Wednesday, September 18, 2013

මංගල සූත්‍රයෙන් හෙළිවන බෞද්ධ ජීවන දර්ශනය


මංගල සූත්‍රය බෞද්ධයන් අතර නිබ`ද සජ්ජායනාවට පාත්‍රවන තුන් සූත්‍රයෙහි ඇතුළත් එක්‌ සූත්‍ර දේශනාවකි. මෙලොව පරලොව හිතසුව පිණිස වන උතුම් ආර්ය මංගල කරුණු තිස්‌ අටකින් සමන්විත මංගල සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායෙහි ඛුද්දක පාඨ ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. මෙහි ස`දහන් මංගල කරුණු ලොකු කුඩා සෑම බෞද්ධයෙක්‌ම හො`දින් අසා දැන ඇති කරුණුය. එහෙත් මෙම කරුණු ප්‍රායෝගිකව ස්‌වකීය ජීවිතයට එක්‌කර ගත් බෞද්ධයන් අතළොස්‌සක්‌ තරම්වත් නැති තරම්ය. නිබ`ද සජ්ජායනා කළ ද, ශ්‍රවණය කළ ද බෞද්ධ ජීවන දර්ශනය කියාපාන මෙම මංගල සූත්‍රගත කරුණු නිවැරදිව හඳුනාගෙන අවබෝධ කරගත් බෞද්ධයකු සොයා ගැනීම උගහටය.

මංගල සූත්‍රය නිතර ශ්‍රවණයට සජ්ජායනාවට ලක්‌වන බැවින් එහි ස`දහන් මංගල කරුණු බෞද්ධයන් අතර ඉතා ජනප්‍රිය ව පවතී. එහෙයින් සූත්‍රගත කරුණු එකිනෙක විමසීමක්‌ මෙහි දී අපේක්‍ෂා නොකරයි. මංගල සූත්‍රයෙහි ස`දහන් කරුණු බෞද්ධයාට සාර්ථක මෙලොව ජීවිතයක්‌ ගත කිරීමට අවශ්‍ය ජීවන දර්ශනයක්‌ වන අතරම එය බෞද්ධයාගේ පරම විමුක්‌තිය වන නිර්වාණය සාක්‍ෂාත් කිරීමෙහිලා ද උපයෝගී වෙයි. මෙම ලිපියෙහි අරමුණ සූත්‍රගත කරුණු එසේ ජීවන දර්ශනයක්‌ ලෙසින් යොදාගත හැකි අයුරු අවබෝධ කර දී එම`ගින් උතුම් වූ නිර්වාණාවබෝධය වෙත බෞද්ධයා සමීප කරවීමයි.

බෞද්ධ ජීවන දර්ශනයක්‌ ලෙස සූත්‍රගත කරුණු හඳුනාගැනීමේදී ඒවා මිනිස්‌ ජීවිතයක ප්‍රධාන අවධි හතරක්‌ තුළ හඳුනාගත හැකි වෙයි. ඒවානම්,

1. ළමා අවධිය

2. තරුණ අවධිය

3. වැඩිහිටි අවධිය

4. මහලු අවධිය

ළමා අවධියේ ම සාර්ථක ජීවන දර්ශනයක්‌ ගොඩන`ගා ගැනීම ගොඩනැ`ගිල්ලක අත්තිවාරම මෙන් පුද්ගලයකුගේ සාර්ථක ජීවිතයකට සවිමත් පදනමක්‌ වෙයි. මේ නිසා සාර්ථක ජීවන දර්ශනයක්‌ ගොඩ න`ගා ගැනීම ආරම්භ කළ යුත්තේ ළමා අවධියෙනි. ළමා අවධිය හා සම්බන්ධව කතා කිරීමේදී සූත්‍රයෙහි පළමු ගාථා ත්‍රිත්වයෙහි අන්තර්ගත කරුණු පුද්ගල ජීවිතයක ළමා අවධිය තුළ ගොඩන`ගා ගත යුතු ජීවන දර්ශනය පෙන්වා දෙයි. එහිදී පළමු ගාථාවෙහි දක්‌නට ඇති බාලයන් ඇසුරු නොකිsරීම, පණ්‌ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, යන කරුණු තුන සම්බන්ධයෙන් වැඩි වගකීමක්‌ දෙමාපියන්ට පැවරෙයි. හොදම දේ දරුවාට යන්න තේමා කරගත් වත්මන් සමාජයේ දරුවාට දිය යුතු හොදම දෙය නම් මෙකී කාරණා බව මෙහිදී සිහිපත් කළ යුතු වෙයි.

ඒ අනුව කුඩා දරුවන් තුළ හොද නරක තේරුම් ගැනීමේ හැකියාව ළමා අවධියේම ඇතිකළ යුතුය. එවිට ඔහු හෝ ඇය ලොකුමහත් වුවද හොඳ නරක මනාව තේරුම් ගනිමින් යහපත් දිවියක්‌ ගත කරයි. බාලයන් ඇසුරු නොකොට පණ්‌ඩිතයන් ඇසුරු කිරීම යනු එයයි. පිදිය යුත්තන් පිදීම බෞද්ධ ජීවන දර්ශනයේ වැදගත් අංගයක්‌ වන අතරම එය පුද්ගලයකුගේ පෞරුෂ වර්ධනයෙහි ද බලපාන බව බෞද්ධ මතයයි. එබැවින් මෙකරුණ ද බෞද්ධ දෙමාපියන් විසින් දරුවකුට ළමා කාලයේදීම ලබා දිය යුතු දැනුමකි. අවබෝධයකි.

සුදුසු පෙදෙසක විසීම, පෙර පින් කර ඇති බව මෙන්ම ආත්මය නිසිලෙස පිහිටුවා ගැනීම දරුවකුට උපතින්ම හිමිවන ජන්මීය මෙන්ම කර්මානුරූපී ද කරුණු වේ. එසේ වී නමුත් යහපත් ජීවන දර්ශනයක්‌ ගොඩන`ගා ගැනීමේදී ළමා අවධිය තුළ මෙකී කාරණා අතිශය වැදගත් වේ. පන්සිය පනස්‌ ජාතකයේ එන සත්තිගුබ්බ ජාතකයේ ගිරා පැටවුන් දෙදෙනාගේ කතාව කියාපානුයේ සුදුසු පෙදෙසක විසීමේ වැදගත්කමයි. පෙර පින් කර ඇති දරුවකු මේ ආත්ම භවයේදී අයහපත් විපත් ගෙන නොදෙයි. එය සාර්ථක ජීවිතයකට Rජුවම උපකාරී කරයි. මැනවින් පිහිටුවා ගත් ආත්මයක්‌ සහිත පුද්ගලයකු ලෙස දරුවා සමාජගත කිරීමේ වගකීම පවුල වෙත පැවරෙන අතර එය ඒ දරුවාගේ ජීවන දර්ශනය ගොඩන`ගා ගැනීමෙහිලා දායක වෙයි.

බහුශ්‍රැත බව, ශිල්ප ඥානය, විනය, මනා ශික්‍ෂණය, සුභාෂිත වදන් කතා කිරීම දරුවකු ක්‍රමයෙන් වැඩෙන විට තමා තුළ ගොඩනගා ගත යුතු කරුණුය. පෙර කී දෙමාපියන් සතු වගකීම් මැනවින් ඉටුවන්නේ නම් මෙම කරුණු තම ජීවිතයට එක්‌ කර ගැනීමට දරුවකුට අපහසු නොවනු ඇත. මෙසේ ඇතිකරගන්නා ගතිගුණ හා හැකියාවන් තරුණ ජීවිතයට පා තැබීමට නිවැරදි මෙන්ම සාර්ථක අත්වැලක්‌ සපයයි.

සූත්‍ර දේශනාවෙහි මීළ`ග ගාථා ත්‍රිත්වය තරුණ අවධිය හා සම්බන්ධ වෙයි. ඒ අනුව මව්පිය උපස්‌ථානය, අඹුදරුවන් පෝෂණය කිරීම, නිරවුල් කර්මාන්තයන් හී නියෑලීම තරුණ අවධිය හා සම්බන්ධ මුල් කරුණු තුනයි. දරුවකු තරුණ වන විට දෙමව්පියන් වයසට යයි. එවිට තම දෙමාපියන් රැකබලා ගැනීම දරුවෙකුගේ යුතුකමක්‌ වන අතරම එය ජීවන දර්ශනයට එක්‌ කර ගැනීමෙන් දෙලොවටම සෙත සැලසෙයි. තරුණ වයසට පත්ව විවාහ දිවියට එළඹීමත් සම`ග අඹුදරුවන් පෝෂණය කිරීම වගකීමක්‌ බවට පත් වේ. ඒ ස`දහා අධාර්මික කර්මාන්ත නොකොට ධාර්මිකව මිල මුදල් උපයා අඹුදරුවන් පෝෂණය කිරීම බෞද්ධ ජීවන දර්ශනයේ ඉගැන්වීමයි.

එමෙන්ම දන්දීම, දැහැමිව හැසිරීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම, හැමවිටම නිවැරදි ක්‍රියාවල නියෑලීම යන ක්‍රියා තුළින් තරුණ දෙමාපියන් විසින් තම දරුවන්ට ආදර්ශයක්‌ වන පරිදි ක්‍රියා කළ යුතු වෙයි. බෞද්ධ ජීවන දර්ශනයෙහි තරුණ අවධිය ස`දහා මීළ`ගට හ`දුන්වා දී ඇත්තේ එම කරුණු හතරයි.

පාපයෙන් වෙන්වී මත්පැනින් වෙන් වී මනා සංයමයකින් යුතුව අප්‍රමාදීව ධර්මයෙහි නියෑලෙමින් තරුණ වියෙන් වැඩිහිටි වියට එළඹීම සාර්ථක බෞද්ධ ජීවන දර්ශනයක ප්‍රතිපදාව වේ. තරුණ අවධියේ ජීවන දර්ශනය සකස්‌ කර ගැනීම උදෙසා අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ එම කරුණු කිහිපයයි.

මැදිවියට එසේත් නැතිනම් වැඩිහිටි වියට පා තබන පුද්ගලයා පරිණත පුද්ගලයෙක්‌ බවට පත් වේ. සූත්‍රයේ මීළ`ග ගාථාද්වය පුද්ගලයකුගේ මැදිවිය හා සම්බන්ධය. ගෞරව සම්ප්‍රයුක්‌තවීම, විනීතවීම, ලද දෙයින් සතුටුවීම, කළ දේ දැන සිටීම, ඉවසීම, සුවච බව, ශ්‍රමණයන් දැකීම, ධර්මය ශ්‍රවණය කිරීම හා ධර්මය සාකච්ඡා කිරීම යන ගති පැවතුම්වලින් යුක්‌ත වීම මැදිවියේ බෞද්ධ ජීවන දර්ශනයේ අනිවාර්ය අංගයන් වේ.

මැදිවියට එළඹි අයකු ගෞරවය ලැබීමට සුදුසු පරිදි හැසිරීම වැදගත් වේ. ඒ ස`දහා විනීතබව අත්‍යවශ්‍ය වේ. එසේම ආශාවන් පසුපස හඹා නොයා ලද දෙයින් සතුටුවීම ජීවිතයේ අංගයක්‌ කරගත යුතුය. සෑම කටයුත්තක්‌ම සිහි නුවණින් සිදුකරමින් තමන් සිදුකළ දේ පිළිබ`ද හො`ද අවබෝධයකින් කල් ගෙවිය යුතු වේ. එම`ගින් පසුතැවෙන දේ සිදුකිරීමෙන් වැළකිය හැකිය.

තරුණ විය නිස`ගයෙන්ම ආවේගශීලීය. එහෙත් මැදිවියට එළඹෙත්ම ඉවසීම ජීවිතයට හුරු කළ යුතු වේ. සුවච බව ද එසේමය. මැදිවිය වනවිට ජීවිතය පිළිබ`ද මනා අවබෝධයක්‌ ලැබෙන බැවින් එය ධාර්මිකව අවබෝධ කර ගැනීම ස`දහා ශ්‍රමණ භික්‍ෂූන් වහන්සේලා මුණ ගැසීමත් ධර්මය ශ්‍රවණය කිරීම හා සාකච්ඡා කිsරීමත් කළ යුතු වේ. එවිට ජීවිතය පිළිබ`ද ධාර්මික අවබෝධයක්‌ ලැබෙන අතර එම අවබෝධයත් සම`ගින් සතුටින් මහලුවියට මුහුණදිය හැකි වේ.

මහලු විය බෞද්ධ ජීවන දර්ශනයේ අවසාන අංගයයි. සූත්‍ර දේශනවේ අවසන් ගාථාද්වය මෙම අවධිය හා සම්බන්ධය. ඒ අනුව ජීවිතය පිළිබ`ද මැදිවියේදී ලැබූ ධාර්මික අවබෝධය නිසා මහලු වියේදී අටලෝදහමින් කම්පා නොවේ. එසේම සිතෙහි ශෝකී බවක්‌ නැත. සිත ඇලීම්වලින් නිදහස්‌ය. එනිසාම සිත තුළ ජීවිතය පිළිබ`ද බියක්‌ නොවේ. එනම් අටලෝදහමින් කම්පා නොවීම, ශෝක නැතිබව, විරජ බව, ක්‍ෂේම බව යන ගුණාංග මහලුවිය තුළ ජීවන ප්‍රතිපදාවට එක්‌වේ.

එසේම බඹසරින් වෙන්වී බ්‍රහ්මචර්යාවෙහි නියෑලෙමින් ආර්ය සත්‍යය දැක අවබෝධයෙන් සියලු කෙලෙස්‌ නසා නිර්වාණය සාක්‍ෂාත් කිරීම මහලුවිය හා සම්බන්ධ අවසන් අංගයන් වේ. පෙරකී සියලු කරුණු සාර්ථකව ජීවිතයකට එක්‌කරගත් පුද්ගලයකුට මෙය අපහසු නොවේ.

මේ අනුව ලෞකික ජීවිතයක්‌ කෙසේ හැඩගසා ගත යුතුද යන්න පෙන්වා දෙන මංගල සූත්‍රගත කරුණු බෞද්ධ ජීවන දර්ශනයක්‌ ගොඩන`ගා ගැනීමෙහිලා වැදගත් වන බව පැහැදිලිය. මෙහිදී නිර්වාණය සාක්‍ෂාත් කළ හැක්‌කේ මේ ආකාරයෙන් පමණක්‌ යෑයි ද ළමා, තරුණ, වැඩිහිටි අයට නිර්වාණය සාක්‍ෂාත් කළ නොහැකි යෑයිද යනුවෙන් වැරදි අවබෝධයකට එළඹිය යුතු නොවේ. මෙහි දී පෙන්වා දෙනු ලැබුවේ දෙලොව දියුණුවට උපකාරී වන මංගල කරුණු බෞද්ධ ජීවන දර්ශනය ලෙසින් යොදා ගැනීමේ වැදගත්කම හා හැකියාවයි. එම නිසා මෙලොව ජීවිතය සාර්ථක කර ගනිමින් නිර්වාණය සාක්‍ෂාත් කර ගැනීම යන ලෞකික හා ආධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම ජීවිතය සංවර්ධනය කර ගැනීම උදෙසා ජීවන ප්‍රතිපදාවක්‌ බෞද්ධ අපි නිතර අසා දැන ඇති මංගල සූත්‍ර දේශනාව ඇසුරින් ගොඩනංවා ගැනීමෙන් එය අප ජීවිතයට එක්‌ කර ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

මෙලොව සාර්ථක ලෞකික ජීවිතයක්‌ ගත කරන්නකුට නිර්වාණය සාක්‍ෂාත් කළ නොහැකි යෑයි බුදුදහම කිසිසේත් පෙන්වා දී නැත. බුදුදහම දෙලොව දියුණුව සලසන ප්‍රතිපදාවක්‌ වන්නේ එහෙයිනි. මෙහි දැක්‌වූ මංගල සූත්‍රගත ප්‍රතිපදාව ද කියාපානුයේ බුදුදහමේ ඇති එම විශිෂ්ටත්වයයි. එබැවින් ආධ්‍යාත්මික ජීවිතයක්‌ ගත කිරීමට මෙලොව ජීවිතයේ සියලු කටයුතු අවසන්ව මහලු වියට එළඹෙන තෙක්‌ බලා සිටිය යුතු නොවේ. වත්මන් බෞද්ධයන් බොහෝමයකට සිදුව ඇත්තේ එයයි. එවිට ප්‍රමාද වැඩිය. ඒ තුළ මෙහි දැක්‌වූ ගුණාංග ඇති නොවේ. මේ නිසා බෞද්ධ ජීවන දර්ශනය ඇරඹිය යුත්තේ උපතේ සිටය. කුඩා අවධියේ ඒ ස`දහා දෙමාපිය වැඩිහිටියන් උපදෙස්‌ ආදර්ශ ලබාදිය යුතුය. දැනුමින් මුහුකුරා යාමත් සම`ග අනුක්‍රමයෙන් මෙහි දැක්‌වූ කරුණු එකිනෙක සම්පූර්ණ කර ගනිමින් මෙලොව ජීවිතය සාර්ථක කර ගනිමින් නිර්වාණාවබෝධය ලැබීමට මෙම ජීවන දර්ශනය අනුගමනය කරමු.


රංග බුද්ධික කංකානන්ගේ

උපුටා ගැනීම බුදු සරණ පත්‍රය 
 

0 comments:

Post a Comment