාශයන්හි අංක විද්‍යා පලාපල දැකගත හැකිවීම මහත් භාග්‍යයකි.

අංක විද්‍යාව සරලය. ජ්‍යෙdතිෂය තරම් ගැඹුරු නැත. නමුත් සරල බව තුළ ප්‍රධාන සිද්ධාන්ත රාශියක්‌ ඇත. එම සිද්ධාන්ත ඕනෑම අයෙකුට තම ජීවිතයේ වැදගත් සිදුවීම් සඳහා යොදා ගැනීමෙන් විපුල ප්‍රතිඵල අත්කර ගත හැකිය. බටහිර ජාතිකයන් ජ්‍යෙdතිෂයට වඩා අංක විද්‍යාව අගය කරනුයේ අංක විද්‍යාවේ දැකිය හැකි පැහැදිලි සරල බව හේතු කොටගෙනය. එසේ නොමැතිව ජ්‍යෙdතිෂයට ඇති අකමැත්තක්‌ නිසා නොවේ.

මහාචාර්ය මැක්‌ස්‌ මුලර් (ඵAAඞ ඵඹඛඛෑR) ගේ නිගමනයන්ට අනුව ලොව මුල්වරට අංක උපයෝගි කරගෙන ඇත්තේ අරාබි ජාතිකයන්ය. එය නිවැරැදි නිගමනයක්‌ නොවන බව බොහෝ විද්වතුන්ගේ මතය විය. අරාබි ජාතිකයන් අංක ලබාගෙන ඇත්තේ හින්දුවරුන්ගෙන් බව පසුකාලීනව ඔප්පු වී තිබේ. අරාබි වෙළෙඳුන් විසින් හින්දුවරුනට ලැබුණු තිළිණය සොරාගෙන අරාබිකරයට ගෙන ගිය බවට භාරත ඉතිහාසයේ සටහන් පවතී.

අංක විද්‍යාව නොහොත් භඹඵඊRධඛධඨශ තම එදිනෙදා ජීවිතය හා සම්බන්ධ කර ගැනීමට හින්දුවරු ඈත අතීතයේ සිටම පුරුදුව සිටියහ. ඔවුන්ගේ අභ්‍යන්තරික ඥන ගබඩාව වන චතුර්වේදයෙන් එක්‌ වේදයකට මෙම අංක විද්‍යාව අයත් බවට ඔවුන්ගේ ප්‍රබල පිළිගැනීමක්‌ තිබේ. එනිසාම ඔවුන් අංක ශාස්‌ත්‍රයට සලකනුයේ දේවත්වයෙනි. ඔවුන්ගේ එම විශ්වාසය ඔවුන්ට යහපත උදාකරන බැවින් ඔවුන් නිරන්තරවම අංක ශාස්‌ත්‍රය හා බැඳීහිඳිමින් නිසිපල නෙළා ගනිති.

අප රටට බොහෝ යහපත් දේ ලැබුනේ භාරත මාතාවගෙනි. එය බොරුවක්‌ නොවේ. විශේෂයෙන් බුදු දහම හා බැඳුන බොහෝ සංස්‌කෘතීන් සංඝ මිත්තා තෙරණිය හා මිහිඳු මා හිමියන් සමඟ අප රටටත් ජනතාවටත් දායාද කෙරුණි. දැනුදු එම සබඳතාවන් නොබිඳී පැවතීම සතුටට කරුණකි.

මහා භාරත දේශයේ වසර දහස්‌ ගණනකට පෙර විසූ මහා සෘෂින් විසන් මිනිස්‌ වර්ගයා කාණ්‌ඩ නමයකට බෙදාවෙන්කරන ලද බව චතූර්වේදයේ දැක්‌වේ. එක්‌ එක්‌ කාණ්‌ඩය 1 සිට 9 දක්‌වා අංකනය කළ එම සෘෂීන්, එක්‌ එක්‌ අංකය ජීවය දුන් බව වැඩිදුරටත් දක්‌වා ඇත.

එක්‌ එක්‌ අංකයට අයත් මනුෂ්‍යයන්ගේ චරිත ලක්‍ෂණ, ජීවන පුවත්, රැකියා විවාහය, ප්‍රේම සබඳතාද, ජීවන ගමනේ දී මුහුණ දෙන විශේෂ අවස්‌ථා පිළිබඳව මහා සෘෂීන් අපට කියා දුන් ලොව පැරණිතම විද්‍යාව වන්නේ මෙම අංක විද්‍යාවයි. ඒ සෘෂීහු අනාගතයේදී උපත ලබන ඡන්මීන්ගේ යහපත පිණිස බොහෝ විද්‍යාවන් පත් ඉරුවල සටහන් කර තැබීමට තරම් කාරුණික වූහ. අප මුළු හදින්ම ඔවුනට කෘතඥ විය යුතුයි. පින් දිය යුතුය.

අංක විද්‍යාවේ ඉතිහාසය විමසා බැලීමේදී zපයිතගරස්‌Z යන නාමය කිසිදා අමතක කළ නොහැක. අංක සොයා ගත්තේ පයිතගරස්‌ (ඡශඔHAඨධRAS) තුමා නොවූනද, අංකයන් උපයෝගි කරගනිමින් ලොවට බොහෝ විශ්මිත දේ කරනු ලැබුවේ ඔහු විසිනි. විශේෂයෙන්ම අංක වලට ආලෝකය ලබා දෙන ලද්දේ එතුමා විසිනි. එනිසාම පයිතගරස්‌ තුමාව "අංකයන් හී පියා" යන විරුදාවලියෙන් පුදනු ලැබිණි. එය සාධාරණ වූ පුද සත්කාරයකි.

පයිතගරස්‌තුමා තරම් අංක පිළිබඳව උනන්දුවක්‌ දැක්‌වූ අන්කිසිවෙකුත් නොවීය. ඔහු තුළ වූයේ අසාමාන්‍ය දක්‍ෂතාවන්ය. ඒ බව එතුමාගේ සමකාලීනයන් ලේඛන ගතකර තිබේ. පයිතගරස්‌ තුමා සතුව පැවැති ගණිත දැනුම අසාමාන්‍ය ගැඹුරු බවකින් යුක්‌ත වූ බව කියෑවේ. එම නිසාම එතුමාගේ සමකාලීනයනට එම ගණිතමය න්‍යායන් හැදැරීමට අපහසු වූ බවත්ද ප්‍රකාශව ඇත. පයිතගරස්‌ තුමාගේ ක්‍රියාකාරකම් කෙසේ වෙතත් එතුමා උපන් දිනයවත් අනාගතය සඳහා ඉතිරි කර නැත. එසේ වූයේ එතුමාගේ සමකාලීනයන් විසින් ඔහුගේ තොරතුරු සමාජයෙන් වසන් කිරීම හේතුවෙනි. විප්ලවීය අදහස්‌ වලින් පෝෂණය ලබා සිටි පයිතගරස්‌ තුමාව ධනපති පාලක පක්‍ෂයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා එක ගැනීම සඳහා එසේ කරන්නට ඇතැයි අපට උපකල්පනය කළ හැකිවේ.

එදා පැවැති වැඩවසම් සමාජ ක්‍රමය තුළ, පැවැති ක්‍රමයට විරුද්ධව නව දර්ශනයක්‌ ගෙන ආ බොහෝ විද්වතුන්ට අත්වූයේ ෙ€දජනක ඉරණමකි. ඒ අනුව පයිතගරස්‌ තුමාගේ දස්‌කම් විස්‌කම් හා එතුමාගේ දර්ශනය සඟවා තැබීමට ඔහුගේ සමකාලීනයන් උත්සාහගෙන තිබීම කාලෝචිත පියවරක්‌ ලෙස අද අපට සිතීමට පුළුවන.

අංකවලට ආලෝකය ගෙන දුන් පයිතගරස්‌ තුමාගේ උත්පත්තිය සිදුව ඇත්තේ ක්‍රි. පූ. 569 දී පමණ විය හැක. එමෙන්ම එතුමාගේ මරණය ක්‍රි. පූ. 500 දී පමණ සිදුවන්නට ඇතැයි ඉතිහාසඥයන් මත පළකර ඇත. ඉහත කී කාලවකවානුව නිර්ණය කිරීමේදී එම යුගය අයත් වන්නේ ක්‍රිස්‌තෝත්පත්තියට සියවස්‌ පහකට පෙර කාලයටය.

පයිතගරස්‌ තුමාද ක්‍රිස්‌තුන් වහන්සේට පෙර එවැනිම විශේෂිත දර්ශනයක්‌ ලොවට ගෙන ආ දර්ශනවාදියකු ලෙස ඉතිහාසගතව ඇත. ලොව අන් දාර්ශනිකයන්ගේ දේශන වලට වඩා පයිතගරස්‌ තුමාගේ දේශන සුවිශේෂි බවක්‌ පළකරන ලදී. එතුමාගේ දේශනවලට වස්‌තු බීජය වන්නට ඇත්තේ අංක හා අංකයන්හි විස්‌මිත බලය වන්නට ඇතැයි අනුමාන කළ හැක.

අංක වලට ආලෝකය පමණක්‌ ලබාදී, නොනැවතුණ පයිතගරස්‌ තුමා අංක වලට ජීවය ද එක්‌කරදෙමින් ලොවට, පයිතගරස්‌ නියමය දායාද කිරීමට මහත් කැපවීමක්‌ කළ විද්‍යාඥයකු හා පඬිවරයකු විය. එතුමාගේ පිළිගැනීමට අනුව කිසියම් අංකයක්‌ තුළත් පුද්ගලයකුගේ චරිතය, අධ්‍යාපනය, රැකියාව හා විවාහය පිළිබඳව බොහෝ දේ ප්‍රකාශ කළ හැකිවේ.

වර්තමාන අංක විද්‍යාව බිහිවූයේ අංකයන් වී ඇති ගුප්තමය ස්‌වභාවය හා එහි අන්තර්ගතය වටහා ගත් බුද්ධිමතුන් අතිනි. ඔවුන් විසින් කරන ලද විවිධ පර්යේෂණයන් හී ප්‍රතිඵලයක්‌ ලෙසිනි. අතීතයේදී සේම, වර්තමානයේදීත් සෑම සිදුවීමක්‌ තුළම අංක විද්‍යාත්මක රීතියක්‌ ගැබ්ව ඇත. ඇත්ත වශයෙන්ම එය සත්‍යයකි. කලාව සෑම සිදුවීමක්‌ පිටුපසම කිසියම් ගුප්තමය රීතියක්‌ හා අනුපිළිවෙළක්‌ ඇති අතර එය තුළ අංක විද්‍යාත්මක සබඳතාවයක්‌ද ඇත. පුද්ගලයකු පිළිබඳව පමණක්‌ නොව, රටක්‌ පිළිබඳවද විශ්ලේෂණය කිරීමේදී අපූර්වතම ගුප්ත බලයක්‌ අංක තුළ ගොනු වී ඇති බව ස්‌ථිර වශයෙන්ම පැවැසිය හැක.

"අංක" යනු අපේ ජීවිතයයි. අංක හා අක්‌ෂර කවදා ලොව පහළ වී දැයි නිශ්චිතව කීමට කිසිම ජගතෙකුට නොහැකිය. එහෙත් උපතේ සිට මරණය දක්‌වා අංක සමඟ ජීවත් වන්නට නම් අපට අනිවාර්යයෙන්ම සිදු වේ. එම නිසා අප කළ යුතු වන්නේ අක්‌ෂර හා අංක විද්‍යාවන් අපගේ ජීවිත වලට සුදුසු පරිදි යොදා ගැනීමය. එක්‌ එක්‌ පුද්ගලයාට සීහුම් වන අංක හා අක්‌ෂර ප්‍රයෝජනයට ගනිමින් තම තමන්ගේ ජීවිත ආලෝකවත් කර ගැනීමය. භාරතීය වැසියන් මෙන් අපද අංක හා අක්‌ෂර විද්‍යාව දැනසිටීම තුළින් අපගේ ජීවිතද සමෘද්ධිමත් කර ගැනීමට හැකිවනු ඇත.

ඉතා දුර්ලභ අති ශ්‍රේෂ්ඨ සරස්‌වතී බන්ධන මන්ත්‍ර රාජයා

ඕං ශ්‍රී්‍රං ශ්‍රීං අස්‌වාහ අමරගුරු රත මයුරාසනේ බල දැරූ ශ්‍රියා කාන්තාව දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දිව්‍යරාජයින්නේ දිව්‍ය පරසතු මල් උයනේ පරසතු මල් නෙළා මල් යහනාවක්‌ කර අතුරුවා දස දහසක්‌ දිව්‍ය සළු එලා මල් මාලා පැළඳ රන් ඔත් මාලිගා සමග ශක්‍ර දිව්‍ය රාජයා අප ගෞතම බුදුරජාණන් වහන්සේට පාණ්‌ඩුකම්බල සෛලාසනේ පිදූ දාමේ දිව්‍ය දේවතාවී යහනාව පූජාකර චන්ද්‍රමණ්‌ඩලයට වැඩ සිට සුවඳ මල් විමාන දේවාල රාජභවන විහාර මාලිගා බලා වාස භවන ලත් ශ්‍රියාකාන්තාවී වා වා දේව ශ්‍රී කාලී එන් එන් මාගේ සුවඳ මල් අස්‌නට සරස්‌වතී දිව්‍ය දේවතාවී එන් එන් සුවඳ මල් පහන් කෙරේ දිෂ්ඨිලා මාගේ බන්ධනයට අසුව මම සිතූ දේ සිද්ධ කර දෙන්න මම යන ගමන දිනවා දෙන්න කුහේරපුර වෛශ්‍රවන දිව්‍ය රාජයින් අනින් බැන්දේන් ශ්‍රී ලෝකාග්‍ර මුනිවරයින් අනින් බැන්දේන් තවද වෘක්‌ෂ දේවාල හිමාල දොරටු අදිපති දෙවියන් අනින් බැන්දේන් රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කෙහෙතුයි යන නව ග්‍රහ දෙවියන් අනින් බැන්දේන් ශ්‍රීකාන්තාවි පත්‍රකාලී පිය රූපි සර්වලෝක නායකකී දේව සිරි කාලි ගණදේවී සරස්‌වතී වරදේවී සිව් සැටක්‌ ශිල්ප ධාරණේ වර දේවී නමෝ නමඃ ඕං අංගුලිමාලි මහා පෝරිසාද දැහනේ ශ්‍රීං ශ්‍රීං ශ්‍රී මුඛ සලිත දේවතාවියේ මුඛය සලිතවී දිවතුලට හිතට ප්‍රාණ දිෂ්ඨි සරස්‌වතී දේවසිරි කාලිවර වර නමඃ 

(මෙහි මම, මගේ යන තැත්වලට අනුන්ට කරදෙන විට ඔහුගේ නියම නමට මතුරා දෙන්න)
මෙයින් නිසිපල නෙළා ගැනීමට නම් පිරිසිදු පැන් කළයක්‌ හත් වරක්‌ පෙරා මල් අසුනක තබා, රන්තැඹිලි තෙල්, නෙලුම් රේණු, ඇට මද, අල, සුදු හඳුන්, බැමිකීරිය, ෙත්‍රෙයිලෝක්‍ය විජය පත්‍රම්, නෙලුම් පත්‍ර කබලේ රන්වන් පාටවනතෙක්‌ බැද රසදියෙන් අඹරා අව්වේ සිඳුවා තඹ, පිත්තල බඳුනක තබා එම අසුනේම තබා ඉතා පිරිසිදුව සරස්‌වති ස්‌තෝත්‍ර කියා පිංදී ඉහත මන්ත්‍රයෙන් 1008 වරක්‌ ජපකොට පැන් ටික ටික දින 21 ක්‌ උදේ හිස්‌ බඩ බොන්න. ඉන් පසු ඔබ පාඩම් කරන විට ජපකරගත් "සරස්‌වතී බන්ධන තෙල්වලින් අශ්ව මයිලක්‌ නැතහොත් නෙලුම් රේණුවක්‌ ගෙන බහා දිව ගා පාඩම් කරන්න. දේශනා අහන්න. ඔබ අදහන දේත් ඔබ පොත පතින් ලබන දැනුමත් සිත තුළට ධාරණයවී ඔබේ හිස තුළ ඇති ගබඩාවෙහි තැන්පත්වී ගුප්ත මහ වාසලක්‌ වී එයින් ඔබට අනාගත ලෝකයේ සුන්දර විමන හමු වේ·

2013-08-18 දින සිට 2013-08-25 දින දක්‌වා සතියේ සුබ නැකැත්


සතියේ සුබ නැකැත්


2013-08-19 සඳුදා පෙ.ව. 10.10 ට දකුණු දිශාව බලා පොදු ගොඩනැඟිලිවල යටලී තැබීමට සුබයි. මෙදිනම පෙ.ව. 11.10 ට දකුණු දිශාව බලා පොදු ආයතන විවෘත කිරීමට සුබයි.

2013-8-20 අඟහරුවාදා පෙ.ව. 10.10 ට නැගෙනහිර බලා ගොයම් පෑගීමට සුබයි. (මැඩීමට)

2013-8-21 බදාදා පෙ.ව. 06.57 ට නැගෙනහිර බලා නිවාස මුල්ගල් තැබීමට සුබයි. පසළොස්‌වක පෝය යෙදී ඇති බැවින් නිවාස කටයුතු සඳහා ඉතාම සුදුසුය. උපන් නැකතට ගලපා ගන්න.

"ආල වඩන පසළොස යන වක්‌රැසය
කෝල නොව යොදන් මෙය වෙයි ඉසිබසය"

2013-8-22 බ්‍රහස්‌පතින්දා

පෙ.ව. 6.57 ට නැගෙනහිර බලා ගොයම් අස්‌වනු නෙළීමට සුබයි.

"ගුරු කිවි දෙදිනේ උදයේ

සිංහ ලග්න කෙළවරයේ

මඩින ලෙසට කොළ රැසයේ

හොඳ යෑයි පෙර රුසි කීයේ"

2013-8-23 සිකුරාදා - පෙ.ව. 6.57 ට උතුර බලා ගොයම් අස්‌වනු නෙළීමට සුබයි.

(පෙර දින යෙදී තිබූ බලවත් යෝගය මෙදින ද එසේම පවතී.මෙදිනම පෙ.ව. 10.10 ට උතුර බලා සියලු සුබ වැඩ ආරාම්භයට සුබයි.

2013-8-24 සෙනසුරාදා - පෙ.ව. 7.11 ට දකුණ බලා සියලු පුණ්‍ය කටයුතුවලට පැවිදි කිරීමට ශාසනාවතරණය කියවීමට සුබයි. මෙදිනම පස්‌වරු 1.57 ට දකුණු දිශාව බලා සියලු අල බීජ සිටුවා ජලයෙන් තෙත් කිරීමෙන් ඒවා ආරක්‍ෂා වේ.

2013-8-25 ඉරිදා - පෙ.ව. 10.10 ට දකුණු දිශාව බලා විවාහ කටයුතු හැර ඕනෑම සුබ කටයුත්තක්‌ ආරම්භ කිරීමට සුබයි. මෙය ගණ්‌ඩ දොaෂය දුරුවෙන කෝටියක්‌ දෝෂ භංග වන නැකතකි.

උපුටා ගැනීම ඉරිදා දිවයින නැකත පත්‍රය.

Thursday, August 15, 2013

උපන් ලපෙන් හෙළිවෙන ඔබගේ ඇයගේ ජීවන තොරතුරු



දේහ ලක්‍ෂණ අනුව කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් කිවහැකි සේම ශරීරයේ කිසියම් තැනක පිහිටි උපන් ලප හා ලප කැලැල් අනුවද කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් කිවහැකි බව පැරණි සෘෂිවරුන් සඳහන් කර ඇත. උපන් ලප පිළිබඳව සමාජයේ නොයෙකුත් මති මතාන්තර ඇතත් ඇත්ත වශයෙන්ම පැරැන්නන් කී මේවායේ සත්‍යතාවයක්‌ද දකින්නට ඇත. උපන් ලපය යන වචනය සිහිවත්ම අපේ ශරීරයේ කිසියම් තැනක පිහිටි කවාකාර ලපයක්‌ මතකයට නැගෙයි. එවැනි ලකුණුද උපන් ලප ලෙස සැලකුවත් එපමණක්‌ම නොවේ, තල කැලැල් හා නියමල්ද උපන් ලප ගණයට වැටේ.

යම් ස්‌ත්‍රියකගේ නලලේ මැද ලපයක්‌ පිහිටියේ නම් තමාට මෙන්ම තම ස්‌වාමිපුරුෂයාටද සැප සම්පත් ලබාදෙන සමාජයේ ගරු බුහුමන් ලැබීමටද හේතුවන වාසනාවන්ත පිහිටීමකි. නලලේ මැද කළුපාට ලපයක්‌ රෝම ගසක්‌ දර්ශනය වේනම් ඇය රංගන ශිල්පිනියක්‌ නම් ජනප්‍රියත්වයේ ඉහළටම යනු ඇත. සමාජයේ සුවිශේෂ පුද්ගලයකු හා විවාහයටද පත්වෙයි. සැමගේ ආදර ගෞරවයටද පාත්‍රවන ඇය ධනය බලය ලබන්නියක්‌ වන අතර රටේ ඉමහත් කීර්තියටද පත්වෙනු ඇත.

පිරිමින්ගේ දකුණු උරහිසෙහි උපන් ලපයක්‌ පිහිටීම සෞභාග්‍යවත් බව පෙන්වන සංකේතයක්‌ වන අතර වම් උර හිසෙහි ඇති උපන් ලපය ගුණහීන පුද්ගලයක්‌ ලෙස හඳුන්වා දෙයි. දකුණු උරහිසෙහි ඉන්නෙක්‌ හෝ තල කැලලක්‌ පිහිටීම සුභ ලකුණක්‌ වූවත් වම් උර හිසෙහි එවැනි සලකුණු තිබීම සුභ නොවේ. වම් උරහිසෙහි උපන් ලපයක්‌ ඇති කාන්තාව ස්‌වාමියාට ප්‍රිය භාර්යාවක්‌ වන්නීය. දකුණු උරෙහි ඉන්නෙක්‌ හෝ ලපයක්‌ පිහිටීමෙන් දිගුකල් ජීවත්වන ඉසුරු බවින් පිරුණ කාන්තාවක්‌ පෙන්නුම් කරයි. අත්ලෙහි උපන් ලපයක්‌ ඇති පුද්ගලයා අනුන්ගේ සිත් දිනා ගැනීමට සමත් සෘජු ගතිගුණ ඇති අයෙක්‌ වෙයි. අත්ලෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටියේ නම් එම වනිතාව උසස්‌ විවාහයකට හිමිකම් ලබන්නීය. දකුණු අත්ලෙහි තල කැලලක්‌ ඇත්තේ නම් වස්‌තු භංගත්වයත්, වම් අත්ලෙහි එවැනි ලකුණක්‌ දිටිමි නම් නෑදැයින්ගේ ගෞරවයට පාත්‍රවීමක්‌ බව දත යුතුය. කාන්තාවකගේ ඇඟිලිවල උපන්ලප ඇතිවීම අසහනය පෙන්නුම් කරන පිහිටීමක්‌ද වේ. ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ දෙබැම හෝ පුරුෂයකුගේ දෙබැම ඇති ලප ඉතාම අභාග්‍ය සම්පන්න කරදරකාරී ජීවිතයක්‌ පෙන්වන්නකි. දෙබැම අතර පිහිටීම කාමයට ඇති ලොල්බවක්‌ පෙන්නුම් කරයි. එසේම දුර්ජන සිතිවිලි වලින් ගහනවූ හදවතක්‌ හිමිය. ඇස්‌ පිහාටුවල එවැනි ලප බොහෝ දුරට කනගාටුව ගෙනදෙයි. නාසයේ දකුණු පැත්තේ උපන් ලපයක්‌ ඇතිවීම අවාසනාව පෙන්නුම් කරන අතර වම් පැත්තේ පිහිටීම ඉසුරු සම්පත් ලැබෙන පිහිටීමක්‌ වනු ඇත. කොපුල් තලයේ පිහිටීම වාසනාවන්ත දරුවන්ද ලැබීමටද, සංගීත හා කලා අංශ වලට දක්‍ෂ බවද ප්‍රකට කරයි. නිකටේ ලප පිහිටීමද වාසනාව ගෙන දෙන්නකි. බෙල්ලේ වම්පස උපන් ලප පිහිටියේ නම් ආයුධ සම්බන්ධ කැපුම් කෙටුම්වලට භාජනය වීමද බෙල්ලේ දකුණු පස සල්ලාල ජීවිතයක ලක්‍ෂණද පෙන්වයි. හෘදයේ ලප පිහිටීම දරුලාභ, මිත්‍ර ලාභද, උරෙහි පිහිටීම නෑදැයින් අතර ආරවුල්ද කිහිලිවල ධනය, දියුණුව සැප සම්පත් ලැබීමද පෙන්නුම් කෙරෙයි. පිටෙහි ලප පිහිටීමද වාසනාවන්තය. සෘජු අදහස්‌ ඇති කිසිවෙකුට යටතේනොවී ජීවත් වන අයෙක්‌ වෙයි. මැණික්‌ කටුව ප්‍රදේශයේ නම් කීකරු මනා සංයමයකින් යුතුව දිවි ගෙවන අයෙක්‌ බව ප්‍රකට වෙයි. අත්දෙකෙහි එවැනි ලකුණු පිහිටීම මැණික්‌ ඉඩකඩම් ලාභ පෙන්නුම් කරයි.

සුරාපානයට ගිජු පුරුෂයාගේ තොල්වල උපන් ලප දිස්‌වන බව ශාස්‌ත්‍රීය නිගමනයයි. තොලෙහි උපන් ලපයක්‌ පිහිටි කාන්තාවන් අන්අයගේ ඕපා දූප සොයමින් ගතකරන කේලාම් කාරියක්‌ බව කියනු ලැබේ. තොලෙහි ඉන්නෙක්‌ හෝ තලකැලලක්‌ ඇත්තේ නම් මෙවුන්දම් සේවනයෙහි සීමාරහිත ලෙස ආශා ඇති ගැහැණියක්‌ ලෙස හඳුනාගත හැකිය. බෙල්ලෙහි ලප දිස්‌වීම විවාහ සැප සම්පත් අඩුවී යැමට හේතුවන අතර නිතර නිතර සිත් වේදනාවෙන් කල් ගෙවීමටද හේතුවෙයි. අත්ලේ සුලඟිල්ලේ බුධ මණ්‌ඩලයේ කළු ලප ඇතිවීම අධ්‍යාපනයට බාධා ගෙන දෙන්නකි. රවි මණ්‌ඩලයේ (වෙදඟිල්ලේ මුල) කළුලප පිහිටියේ නම් ඔහු හෝ ඇය බියගුලු ගති ඇති නීතියට බිය ඇති අයෙක්‌ කරවයි. සිකුරු මණ්‌ඩලයේ (මාපටඟිල්ලමුල) හා දකුණු අත්ලේ මැද පිහිටි කළු ලපවලින් අසාර්ථක විවාහයක්‌ හා චිත්ත පීඩා හා ධන හානියද පෙන්නුම් කරන අතර කුජ මණ්‌ඩලයේ කළුලපවලින් බන්ධනාගාරගත වීමට හේතුවන අභාග්‍ය තත්ත්වයක්‌ පෙන්නුම් කෙරේ. අත්ලෙහි මැද උපන් ලපයක්‌ පිහිටි පුද්ගලයා අන් අයගේ සිත් දිනාගැනීමට සමත් සෘජු ප්‍රතිපත්ති ඇති අයෙක්‌ වෙයි. ඇඟිලිවල එවැනි ලප ඇත්තේනම් හෝ ප්‍රසිද්ධ පුද්ගලයකු විය හැක. සිනිදුවූත් මට සිලිටුවූත්, වෘත්තාකාරවූත්, ශෝභාවගෙන දෙන ලපයක්‌ කෙනෙකුගේ හිසෙහි ඇත්නම් එය ජීවිතයේ මැදිවයසේදී හදිසි ධන ලාභයක්‌ ගෙන දෙන ලකුණක්‌ වෙයි. කෙනෙකුගේ නාසයේ දකුණු පැත්තේ පිහිටි ලප අවාසනාව ගෙනදෙයි. වම් පැත්තේ නම් ඉසුරු සම්පත් ලැබෙන බව පෙන්වයි. කොපුල් තලයේ පිහිටීම වාසනාවන්ත දරුවන් ලැබීමටද, සංගීත කලා අංශවල දක්‍ෂතාවයද ප්‍රකට කරයි. පපුවෙහි දකුණු පාර්ශ්වයෙහි උපන් ලපයක්‌ පිහිටි පුරුෂයා තමාට වඩා උගත් ධනවත් ස්‌ත්‍රියක්‌ හා විවාහයට පත්වෙයි. උපන් ලපය පිහිටියේ ලය මැද නම් ඔහු දූෂිත චරිතයකට හිමිකම් කියන අතර එවැනි ලකුණක්‌ වම් ලයෙහි පිහිටියේ නම් ඔහු කාමාධික පුද්ගලයකු ලෙස සැලකේ. ස්‌ත්‍රියකගේ දකුණු ලයෙහි උපන් ලපයක්‌ ඇත්තේනම් ඇය ස්‌වාමියාට ප්‍රියවන්නීය. වම් ලයෙහි නම් පිංවත් දරුවන් ලබන බව කියෑවේ.

උපුටා ගැනීම දිවයින ඉරිදා නැකත පුවත් පත 

Monday, August 12, 2013

2013-08-12 දින සිට 2013-08-18 දින දක්‌වා සතියේ සුබ නැකැත්


2013-08-02 සඳුදා - පෙ.ව. 6.10 ට දකුණු දිශාව බලා ජලජ මල් රෝපණයට සුබයි. පොකුණු වැව් තටාක හා ආරාම සැදීමට සුබයි.

මෙදිනම පෙ.ව. 11.10 ට දකුණු දිශාව බලා

2013-08-13 අඟහරුවාදා - පෙ.ව. 6.35 ට නැගෙනහිර බලා කරන විභාග සඳහා නිවසින් පිටත්වීමට සුබයි.

මෙදිනම පෙ.ව. 9.01 ට නැගෙනහිර බලා සටන් කලාව ඉගෙන ගැනීමට සුබයි

2013-08-14 බදාදා - පෙ.ව. 6.21 ට නැගෙනහිර බලා නීතිය තර්ක ශාස්‌ත්‍රය හා ජනසන්නිවේදන කලාව පාඨමාලා හැදැරීම සඳහා පිටත්ව යැමට සුබයි.

මෙදිනම පෙ.ව. 9.57 ට නැගෙනහිර බලා හිස කෙස්‌ කැපීමට සුබයි.

"ප්‍රථම වසර හෝ තුන්වන වසරේ

කරකම් යහපති පස්‌වන වසරේ"

2013-08-15 බ්‍රහස්‌පතින්දා - පෙ.ව. 6.55 ට නැගෙනහිර බලා සියලු ගොඩනැඟිලි සඳහා අත්තිවාරම් කැපීමට සුබයි.

මෙදිනම පෙ.ව. 9.47 ට නැගෙනහිර බලා මුල්ගල තැබීමට සුබයි.

2013-08-16 සිකුරාදා - පෙ.ව. 6.07 ට උතුර බලා වැව්, ළිං, පොකුණු, නාන තටාක ඉදිකිරීම සඳහා පළමු පස්‌ පිඬැල්ල කැපීමට සුබයි.

මෙදිනම පෙ.ව. 9.00 ට උතුර බලා සියලු ගොවිතැන් කටයුතු සඳහා සුබයි.

2013-08-17 සෙනසුරාදා - පෙ.ව. 7.11 ට දකුණ බලා අල, බතල, මඤ්ෙÆක්‌කා, රාබු, කැරට්‌, බීට්‌ ආදී පොළව යටින් පල නෙළා ගන්නා වගාවන් ආරම්භයට සුබයි.

2013-08-18 ඉරිදා - පෙ.ව. 10.00 ට දකුණු දිශාව බලා විවාහ කටයුතු හැර ඕනෑම සුබ කටයුත්තක්‌ ආරම්භයට සුබයි. කෝටියක්‌ දෝෂ භංග වන යෝගයකි.

උපුටා ගැනීම ඉරිදා දිවයින නැකත පත්‍රය.

Friday, August 2, 2013

රෝම අධිරාජ්‍යයෙන් ඉන්දියාවට ගෙනා ලග්න 12 සහ රාශි 12



මෙයට වසර 2336 කට පෙර එනම් ක්‍රි.පූ. 323 දී ඇරිස්‌ටෝටල් පඬිතුමාගේ ගෝලයකු වන මැසිඩෝනියාවේ මහා ඇලෙක්‌සැන්ඩර් අධිරාජයා මිය යයි. ගී්‍රසියේ සිට හිමාල කන්ද දක්‌වා විශාල වූ අධිරාජ්‍යයක්‌ බිහි කළ ඔහු ලොව පහළවූ විශිෂ්ටතම රණකාමී රජු ලෙස සලකනු ලැබේ.

ඇලෙක්‌සැන්ඩර් රජතුමාගේ මරණයට අට අවුරුද්දකට පෙර ගී්‍රසියේ සිට හිමාලය දක්‌වා විශාල වූ ඉහත සඳහන් අධිරාජ්‍යය හෙවත් රෝම අධිරාජ්‍යය බිහිවීම ඇරැඹෙයි. මේ අධිරාජ්‍යය බිහිවීම සහ පැතිර යැම සිදුවූ වකවානුව ඉතිහාසඥයන් විසින් හඳුන්වනු ලබන්නේ Heකකැබසිඑසජ (හෙලන්ස්‌ටික්‌) යුගය ලෙසය. රෝම අධිරාජ්‍යයේ බලපෑම පැවැති යුරෝපයේ සිට හිමාලය (ඉන්දියාව) දක්‌වා භූමිය තුළ කලාව, දේශ සංචාරය, සාහිත්‍යය, දෘශ්‍ය කලාව, සංගීතය, ගණිතය, දර්ශනවාදය හා විද්‍යාව පැතිර යන්නට පටන් ගනී. ලෝක ප්‍රකට වීනස්‌ ප්‍රතිමාව හෙලන්ස්‌ටික්‌ යුගයේ විශිෂ්ටතම නිර්මාණයක්‌ ලෙස අදටත් ඉතිරිව පවතී. ගී්‍රක යටත්විජිතවාදය පැතිර යන්නේ මේ යුගයේදීය. අප්‍රිකා මහද්වීපයේ සිට ආසියා මහද්වීපය දක්‌වා විවිධ තැන්වල ගී්‍රක නගර සහ ගී්‍රක පෞර රාජ්‍ය ඇතිවන්නේ මේ යුගයේදීය.

මේ කියන කාලයේදී ගී්‍රසිය හා තදාසන්න රටවල ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය තිබිණ. ඒ අතර ඉන්දියාව තුළද ඔවුනට ආවේණික ජ්‍යෙdතිෂයක්‌ තිබිණ. එහෙත් දින හතකින් සමන්විත සතිය මුල්වරට ඉන්දියන් ජ්‍යෙdතිෂයට හඳුන්වා දෙනු ලබන්නේ හෙලන්ස්‌ටික්‌ යුගයේදීය. එයට හේතුව වන්නේ හෙලන්ස්‌ටික්‌ ජ්‍යෙdතිර්වේදීන් විසින් සෞරග්‍රහ මණ්‌ඩලය හඳුනාගෙන මේෂ රාශියේ සිට මීන රාශිය දක්‌වා වූ රාශි 12 ද නම් කර තිබීමය. ඔවුහු එය ඉන්දියානු ජ්‍යෙdතිෂයට අන්තර්ග්‍රහණය වීමට සලස්‌වති. ගී්‍රක ජ්‍යෙdතිෂය මගින් ඉන්දියානු ජ්‍යෙdතිෂයට ආලෝකයක්‌ ලැබුණ බවට ඇති ප්‍රමුඛ සාක්‍ෂිය වන්නේ ඉන්දියාවේ ඇති යවනජාතක නමැති කෘතියයි. යවන සහ යෝනක යනු ගී්‍රකයන්ට කියන නමකි. යවනජාතක යනු සංස්‌කෘත නමෙහි තේරුම වන්නේ ගී්‍රකයන් විසින් ලියන ලද්දේය. යන්නය. මෙහි මුල් පොත ක්‍රි.පූ. 120 දී ඇලෙක්‌සැන්ඩි්‍රයාවේ ලියන ලද්දේ හඳහන් බැලීමේ ගී්‍රක ක්‍රමවේදය ග්‍රන්ථාරූඪ කිරීම සඳහාය. එම පොත් පළමුවන සංස්‌කෘත පරිවර්තනය ක්‍රි.ව. 149-150 අතර කාලයේදී යවනේශ්වර නමැති සංස්‌කෘත උගතා විසින් කරන ලදුව අස්‌ථාන ගතවිය. යවනේශ්වර අයත් වන්නේ ඉන්දියාවේ කුෂාන අධිරාජ්‍යය සහ පාන්ඩ්‍ය අධිරාජ්‍යය අතර තිබූ "ක්‍ෂස්‌ත්‍රහස්‌" නමැති රාජ්‍යයන්ය. මේ රාජ්‍යය පාලනය කළෝ ඉරාන සම්භවයක්‌ සහිත සක නමැති ගෝත්‍රයකි. මෙය ශක රාජවංශය සමග වරදවා පටලවාගත යුතු නැත. "යවන ජාතක" ලියන කාලයේදී ක්‍ෂස්‌තුහස්‌ රාජ්‍යයේ පාලකයා පළමුවන රුද්‍රකර්මන්ය. යවනජාතකයේ මුල් පරිවර්තනය අස්‌ථාන ගතවූ නමුත් ක්‍රි.ව. 270 දී මුල් පරිවර්තනයෙන් පිටපත් කරගත් සැලකිය යුතු කොටසක්‌ සොයාගෙන සංරක්‍ෂණය කිරීමට හැකි විය.

ඉන්දියානු ජ්‍යෙdතිෂය පෞරාණික වේදග්‍රන්ථ සමග සම්බන්ධය. එහෙත් හඳහන් බැලීමක්‌ එහි නොවීය. හඳහන් බැලීම ඇතුළත් ග්‍රන්ථයක්‌ මුල් වතාවට ඉන්දියාවට ආවේ නම් ඒ යවන ජාතකයය. මේ ග්‍රන්ථයෙන් පසු තවත් බටහිර පොත් දෙකක්‌ ඉන්දියාවට ගෙනවිත් සංස්‌කෘත බසට පරිවර්තනය කරන ලදී. එයින් පළමුවැන්න ගී්‍රක කෘතියක්‌ වූ "පවුලිස සිද්ධාන්ත"ය. එය අටවැනි ශත වර්ෂයේදී ලියන ලදි. ක්‍රිස්‌තියානි සමයට අයත් සාන්ත පෝල් හෙවත් පාවුළුතුමාගේ මතවාද ආශ්‍රයෙන් මේ පොත ලියන ලද බවට මතයක්‌ පැතිර තිබූ නමුදු එය බොරුවකි. මේ අතර ක්‍රි.ව. 378 දී පවුලුස්‌ ඇලෙක්‌සැන්ඩි්‍රකස්‌ නමැති ජ්‍යෙdතිර්වේදියෙක්‌ ඇලෙක්‌සැන්ඩි්‍රයාවේ ජීවත් විය. ඔහුද පොතක්‌ ලිවීය. පවුලිස සිද්ධාන්ත කෘතියේ මුල් කෘතිය එය බවට මතයක්‌ පැතිරිණ. එයද බොරුවකි. පවුලිස සිද්ධාන්ත මුල් කෘතිය ගී්‍රසියේදී ලියා තිබුණේ පළමුවන සියවසයේදී අප්‍රකට කර්තෘවරයකු විසිනි. පස්‌වන සියවසයේදී වා මිහිර නමැති ඉන්දියානු ජ්‍යෙdතිර්වේදියා (මොහු ගණිතඥයකුද වෙයි) ලියූ ජ්‍යෙdතිෂ පොත්වලට පවුලිස සිද්ධාන්ත පොත බලපෑවේය.

ඉන්දියානු ජ්‍යෙdතිෂයට බලපෑ දෙවන පොත සංස්‌කෘත පරිවර්තනයක්‌ වූ "රෝමක සිද්ධාන්ත"ය. මෙහි තේරුම රෝමවරුන්ගේ (ජ්‍යෙdතිෂ) මතවාද යන්නය. රෝමයේ බයිසන්ටයින් අධිරාජ්‍යය පැවැති කාලයේදී (ක්‍රි.ව. 330-1204) පැවැති ජ්‍යෙdතිෂ විශ්වාසය සහ උපක්‍රම මේ කෘතිය මගින් සාකච්ඡා කරන ලදී. වරාමිහිර ලියූ "පංචසිද්ධාන්තිකා" නමැති ග්‍රන්ථයට රෝමක සිද්ධාන්ත පොත බලපෑවේය.

ඉන්දියානු ආයුර්වේදය සමග ඉන්දියානු ජ්‍යෙdතිෂය සම්බන්ධය. ආයුර්වේදය මගින් සුදුසු බෙහෙත සකස්‌ කරන අතර ජ්‍යෙdතිෂය මගින් එම බෙහෙත කළ යුතු සුදුසු වේලාව හෝ නැකත හඳුනාගනු ලැබේ.

ගී්‍රක බලපෑම් ඉන්දියන් ජ්‍යෙdතිෂයට අන්තර් ග්‍රහණය වීමට පෙර සෞරග්‍රහමණ්‌ඩලය පිළිබඳ සඳහනක්‌ ඉන්දියානු ජ්‍යෙdතිෂය තුළ නොවූ බව අපි මුලින් සඳහන් කළෙමු. එහෙත් සූර්යග්‍රහණ හෙවත් රාහු නමැති අසුරයා සූර්යයා ගිලගනු ලැබීම ගැන ඉපැරැණි ඉන්දියන් ජ්‍යෙdතිෂය පොත්වල නිතර සඳහන්ය. එම පොත්වලට අනුව ජ්‍යෙdතිෂයෙහි නියෑලුණු ඉපැරැණි ශාස්‌ත්‍රඥයෝ රාහු යනු යකකු ලෙස සලකා ඔහු මග හැර කටයුතු කළ හැකි සුබ වේලාවල් සොයා ගැනීම ගැන උනන්දු වූහ. අකර්වේද සහ චන් චන්ද්‍රෙද්‍රdaගය උපනිෂද් යන ඉන්දියානු ජ්‍යෙdතිෂ පොත්වල රාහු ගැන නිතර සඳහන් වෙයි. "ග්‍රහ" යන වචනය ඔවුන් යොදන ලද්දේ යකුන් හැඳින්වීමටය.

උපුටා ගැනීම : ඉරිදා දිවයින පුවත් පත 

Thursday, August 1, 2013

ජයෙන් ජය ලබන්නට සිරි සම්බෝධි පිරිත



එකල අපේ සිරිලක රජකළ දේවානම් පියතිස්‌ස රාජ්‍ය සමයේ අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ පිරිස සිරිලකට සම්ප්‍රාප්ත වූයේ පෙසොන් පුර පසළොස්‌වක්‌ පෝ දිනකය. එකල දඹදිව රාජ්‍ය කළ අශෝකාධිරාජයාණන් හා දෙවන පෑතිස්‌ රජතුමන් අතර පැවැති දිගුකාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් අති අතුම් ශ්‍රී සද්ධර්මය සිරිලක්‌වාසී අපට ප්‍රදානය කිරීමේ කාර්යය අතිශයින්ම ඓතිහාසිකය. ශ්‍රේෂ්ඨය, සදානුස්‌මරණීයය, ආද ර්ශවත්ය. මෙය මිත්‍ර සබඳතාවේ සදහම් සංකේතයයි.

තම පුත්‍ර මහේන්ද්‍රයන් පැදි කර තවත් භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ හා සාමනේර භික්‍ෂූන් වහන්සේ කෙනකු හා උපාසකයකු ඇතුළු පිරිසක්‌ ලංකාවට ඒවා බුද්ධ, ධම්ම යන දෙරත්නයට අමතරව එතෙක්‌ අප සතුව නොතිබුණු සංඝරත්නය අපට උරුම කර දුන්හ. ඊට පසු සිරිලක උපන් මෙහිම හැදී වැඩුණු කුල කුමරුන් පුබුදු කරවා සසුනට ඇතුළත් කොට ඔවුන්ගේ මාර්ගයෙන් බුදු සසුන දීප ව්‍යාප්ත කිරීමටත් ඒ අයුරින් දේශීය සංස්‌කෘතිය නව මඟකට යොමු කිරීමටත් ආර්ථික, දේශපාලන සමාජ විපර්යාසයක්‌ සිදු කිරීමටත් අවස්‌ථාව එළඹුණි. එයින් සෑම සිතුවිල්ලක්‌, ක්‍රියාදාමයක්‌ නිර්මාණයන් තුළට බෞද්ධකම නිරතුරුවම සංකලනයවී ඒ රටාව එදා සිට අද දක්‌වාම සිරිලක දස දෙස දර්ශනය වේ.

මෙම මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට වැඩමවා බුදුසසුන පිහිටුවා අපේ සිsරි ලංකා පුරය පහන් කළ පොසොන් පසළොස්‌වක පෝය දිනය මෙදින බෝධි පූජාවන් පැවැත්වීම එදා සිටම අද දක්‌වා බෞද්ධ අපට හුරු පුරුදු දෙයක්‌ වන අතර අන් ආගමිකයන්ද දැඩි උනන්දුවකින් කරන්නේ බුදුන් වහන්සේ අනුදැන වදාළ නිසාය. එබැවින් බෝධි පූජාව හොඳම ශාන්තිකර්මයක්‌ ලෙසද හැඳින්වේ. ධර්මයෙහි පිහිටා දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කිරීම බෝධි පූජාවක මූලික පරමාර්ථය වේ. මේ නිසා බෝධි වෘක්‍ෂයට කරනු ලබන පූජාව බෝධි පූජාව වේ.

තවද බෝධිය යනු ඒ සර්වඥතාඥනය වන අතර එය ලබා ගැනීමට පිටදුන් වෘක්‍ෂය බෝධිවෘක්‍ෂයද වේ. සියලු බුදුවරුන් යම්කිසි වෘක්‍ෂයක්‌ යටදී මේ සර්වඥතාඥනය ලබාගෙන තිබේ. බුදුවරයකු ලෝ පහළවුණු විගසම එම වෘක්‍ෂයේ බෝධි මණ්‌ඩලයට අයත් ස්‌ථානයේ එදිනම පහළ වේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේට අයත් ඇසතු බෝධියට පූජාවක්‌ පවත්වන අතර නියම බෝධි වෘක්‍ෂය අනුරාධපුර ශ්‍රී මහා බෝධියයි.

වංශකතාවල දැක්‌වෙන පරිදි ශ්‍රී මහා බෝධිය රෝපණය කර දින පහකින් අතු පසක්‌ පැන නැගී ඵලපහක්‌ පැන නැගුණු බව ප්‍රකාශිතයි. ඒ පලගත් ගෙඩි පහෙන් ගෙඩි අට බැගින් පැළ හතළිහක්‌ බලා සිටියදීම පැන නැගුණු බවද වැඩිදුරටත් සඳහන් වේ. මේ පැළ හතළිහම රජතුමා විසින් දඹුලුතොට, ථූපාරාමය, කතරගම, මහියංගනය, මුතියංගනය, පැපිලියාන, බෙල්ලන්විල ආදී ස්‌ථාන හතළිහක රෝපණය කරවූ බවද ප්‍රකාශිතයි. මේ ස්‌ථාන හතළිහ වංශ කතා කියවීමෙන් ඔබට දැනගත හැක. එනිසා ඔබ කුමන බෝධියකට හෝ බෝධි පූජාවන් කළත් එය ශ්‍රී මහා බෝධියට කරනු ලබන පූජාවක්‌ යෑයි හිතා පූජාව පැවැත්විය යුතුයි. සමහර ස්‌ථානවල බලවත් දේවතා ගෘහිත බෝධිද ඇත.

මේ නිසා ඔබටත් ඔබේ පවුලේ සැමටත් නව රුවන් පරදවන බුදුරදුන් ගුණ වැයෙන සිරි මහා සම්බෝධි පිරිත් අමිල අමරණීයව ගයන්න. නිවසේ කියවන්න. ඔබටත් පවුලේ සැමටත් ලොව්තුරු පැතුම් ඉටුවේ. තවද මෙම පිරිත අප මහා බෝසතාණන් නියත විවරණ ලැබූ දීපංකර සම්මා සම්බුදු රජුන්ගේ පටන් බුදු වරයන් වහන්සේලා පස්‌විසිනමක පස්‌ මරුන් පරදවා බුදුවූ තේජානු භාවය සත්‍ය ක්‍රියා පදනමක්‌ කොට බැඳුණු මහා බල සම්පන්න තත්ත්වයේ අප්‍රමිත අසීමිත අචිත්තනීය ශක්‌තියෙහි අනූනවූ පිරිතකි. එය මෙසේ නැකත අතිරේකයෙන් ඔබට පොසොන් උදාව නිමිත්තෙන් තිළිණ කරමි.

1. දීපංකරෝ ලෝක විදූ මුලේ පීප්ථලී බෝධියා පංච මාරේ පරාජෙත්වා පත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වඡ්ඡේන හෝතුමේ ජය මංගලං

02. කොණ්‌ඩඤaඤච්හය සම්බුද්ධෝ මුලම්හි සාල බෝධියා පංචමාරේ පරාජෙත්වා පත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වඡ්ඡේන හෝතු මේ ජය මංගලං

03. මංගලච්හය සම්බුද්ධෝ මුලම්හි නාග බෝධියා

04. සුමනච්හය සම්බුද්ධෝ මුලම්හි නාග බෝධියා

05. රේවතච්හය සම්බුද්ධෝ - මුලම්හි නාග බෝධියා

06. සෝභිතච්හය සම්බුද්ධෝ මුලම්හි නාග බෝධියා

07. අනෝමදස්‌සී සුගතෝ මුලේ අඡ්ජුන බෝධියා

08. පදුමෝ නාම සම්බුද්ධෝ මුලම්හි සෝන බෝධියා

09. නාරදොa නාම සම්බුද්ධෝ මුලම්හි සෝන බෝධියා

10. පදුමුත්තරෝ නාම ජිනෝ මුලම්හි සාල බෝධියා

11. සුමේධෝ නාම සම්බුද්ධෝ මුලම්හි නීප බෝධියා

12. සුජාතෝ නාම සම්බුද්ධෝ මුලම්හිවේලු බෝධියා

13. පියදස්‌සී නාම බුධෝ මුලේ කකුධ බෝධියා

14. අත්ථ දස්‌සී නාම ජිනෝ මුලේ චම්පක බෝධියා

15. ධම්ම දස්‌සී නාම ජිනෝ මුලේ කුරවක බෝධියා

16. සිද්ධත්ථො නාම ජිනෝ මුලේ කණිකාර බෝධියා

17. තිස්‌ස නාමෝ ලෝක ගරු මුලේ අසන බෝධියා

18. ථුස්‌සනාමෝ ලෝක විදූ මුලේ අමලක බෝධියා

19. විපස්‌සී නාම සුගතෝ මුලේ පාඨලී බෝධියා

20. සිනාමෝ ලෝක නාථෝ මුලේ සේතම්බ බෝධියා

21. වෙස්‌සභූ නාම සුගතෝ මුලම්හි සාල බොඩියා

22. කකුසන්දෝ ලෝක විදූ මුලේ සිරිස බෝධියා

23. කෝණාගමනෝ සුගතෝ මුලේ යඤ්ඤාංග බෝධියා

24. කස්‌සපෝ නාම සබ්බඤ්ඤා මුලේ නිග්‍රෝධ බෝධියා

25. ගෝතමෝ නාම සබ්බඤ්ඤා මුලේ අස්‌සත්ථි බෝධියා

පංච මාරේ පරාජෙත්වා - පත්තෝ සම්බෝධි මුත්තමං

එතෙන සච්ච වඡ්ඡේන - හෝතුමේ ජය මංගලම්

මේ පිරිත රෝගියකුට කියා ශාන්තිය සලසන්න නම් එතෙන සච්ච වඡ්ඡේන - සබ්බ රෝගෝ විනස්‌සන්තු කියාද පොදුවේ කියන විට "සොත්ථිතේ හොතු සබ්බදා" කියාද යොදා මේ ගාථා විසිපහම සඡ්ජායනා කරන්න. ඔබට බෝධිරාජසෙත සැලසේ.

අති භයානක බලවත් අමනුෂ්‍ය දෝෂයන් දුරුවීමට, කෘර සතුරු උපද්‍රව මගහරවා ගැනීමට, කිසිම තැනකදී පරාජය නොවන්ට, ගිය ගිය තැන අග්‍ර ජය ලබා ගැනීමට, දේව ආරක්‍ෂාව ලබාගැනීමට, නිවසේ, භූමියේ ව්‍යාපාරික ස්‌ථානයේ ඇති කොඩි වින කැපී පුපුරා භංගවෙන්ට, අංගම්, පිල්ලි, ඇස්‌වහ, කටවහ හෝ වහ දුරුවීමට, නිවසේ භූමියේ මළගිය ප්‍රේත දිෂ්ඨි හා විවිධ භූත බල පෑම් පලවා හැරීමට ඉතාම යෝග්‍ය බවත්, මෙම පිරිත තඹ පතක ලියා රන්තැඹිලි තෙල් තබා මේ පිරිතෙන් දාස්‌වරක්‌ ජපකර කර පැළඳීමෙන්ද නිවසේ රාමුකර තැබීමෙන්ද ඔබේ සියලු කාරණා සියල්ලටම අති ශ්‍රේෂ්ඨ පිරිතක්‌ බව සැලයි. සත්‍යයි.

බුදුදහම හා ධනාත්මක චින්තනය


ශාස්‌ත්‍රපති පූජ්‍ය විතාරන්දෙණියේ වජිරවංස හිමි

ධනාත්මක චින්තනය පිළිබඳ නූතන මනෝ විද්‍යාඥයින් හා අධ්‍යාපනඥයින් විශේෂ අවධානයක්‌ යොමුකරඇති බව පෙනේ. මීට දෙදහස්‌ පන්සිය වසරකට පෙර ලොව පහළවූ බුදුරජාණන් වහන්සේද මේ පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කොට ඇත. බුද්ධ චරිතය, බුද්ධ දේශනා හා ශ්‍රාවක චරිත අධ්‍යයනය කරන විට ධනාත්මක චින්තනයේ ඵලය මැනවින් පිළිබිඹු වේ.

බුදුවීමට දස පෙරුම් දම් පිරූ බෝසතාණෝ ඒ මගින් ධනාත්මක ආකල්ප අනුව ක්‍රියාකළ සේක. උන්වහන්සේ පිරූ විර්ය පාරමිතාව සහ අධිෂ්ඨාන පාරමිතාව තුළින් ධනාත්මක චින්තනය කැපී පෙනේ. එමෙන්ම බුදුවූ ආත්මයේ ඉපදුණු විගස ප්‍රකාශ කළ 'අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස්‌ යනාදී උදාන වාක්‍යය, සත් පියුම් මත ගමන් කිරීම, සතර පෙර නිමිති දැක අධිෂ්ඨානශීලීව ගිහිගෙය අත්හැර පැවිදි වීම, සත්‍ය සොයා යාම, අවුරුදු සයක්‌ දුෂ්කර ක්‍රියා කරමින් කළ උත්සාහය ආදී අවස්‌ථා විශේෂිත අවස්‌ථාවන් වේ.

තම අරමුණු ඉටු කර ගැනීමේදී විවිධ බාධා සහ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවෙයි. එම බාධක හා දුෂ්කරතා ජය ගැනීමට තම නොසැලෙන චින්තනය වෙසෙසින්ම වැදගත් වෙයි. බෝ මුල වෙත පැමිණි බෝසතුන් බුදුවීම සඳහා ඇති කරගත් චතුරංග වීර්යය ධනාත්මක චින්තනයේ සුවිශේෂ අවස්‌ථාවකි.

1. සිරුරේ සම් ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

2. සිරුරේ නහර ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

3. සිරුරේ ඇට කටු ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

4. සිරුරේ මස්‌ ලේ විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

මෙලෙස ඇතිකරගත් අධිෂ්ටානය නිසා බුද්ධත්වය වැනි උත්තරීතර පදවියක්‌ ලබාගැනීමට උන්වහන්සේ සමත්වූ හ. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීන්ගේ වැඳුම් පිදුම්වලට ලක්‌වූහ. අධිෂ්ඨානශීලී නොසැලෙන චින්තනයකින් ක්‍රියා කළ නිසා බුදු පදවිය හිමි කර ගැනීමට බෝ සතුන්ට හැකිවූවා සේ ඕනෑම පුද්ගලයකු නොසැලෙන සිතින් සිතකින් ක්‍රියා කරන්නේ නම් ලද නොහැකි ජයග්‍රහණයක්‌ නොමැත.

යම් ක්‍රියාවක්‌ ආරම්භ කිරීමේදී 'මට පුලුවන්, මම ප්‍රතිඵල ලබාගන්නවා, මම දිනනවා' යනාදී හැඟීමෙන් යුතුව ක්‍රියාකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එසේ නොවී යම් ක්‍රියාවක්‌ ආරම්භයේදී එහි ප්‍රතිඵල ගැන සැකයක්‌ ඇතිකරගෙන ක්‍රියා කරන්නේ නම් ඉන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත නොහැකි ය. 'නැහැ බැහැ' ආදී සෘණාත්මක ආකල්පයෙන් ක්‍රියා කරන්නාට ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකි ය. හැම දෙයක්‌ම අමාරු, අපහසු, නොහැකි දේ ලෙස සිතීම පරාජිතයාගේ ස්‌වරූපයයි. එසේ සිතන කිසිවකුට සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු විය නොහැකිය. ඇතැමුන් ජීවිතයේ දියුණුව දෛවයට භාර කරයි. 'මේ අපි ලබා උපන් හැටි, අපේ කරුමෙ තමයි, ලැබෙන දෙයක්‌ ලැබේවි' මෙසේ සිතා ක්‍රියා කරන්නා සමාජයේ පසුපසට යයි. දියුණුව ලබා සමාජයේ ඉදිරියට යැමට නොහැකිය. සමාජයේ දියුණුව කරා පිය නගනුයේ අලුත් දේ සිතන නිර්මාණශීලීව කටයුතු කරන පුද්ගලයන් පමණි.

'නාචින්තයන්තෝ පුරිසෝ විසේසි මධිගච්ඡති'

යන බුද්ධ දේශනාව අනුව අලුත් දේ නොසිතන පුද්ගලයා දියුණුවට පත් නොවන බව සඳහන් වේ. අද කළ යුතු දේ දැන් මහන්සියි, දැන් බැහැ, දැන් සීතලයි, දැන් නිදිමතයි කියා පසුවට කල් දැමීම තම පරිහානියට බාධාවක්‌ පමණක්‌ නොව පසුතැවීමට පවා හේතු වෙයි. සෑම මිනිසකු තුළ ම නිර්මාණශීලී දක්‌ෂතා පවතී. ඒවා ඉස්‌මතු කරගත හැක්‌කේ උත්සාහය හා චිත්ත ශක්‌තිය මගිනි. සිතේ ඇතිවන අවිදු, පසුබට හැඟීම් නිසා බොහෝ පිරිස්‌ පරිහානිය කරාම යති.

පුද්ගල අපේක්‌ෂා සාර්ථක කර ගැනීම සඳහා පුද්ගල චර්යාව හා සිතුවිලි කෙසේ සකස්‌විය යුතුද යන්න බුදුරදුන් සූත්‍ර ධර්ම රැසකින් පෙන්වාදී ඇත. කරණීය මෙත්ත සූත්‍රය අනුව තමා පළමු 'අත්ථ කුසල' පුද්ගලයකු විය යුතුය. අත්ථ යනු අරමුණයි. කුසල යනු දක්‌ෂතාවයි. තම අරමුණ ඉටුකර ගැනීමට තමා දක්‌ක්‍ෂයකු වීම මෙහිදී අදහස්‌ කෙරෙයි. අරමුණු සාර්ථක කර ගැනීමේදී තමා විසින් ඇතිකරගත යුතු දක්‌ෂතා පහළොවක්‌ පිළිබඳ කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වෙයි. එම කරුණු පහළොව අතර 'සක්‌කෝ' යන පළමු ගුණය සුවිශේෂ වේ. පොතපත කියවීමෙන්, ලියවීමෙන් අසා හෝ බලාසිටීමෙන් නැත හොත් ප්‍රගුණ කොට පුරුදු පුහුණුq කරගන්නා විට දක්‌ෂතා පුද්ගලයාට ඇති කරගැනීම ඉතා වැදගත් වෙයි. අදක්‌ෂ පුද්ගලයාට සමාජයේ ඉදිරියට යැම නොහැකි ය. මෙලොව පරලොව දෙලොවම පරාජිතයෙක්‌ වෙයි.

කුසල් හෙවත් දක්‌ෂතා දියුණු කර ගැනීම දෙලොව හිත සුව පිණිසත්, අකුසලය අයහපත පිණිසත් හේතු වෙයි. අතීතයේ හෝ පෙර ආත්මයක පුරුදු පුහුණු කරගත් කුසල් ඇත්නම් මෙලොවදී හෝ පරලොවදී තම හිතසුව පිණිසත් අකුසලය අහිත පිණිසත් පැවැතීම ලෝක ස්‌වභාවයකි. එනිසා පුද්ගලයා පරිත්‍යාගය, මෛත්‍රිය, කරුණාව, ප්‍රඥව යන කුසල සිතුවිලි උපදවාගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය. බුදුදහම පුද්ගලයාගේ දියුණුවට මඟ පෙන්වා ඇති දහමකි. ඒ තුළ කිසිදු බල කිරීමක්‌ නොකෙරේ. බුදුරදුන් දිනක්‌ බමුණකු අමතා, 'බමුණ, ඔබ කැමැති නම් ඉදිරියට යන්න, අකමැති නම් ඉදිරියට නොඑන්න' යනුවෙන් දේශනාකොට ඇත. ඉන් පැහැදිලි වන්නේ සිතා මතා බුද්ධියෙන් තීරණ ගැනීමට බුදුදහම පුද්ගලයාට නිදහස දී ඇති අයුරුයි. බමුණා අමතා බුදුරදුන් එහිදී පැහැදිලි කරදෙන ලද්දේ දියුණුව කරා පියනැගීමට නම් පුද්ගල චිත්ත ශක්‌තිය, බුද්ධිය හා උත්සාහය අවශ්‍ය ම බවයි. යම් ක්‍රියාවක්‌ කිරීමේදී,

1. ආරම්භ ධාතු (යමක්‌ ආරම්භකිරීමට)

2. නික්‌ඛම ධාතු (ඉදිරියට කරගෙන යාමට)

3. පරක්‌කම ධාතු (බාධා මැඩගෙන යාමට)

4. ථාම ධාතු (බලවත් වීර්යයෙන් කිරීමට)

5. ඨිති ධාතු (ස්‌ථාවරව සිටීමට)

6. උපක්‌ඛම ධාතු (උපක්‍රමශීලී වීමට)

උත්සාහය තිබිය යුතු ය. එසේ නොවුව හොත් ක්‍රියාවක්‌ ඉදිරියට කරගෙන යැමට හෝ සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට නොහැකිය. තම ශක්‌තිය හා හැකියාව පිළිබඳ සැකයෙන් තොරව විශ්වාසවන්ත බව ඇතිකර ගත යුතුය. තම හැකියාව තමා විසින්ම පිළිගෙන ආත්ම විශ්වාසයෙන් ක්‍රියාකිරීමෙන් පමණක්‌ ම සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකිය. කුසීතකමින්, පසුබැසීමෙන් ක්‍රියා කිරීමේ සෘණ මනෝභාවය දුරු කළ කල්හි තමා පිළිබඳ තමාට විශ්වාසය ගොඩනගාගත හැකිය. අලස මානසික බවින් යුතු පුද්ගලයන්ට සමාජය තුළ දියුණුව සලසාගත නොහැකිය.

තමන් යම් ක්‍රියාවක්‌ සාර්ථක ප්‍රතිඵල ලැබීමේ අරමුණින් කරගෙන යන කල්හි ඊට බාධා ඇතිවිය හැකිය. බාධා ඇතිවූ පමණින් උත්සාහය බිඳදමාගත යුතු නොවේ. විකල්ප ක්‍රම තුළින් තම ජයග්‍රහණයේ දොරටු විවර කර ගත යුතුය. ඇතැමුන් තමන්ට ඇති ශක්‌තිය හඳුනාගෙන නැත. වෙනත් අයකු දෙන උපදෙස්‌ හෝ පිළිගෙන උනන්දුවඇතිකර නොගනියි. එබඳු තැනැත්තාට දියුණුවිය නොහැකිය. සෑම ජයග්‍රහණයකටම මාවතක්‌ ඇත. ඒ මාවත තම බුද්ධියෙන් සොයාගත යුතුය. එහෙත් අනුන් දෙන උපදෙස්‌ තමන්ට ගැළපේදැයි සිතා බැලීම කළ යුතුය. උගතුන්, බුද්ධිමතුන්, ලේඛකයන් ඔවුන්ගේ ජීවිත ශ්‍රේෂ්ඨ බවට පත් කරගෙන ඇත්තේ ස්‌වකීය ශක්‌තිය හඳුනාගෙන ක්‍රියා කිරීමෙනි. ඒ බව ඔවුන්ගේ චරිත අධ්‍යයනයෙන් පැහැදිලි වෙයි.

එදා බුදුරදුන් ස්‌වකීය බුද්ධිය යොදවා ක්‍රියා කිරීමෙන් තිලොවටම ශේ්‍රෂ්ඨ නායකයකු බවට පත් විය. එම පිළිවෙත අනුගමනය කළ ගිහි - පැවිදි දෙපිරිසද ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්ව දෙලොව දියුණුව සලසාගන්න. එම නිසා අප ආගමික ඉගැන්වීම මෙන්ම ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ ග්‍රන්ථ කියවීම, උගතුන්ගේ අදහස්‌ උදහස්‌ පිළිගෙන ක්‍රියා කිරීම, ඇහුම්කන්දීම, අධ්‍යයනය කිරීම, නිරීක්‌ෂණ හා පරීක්‌ෂණ කිරීම කළ යුතුය. එසේ කිරීමෙන් සෘණාත්මක චින්තනයෙන් මිදී ධනාත්මක චින්තනයක්‌ තුළින් සෑම ක්‍රියාවකම ජයග්‍රහණය උදාකරගත හැකිය.


උපුටා ගැනීම : ඉරිදා දිවයින පුවත් පත 

විභාග ජයට බුද්ධ මන්ත්‍රයක්‌




බුද්ධි වර්ධනය බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අපේක්‍ෂාවකි. විභාග සමාර්ථවීමට බුද්ධිය අත්‍යවශ්‍යය. ඥාණය යනුද එයටම තවත් නමකි.

ඥාණය හෙවත් බුද්ධිමත් බව වර්ධනය කර ගැනීමට අපේක්‌ෂා කරන අය ඒ සඳහා බුද්ධ ඥාණයට වන්දනා කිරීම නොවරදින ක්‍රමයකි. බුද්ධ වන්දනාව සඳහා නිවසේ සුදුසු ස්‌ථානයක්‌ පිළියෙල කරගත යුතුය. මේ පිළිබඳව පසුගිය "නැකත" අතිරේකයෙන්ද විස්‌තර කර ඇත. කරුණාකර එයද කියවා බලන්න. ඒ අනුව බද්ධ වන්දනාවට ස්‌ථානයක්‌ සකසා ගන්න.

අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බුද්ධ වන්දනාව උදේ දවස ආරම්භයේම කළ හැකිය. එය වඩාත් සුදුසු වේලාවයි. සවස නින්දට පෙරද කිරීම මැනවි.

පහන් ආලෝක පූජාවෙන් ඥනාලෝකය ලැබේ. ඒ නිසා මල් පහන් සහිත බුද්ධ පූජාවක්‌ කරන්න. පන්සිල් සමාදන් වන්න. තෙරුවන් නමදින්න. ඉන්පසුව බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ ඥනය ගැන විස්‌තර කෙරෙන පහත සඳහන් පාඨය කියවන්න. මෙම බුද්ධ ඥනය ගැන හැකිනම් ඉගෙන ගන්න.

දුක්‌ඛේ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛේ සමුදයේ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛ නිරෝධෙ ඥාණං බුද්ධ ඥාණං

දුක්‌ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාණං බුද්ධ ඥාණං

අත්ථපටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

ධම්ම පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

නිරුක්‌ති පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

පටිභාන පටිසම්භිදේ ඥාණං බුද්ධ ඥාණං

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණං බුද්ධ ඥාණං

ආසයානුසසේ ඥාණං බුද්ධ ඥාණං

යමක පටිහාරියේ ඥාණං බුද්ධ ඥාණං

මහා කරුණා සමාපත්තියා ඥාණං බුද්ධ ඥාණං

සබ්බඤ්Cදුත ඥාණං බුද්ධ ඥාණං

අනාවරන ඥාණං බුද්ධ ඥාණං

ඉමේහි බුද්ධ ඥාණේනි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමී.

අනන්ත බුදු ගුණ බලයෙන් ඔබට ඥාණාලෝකය පහළවේවායි අපිද ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.


උපුටා ගැනීම : ඉරිදා දිවයින පුවත් පත