Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Friday, August 31, 2012

සාර්ථක අත්හදා බැලීමක්



මේක හාමුදුරු කෙනෙක් දුන්නෙ,ඔයාලටත් වැදගත් වේවි..

ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා පිළිවෙලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය.


1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව )
වාත රක්තය අංශභාගය,අධික හෘද ස්පන්දනය, අපස්මාරය,අතිස්ථුලතාව(තරබාරුව )
2.කැස්ස,උගුරේ ආසාදනය,ඇදුම,ක්ෂය රෝගය,මොලේ උණ,අක්මාව මුත්‍රාශය සම්බන්ධ රෝග.
3.අධි අම්ලතාව,උදර වාතය,ලේ අතීසාරය,මල බද්ධය,දියවැඩියාව,අර්ශස්
4.සියළුම ඇස් රෝග,අක්‍රමවත් මාස ශුද්ධිය,මුත්‍රා මාර්ගයේ පිළිකා
5.ඇසේ,කනේ හෝ දත් වල සියළුම රෝග.

01උදෑසනින් පිබිදෙන්න,දත් මැදීමට පෙර මි.ලී. 640 බැගින්(වතුර බෝතලයක් ) මද උණුවතුර ප්‍රමානයක් බොන්න.

ඉන්පසු,
(අ ).පැයක් යනතුරු දියර හෝ ඝන කිසිවක් ආහාරයට නොගත යුතුයි.
(ආ )ඉන්පසු සාමාන්‍ය ආහාර ගත හැකියි.
(ඇ )කෑම වේල් තුනටම පසු පැය දෙකක් යනතුරු කිසිම කෑමක් බීමක් නොගත යුතුයි.
(ඉ )රෝගී හෝ මහලු අයට එක් වර වතුර ප්‍රමාණය බීමට අපහසුනම් ටිකෙන් ටික නියමිත ප්‍රමාණය දක්වා එය දියුණු කල හැකියි.

මෙම ප්‍රතිකාරයෙන් රෝගීන් සුවපත් වන බවත්,නිරෝගී අයගේ තත්වය ආරක්ෂා වන බවත් සහතික කොට කිව හැකිය,

පරීක්ෂණ වලින් ඔප්පුවී ඇති ආකාරයට ඒ ඒ රෝග මෙම ක්‍රමයෙන් සුව කිරීමට ගතවූ කාලය.

(අ ) රුධිර පීඩ්නය - දින 30යි
(ආ )දියවැඩියාව- දින 30යි
(ඇ ) උදර වාතය-දින 10යි
(ඈ )මල බද්ධය- දින 10යි
(ඉ )ක්ෂය රෝගය-මාස 03යි
(ඊ ) පිලිකාව-මාස 06යි

වාත රෝග (ආතරයිටීස් ) රෝගයෙන් පෙළෙන අය දිනකට තුන් වරක් බැගින් සතියක් මෙය කල යුතුය.ඉන්පසු කළ යුත්තේ දිනකට වරකී.මෙයින් අතුරු ආබාධ ඇති නොවේ.මුල් දින කිහිපය තුල වැඩි වාර ගනනක් මුත්‍රා කිරීමට සිදු වේ.

අළුයම අවදී වූ විට කෙල ගසා කට නොසොදා,උණුකර මද රස්නයට නිවාගත් වතුර බෝතලයක් (මි.ලී.640 ) බඳුනකට දමා දෙ අතට ගෙන වාඩි වෙන්න.පාවහන් ඉවත් කරන්න.දෙ ඇස් පියා ගන්න,දැන් මෙසේ ජලයට බල පිහිටුවන්න.

බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
සියලුම බොසත්වරුන්ගේ අනන්ත ගුණ බලයෙන්,
දෙමාපියන්ගේ අනන්ත ගුණ බලයෙන්,
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන්,
ශ්‍රී දළදා වහන්සේ ගේ පිහිටෙන්,
සියළු දිවියන්ගේ පිහිටෙන්,
මා කරගත් කුසල් වල බලයෙන්,
මෙය මට බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා !
මෙයින් මා නිදුක් වේවා! සුවපත් වේවා ! දීර්ඝායු වේවා!
මාගේ ශරීරයේ ඇති සියළු රෝග මේ බෙහෙතින්ම සුවපත් වේවා !

• දැන් වතුර බීමට පටන් ගන්න.විනඩි 10ක් හෝ ගෙන බඳුන හිස් කලාට වරදක් නැත.වතුර බොන අතර තමන්ට ඇති සියළුම රෝග මෙනෙහි කර ඒවා සුව වේවායි ! සිතන්න.වතුර බිව් පසු පයක් ගතවනතුරු කිසියම් කෑමක් හෝ බීමක් නොගන්න.
• පැයකට පසුව උදේ තේ/කෝපී බොන්න.

• මෙසේ දින 10ක් කරන විට ශරීරයේ බර ගතිය අඩුවූවාසේ දැනේයි.එතැන් සිට සියළු රෝග සුව වීමට පටන් ගනී.යලි එම රෝග හෝ කිසිම රෝගයක් නොවැළදේවි.ශරීරයේ ඇතුලත ඇති සියළුම ඉන්ද්‍රීයයන් අළුත්වැඩියා වේවී.සම එමගින් වයස් ගත වීමට ප්‍රමාද වේවී.ක්‍රමයෙන් තරුණබවට පත් වේවී.සම පැහැපත් වේවී.බොහෝ කාලයක් ජීවත් වීමට නිරෝගී වාසනවන්ත අයෙක් වේවී.

තෙරුවන් සරණින් සැප ජය හා දියුණුව.!!

Copied from Elakiri.com

 

Tuesday, August 28, 2012

දත් කැක්‌කුමට මන්ත්‍රයක්‌


පහත සදහන් මන්තරයෙන් නොඉදුල් පැන් ,වල් හබරල කොලයකට ගෙන 108 වරක් මතුරා කට සෝදා තුන් වරුවක් කෙල ගසන්න......

මන්ත්‍රය 
ඕ නිකමෝ දෑස්‌ 

Sunday, August 26, 2012

රාවනා මහ රජතුමා



රාවනා මහ රජතුමා ගැන හැම තැනම කතා වෙන නිසා මෙහෙම රාවනා නම් ශ්‍රේෂ්ඨ රජ දරුවා ගැන ලියන්නට හිතුනා.පුරාවෘර්ත වලට අනුව කාශ්‍යප බුදුන් ගේ කාලයේ විසුවන්ගේ චිත්ත ශක්තිය භෞතික ශක්තියට වඩා වැඩි යුගයක්. මෙකල ලංකා පුරයෙහි රජකම් කල පුලතිසි පරපුරේ රාවනා නම් නම ලද රජ කුමරා සියලු ශාත්‍රයන් පිලිබද උපරිමයෙන් හදාරා, දෙවි වරුන්ටත් භක්තියෙන් සුගතියෙන් කටයුතු කරන්නට විය.විවිධ වූ පූජා සත්කාර නිසා සතුටට පත් වෙන්නා වු දෙවි වරුන් ප්‍රති උපකාරයක් ලෙස තමන් අදහන්න වු අයට විවිධ වරප්‍රසාද ලබා දීමේ චාරිත්‍රයක් පැවතුනුනි.

මේ ආකාරයෙන් ලංකාපුරයේ පාලකයා බවට පත්වෙන රාවනා නම් යහපත් මනුස්සයා ගේ යහපත් ගතිය නිසා විවිධ අවස්තාවන් වලදි දෙවි වරුන් විසින් ලබා දුන් වරප්‍රසාද නිසා රාවනා රජට සැලකිය යුතු තරම් බලයක් හිමිව තිබුනි. මේ වෙනවිට සුර අසුර යුද්ධයෙ ජයග්‍රනය උදෙසා ආරක්ශාව බාරව කටයුතු කල ත්‍රිනේත්‍රයක් හොබවන්නා වූ ඊශ්වර දෙවියන්ගේ සුරතෙහි තිබුනු මහා බලසම්න්න කඩුව සොහොන් කාලි නම් දෙවඟනට ලබා දී තිබුනි. ලෝක පාලනයට, ආරක්ශාවට මේ වන විට වඩාත් සුදුසුම පුද්ගලයා රාවනා රජ බවට සිද්ධ ඊශ්වර දෙවියන් තීරනය කර කාලි දෙවඟනට ලබා දී තිබුනු කඩුව නැවත ලබා ගෙන රාවනා රජත ලබා දෙනු ලැබුවා.ඒ මහා මන්ත්‍රබලචාර්ය්‍ය,යන්ත්‍ර,මන්ත්‍ර,ගුරුකම් සම්බන්ද්දව උසස් ,උසස් මනසක් ,උසස් දැනුමක්, උසස් සත්පුරුෂ ගති තිබුනා වු බැවිනි. ඉන් අනතුරුව මහා බ්‍රහ්ම දෙවියන්ගේ දුන්න,හී ද මෙතුමානන්ට භාර කෙරුනා. ඒ ලෝකයට වෙන විවිධ උවදුරු වලින් ආරක්ශා කරන්නට. මෙලෙස ලැබුවා වූ ශක්තිය රාවනා රජට තුන් ලෝකය පලනය කරන්නට, යටත් කරන්නට තරම් හැකියාවක් ලැබුනා.

බලය වැඩි වෙන්න වෙන්න තිබුනා වූ උසස් මනස ක්‍රමයෙන් පිරිහෙන්නට විය. තම බලය අයුතු ලෙස භාවිතා කරන්නට විය. මෙනිසා දෙවි වරුන්ටත් විවිධ වූ තාඩන පීඩන වලට ලක්වෙන්නට විය. නමුත් දෙවියන් ලබා දුන් බලය නිසා රාවනා පැරදවීමට හැකියාවක් කිසිවෙකුටවත් නොවීය. රාවනා රජතුමාගේ උසස් ගති පිරිහෙන අතර අනිසි ලෙස බලය පාවිච්චි කර කරන්නා වූ තාඩන පීඩන නිසා මේ පැමිනිල්ල තුන්ලෝකයටම අධිපති වෙන ශ්‍රී විශ්ණු දෙවියන්ට ඉදිරිපත් විය. රාවනා රජ ගේ අනිසි ක්‍රියාව මර්දනය කරන්නට නම් ශ්‍රී විශ්ණු දෙවියන් නර අවතාරයකින් නරලොවට සැපත් වී මර්දනය කරන්නට සිදු වෙන බව අවබෝද විය.


රාම, රාවනා

රාවන යන්නෙහි අර්තය වෙන්නේ "උසස් බලයකින් යුතු වර්ෂ ගනනාවක් පාලන බලයයේ යෙදෙන නරයන්ට අධිපති" යන්නයි. මෙව්වන් පුද්ගලයෙක් මර්දනය කරන්නට "ර" කාරයෙන් ආරම්භ වෙන තවත් එක් අක්ශරයකින් අවසන් වෙන මීට වඩා බලවත් තේරුමක් සහිත පුද්ගලයෙක් අවශ්‍ය වේ. ඒ අනුව "රාම" - (උසස් දැනුමකින් ,සත්පුරුශ ලක්ශන වලින් යුත් මනස ක්‍රියා කරවා ඕනෙම දෙයක් කල හැකි) යන නාමය සහිතව උපත ලබනවා. මේ ආකාරයෙන් රාම කුමාරයාගේ උපත සදහා නැකැත් 16ක් බැලූ බව පුරාවෘර්ත වල සදහන් වේ .ඒ නම, උපදින ස්ථානය,උපදින පරපුර , උපදින මව, උපදින සහෝදරයෝ, උපදින රට යනාදි වශයෙනි.

යුද්ධය

රාම කුමාරයාව දකින රාවනා රජුගේ නැගනියට(සුපර්නිකා) ඇතිවෙන්නා වූ දොල දුකක් හේතු කරගෙන ,රාමව ලබාගැනීමට භාදකයක් වෙන්නා වූ රාම කුමාරයාගේ බිරිද වන සීතා දේවිය ව රවනා රජ තුමා ලවා පැහැරගෙන ලංකා පුරයට රැගෙන එනු ලැබිනි. මේ ආකාරයෙන් ඇරෙඹෙන මහා යුද්ධය රාම කුමාරයා ජයග්‍රනය කරනවා. ඒ විභීෂන නම් රාවන ගේ සහෝදරයෙකුගේ උදව්වෙන්.

විභීෂන රාම ට උදව් කලේ ඇයි? 

එක්තරා අවස්තාවක දි විභීෂන බ්‍රහ්ම දෙවියන්ගෙන් වරමක් ලද අවස්තාවකදි විභීශන බ්‍රහ්ම දෙවියන්ගෙන් ඉල්ලන්නේ "ශ්‍රී විෂ්ණු දෙවියන්ට අසීමත භක්තියක්" තමන්ට ලබා දෙන ලෙසයි. එවිට බ්‍රහ්ම දෙවියන් පවසන්නේ මතු දවසක රාම නම් ලද කෙනෙක් ලංකා පුරයට පැමිනෙන බවත් එදිනට එතුමානන්ට උදව් කරමින්, එතුමානන්ගේ අවශ්‍යතාවන් සපුරා දෙන්න යනුවෙනි.අන්සතු බිරිදක් පැහැර ගැනීම රාවන වැනි රජ කෙනෙකුට නොගැලෙපෙන දෙයක් බව නීතිපති විභීෂන ගේ උපදේශය විය. එමෙන්ම රාව දිගු කරන සාමයේ හස්තය පිලිගත යුතු බවත්  නීතිපති විභීෂන ගේ උපදේශය විය. නමුත් බලයෙන් උද්ධාමයට පත්ව සිටි රාවන රජ මේ කිසිවක් පිලිගත්තේ නැ. තම මවගේ උපදෙස් මත වංශය රක්ෂා කිරීම උදෙසා විභීෂන රාම කුමාරයට උදව් කීරීමට තීරනය කලේය.

රාවන රජ මිය ගියාද?

රාවනා රජු එක්තර අවස්තාවකදි බ්‍රහ්ම දෙවියන් වෙනුවෙන් කලා වූ පූජාවකින් සතුටට පත් බ්‍රහ්ම දෙවියන් ලබා දුන් වරයකට රාවනා රජු ඉල්ලුවේ අමරණීයත්වයයි. නමුත් එල ලෝක දහමට පටහැනි නිසා එවත් වරයක් ලැබිය නොහැකි බවත් ඒ වෙනුවෙට "අජෙයි" වරයක් ලබා දුනි. ඒ අනුව රාවනා රජුව නර,වානර පමණක් නොව සුර අසුර යනාදී කිසිවෙක් අතින් මරුමුවට පත් කල නොහැකිය.රාවන නම් වූ අසහාය රජතුමා වෙත එල්ල වෙන හී වලින් වෙන් වෙන් වෙන්නා වූ හිස වෙනුවට නව හිසක් මැවෙන්නට විය. ඒ අන්සති අඹුවක් පැහැර ගත් පාපය නිසාවෙනි.ඒ අනුව රහස් නිලයකට එල්ල වෙන හී සැරයක් නිසා සිහිසුන් වෙන රාවන රජුගේ හිස කදින් වෙන් කර සත් මුහුද තුලද උස අඩි 8කින් යුතු කඳ මධ්‍ය දේශයේ එක්තරා ගුහාවක අඩි 8ක් දිග අඩි 6ක් රන් ටැඹක තැන්පත් කර ඇත.

රාවනා රජු නැවත උට්ඨානය වෙයිද? 
මෙලෙස ස්ථාන දෙකක තැන්පත් වී තිබෙන හිස සහ කඳ ජීවමනාව පවතින බව පුරාවෘර්ත වල සඳහන් වේ.යම් දිනය මෙම හිසත් කඳත් එක්තැන් උනොත් නැවතත් ජීවමාන වෙන බව පුරාවෘත්ත වල සදහන් වේ. මේ ගැන මටත් පොඩි සැකයක් තිබුනත් අදටත් සුරක්ශිතව හිස කෙස්, නියපොතු වැවෙමින් තිබෙන රාහුල හාමුදුරුවන්ගේ දේහය දකින විට මෙහිත් සත්‍ය තාවයක් තිබෙන්න පුලුවන් බව හිතෙනවා. මතු දිනෙක මෛත්‍රී බුදුන් බුද්ධත්වයට පත්වෙන දිනක මෙම එක්වීම සිදුවේ. ගෞතම බුදුන් ට එරෙහිව කටයුතු කල දේවදත්ත නම් කෙනෙක් එරෙහිව සිටියා වාගේ රාම රාවන නම් යුග පුරුෂයන් දෙදනාගේ කතාව නැවතත් ඇති වේ. නමුත් දේවදත්තයන් අවසානෙට අපාගත වුවත් රාවන රාම කතාවේ අවසානය වෙන්නේ රාවන බුද්ධ සාසනයට එකතු වීමෙනි.

ධාරණ ශක්තිය වැඩි කර ගැනීමට මන්ත්‍රයක්.

ධාරණ ශක්තිය ඇතිවීමට

සිද්ධි බුද්ධි ඝනපති ඒහි ඒස්වාහ:

රාත්‍රියේදී තැඹිලි වලට 21 මතුරා බොනු.
එක දිගට සතියක් කරනු 

සියලු ආරක්ෂාවට මන්ත්‍රයක්



ඕං හ්‍රීං මම ආඝෝරාය නමඃ ඕං හ්‍රීං ගසත ඝෝරාය නමඃ ඕං හ්‍රීං භුවන ආඝෝරාය නමඃ ඕං හ්‍රීං මක්‍ර ආඝෝරාය නමඃ ඕං හ්‍රීං කාලි කූටං ආඝෝර බන්දම් ආකාස බන්දම් පාතාල බන්දම් සර්‍මය කැර කද වදත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ අපස්මාර වේනන්ඩ මන හර හර ආඝෝර ආඝෝර ඒස්වාහඃ 

සියලු ආරක්ෂාවට යහපති. මහසොහොනාට නූල් බඳිනු.
(සුදුසු වාරගණන් යොදාගන්නා ලෙස දක්වා ඇත)

දත් කැක්කුමට මන්ත්‍රයක්


නමෝ දන්තකාශ හුළුපතුලේස්වාහඃ

කොහොඹ කොළ පොඩි කොට 21වර මතුරා තබනු. කට සෝදනු.

...................................................................

නමෝ දෙවදුලි ඒස්වාහඃ

21 වර හෝ 54 වර තෙල් මතුරාගානු

ස්ත්‍රි කෙටි වශීයක්


ඕං නමෝ පංචකාම සුන්දරී ලලිතකාමී ඒහි ඒස්වාහ:

දකුණු අත පිරිසුදු කොට අල්ලට 108 වර මතුරා උවමනා ස්ත්‍රියට පෙන්වනු.
කෙටි වශියකි.

මතකය අමතක අවධිකොට දෙන සරස්‌වතී දැහැන් හත


මෙම සරස්‌වතී දැහැන් හතෙන් රන් තැඹිලි තෙල්, හෝ හඳුන් තෙල් මතුරා උදේ සවස කියවා පාඩමට මතකයට දිව අත ගා නලලත තිලක තබා විභාගයට ලියා මතකය අමතක අවධිකොට පිළිතුරු සපයා ජයගෙන ලොව පතල පඬිරුවනක්‌ වේවා

සරස්‌වතී දැහැන් හත

ඕං නමෝ ගොපළු මහ රඡ්ජුරුවන් වහන්සේ උගත් විඡ්ජාව දහසක්‌ රුසිවරයින්ඩ පාඩම් නැත කී තැනේදී උන්වහන්සේගේ අතේ තිබුණ පේරැස්‌ මුදු හිරුව නේරංජනා ගංගාවට දමා එදා විඡ්ජාව පාඩම් කළ ආඥාවෙන් ආනුභාවයෙන් අදත් මට විඡ්ජාව පාඩම් වේවා.

ඕං භගවන්තා අයියානේ කෛ අධික්‌කෝන් ත්‍රිබ්‍රවනේ සරස්‌වතී දාරන් ඕං ශ්‍රියා කාන්තාදේවී මහී කාන්තා දේවී ඝණපති කීසක්‌ අගුළු ඇරී ආවේසු ආවේසු පුලේ ධාරණේ ස්‌වඃ ඕං ශ්‍රී මුඛ තුළ දාරනේස්‌වඃ ඕං ශ්‍රී දොරනේ ස්‌වඃ ඕං ශ්‍රී මුඛ දාරනේ ස්‌වඃ ඕ සුරගුරු දාරනේ ස්‌වඃ...

(මෙයින් 108 වරක්‌ තෙල් මතුරා ගන්න)

කිලි දුරු වීමට මන්ත්‍රයක්


පේරා ගත් පැන් බදුනකට කහ ටිකක් එක් කර මෙම මන්ත්‍රය 7 පරක් කියා එම පැන ඉසින්න.....මහ කිල්ල හැරෙන්න අනෙක් කිලි දුරුවේයි.....

කල් ගත රෝග සදහා මන්ත්‍රයක්

කල් ගත රෝග සදහා.....

පිරිසිදු තල තෙල් වලට 108 වරක් මතුරා තුවාලයේ එලන්න ....සුව වේ .....

කාලි කාලී කඩ කඩ කන්ඩලී ස්ද්හි ස්ද්හි ඒස් වාහඃ

රාවණ ගැන කියවෙන කවි...

රාවණ ගැන කියවෙන කවි...

සමනල රුව කෙටූ ගල සමනල කන්ද
හක්ගෙඩි රුව ඇති ගල හක්ගල කන්ද
තලමල කොටා ඇත උස තලගල කන්ද
බඹර රුව ගලේ ඇති බඹරා කන්ද

නුගපොළ කිරිකටිය සහ එක්ගස් කන්ද
යක්කුන් සතු නිධන් ඇති මහ කන්ද
කොටපොළ කන්ද මහදිග බට දඞු කන්ද
නිධන් වස්තු තවඇත සීගිරි කන්ද

කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ
රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
ඇටි කුකුලෙකුගෙ රුව ඇටිපොළ කඳු මුදුනේ
ඊතලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ

නිල්ගල කඳුවැටිය විභිසනගේ පෙදෙස
කිරිගල්පොත්ත නියඳගොඩ රවුලුගේ පෙදෙස
රම්බොඩ වැදිමලේ සූරිය පිදු පෙදෙස
මේසැම පෙදෙස විය යක්කුන්ගේ පෙදෙස

ඔමරාගොල්ල මහ ආයුධ ගබඩාව
නමුණුකුලය සගවා ඇත යගදාව
රක්වානේ කඳුමුදුනේ සිරියාව
මහවෙද නිධානය ගනු නොපමාව

කබරගේ රුව කොටා ඇති කබරාගලය
රක්වන කඳුමුදුනේ රාවණ කිරීටය
මොරොන් කන්දමුදුනේ මහ නිධානය
අක්ෂර කෙටූගල පණ්හිඳ නිධානය

අමිල ගේ බ්ලොග්  අඩවියෙන් උපුටා ගන්නා ලදී ....

ආරක්ශාවට මන්ත්‍රයක්


සියලු ආරක්ශාවට කහදියර මතුර ගානු

ඕං ප්‍රරාක්ශ ඉර රාක්ශ ලංකා රාක්ශ විශ්ණු වින රාක්ශ අරුමෝ රාක්ශ කුංබ කුංම්බාන්ඩාය මේ කුංඩ උපද්‍රා කල යක්ශ යක්ශනී කච්චල නමුච්චේ ඒස්වාහඃ

මන්ත්‍ර දිශ්ටියක්

මන්ත්‍ර දිශ්ටියක්

ඕං සර්ව ගිනි හෙන ගිනි දිශ්ටි මන්ත්‍ර පුට ගිනි හෙන දිශ්ටි ශැර මන්ඩල ගිනි හෙන දිශ්ටි ශැර ගිනි විශ්ණු දිශ්ටි මන්ත්‍ර කාලි විශ්ණු දිශ්ටි පුට මන්ත්‍ර විශ්ණු දිශ්ටිමග්‍ර ශුභ මග්‍ර දිශ්ටි මන්ත්‍ර දිශ්ටි දිශ්ටි ඒස්වාහඃ......

දුම්මල දිශ්ටියක්.....

දුම්මල දිශ්ටියක්

ඕං හ්‍රීං එන්තාල වාලුම් එව්වාන් මරක්කිලුම් ගුරු වරමෙන් දීර්ග මූර්තු කුරු කාල් කුරු කාල් පත්තුප්ප්‍රමේශ්වර තම්බිරනේ ශ්‍රිං ශ්‍රීං ඔඩ්ඩෛප්පුල්ලේ ඊශ්වර අනින් වා වා...

දිශ්ටි ඉගිල්ලුවන මන්ත්‍රයක්

අත්දුටු දිශ්ටි ඉගිල්ලුවන මන්ත්‍රයකි..දැන කරනු..ආරක්ශාවට යහපති.

ඕං ශ්‍රී විශ්ණු ප්‍රලාඩි තූලාපොරුකි හන්ති සංක්‍රෙස් බහුලඩි විශ්ණු දේස් දේස් ඕං ආදේස් කීමරේ උර්ලඩී දේහෝ ආක්‍රෝන්තු භාහේස් ශ්‍රී විශ්ණු නාරායනේ දේස් දේස්......
ඕං අරි අරි ශක්ක්‍රාන් ගුරු ගුරු ශක්ක්‍රාන් විෂ්ණු නාරායණේ ගිනි කුලඹු දිරි.......

මෙයින් තද යකුන්ට පිබිණු.....කුලුම්බු මන්ත්‍ර ගනනාවකි. පත්තිනි කුලුම්බුව,ශැර කුලුම්බු,විශ්ණු කුලුම්බු,කදිර කුලුම්බු, ආදි වශයෙන්.. කුලුම්බුව යනු ;පිබීම යන අර්තයයි.මෙම මන්ත්‍ර හදිසි අවස්තා වලදි යකුන් වසුනු මිනිසුන්ට අතට මතුර පිබීනු ලැබේ.

..................................................................................................................................

ඕං අරි අරි ශක්ක්‍රාන් ගුරු ගුරු ශක්ක්‍රාන් විෂ්ණු නාරායණේ ගිනි කුලඹු දිරි.......
මෙයින් තද යකුන්ට  ..............

මන්ත්‍ර දිශ්ටියක්



ශිව ගුරැ නාරායනේ නමහං..
ඕ වජ්ජ්‍ර දිෂ්ටි දේව දිෂ්ටි විෂ්නු අවතාර දිෂ්ටි නාග දිෂ්ටි ගරැඩ දිෂ්ටි වර වර නමංගග
ඕ භද්‍ර කාලී දිෂ්ටි ගන්
බහිරව භූමි දේවි දිෂ්ටි ගන්
මකී යන යන්ත්‍ර මන්ත්‍ර දිෂ්ටි ගන්
කකුසද කෝනාගම කාශ්‍යප ගෙෘතම යන සතර බුදුවර අණින් මෙකී යන දේවතාවියන් සැනින් දිෂ්ටි ගන් වර වර නමං.

ලෙඩ කිහිපයකට සිංහල අත් බෙහෙත්


ඉස්හොරි වලට
තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4කට මී තෙල් අවුන්ස 1ක් දමා අව්වේ කකාරා හිස ගාන්න.
කෝමාරිකා මද හිස මුල ගාන්න.

සෙම් ‍ගෙඩි වලට
මී අරටු මී පැණිෙයන් අඹරා ගෙඩිවල ගාන්න.
ගම්මිරිස් ලුණු වතුරට දියකර උගුර සෝදන්න.

බඩේ කැක්කුමට
ඒකාවේරිය මුලක් දෙහි ඇඹුලෙන් අඹරා එයින්ම දියකර බොන්න.

නගනයට
කලාදුරු අල ඇල්දිෙයන් ගලගා ගාන්න.

කකුල් පැලෙනවාට
කළු තල කබ‍ලේ බැද එළගි තෙලෙන්අඹරා ගාන්

සොහොන් ශ්‍රී මහසොහොන් දිෂ්ටිය

මහසොහොනට පිදේනි කැප කිරීමේදී, ඒ සම්බන්ද කටයුතු වලදී, දිෂ්ටි කිරීමට මේ මන්ත්‍රය යොදා ගනී......



ඕං නමෝ සෝ වැලි ගජරාෂ්ට දේසේ උපන් සිද්ද මහ සොහොන් දේවතාවුන් වහන්සේ එදා යමරජ්ජුරුවන්නේ යම දොර හත, පලාගනීමැයි සිතා කටින් ජලාටයක් මවාගෙන නාස්පුඩු දෙකෙන් දුම් කදන් දෙකක් මවාගෙන දෑත් දෙකින් ගංගා දෙක්ක මවාගෙන සිවුඅත් සිව්නේත්ත්‍රයක් මවාගෙන, අතුන් දහසක් මවාගෙන ඇතුන් දහසක් වම් අතින් ඇන ඉරා ලේ බීගෙන යමගල් පර්වතේට පැනනැගී, තිස් දහසක් පිරිවෙරට අඩ ගැසූතැනේදී, සැනකින් තිස්දහසක් පිරිවර ස්වාමීනි අඩගැසූ කාරණා කිමෙක් දැයි විචාල තැනේදී, යම රජ්ජුරුවෝ අල්ලා ලේ රීරි බොන්ඩ අඩගැසීමැයි කී තැනේදී, එවිට මහ විෂ්ණු දෙවියෝ යමරජ්ජුරුවන්ඩ සැල කල තැනේදී, යමරජ්ජුරුවෝ එක් සැණෙකින් ගොසින් මාලා දේවතාවට අඩ ගසා මහසොහොන් දේවතාවා එරන් කීල කණුවේ බැද මහසොහොන් දේවතාවා දැපනය කල අනූභාවයෙන්, ඊශ්වර බන්ද, මහේශ්වර බන්ද, ක්‍රිතේශ්වර බන්ද, තිස්දහසක් පිරිවර ලත් මහසොහොන් දෙවතාවා, සර්ව නාග පාසාවෙන් ඉගිල බන්ද බන්ද වර වර ඒස්වාහං....

ඕං නමෝ අදේ නැකතින් උපන් යමරජ්ජුරුවන් වරං ලත් සිද්ද මහසොහොන් දේවතාවුන් වහන්සේට අමු රීරි පුලුටු කැපකර දෙන හෙයින් තිස්දහසක් පිරිවර ලත් සිද්ද මහසොහොන් දේවතාවා දිෂ්ටි ලා විගස බන්ද බන්ද ඒස්වහං...
ඕං නමෝ රූපන්ච නම් ගංගාවේ රූපංච නම් පර්වතේ පැදෙගෙන ඇතෙකු ඇන ලේ බීගෙන කටින් ගිනිජල් මවාගෙන තිස්දහසක් පිරිවර ඇති සිද්දි මහසොහොන් දේවතාවුන් වහන්සේ එරට එදේස් සිට මෙරට මේ දේසේට ගොඩ බසින්ඩ එන වේලාවට, ඊශ්වර දෙවියෝ සිටින් කියා නැවැත්තූ අච්චාවෙන්, ආනුබාවයෙන්, තිස්දහසක් පිරිවර ඇති මහසොහොන් දේවතාවුන් වහන්සේ, අදත් මාගේ රංග මණ්ඩගලයට දිෂ්ටි ල එන්ඩ ඊශ්වර දෙවියන්නෙන් වරමි.....

ඕං නමෝ නේරංජ නන් ගංගාවේ නේරංජ නන් පර්වතේ පැදගෙන අතුන් දහසක් ඇන ලේ උරා බීගෙන, ඇවිත් කටින් ගිනිදැල් දහසක් විහිදුවාගෙන සක්වල ගලේ මහමේරු පර්වතේ කඩා පැදගෙන සිද්ද මහාසොහොන් දේවතාවුන් වහන්සේ, මේ ලංකාද්වීපේට ගොඩ බසින්ඩ එන වේලාවට ගෝඩම්බර දේවතාවුන් වහන්සේ කොයි යන ගමනක් දැයි කියා, වම් පයින් ගසා සිටින්ඩ කියා නැවැත්තූ ආච්චාවෙන් ආනුභාවෙන්, ආකාර යක්ෂයෝ ගොලු යක්ෂයෝ, බිහිරි යක්ෂයෝ, මති යක්ෂයෝ, ඉන්ද්‍ර කාම යක්ෂයෝ, පුලුටුකාම යක්ෂයෝත් තිස් දහසක් පිරිවර ඇති මහසොහොන් දේවතාවුන් වහන්සේ අදත් මාගේ රංග මංඩලේට දිෂ්ටිලා එන්ඩ ඊශ්වර දෙවියන්ගෙන් වරමි......  

ඕං නමෝ මහා සම්මත කාලේදී මහා සම්මත රජ්ජුරුවන් දැවූ සොහොනේ උපන් සිද්ද මහසොහොන් දේවාතාවුන් වහන්සේත් පඩුවස් රජ්ජුරුවන්නේ නුවර පඩුවස් රජ්ජුරුවෝ දැවූ සොහොනෙන් උපන් සිද්ද මහ අමුසොහොන් දේවතාවන් වහන්සේත් විජේ රජ්ජුරුවෝ දැවූ සොහොනෙන් උපන් සිද්ද ජය සොහොන් දේවතාවුන් වහන්සේත් යක්ෂණියන් අට දෙනෙකුත් කුරුම්බ්‍රයින් නවදෙනෙකුත් පිරිවරන් ඇතුන් දහසක් ඇන ලේ රීරි උරා බී මේ ශ්‍රී ලංකාදීපයට ගොඩබසින්ඩ එන් වේලාවට ඊශ්වර දෙවියෝ දිවසින් දැකලා උන් වහන්සේගේ කරේ තිබුනු නූල් සත්පොට කඩා ගැට හතක් ගසා සිවුසැටක් වරලා යක්ශයෝ තුන්දෙනෙක් අමුසොහොනට ගෙන්නා සොහොන් පොලේ සිටුවා බැන්ද ආච්චාවෙන් තඩුත්තු කල අනූබාවෙන් මෙවැනි යකුන් යක්ශනීයන් දිෂ්ටි ලා බන්ද බන්ද ඒස්වාහං .......

ඕං නමෝ තානංගුරු පොතී, ආදේස් පොතී, ත්‍රී නේත්‍රා දාරී ආගෝර විෂ්ණු අණින් සිද්ද මහසොහොන් දේවතාවා දිෂ්ටි ලා විගස බන්ද බන්ද ඒස්වාහා....

ඕං සූර්යා දිෂ්ටි, රාම දිෂ්ටි දිරි දිරි කයි කොණ්ඩුන් කුමාර වේට්ටුගන් ජන්කා වේට්ටු ගජකුම්බකාරීගේ පුතා, අද අසූවිය තෝ ඊශ්වර දෙවියන්ගෙන් වරමින් තා හිමි නැත, විෂ්ණු අවතාර ගජමුත්තු සුර්යා පත්තු වෙසමුණි අණින් දිෂ්ටි ලා විගස බන්ද බන්ද ඒස්වාහා....

ඕං නමෝ ගජන්ත දේසේ ගජකුම්බකාරිගේ කුසයෙන් උපන් සිද්ද මහසොහොන් දේවතාවා, සමන් දෙවියෝ ලගදී, අපි නරපනුවන් ලේ රීරි උරා බොන්ඩ නරලොවට යමුයි කී තැනෙදී, ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේත්, සමනල සමන් දෙවියන් වහන්සේත්, ඕං තිලත්තාල් උල්ලාල්ල ප්‍රාණ රූ තලික්කී පල්ලාලං නෝරුන් පල්ලා, ඕරුක්කා මෙරේ රූඩන් යන් මික්කා කාකෝඩුන් වච්චිරු පාක්කු වෙඩි වසලච්ච ක්‍රී එං කියා රාමසැරේන් බන්දන කර නරලොව කෙලි පිදවිනි ගන්ඩ වරං දුන් අච්චාවෙන් ආනුබාවයෙන් සොහොන් ශ්‍රී මලාවෙන් බැන්දෙන් ජලරාම දිෂ්ටි දිෂ්ටි ඒස්වහං ....

ඕං නමෝ ඉරිදා අදේ නැකතින් මවු කුම්බකාරීගේ කුසයෙන් උපන් සිද්ද මහසොහොන් දේවතාවා තිස්දහසක් පිරිවර මවාගෙන නරලොවට ගොඩ බසින්ඩ එන වේලාවට අහස පොලොව මවාපාපු ශ්‍රී විෂ්ණුන් වහන්සේත්, සමනල සමන් දෙවියන් වහන්සේත් දිවසින් දැක කොයි යන ගමනක්දැයි කියා ඇසූ තැනේදී තිස්දහසක් පිරිවර ඇති සැටපන්දහසකට නායකයා වූ තිස්දහසක් අතුමං රකින්නා වූ මරුවාට සොල්මන් බලන්නා වූ සිද්ද මහසොහොන් දේවතාවා, අදත් මා ගේ රංග මන්ඩලේට දිෂ්ටි ලා එන්ඩ කුවේර පුර නුවර වාසස්තානය කරන  වෙසමුනි රජ්ජුරුවන්ගෙන් වරමි.......

(වැරදි ඇත්නම් නිවරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.....)

දත් කැක්කුමට මන්තරයක්

දත් කැක්කුමට මන්තරයක් 

ක්‍රමය
බුලත් කොලයක් ගෙන ....

ඔං චන්ද්‍ර ඒස්වාහඃ

යන මන්ත්‍රය කියමින් යකඩ ඇනයකින් මන්ත්‍රය බුලත් කොලයේ 9 වරක් ලියා .... හැකිනම් 108 වරක් මතුරන්න.පසුව එය කැක්කුම ඇති පැත්තෙන් හෙමින් හපා කෙල ගිලින්න.....

Saturday, August 25, 2012

ලෙඩ කිහිපයකට පාරම්පරික බෙහෙත් බිදක් ......


පණුවන් ගසා ඇති වණ වලට
අමුකහ, බුරුත, කොළ වනේ ලා කොටා ගුලිකර පණුවන් ගසා ඇති තුවාලයෙහි බදින්න‍.
දුම්කොළ පුළුස්සා අළු රැගෙන කොහොඹ‍ තෙල් මිශ්‍රකර ගාන්න.
තුඹ සහ හුණු අඹරා ඇල් ජලය දමා තුවාලයේ ගාන්න.
අබ ටිකක් දුම්කොළ සහ හුණු එකට කොටා පෙකනියේ තබා බදින්න.
කොහොඹ තෙල් ගාන්න.

ගෙඩි වලට
ගෙඩිය විවෘත වී නැතිනම්, පලා සැරව ඉවත්කර එයට රතුළූණු සමග පැපොල් කොළ එකට අඹරා ආලේප කරන්න.
කුප්පමේනියා කොළ, අළු කෙසෙල්, පරඩැල් සමග කොටා කොහොඹ තෙල් මිශ්‍ර කරගාන්න.

අක්ෂි රෝග
වියළි ඉගුරු සහ බුලත් සපා සත් දිනක් සුද ඇති ඇසට කෙළ විදින්න.
කැකුළු හාල් සහ ගම්මිරිස් කුඩු තුන්වරුවක් ඇසට පිඹින්න.
කෝමාරිකා තම්බා කහ කුඩු තුන්වරුවක් ඇසට බදින්න.‍
කුප්පමේනියා දළු, ඔලිද දළු, ඇල් දියෙන් අඹරා ඇහි බැමේ ගාන්න.
දෙළුම් දළු, රතුළූණු, කහකුඩු, ගම්මිරිස් සහ ලුණු එකට අඹරා වරකට බිංදු දෙක තුනක් සුද ඇති ඇසට වත් කරන්න.

කබ, කදුළු ගලනවාට
උදුපියලිය කොළ හා අමු කහ තළා ඇසට ඉස්ම වත්කරන්න.‍

ඇසේ බිබිලි වලට
මුරුංගා මල්, දැලි පොතු සහ බිත්තර කටු අඹරා ගාන්න.

ස්වසන මාර්ගය ආශ්‍රිත රෝග,
නාසයෙන් සොටු දියර ගලනවාට

පොල් කටු පිලිස්සූ අගුරු ඇති කබලකට වියළි රතු මිරිස් කුඩු, කහ කුඩු එකවර දමා එම දුම් මුඛයෙන් සහ නාසයෙන් ඉහළ පහළ ගැනීමට සලස්වන්න.

රතියෙහි අධික තෘප්තියට මන්ත්‍රයක්


මන්ත්‍රය 
ඔං නමෝ භගවතේ රදාය උං ඌං මහේශ්වරාය දාවය ස්ත්රිනාමි මදන් පානය පානය ස්වඃ ටඃ ටඃ ෴

ක්‍රමය 
කතුරු මුරුංග කොළ යුෂ මි පැණි ගිතෙල් එක පමණ ගෙන පුෂ්කර සමග අඹරා ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා ලිංග ලේපය කොට රතියෙහි යෙදෙනු. අධික තෘප්තියට පත්වේ.

බඩේ අමාරු සදහා මන්තරයක්

මන්ත්‍රය 
නමෝ ධුපෙ ධුපෙස්වඃ 

ක්‍රමය 
බඩේ රුජාවට බුලත් කොලයක් හත්පලක ලියා කන්නට දෙනු....

ආරක්ෂාව සදහා මන්තරයක්


මන්තරය 
ඔං මුනි මහා මුනි මේඝ මුනි බුද්ධ වූ ශ්‍රී මුනි මුනි මොහු ආරක්ශාතු එස්වඃ
ඔං තට්ටා මෙට්ටා දිවා ගුලේ මොහුගේ ජිවිත පරාන ආරක්ෂතු එස්වඃ 

ක්‍රමය 
මේ මන්ත්‍රය ආරක්ෂාවට එකක්. වදකහ කැල්ලක් පිරිසිදු කර පිරිසිදු රෙදි කඩක පඩුරක් ආකාරයෙන් ගැට ගසා108 වරක් මතුරා දකුණු අතේ බඳිනු මැන..

බුලත් වශී මන්තරයක්

බුලත් අදාරයෙන් කරනු ලබන  වශී මන්තරයක් 

මන්ත්‍රය 

ඔං නමෝ සංකාර කාලි කාලි සංකරමාලි ඒහි එස්වඃ 

ක්‍රමය 

අලුත් බුලත් වැලක අලුත් බුලතට ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා කඩාගෙන ඉන්පසු ඇගේ නම දමා නැවත 108 වර මතුරා කන්ට දෙනු...

ආදර වශීයක් ....

දිවි ඇති තෙක් ආදරය වන වශීයක් ....

මන්ත්‍රය 

ඔං මායා සුන්දර ඇසුර සුර තැලි ත්‍රීන් දාරන මායා නික්කුන් නික්ක නික්ක එස්වඃ ෴

ක්‍රමය 

දකුණු අතට ඉහත මන්ත්‍රයෙන් 334 වර මතුරා කෙල්ලගේ හිස අතගානු දිවි ඇති තෙක් ආදරය වෙයි...

අස්ථි බිදීම් වලට බෙහෙතක්

අස්ථි බිදීම් වලට
‍වන දිවුල් කොළ, අඹරා කැඩී ඇති අස්ථිය අවට පත්තුවක් ලෙස තබා වෙලන්න. එසේ දින 5ක් කරන්න.
අමුකහ, කතුරුපිලි, තල තෙලින් අඹරා එයට පාන්පිටි එක්කර තලපයක් සාදා බිදුණු අස්ථියෙහි පත්තුවක් ලෙස වෙලන්න.‍
මුකුණුවැන්න කැද සාදා පොවන්න.
ගොටු කොළ හා රතුළූණු කැද සාදා පොවන්න.

 

ගාත් පණ නැතිවූ විට කරන බෙහෙතක්


ගාත් පණ නැතිවූ විට
සුදුළළූණු, ඉගුරු සහ තිප්පිලි කලං 3 බැගින් ගෙන සාදික්කා, වලග සහල්, සූදූරු හා ගම්මිරිස් යන මේවා කලං 1 බැගින් ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කොටස් 1/2කට කටු ඉඹුල් පොතු තම්බා ගුලි 1/2 ක් දමා කසාය කර පොවන්න. ඉතිරි 1/2කට ඉඹුල් පොතු කලවම් කර පොවන්න.

සර්ප විෂට බෙහෙතක්


සර්ප විෂට
තේ කහට බොතල් 2-3ක් දිනකට වරු 3ක් පොවන්න.
අරත්ත අල කොටා යුෂ පොවන්න‍.
අලුකෙසෙල් අලයක් තම්බා මිරිකා යුෂ පොවන්න.
දිවේ ගෙඩි ඇති විට
ගෙඩිය පලා බිත්තර සුදු මදය ගාන්න.

සතුන් කිහිපදෙනෙකුට සදහා බෙහෙත්

කුර රෝග සදහා

  1. ලුණු වතුරට කොහොඹ තෙල් කලවම් කර සෝදන්න.
  2. කජුතෙල් කුර වටේට වත් කරන්න.

බුරුල්ල ඉදිමීම සදහා

  1. සියඹලා කොළ, පාවට්ටා කොළ, නික කොළ, තෙල් එඩරු කොළ, කොහොඹ කොළ තම්බා තවන්න.
  2. උණුවතුරට ලුණු දමා බුරුල්ල සෝදන්න.
  3. මිරිස් කරල් 5ක් පමණ තලතෙලින් කකාරා ගාන්න.
  4. රත් හදුන් හා සියඹලා කොළ අඹරා බුරුල්ලේ ගාන්න.

කැඩුම් බිදුම් හා සන්ධි රෝග සදහා බෙහෙතක්

කැඩුම් බිදුම් හා සන්ධි රෝග

කැඩුණු අගට
හිසකෙස්, කොහොල්ලෑ හෝ දුම්මල සමග රත්කර ගාන්න.

දුම්මල හා කොහොල්ලෑ එකට උණුකර ගාන්න.

ගම්මිරිස්, හුඹස් මැටි, ඉගුරු, සුදුළූණු සමග ගෙන අඹරා කොහොඹ තෙල් දමා අග මැදට ඉහත බෙහෙත් තබා බදින්න.


සිත බැදෙන වශීයක්


මන්ත්‍රය

ඔං නිලිනා ඕඩිවා ෴

ක්‍රමය 

අවශ්‍ය කාන්තාවගෙන්  වතුර වීදුරුවක් ඉල්ලගෙන ටිකක් පානය කොට ඉතිරි වතුරට 21 වර මතුරා ඈට බිමට දෙන්න සිත බඳේ..

බාල ලඳුන් වශීයක්

බාල ලඳුන් වශීයක් 

මන්තරය 

ඔං ශ්‍රී ලෝක ශ්‍රී ධරණී සයිතාකාලි මා පිට දැපනවීසිටිත් උඩබිම නරතල ග්‍රහපති ගිරළු සැර ආරුඪ මේක සකාල රාජ රාවනා රාජ මෙකි පිරිවර මපිට ගැසෙත්වා නමෝ ජාල රල දිවා තුල එස්වඃ නමෝ දිවා ගැල එස්වඃ ෴ 

ක්‍රමය 

108 දී වාරයක් තන කිරෙන් මතුරා තිලකදී බාල ලඳුන් දෙස බලනු...
වශී වේ...

වශීයක් සත්‍ය බැල්මට...


මන්තරය  

නමෝ ඉරි සඳ පටිච්චස්වා සිමාසි යේහි යේහි යේස්වාහ 
නමෝ ප්‍රම සුන්දර ලි තැලි තැලි යේහි යේහි යෙස්වහ 

ක්‍රමය 

108 වර බුලතට නම සිහිකර මතුරා කටේ දමාගෙන ගොස් කතා කරනු...
සත්‍ය බැල්මට ගිරිතිල්ල දලුට මතුරනු, තමා දෙසට නැමේ..

Friday, August 24, 2012

එතිපිසො ගාථාවෙ බලයන් අත්දකිමු ....



  • එතිපිසො ගතවෙන් 21 පරක් මතුරල මුන හොදපුවහම සියලු ඇස වහ කට වහ තුන් දොස් සමනය වේ.


  • ඉතිපිසෝ ගාථාවෙන් දහස් වතාවක් මතුරලා නුලක් හදල දාගත්තහම සියලුම දෝෂ දුරු වෙන්ව.. ග්‍රහ දෝෂ පවා දුරු වෙන්ව...

බඩ විරේකයට බෙහෙත් වට්ටෝරුවක්.

මෙය බෙහෙත් වට්ටොරුවකි ....

සහින්ඳ ලුනු කලන් 6 
සෙනෙහෙ කොල කලන් 6 
අරලු කලන් 6 

මෙව හොදින් සෝදා පත 8 එකට සිදුවා රාත්‍රී 7 8 ත් අතර ජල නන්දන පිරිත් 7 වරක් පෙ කොට
බීමට ගන්න
ශරීර ගතවී ඇති විසක් අත්නම් එය සම්පූර්නයෙන් අයින් වෙ.

සැ යු මෙයි විරැකයක් වන අතර බීමෙන් පය 2 කට පමන පසුව මලපහ පිට්වීම සිදුවෙ
එතන් පටන් උනු ජලයපමනක් බ්හාවිතා කල යුතු අතර ඊට පසු දින දහවල් 12 වන් තෙක් කිසිදු" අහාරයක් නොගත් යුතුය

ඉන් පසු මිරිස් හොදි සමග බත් කැමට සුදුසුයි

ජල නන්දන දැහැන...


ජල නන්දන පිරිත ගැන අහලා තිබුනට ජල නන්දන දැහැන කියලා දෙයක් අහලා තිබුනද.........මෙන්න එහෙනම්.. !!!!!!