Thursday, August 23, 2012

කෙම් ක්‍රම




මීට වසර දහස් ගණනකට පෙර ශ්‍රී ලංකාව තුළ ගොවිතැන ආරම්භ විය එහිදී අපේ පැරන්නන් විවිධ ‍ගොවිතැන් ක්‍රම භාවිතා කළ අතර කාලයත් සමගින් ඔවුනට නොයෙක් දුෂ්කරතා වලට මුහුණපාන්නට සිදුවිය. සිටුවන ලද බෝග සදහා විවිධ ‍ ‍‍ලෙඩරෝග වැළදීමත් කෘමීන් වැනි සතුන් වගාවන්‍ට හානි කිරීමත් ‍මේ‍අතර ප්‍රධාන විය එබැවින් ඔවුන් ඒවා මර්දනය කර ගැනීම උ‍දෙසා සුලුවෙන් කළ හැකි යම්යම් උපක්‍රම භාවිතා කලහ. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට උරුමකම් කියමින් වර්තමානය දක්වාද පැවත එයි මෙයින් සමහරක් ‍කෙම් ක්‍රම ‍ලෙස හදුන්වනු ලබයි. මෙම ‍කෙම්ක්‍රම බොහෝමයක් ඔවුන් යොදාගනු ගනුලැබුවේ වී ගාවිතැන සදහාය. මෙම කෙම්ක්‍රම ඇතැම්විට ප්‍රදේශයෙන් ප්‍රදේශයට‍ වෙනස්වේ


අතුසාත්තුව

කොළ සුදුවී කෙටිවී ගොයම් විනාශ වී යාම ගොවින් විසින් හදුන්වනු ලැබුවේ කොක්කනාව නමිනි. එය වලක්වා ගැනීම සදහා ගොවියන් කැප්පෙට්ටියා අතු හා මඩු අතු කුඹුරේ ගොයම් අතර තැන තැන එලලයි.තවද පැල මැක්කන් මර්දනය සදහාද කැප්ෙපට්ටියා අතු ගොයමේ තැනින් තැන එල්ලයි.මෙම ක්‍රමය අතුසාත්තුව ලෙස හදුන්වයි.

අළු සාත්තුව

මෙහිද කුඹුරේ වතුර කඩා ලියදි වියලීමෙන් අනතුරැව පසුදා උදෑසන පින්න සහිත විටදී ගොයමට අලු ඉසිනු ලබයි. ‍ මෙම ක්‍රමයද බොහෝ විට භාවිතා කරනුයේ කොක්කනාව නම් රෝගය වලක්වා ගැනීමටයි.ඇතැම් විට කෘමි හානි අවම කරගැනීමටද යොදා ගනී .

මැස්සන් අගා දැමීමේ උපක්‍රම

මෙමගින් පාලනය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ගොයම් මැස්සාගේ හානියයි. ඒ සදහා පැරණි ගොවිමහතුන් විවිධ උපක්‍රම භාවිතා කරන ලදී


බටලී ගෑම

පැලලි ගෑම

දණ්ඩ ඇදීම


වැලිමතුරා ඉසීම

කුඹුරේ බීජ ඉසීමෙන් පසු වැලි මතුරා කුඹුරට ඉසීම අතීතයේ සිටම ගොවීන් අතර පැවත එන සිරිතක. මෙය වැඩි වශෙයන්යොදා ගනු ලබන්නේ ගොයෙමහි වෙසෙන පණුවන් මර්ධනය කිරීම සදහාය බීජ පැලවන කාලය වන විට වැලි මතුරා ඉසීමේදි ඒම වැලි කැට වැදීම මගින් පණුවන් සීටීනම් ඔවුනට හානි සිදුවේ ඔවුන් මිය යති නැතෙහාත් වැලි වැදීම නිසා පත්‍රවල සිදුවන ගැස්සී‍මෙන් එම සතුන් ජලයට වැටී මිය යති තවද මන්ත්‍රවල බලය නිසාද සතුන් ගොයමට ඒම වැලෙකනු ඇතැයි පැරන්නන්ගේ මතයයි

විශදුම් පෑම

මෙහිදී ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ ‍ගොයම් මැස්සා පලවා හැරීමයි. ඉත්තෑකූරු, කබල්ලෑකටු, අලිබෙටි හා කප්පරවල්ලිය යන සතර වර්ගය වංගෙඩියක දමාකොටා අව්වේ තබා වේලා ඒවා කැන්දද හෝ පින්න කොළවල ඔතා පොට්ටනි බැද මෙහි තබා ඉන් නැගෙන දුම් ගොයමට වැදීමට සැලැස්වීමෙන් ගොයම් මැස්සන් පලවැ හැරිය හැකිය .තවද ඇතැම් ප්‍රදේශ වල ගොවීහු මතුරන ලද දුම්මල පුලුස්සා ගෙයමට දුම්ඇල්ලීම සිදු කල බවත් තවත් සමහරු කජුලෙලි වී ඇට පුලුස්සා දුම් අල්ලන බවත් අප අසා ඇත්තෙමු.

0 comments:

Post a Comment