Tuesday, October 9, 2012

සිරිපා මගේ මහගිරිදඹේ දම්වැල් දැමුවෝ කවරහුද?


සිරිපා මගේ මහගිරිදඹේ දම්වැල් දැමුවෝ කවරහුද?





සිරිපා ගමන් මාර්ගයේ ඇහැල කණුව සිට මළුව දක්‌වා එකම නැග්මකි එයිනුත් මහගිරිදඹය නම් පෙදෙස සීග්‍ර නැග්මකින් යුක්‌තය. අද "නැගීම සඳහා පහසුකම් සලසා තිබුණද, එදා කෙලෙස "මළුවට" නැග ගත්තේද යනු හාස්‌කමකි ප්‍රශ්නයකි.

සිරිපා වන්දනය කළ අපේ හෙළ රජදරුවන් අතුරින් ඉතා ඉහළ තලයක වැඩඹෙන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජුය. සිරිපා නැග ශ්‍රීපාදය වන්දනා කළ රජදරුවන් 150 ක්‌ පමණ දෙනා අතරින් මුල් තැනට එන්නේ මෙම නිශ්ශංක මල්ල රජුය. ජෝන් ස්‌ටිල්ගේ වන ප්‍රවාහනය (Jungle Tide) නමැති ග්‍රන්ථයෙහි දැක්‌වෙන අන්දමට 12 වැනි සියවසෙහි පමණ මෙම රජු සිරිපා වන්දනය කර ඇත.

නමුත් ප්‍රශ්නය වන්නේ මෙම රජු ප්‍රධාන වශයෙන් සිරිපා මළුවට නැග ගත්තේ කෙසේද යන්නයි. එමර්සන් ටෙනන්ට්‌ (1860) සිලෝන් නමැති ග්‍රන්ථයෙහි සඳහන් කරන්නේ අඩි 40 ක්‌ පමණ උසක්‌ තරණය කිරීම සඳහා යකඩ ඉනිමගක්‌" සවිකොට තිබු බවයි. මේ මහගිරිදඹේ අවසාන නැග්මයි ඊට පසු පා තබන්නේ මළුවටයි. මේ අවසාන ශිඛර කොටස තරණය කිරීමට කෘත්‍රිම වශයෙන් කිසියම් උදව්වක්‌ අවශ්‍යමය. එනිසාමදෝ එච්. ඩබ්. කේව් "මනරම් ලංකාව" (Picturesque Ceylon) නමැති සිය ග්‍රන්ථයෙහි දක්‌වන්නේද යකඩ ඉනිමගක්‌ ගලට සවිකොට "එල්ලා" තිබූ බවයි.

වන්දනාකරුවෙක්‌ මෙම යකඩ දම්වැල් සහිත ඉණිමගෙහි නැගීමේදී වටපිට බැලුවොත් ක්‌ලාන්තය සෑදී අත්පා වෙව්ලා ප්‍රපාතයට ඇද වැටීමට බොහෝ දුරට ඉඩකඩ පැවැති බැව් කියති. වන්දනාකරුවෝ මෙම දම්වැල්, පුරුකෙන් පුරුක අල්ලා ගන්නාවිට කුමක්‌දෝ වාක්‍යයක්‌ ගාථාවක්‌ කියනු අසන්නට ලැබී ඇත. එසේ කරන්නේ භයටය. මෙම දම්වැල්වලට "මිනිස්‌ වර්ගයාගේ" දම්වැල් යෑයි හඳුන්වා තිබේ. (Chain ot the Creed)

ඉබන් බටූටා සිය සිරිපා වාර්තාවල සටහන් කරන්නේද මෙම "දම්වැල්" අල්ලා ඉහළට නැගීම මාරාන්තික අවස්‌ථාවක්‌ බවයි. එය ඒ තරමටම බයානයකය.

ආර්. පර්සිවල් (1805) සිය Account of the Island of Ceylon හි සඳහන් කරන්නේ මෙම යකඩ දම්වැල් "ආදම්" විසින් සවි කරන්නට ඇති බවයි.

මාර්කෝ පෝලෝ නමැති මහා සංචාරකයා ක්‍රි. ව. 1292 දී සිරිපා නැග සඳහන් කරන්නේ කවුරුන් විසින් මෙම යකඩ දම්වැල් සවි කරන්නට ඇද්ද යනුයි. ඊට අවුරුදු 50 කට පමණ පසුවයි ඉබන් බටූටා මේ දම්වැල් ගැන කියන්නේ.

සිරිපා ශිඛරය ළඟම යොදා ඇති අවසාන දම්වැල ආදාම් විසින් යොදන ලද්දක්‌ බව එච්. ඩබ්. කේව් කියයි පර්සියානු කවියෙකු වන අස්‌රීෆ් පවසන්නේ.

එච්. ඩබ්. කේව්ගේ ලස්‌සන ලංකාව ක්‍රි. පූ. 300 දී පමණ ලංකාවට පැමිණ සිරිපා මළුවට නැගීම සඳහා මහා ඇලෙක්‌සැන්ඩර් රජු විසින් මෙම යකඩ දම්වැල් යොදන්නට ඇති බවයි.

ආර්. එච්. බැසටි Romantic Ceylon 1929 සිය ග්‍රන්ථයෙහි දක්‌වන්නේ ක්‍රි. ව. 1347 දී පමණ සිරිපා "නැග්ග" ඉබන් බටූටා සිරිපා ශිඛරයට පහළින් ඇලෙක්‌සැන්ඩර් මහා අධිරාජයාගේ නමින් උස කොතක්‌ වැනි නිර්මාණයක්‌ ඉදිකොට තිබු බවයි. එම ස්‌ථානයේ විශාල යකඩ දම්වැල් යකඩ ඇණ යොදා කළුගල් පර්වතයට තදින් කාවද්දා තිබූ බවත් ඉබන් බටූටා සඳහන්කර ඇතැයි බැසට්‌ පවසයි.

ක්‍රි. ව. 1896 දී පමණ සිරිපා වන්දනයට ගිය විවියන් මජෙන්ඩයි නමැති සාමිවරයා (එංගලන්තය) හැටන් මාර්ගයේද මේ හා සමානම යකඩ දම්වැල් යොදා තිබූ බව වාර්තාකර තිබේ. බැසට්‌ තවදුරටත් ප්‍රකාශ කරන්නේ ඉන්දියාව, චීනය, ජපානය, බුරුමය, ස්‌පාඤaඤය, සියමය (වර්තමාන තායිලන්තය) අප්‍රිකාව, යනාදී රටවලින් ආගමික පූජකවරුන්, සාමාන්‍ය පුරවැසියන් රජ කුමාරවරුන් වැනි අය පැමිණ සිරිපා "නැග්ග" බව ඉබන් බටූටා වාර්තාකර ඇති බවයි. මෙයින් අදහස්‌ වන්නේ කිසිම ආගමික භේදයකින් තොරව යටකී ජනතාව සිරිපා වන්දනා කරන්නට ඇති බවය. ඇතැම්හු එහි අප ගෞතම බුදුරජාණන්වහන්සේ සිරිපා පා සලකුණ නොව ආදම්ගේ පාද ලාඤඡනය පිහිටුවා තිබෙන්නට ඇතැයි සලකා වන්දනාකර තිබෙන බව පෙනේ.

හින්දු භක්‌තිකයන් "ශිවනඩිපාදම්" යනුවෙන් සඳහන්කර ඇත්තේ අපගේ සම්බුදුරජුන්ගේ සිරිපා සලකුණ, "ශිව" දෙවියන් කදු මුදුනෙහි දැඩි භාවනාවක යෙදී සිටීම නිසා හටගත් එකක්‌ බවයි.

බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකික නරපතියන් සිරිපා වන්දනය කිරීමට පෙර ක්‍රි. පු. 330 දී පමණ මහා ඇලෙක්‌සැන්ඩර් ආධිරාජයා සිරිපා වන්දනයට යාම පහසු කිරීම පිණිස එතුමාගේ රාජ සේවකයින් විසින් මෙම "යකඩ දම්වැල්" සවිකරන්නට ඇති බවයි.

පැරණි ලක්‌දිව ද දියුණු යකඩ වානේ තාක්‍ෂණයක්‌ තිබු බවට යකඩ උණු කිරීම සඳහා යොදා ගන්නා ලද පැරණි උදුන් හම්බන්තොට, කිංචිගුණේ (අළුත්නුවර) වැනි ප්‍රදේශවලින් පොලොව යට තිබී පුරා විද්‍යාඥයින් විසින් ගොඩට ගෙන පරික්‍ෂාකර බැලීමෙන් පෙනී ගොස්‌ තිබේ. මේ නිසා අපගේ යකඩවලින් මහා ඇලෙක්‌සැන්ඩර් රජුගේ සේවකයින් විසින් යකඩ දම්වැල් තනා සවිකරන්නට ඇතැයි සිතිය හැක.

එම යකඩදම්වැල් වසර දහස්‌ ගණනක්‌ පැරණි හෙයින්ද, සවිමත්භාවය පිළිබඳව සැකමතුවී ඇති හෙයින්ද, ඒවා වෙනුවට සිරිපා මගේ මහගිරිදඹේ පෙදෙසේ මළුවට පහළින් කොන්ක්‍රිට්‌ගල්පඩි සවිකර තිබේ. පැරණි දම්වැල්ද නෂ්ඨාවශේෂ වශයෙන් දක්‌නට ලැබේ.

ස්‌ටැන්ලි සේනාධීර
උපුටා ගැනීම : දිවයින 

0 comments:

Post a Comment