Tuesday, August 20, 2013

ඉලක්‌කමෙන් ඔබේ දෛවය



ලොව ඇති සියලුම ශාස්‌ත්‍රයන් අභිබවා "අංක ශාස්‌ත්‍රය" පෙරමුණේයි. මනුෂ්‍යයාගේ ජීවිතයට මුලින්ම සම්බන්ධ වන්නේ අංක ශාස්‌ත්‍රයයි. මවු කුසින් ජන්මියා බිහිවන්නේ තිඹිරිගෙයක නොහොත් සූතිකාගාරයකදීය. එහිදී ඡන්මියාට ලැබෙනුයේ මුලින් උපන් වෙලාව, දිනය, මාසය හා අවුරුද්දයි. ඊළඟට සූතිකාගාරයකදී නම් අතේ ගැටගසන ලේබලයේ (ඔAඨ) ඇති අංකයයි. ඒ ඡන්මියා අන් ජන්මීන් අතරින් වෙන්කර හඳුනාගැනීම සඳහාය.

එතැන් සිට මනුෂ්‍යයා හා අංක අතර මුළු ජීවිත කාලය පුරාම සබඳතා පැවැත්වෙයි. මෙලෙසින් උපතේ සිට මරණය දක්‌වාම මනුෂ්‍යයා දිවි ගෙවනුයේ අංක අතරට මැදිවීමෙනි. මනුෂ්‍යයාගේ දින චර්යාව හා අංක අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි. බස්‌ ගාස්‌තු, ලයිට්‌ බිල්, වතුර බිල්, ටෙලිෙµdaන් බිල්, පාසල් ගාස්‌තු, ගෙවල් වැනි මෙකී නොකී සියලුම බිල්වල අන්තර්ගතය තුළ ඇත්තේ අංකමය ගණනය කිරීමකි. උදේ පාන්දර අවදිවන මනුෂ්‍යයා රාත්‍රියේ නින්දට යන තුරුම ජීවත් වන්නේ අංක සමඟ බව ඉතා පැහැදිලි සත්‍යයකි.

අංකවලට පසු උපතේදී අපට ලැබෙනුයේ අප එකිනෙකාට හිමි පෞද්ගලික නාමයයි. එයද අංක හා මනාසේ බද්ධ වූවකි. ලොව මුල් යුගයේ අක්‌ෂරයන්ට අගයක්‌ දී තිබුණ බව ඉතිහාසයේ සඳහන් වේ. මනුෂ්‍යයන්ට සත්ත්වයන්ට මෙන්ම මිනිසා පරිහරණය කරනු ලබන භාණ්‌ඩ වෙනුවෙන්ද නමක්‌ සෑදී ඇත. එම භාණ්‌ඩ වලටද අංකමය අගයක්‌ දී තිබේ. නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය මගින් එම භාණ්‌ඩ හා මනුෂ්‍යයා යා කෙරෙනුයේ අංකමය ශාස්‌ත්‍රයට පින් සිදුවන්නටය. අංක නොමැති ලොවක්‌ පිළිබඳව අපට සිතාගන්නටත් බැරිය.

අංක විද්‍යාව නොහොත් භඹඵඊERධඛධඨශ ලොව ඇති පැරණිම විද්‍යාවකි. එය වසර හත්දහසකටත් වඩා පැරණිය. මා එසේ කියනුයේ අංක විද්‍යාව ජ්‍යෙdතිෂයටත් වඩා පැරණි බවට උපකල්පනය කරමිනි. අංක නොමැතිව ජ්‍යෙdතිෂය ගණනය කළ නොහැකිය. එම නිසා ජ්‍යෙතිෂයටත් වඩා අංක විද්‍යාව පැරණි බව තහවුරු වේ.

අංක ශාස්‌ත්‍රයේ නිජබිම අපගේ අසල්වැසි රට වූ "මහා භාරතයයි. හින්දු ජාතිකයන්ගේ සාම්ප්‍රදායික හා සංස්‌කෘතික ඇදහිලිවලට අනුව අංක ශාස්‌ත්‍රය ඔවුන්ට තිළිණ කරදී ඇත්තේ දෙවියන් විසින් බව කියෑවේ. ඔවුන් සතු චතූර් වේදයෙන් එක්‌ වේදයකට මෙම අංක සහ අක්‌ෂර විද්‍යාව අයත් වන බව ඉතිහාසයේ දැක්‌වේ.

මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතයට අංක තරම් සමීප තවත් දෙයක්‌ ඇත්දැයි නොදනිමි. ඒ තරමටම මනුෂ්‍යයා හා අංක අතර ඇත්තේ පුදුමාකාර වූ බැඳීමකි. භාරතීය වැසියන් තම ජීවිතයේ සියලුම කටයුතු වලදී අංක විද්‍යාව උපයෝගී කර ගැනීමට පුරුදුව සිටිති. එමෙන්ම ශ්‍රී ලංකාව තුළද මෑතක සිට අංක විද්‍යාව පිළිබඳව මහත් උනන්දුවක්‌ ඇති වෙමින් පවතී. ඒ සඳහා දායකත්වය දක්‌වන ලද මුද්‍රිත මාධ්‍යයනට ශ්‍රී ලංකා වාසි අංක විද්‍යා ලෝලීනගේ උපහාරය හිමිවනු ඇත. අප රට තුළද බොහෝ සතිපතා ප්‍රකාශයන්හි අංක විද්‍යා පලාපල දැකගත හැකිවීම මහත් භාග්‍යයකි.

අංක විද්‍යාව සරලය. ජ්‍යෙdතිෂය තරම් ගැඹුරු නැත. නමුත් සරල බව තුළ ප්‍රධාන සිද්ධාන්ත රාශියක්‌ ඇත. එම සිද්ධාන්ත ඕනෑම අයෙකුට තම ජීවිතයේ වැදගත් සිදුවීම් සඳහා යොදා ගැනීමෙන් විපුල ප්‍රතිඵල අත්කර ගත හැකිය. බටහිර ජාතිකයන් ජ්‍යෙdතිෂයට වඩා අංක විද්‍යාව අගය කරනුයේ අංක විද්‍යාවේ දැකිය හැකි පැහැදිලි සරල බව හේතු කොටගෙනය. එසේ නොමැතිව ජ්‍යෙdතිෂයට ඇති අකමැත්තක්‌ නිසා නොවේ.

මහාචාර්ය මැක්‌ස්‌ මුලර් (ඵAAඞ ඵඹඛඛෑR) ගේ නිගමනයන්ට අනුව ලොව මුල්වරට අංක උපයෝගි කරගෙන ඇත්තේ අරාබි ජාතිකයන්ය. එය නිවැරැදි නිගමනයක්‌ නොවන බව බොහෝ විද්වතුන්ගේ මතය විය. අරාබි ජාතිකයන් අංක ලබාගෙන ඇත්තේ හින්දුවරුන්ගෙන් බව පසුකාලීනව ඔප්පු වී තිබේ. අරාබි වෙළෙඳුන් විසින් හින්දුවරුනට ලැබුණු තිළිණය සොරාගෙන අරාබිකරයට ගෙන ගිය බවට භාරත ඉතිහාසයේ සටහන් පවතී.

අංක විද්‍යාව නොහොත් භඹඵඊRධඛධඨශ තම එදිනෙදා ජීවිතය හා සම්බන්ධ කර ගැනීමට හින්දුවරු ඈත අතීතයේ සිටම පුරුදුව සිටියහ. ඔවුන්ගේ අභ්‍යන්තරික ඥන ගබඩාව වන චතුර්වේදයෙන් එක්‌ වේදයකට මෙම අංක විද්‍යාව අයත් බවට ඔවුන්ගේ ප්‍රබල පිළිගැනීමක්‌ තිබේ. එනිසාම ඔවුන් අංක ශාස්‌ත්‍රයට සලකනුයේ දේවත්වයෙනි. ඔවුන්ගේ එම විශ්වාසය ඔවුන්ට යහපත උදාකරන බැවින් ඔවුන් නිරන්තරවම අංක ශාස්‌ත්‍රය හා බැඳීහිඳිමින් නිසිපල නෙළා ගනිති.

අප රටට බොහෝ යහපත් දේ ලැබුනේ භාරත මාතාවගෙනි. එය බොරුවක්‌ නොවේ. විශේෂයෙන් බුදු දහම හා බැඳුන බොහෝ සංස්‌කෘතීන් සංඝ මිත්තා තෙරණිය හා මිහිඳු මා හිමියන් සමඟ අප රටටත් ජනතාවටත් දායාද කෙරුණි. දැනුදු එම සබඳතාවන් නොබිඳී පැවතීම සතුටට කරුණකි.

මහා භාරත දේශයේ වසර දහස්‌ ගණනකට පෙර විසූ මහා සෘෂින් විසන් මිනිස්‌ වර්ගයා කාණ්‌ඩ නමයකට බෙදාවෙන්කරන ලද බව චතූර්වේදයේ දැක්‌වේ. එක්‌ එක්‌ කාණ්‌ඩය 1 සිට 9 දක්‌වා අංකනය කළ එම සෘෂීන්, එක්‌ එක්‌ අංකය ජීවය දුන් බව වැඩිදුරටත් දක්‌වා ඇත.

එක්‌ එක්‌ අංකයට අයත් මනුෂ්‍යයන්ගේ චරිත ලක්‍ෂණ, ජීවන පුවත්, රැකියා විවාහය, ප්‍රේම සබඳතාද, ජීවන ගමනේ දී මුහුණ දෙන විශේෂ අවස්‌ථා පිළිබඳව මහා සෘෂීන් අපට කියා දුන් ලොව පැරණිතම විද්‍යාව වන්නේ මෙම අංක විද්‍යාවයි. ඒ සෘෂීහු අනාගතයේදී උපත ලබන ඡන්මීන්ගේ යහපත පිණිස බොහෝ විද්‍යාවන් පත් ඉරුවල සටහන් කර තැබීමට තරම් කාරුණික වූහ. අප මුළු හදින්ම ඔවුනට කෘතඥ විය යුතුයි. පින් දිය යුතුය.

අංක විද්‍යාවේ ඉතිහාසය විමසා බැලීමේදී zපයිතගරස්‌Z යන නාමය කිසිදා අමතක කළ නොහැක. අංක සොයා ගත්තේ පයිතගරස්‌ (ඡශඔHAඨධRAS) තුමා නොවූනද, අංකයන් උපයෝගි කරගනිමින් ලොවට බොහෝ විශ්මිත දේ කරනු ලැබුවේ ඔහු විසිනි. විශේෂයෙන්ම අංක වලට ආලෝකය ලබා දෙන ලද්දේ එතුමා විසිනි. එනිසාම පයිතගරස්‌ තුමාව "අංකයන් හී පියා" යන විරුදාවලියෙන් පුදනු ලැබිණි. එය සාධාරණ වූ පුද සත්කාරයකි.

පයිතගරස්‌තුමා තරම් අංක පිළිබඳව උනන්දුවක්‌ දැක්‌වූ අන්කිසිවෙකුත් නොවීය. ඔහු තුළ වූයේ අසාමාන්‍ය දක්‍ෂතාවන්ය. ඒ බව එතුමාගේ සමකාලීනයන් ලේඛන ගතකර තිබේ. පයිතගරස්‌ තුමා සතුව පැවැති ගණිත දැනුම අසාමාන්‍ය ගැඹුරු බවකින් යුක්‌ත වූ බව කියෑවේ. එම නිසාම එතුමාගේ සමකාලීනයනට එම ගණිතමය න්‍යායන් හැදැරීමට අපහසු වූ බවත්ද ප්‍රකාශව ඇත. පයිතගරස්‌ තුමාගේ ක්‍රියාකාරකම් කෙසේ වෙතත් එතුමා උපන් දිනයවත් අනාගතය සඳහා ඉතිරි කර නැත. එසේ වූයේ එතුමාගේ සමකාලීනයන් විසින් ඔහුගේ තොරතුරු සමාජයෙන් වසන් කිරීම හේතුවෙනි. විප්ලවීය අදහස්‌ වලින් පෝෂණය ලබා සිටි පයිතගරස්‌ තුමාව ධනපති පාලක පක්‍ෂයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා එක ගැනීම සඳහා එසේ කරන්නට ඇතැයි අපට උපකල්පනය කළ හැකිවේ.

එදා පැවැති වැඩවසම් සමාජ ක්‍රමය තුළ, පැවැති ක්‍රමයට විරුද්ධව නව දර්ශනයක්‌ ගෙන ආ බොහෝ විද්වතුන්ට අත්වූයේ ෙ€දජනක ඉරණමකි. ඒ අනුව පයිතගරස්‌ තුමාගේ දස්‌කම් විස්‌කම් හා එතුමාගේ දර්ශනය සඟවා තැබීමට ඔහුගේ සමකාලීනයන් උත්සාහගෙන තිබීම කාලෝචිත පියවරක්‌ ලෙස අද අපට සිතීමට පුළුවන.

අංකවලට ආලෝකය ගෙන දුන් පයිතගරස්‌ තුමාගේ උත්පත්තිය සිදුව ඇත්තේ ක්‍රි. පූ. 569 දී පමණ විය හැක. එමෙන්ම එතුමාගේ මරණය ක්‍රි. පූ. 500 දී පමණ සිදුවන්නට ඇතැයි ඉතිහාසඥයන් මත පළකර ඇත. ඉහත කී කාලවකවානුව නිර්ණය කිරීමේදී එම යුගය අයත් වන්නේ ක්‍රිස්‌තෝත්පත්තියට සියවස්‌ පහකට පෙර කාලයටය.

පයිතගරස්‌ තුමාද ක්‍රිස්‌තුන් වහන්සේට පෙර එවැනිම විශේෂිත දර්ශනයක්‌ ලොවට ගෙන ආ දර්ශනවාදියකු ලෙස ඉතිහාසගතව ඇත. ලොව අන් දාර්ශනිකයන්ගේ දේශන වලට වඩා පයිතගරස්‌ තුමාගේ දේශන සුවිශේෂි බවක්‌ පළකරන ලදී. එතුමාගේ දේශනවලට වස්‌තු බීජය වන්නට ඇත්තේ අංක හා අංකයන්හි විස්‌මිත බලය වන්නට ඇතැයි අනුමාන කළ හැක.

අංක වලට ආලෝකය පමණක්‌ ලබාදී, නොනැවතුණ පයිතගරස්‌ තුමා අංක වලට ජීවය ද එක්‌කරදෙමින් ලොවට, පයිතගරස්‌ නියමය දායාද කිරීමට මහත් කැපවීමක්‌ කළ විද්‍යාඥයකු හා පඬිවරයකු විය. එතුමාගේ පිළිගැනීමට අනුව කිසියම් අංකයක්‌ තුළත් පුද්ගලයකුගේ චරිතය, අධ්‍යාපනය, රැකියාව හා විවාහය පිළිබඳව බොහෝ දේ ප්‍රකාශ කළ හැකිවේ.

වර්තමාන අංක විද්‍යාව බිහිවූයේ අංකයන් වී ඇති ගුප්තමය ස්‌වභාවය හා එහි අන්තර්ගතය වටහා ගත් බුද්ධිමතුන් අතිනි. ඔවුන් විසින් කරන ලද විවිධ පර්යේෂණයන් හී ප්‍රතිඵලයක්‌ ලෙසිනි. අතීතයේදී සේම, වර්තමානයේදීත් සෑම සිදුවීමක්‌ තුළම අංක විද්‍යාත්මක රීතියක්‌ ගැබ්ව ඇත. ඇත්ත වශයෙන්ම එය සත්‍යයකි. කලාව සෑම සිදුවීමක්‌ පිටුපසම කිසියම් ගුප්තමය රීතියක්‌ හා අනුපිළිවෙළක්‌ ඇති අතර එය තුළ අංක විද්‍යාත්මක සබඳතාවයක්‌ද ඇත. පුද්ගලයකු පිළිබඳව පමණක්‌ නොව, රටක්‌ පිළිබඳවද විශ්ලේෂණය කිරීමේදී අපූර්වතම ගුප්ත බලයක්‌ අංක තුළ ගොනු වී ඇති බව ස්‌ථිර වශයෙන්ම පැවැසිය හැක.

"අංක" යනු අපේ ජීවිතයයි. අංක හා අක්‌ෂර කවදා ලොව පහළ වී දැයි නිශ්චිතව කීමට කිසිම ජගතෙකුට නොහැකිය. එහෙත් උපතේ සිට මරණය දක්‌වා අංක සමඟ ජීවත් වන්නට නම් අපට අනිවාර්යයෙන්ම සිදු වේ. එම නිසා අප කළ යුතු වන්නේ අක්‌ෂර හා අංක විද්‍යාවන් අපගේ ජීවිත වලට සුදුසු පරිදි යොදා ගැනීමය. එක්‌ එක්‌ පුද්ගලයාට සීහුම් වන අංක හා අක්‌ෂර ප්‍රයෝජනයට ගනිමින් තම තමන්ගේ ජීවිත ආලෝකවත් කර ගැනීමය. භාරතීය වැසියන් මෙන් අපද අංක හා අක්‌ෂර විද්‍යාව දැනසිටීම තුළින් අපගේ ජීවිතද සමෘද්ධිමත් කර ගැනීමට හැකිවනු ඇත.

3 comments:

  1. මැක්ස්මුලර් බොරු කාරයෙක් ඕවා ලෝකෙට ගියේ හෙලදිවෙන් මේක ලංකාව නොවේ ලංකා කියන්නේ සකු වදනක්

    ReplyDelete
  2. ලංකාවෙත් අංක තිබ්බ බන් උඹ දන්නේ නැති උනාට

    ReplyDelete
  3. me bro loketa me shasthraya giye lankawen.indiyanwen newe apita aew.apiy untath dunne.

    ReplyDelete