Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Adding Soon

Adding Soon,Adding Soon,Adding Soon,Adding Soon,

Friday, December 21, 2012

වාසනාව උදාකර ගැනීමට නොවරදින මන්ත්‍රයක්


වාසනාව උදාකර ගැනීමට නොවරදින මන්ත්‍රයක්


ඔබ විශ්වාස කලත්නොකලත් මෙය සත්‍යක්
 
කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට දෙන්න.එය කල යුත්තේ සතුටින්මයි.
බේ ප්රියතම කවිය කටපාඩම් කරගන්න
ඔබට ඇසෙන සෑම දෙයක්ම විශ්වාස නොකරන්න.
ඔබ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න.
ඕනෑවට වඩා නිදා නොගන්න.
6 “මං ඔයාට ආදරෙයි” කියද්දී හදවතින්ම කියන්න.
කිසිවෙකුගෙන් සමාව ඉල්ලද්දී ඔහුගේ දෑස දෙස කෙලින්බලන්න.
දුටු තැනින් ඇතිවන ආදරය පිලිබද විශ්වාස නොකරන්න.
අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න.සිහින නැතිමිනිසුන් තුල බොහො අඩුපාඩු තිබෙනවා.
10 හදවත පත්ලෙන්ම ආදරය කරන්න.ඇතැම් විට ඔබට වේදනාවහිමිවිය හැකිය.එහෙත් ජීවිත‍‍ සම්පූර්ණ කර ගැනීමට ඇති එකමමග එයයි.
11 යමකට එකග නොවන විටදී සාධාරන ලෙස ගැටෙන්න.එහෙත්කැත වචන කීමෙන් වලකින්න.
12 ඉක්මනින් සිතන්න.හෙමින් කතා කරන්න.
13 ඔබ පිලිතුරැ දෙන්නට අකමැති ප්රශ්නයක් කිසිවෙකු විසින්ඇසූ විට සිනහවක් පා “ඇයි ඔයාට ඒක දැනගන්න ඕන..?”යනුවෙන් අසන්න.
14 මහා ලොකු ආදරය,මහා ලොකු බලාපොරොත්තු සමග මහාලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.
15 ඔබේ මව සමග නිරතුරැවම අදහස් හුවමාරැ කරගන්න.
16 ඔබ පරාජය වුවත් ඉන් ලැබෙන පාඩම ජයග්රහනය බවසිතන්න.
17 ඔබ ඔබටම ගෙෘරව කරන්නඅනෙක් අයට ගෙෘරවකරන්න.
18 වගකීමෙන් යුතුව සෑම ක්රියාවකම නිරත වන්න.
19 තර්ක කිරීම තුලින් මිතුරන් අහිමි කර නොගන්න.
20 වැරැද්දක් සිදුවූ බව වැටහුණු විට වහාම එය නිවරදි කරන්නටපියවර ගන්න.
21 දුරකථන ඇමතුමට පිලිතුරැ දෙන විට සිනාමුසු වන්න,අමතන්නාව එය හොදින් දැනේවි.
22 විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයකුසමගයි මක්නිසාද යත් මහලු වයසට පත්වෙද්දී අනෙක් හැමහැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබාගන්න.
23 ඉදහිට නිදහසේ තනිව කාලය ගත කරන්න.
24 වෙනසවීම් වලට ඔබේ දෑත දිගු කරන්නඑහෙත් ඔබේවටිනාකම් ගිලිඑී යාමට ඉඩ නොතබන්න.
25 ඇතැම්විට හොදම පිලිතුර වන්නේ නිහඩතාවය බව සිහිතබාගන්න.
26 වැඩියෙන් පොත් කියවන්නඅඩුවෙන් රෑපවාහිනිය නරඹන්න.
27 දෙවියන් වහන්සේ/බුදුන් වහන්සේ විශ්වාස කරන්නඑහෙත්ඔබේ මොටර් රථය අගුලු දමන්නට අමතක නොකරන්න.
28 හොද අවංක ජීවිතයක් ගත කරන්න.ඔබ වයසට ගිය පසු ආපසුහැරී බලා සතුටු වන්නට හැකි වේවි.
29 ඔබේ නිවසේ ඇති ආදරණිය වාතාවරණය හැමදේටම වඩාවැදගත් බැවින්  සදහා හැම කැප කිරීමක්ම කරන්න.
30 ඔබේ ආදරණීයම පුද්ගලයන් සමග බහින්බස් වීමේදී අතීතසිදුවීම් හෝ වැරදි සිහිපත් නොකරන්න.
31 යටි අදහස් තේරැම් ගන්න.
32 ඔබේ දැනුම බෙදා හදා ගන්න.
33 මහ පොලව සමග මෘදු ලෙස ගණුදෙණු කරන්න.
34 භක්තියෙන් ආගම අදහන්න.එහි විශාල ගුප්ත බලයක්තිබෙනවා.
35 චාටු බස් වලට නොරැවටෙන්න.
36 ඔබේ පාඩුවේ සිටින්න.
37 සිප ගන්නා විට දෑස් විවර කරගෙන සිටින කාන්තාව හෝපිරිමියා විශ්වාස නොකරන්න.
38 අවුරැද්දකට වරක් ඔබ කිසිම දිනෙක නොගිය තැනකට යන්න.
39 ඔබට ඕනෑවට වඩා මුදල් ඇත්නම් ඉන් කොටසක් අනෙක්අයට උදවු කිරීම සදහා යෙදවන්නඉන්ලැබෙන්නේ මිල කලනොහැකි තෘප්තියක්.
40 යම් අවස්ථාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුනහොත් එයවාසනාවක් වීමට ඉඩ ඇති බව මතක තබා ගන්න.
41 නීති ඉගෙන ගන්නපසු ඒවායින් කොටසක් බිද දමන්න.
42 එකිනෙකා වුවමනා දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරයකරන දෙදෙනෙකු අතර ඇති සම්න්ධය බලවත් .
43  සදහා කැපකල දේවල් තුලින් ඔබේ සාර්ථකත්වය මැනගන්න.
44 ඔබේ දෛවය වන්නේ ඔබේම චරිතය බව මතක තබා ගන්න.

මේවා දිනපතා උදෑසන පෙනෙන පරිදි හැකිනම් මුද්‍රණ පිටපතක්ගෙන ඔබේ කාමරයේ සේවය කරන සිථානයේ තබා ගන්න.

ඔබ විශ්වාස කලත්නොකලත් මෙයසත්‍යයකි….!!!!

Monday, December 3, 2012

සියලු ආරක්ෂාවට බුදුගුණ සපිරුණ නව ගුණ යන්ත්‍රය


බුදුගුණ සපිරුණ නව ගුණ යන්ත්‍රය
බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කළ පමණින් අපේ මතකයට නැගෙන්නේ උන්වහන්සේගේ රූප ශෝභාවෙන් අලංකාරවූ පිංතූරයක්‌ හෝ පිළිම වහන්සේ නමකි. එසේ බුදුරුවක්‌ සිත තුළ මවා ගැනීම වරදක්‌ නොවේ. එහෙත් අප බුදුරජාණන් වහන්සේ ලෙස සලකා වැඳුම් පිඳුම් කළයුත්තේ එම රූපකායට නොව උන්වහන්සේ තුළ පැවැති අනන්ත වූ ගුණ සමුදායටය.

ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධො

විඡ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ

අනුත්තරෝ පුරුසධම්ම සරථි සත්වා දේව

මනුස්‌සානං බුද්ධෝ භගවාතී

බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ හෙයින්ද චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත් හෙයින් ද අෂ්ට විද්‍යා පසලොස්‌චරණ ධර්මයන් ගෙන් සමන්විත හෙයින් ද මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිවනට පැමිණි හෙයින් ද සත්ත්ව, සමස්‌කාර, අවකාස යන තුන්ලොව තත්වූ පරිද්දෙන් දැනගත් හෙයින්ද අංගුලිමාල නාලාගිරි ආදීන් දමනය කළ හෙයින් ද දෙව් මිනිසුන්ට අනුශාසනා කළ හෙයින්ද සියලු ධර්ම අවබෝධ කළ හෙයින්ද ධර්මය දෙසා වදාළ හෙයින්ද යන මේ මහා ගුණ නවයකින් සමන්විත වනසේක.

මෙම ඉතිපිසෝ - ගාථාව සිහි කළ පමණින් නොයෙක්‌ ඵල ලද හැකි බව කියවෙන අතර ශබ්ද විද්‍යාව අනුවද, මෙම ගාථාව අති ප්‍රබල බව පෙනේ.

ඉතිපි/සෝ භග/වා අර /හං සම්මා/සම්බුද්ධෝ

ඉතිපි යන වචනයේ මුල් අකුරු දෙක දිව්‍ය අක්‌ෂර වන අතර තෙවන අක්‌ෂරය මනුෂ්‍ය අක්‌ෂර වේ. ඉ - යනු තේජෝ භූත වන අතර - ති, පි - අකුරු දෙක වායෝ භූත වේ. මෙම භූත දෙකද මිත්‍රය. මෙයට සුබ වේ. මෙම වචන පහේ එන ගණ පිළිබඳව බැලුවත් මෙසේය. දේව ගණ, චන්ද්‍ර ගණ, චන්ද්‍ර ගණ, භූමි ගණ, භූමි ගණ වශයෙන් වේ.

මෙය තවත් ක්‍රමයකට බෙදනවිට මිත්‍ර ගණ දාස ගණ, මිත්‍ර ගණ, මිත්‍ර ගණ වශයෙන් වේ. මේ අනුව මිත්‍ර ගණයෙන් පසුව දාස ගණ පැමිණි විට ප්‍රතිඵලය ජයවේ. දාස ගණයෙන් පසුව දාස ගණ පැමිණීම අධික ගුණ හා ලාභ වේ. දාස ගණයෙන් පසුව මිත්‍ර ගණය දෛවය හා උත්සාහය වේ. මිත්‍ර ගණයෙන් පසුව මිත්‍ර ගණය ධන ලාභ වේ. මේ අනුව මන්ත්‍රයක්‌ මෙන් මෙම ගථාව කීමෙන් සෙතක්‌ අත්වේ.

නව අරහාදී බුදුගුණ

* අරහං - ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූද, ලෝකෝත්තර වූද, උසස්‌ පල පතා සැදැහැතියන් විසින් කරන සියලු පූජාවන් පිළිගැනීමට සුදුසුවන සේක.

* සම්මා සම්බුද්ධෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූද, ලෝකෝත්තර වූද, සකල ධර්ම සමූහයට අනෙකකුගෙන් නොඅසා තමන් වහන්සේ විසින්ම කිසිදු වැරදීමකින් තොරව ඇති සැටියෙන්ම වදාළ සේක.

* විජ්ජාචරණ සම්පන්නෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම්වූ ඥාන විශේෂයන්ගෙන් හා චරණ නම්වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන සේක.

* සුගතෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක. සුන්දර වූ නිවනට වැඩි සේක.

* ලෝකවිදු - ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයට ඇති සැටියෙන් දැන වදාළ සේක.

* අනුත්තරෝ පුරිසධම්ම සාරථී - ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල, ඥානබල, සෘධිබලාදියෙන් මත්ව ප්‍රචණ්‌ඩව සිටින පුද්ගලයන් පමණක්‌ නොව තිරිසන් සතුන් පවා දමනය කොට සුමගට පැමිණ වීමෙහි අන්සැමට වඩා සමත් වන සේක.

* සත්තා දේවමනුස්‌සානං - ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක්‌ නොව අපමණ දෙව්බඹුන්ටද ගුරු වූ සේක.

* බුද්ධෝ - ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය තමන් විසින් අවබෝධකොට ලෝකයාටද අවබෝධ කරවන්නට සමත්වූ සේක.

* භගවා - ඒ භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේශ, මෝහ යන කෙළෙස්‌ සහමුලින්ම දුරු කළ සේක.

නිතර නිතර බුදුගුණ සිහිකිරීම තුළින් මනා ආරක්‌ෂාවක්‌ ඔබවෙත ලැබෙන බව සත්‍යයකි. ගමනක්‌ යැමට පෙර, කුමන හෝ හොඳ වැඩක්‌ පටන් ගන්නා විට සිහිපත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල අතිමහත්ය. සොර සතුරු, දිය, ගිනි, සුළං, යක්‌ෂ, ප්‍රේත, භූත, පිසාච, ග්‍රහදෝස ආදී සියලු බලවේගවලින් මිදී ආරක්‌ෂාව සලසාගත හැකි අතර බියක්‌ තැතිගැනීමක්‌ ඇති වන ඕනෑම අවස්‌ථාවක බුදුගුණ ගායනා කිරීමෙන්, සිහිකිරීමෙන් ආරක්‌ෂාව ලැබේ. බිය දුරුවේ. අනතුරු වැළකී යන ගමන් සාර්ථක වේ. කෙබඳු තැනකදී වුවද සිහිකිරීමෙන් ජය ලැබිය හැකිය.

නව අරහාදී බුදුගුණ, පිළිබඳව දේශනා කළේ බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ ළඟ තිබූ අසීමත ගුණ සමුදාය සඟවගෙන ලෝකයට අවශ්‍ය කරන ගුණ නමයක්‌ අපට කියා දුන්නේ අපේ ජීවිත නිවැරදිකර ගනිමින් ඒවා අපේ ජීවිත තුළට ඇතුළත් කරගැනීමටය.

එවන් වූ අසිරිමත් බුදුගුණ නවය කැටිකොට පැරණි සෘෂිවරුන් විසින් පුද්ගලයන්ගේ ආරක්‌ෂාව සඳහා නවගුණ යන්ත්‍රය නමින් යන්ත්‍රයක්‌ ප්‍රස්‌ථාරගත කළ අතර එදා සිට අද දක්‌වා එයින් පිහිට ලැබූවෝ අපමණය.

පුද්ගලයන්ට පැමිණෙන්නාවූ සියලුම මාරක අපලවලටද ගුරු 8 භාවයේ ගමන් ගන්නා වර්ෂයක පමණ කාලයේදී ජන්මියකුට ඇතිවන හදිසි අනතුරු නීතිමය ගැටලු කල්ගතවන රෝගාබාධ සඳහාද සියලුම අමනුෂ්‍ය දෝෂ සඳහාද මෙම යන්ත්‍රයෙන් ගුණ ලැබිය හැකිය.

ඉතා පහසුවෙන් සාදා ගත හැකි මෙම යන්ත්‍රය නිවසේ ඊසාන දිසාව බලා මල් බුලත් තටුවක්‌ සාදා හරි හතරැස්‌ තඹ පතක නිවැරදිව ප්‍රස්‌ථාරගතකර සතරවරම් දෙවියන් ඇතුළු දේවතා මණ්‌ඩලයට ආරාධනා කොට කරණීයමෙත්ත සූත්‍රය තෙවරක්‌ සඡ්Cධායනා කොට ඉතිපිසෝ ගාථාවෙන් 336 වරක්‌ පිරිත් කර පැළඳීම ඉතා යහපත් වන අතර අටවිසි පිරිතෙන් 21 වරක්‌ පිරිත්කර ගැනීම තුළින් විශ්මිත බලයක්‌ ලැබිය හැකිය.

නිවාස ආරක්‌ෂාව සඳහාද මෙම යන්ත්‍රය භාවිතා කළ හැකි අතර දැහැමිව කල්ගෙවන අයකු ලවා යන්ත්‍රය සකස්‌ කර ගැනීම යහපත්ය. කිළි කුණු දෝෂවල බලපෑමක්‌ මෙම යන්ත්‍රයට නොමැත.


නවගුණ යන්ත්‍රය

ති
ති
වා
පි
සො
F:d
මබු
දෙOd
Ò
වි
පු
නෙනා
රො
සු
දෙ
මප
දු
තත
ජජා
දෙOd
මමා
රි
ලො
වි
සා
තො
නු
බු
මම
වා
හං
නු
සසා
නං


මෙම යන්ත්‍රය මෙහි පෙනෙන ආකාරයට රන්  තහඩුවක  හෝ රිදී තහඩුවක හෝ පුස්කොල යක  ලියා ඉතිපිසෝ ගාථාවෙන් 108 වරක් ජප කර ළදරුවන්ට සෑදෙන සියලු ග්‍රහ දෝෂ ,යක්ෂ ,ප්‍රේත ආදී දෝෂ වලටද,ස්ත්‍රී  පුරුෂ සියලු දෙනාගේ ආරක්ෂාවටද බදිනු .අටවිසි පිරිතෙන්ද ජප කිරීම මැනවි.