Thursday, August 15, 2013

උපන් ලපෙන් හෙළිවෙන ඔබගේ ඇයගේ ජීවන තොරතුරු



දේහ ලක්‍ෂණ අනුව කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් කිවහැකි සේම ශරීරයේ කිසියම් තැනක පිහිටි උපන් ලප හා ලප කැලැල් අනුවද කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් කිවහැකි බව පැරණි සෘෂිවරුන් සඳහන් කර ඇත. උපන් ලප පිළිබඳව සමාජයේ නොයෙකුත් මති මතාන්තර ඇතත් ඇත්ත වශයෙන්ම පැරැන්නන් කී මේවායේ සත්‍යතාවයක්‌ද දකින්නට ඇත. උපන් ලපය යන වචනය සිහිවත්ම අපේ ශරීරයේ කිසියම් තැනක පිහිටි කවාකාර ලපයක්‌ මතකයට නැගෙයි. එවැනි ලකුණුද උපන් ලප ලෙස සැලකුවත් එපමණක්‌ම නොවේ, තල කැලැල් හා නියමල්ද උපන් ලප ගණයට වැටේ.

යම් ස්‌ත්‍රියකගේ නලලේ මැද ලපයක්‌ පිහිටියේ නම් තමාට මෙන්ම තම ස්‌වාමිපුරුෂයාටද සැප සම්පත් ලබාදෙන සමාජයේ ගරු බුහුමන් ලැබීමටද හේතුවන වාසනාවන්ත පිහිටීමකි. නලලේ මැද කළුපාට ලපයක්‌ රෝම ගසක්‌ දර්ශනය වේනම් ඇය රංගන ශිල්පිනියක්‌ නම් ජනප්‍රියත්වයේ ඉහළටම යනු ඇත. සමාජයේ සුවිශේෂ පුද්ගලයකු හා විවාහයටද පත්වෙයි. සැමගේ ආදර ගෞරවයටද පාත්‍රවන ඇය ධනය බලය ලබන්නියක්‌ වන අතර රටේ ඉමහත් කීර්තියටද පත්වෙනු ඇත.

පිරිමින්ගේ දකුණු උරහිසෙහි උපන් ලපයක්‌ පිහිටීම සෞභාග්‍යවත් බව පෙන්වන සංකේතයක්‌ වන අතර වම් උර හිසෙහි ඇති උපන් ලපය ගුණහීන පුද්ගලයක්‌ ලෙස හඳුන්වා දෙයි. දකුණු උරහිසෙහි ඉන්නෙක්‌ හෝ තල කැලලක්‌ පිහිටීම සුභ ලකුණක්‌ වූවත් වම් උර හිසෙහි එවැනි සලකුණු තිබීම සුභ නොවේ. වම් උරහිසෙහි උපන් ලපයක්‌ ඇති කාන්තාව ස්‌වාමියාට ප්‍රිය භාර්යාවක්‌ වන්නීය. දකුණු උරෙහි ඉන්නෙක්‌ හෝ ලපයක්‌ පිහිටීමෙන් දිගුකල් ජීවත්වන ඉසුරු බවින් පිරුණ කාන්තාවක්‌ පෙන්නුම් කරයි. අත්ලෙහි උපන් ලපයක්‌ ඇති පුද්ගලයා අනුන්ගේ සිත් දිනා ගැනීමට සමත් සෘජු ගතිගුණ ඇති අයෙක්‌ වෙයි. අත්ලෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටියේ නම් එම වනිතාව උසස්‌ විවාහයකට හිමිකම් ලබන්නීය. දකුණු අත්ලෙහි තල කැලලක්‌ ඇත්තේ නම් වස්‌තු භංගත්වයත්, වම් අත්ලෙහි එවැනි ලකුණක්‌ දිටිමි නම් නෑදැයින්ගේ ගෞරවයට පාත්‍රවීමක්‌ බව දත යුතුය. කාන්තාවකගේ ඇඟිලිවල උපන්ලප ඇතිවීම අසහනය පෙන්නුම් කරන පිහිටීමක්‌ද වේ. ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ දෙබැම හෝ පුරුෂයකුගේ දෙබැම ඇති ලප ඉතාම අභාග්‍ය සම්පන්න කරදරකාරී ජීවිතයක්‌ පෙන්වන්නකි. දෙබැම අතර පිහිටීම කාමයට ඇති ලොල්බවක්‌ පෙන්නුම් කරයි. එසේම දුර්ජන සිතිවිලි වලින් ගහනවූ හදවතක්‌ හිමිය. ඇස්‌ පිහාටුවල එවැනි ලප බොහෝ දුරට කනගාටුව ගෙනදෙයි. නාසයේ දකුණු පැත්තේ උපන් ලපයක්‌ ඇතිවීම අවාසනාව පෙන්නුම් කරන අතර වම් පැත්තේ පිහිටීම ඉසුරු සම්පත් ලැබෙන පිහිටීමක්‌ වනු ඇත. කොපුල් තලයේ පිහිටීම වාසනාවන්ත දරුවන්ද ලැබීමටද, සංගීත හා කලා අංශ වලට දක්‍ෂ බවද ප්‍රකට කරයි. නිකටේ ලප පිහිටීමද වාසනාව ගෙන දෙන්නකි. බෙල්ලේ වම්පස උපන් ලප පිහිටියේ නම් ආයුධ සම්බන්ධ කැපුම් කෙටුම්වලට භාජනය වීමද බෙල්ලේ දකුණු පස සල්ලාල ජීවිතයක ලක්‍ෂණද පෙන්වයි. හෘදයේ ලප පිහිටීම දරුලාභ, මිත්‍ර ලාභද, උරෙහි පිහිටීම නෑදැයින් අතර ආරවුල්ද කිහිලිවල ධනය, දියුණුව සැප සම්පත් ලැබීමද පෙන්නුම් කෙරෙයි. පිටෙහි ලප පිහිටීමද වාසනාවන්තය. සෘජු අදහස්‌ ඇති කිසිවෙකුට යටතේනොවී ජීවත් වන අයෙක්‌ වෙයි. මැණික්‌ කටුව ප්‍රදේශයේ නම් කීකරු මනා සංයමයකින් යුතුව දිවි ගෙවන අයෙක්‌ බව ප්‍රකට වෙයි. අත්දෙකෙහි එවැනි ලකුණු පිහිටීම මැණික්‌ ඉඩකඩම් ලාභ පෙන්නුම් කරයි.

සුරාපානයට ගිජු පුරුෂයාගේ තොල්වල උපන් ලප දිස්‌වන බව ශාස්‌ත්‍රීය නිගමනයයි. තොලෙහි උපන් ලපයක්‌ පිහිටි කාන්තාවන් අන්අයගේ ඕපා දූප සොයමින් ගතකරන කේලාම් කාරියක්‌ බව කියනු ලැබේ. තොලෙහි ඉන්නෙක්‌ හෝ තලකැලලක්‌ ඇත්තේ නම් මෙවුන්දම් සේවනයෙහි සීමාරහිත ලෙස ආශා ඇති ගැහැණියක්‌ ලෙස හඳුනාගත හැකිය. බෙල්ලෙහි ලප දිස්‌වීම විවාහ සැප සම්පත් අඩුවී යැමට හේතුවන අතර නිතර නිතර සිත් වේදනාවෙන් කල් ගෙවීමටද හේතුවෙයි. අත්ලේ සුලඟිල්ලේ බුධ මණ්‌ඩලයේ කළු ලප ඇතිවීම අධ්‍යාපනයට බාධා ගෙන දෙන්නකි. රවි මණ්‌ඩලයේ (වෙදඟිල්ලේ මුල) කළුලප පිහිටියේ නම් ඔහු හෝ ඇය බියගුලු ගති ඇති නීතියට බිය ඇති අයෙක්‌ කරවයි. සිකුරු මණ්‌ඩලයේ (මාපටඟිල්ලමුල) හා දකුණු අත්ලේ මැද පිහිටි කළු ලපවලින් අසාර්ථක විවාහයක්‌ හා චිත්ත පීඩා හා ධන හානියද පෙන්නුම් කරන අතර කුජ මණ්‌ඩලයේ කළුලපවලින් බන්ධනාගාරගත වීමට හේතුවන අභාග්‍ය තත්ත්වයක්‌ පෙන්නුම් කෙරේ. අත්ලෙහි මැද උපන් ලපයක්‌ පිහිටි පුද්ගලයා අන් අයගේ සිත් දිනාගැනීමට සමත් සෘජු ප්‍රතිපත්ති ඇති අයෙක්‌ වෙයි. ඇඟිලිවල එවැනි ලප ඇත්තේනම් හෝ ප්‍රසිද්ධ පුද්ගලයකු විය හැක. සිනිදුවූත් මට සිලිටුවූත්, වෘත්තාකාරවූත්, ශෝභාවගෙන දෙන ලපයක්‌ කෙනෙකුගේ හිසෙහි ඇත්නම් එය ජීවිතයේ මැදිවයසේදී හදිසි ධන ලාභයක්‌ ගෙන දෙන ලකුණක්‌ වෙයි. කෙනෙකුගේ නාසයේ දකුණු පැත්තේ පිහිටි ලප අවාසනාව ගෙනදෙයි. වම් පැත්තේ නම් ඉසුරු සම්පත් ලැබෙන බව පෙන්වයි. කොපුල් තලයේ පිහිටීම වාසනාවන්ත දරුවන් ලැබීමටද, සංගීත කලා අංශවල දක්‍ෂතාවයද ප්‍රකට කරයි. පපුවෙහි දකුණු පාර්ශ්වයෙහි උපන් ලපයක්‌ පිහිටි පුරුෂයා තමාට වඩා උගත් ධනවත් ස්‌ත්‍රියක්‌ හා විවාහයට පත්වෙයි. උපන් ලපය පිහිටියේ ලය මැද නම් ඔහු දූෂිත චරිතයකට හිමිකම් කියන අතර එවැනි ලකුණක්‌ වම් ලයෙහි පිහිටියේ නම් ඔහු කාමාධික පුද්ගලයකු ලෙස සැලකේ. ස්‌ත්‍රියකගේ දකුණු ලයෙහි උපන් ලපයක්‌ ඇත්තේනම් ඇය ස්‌වාමියාට ප්‍රියවන්නීය. වම් ලයෙහි නම් පිංවත් දරුවන් ලබන බව කියෑවේ.

උපුටා ගැනීම දිවයින ඉරිදා නැකත පුවත් පත 

0 comments:

Post a Comment