Thursday, August 23, 2012

බාලගිරි දෝෂය-අද නොවේ හෙට



ඈත අතීතයේ සිට නවීන සමාජයේ දක්වා පැවත ආ සමහර අභිචාර විදි අදත් සමාජයේ මුල්බැසගෙන තිබේ....මෙම සමහර අභිචාර විදී නවීන ලෝකයේ සීඝ්‍ර වර්ධනයත් අභියෝග කරමින් තාමාට අතීතයේ තිබුන තත්වය අදටත් තම වෙත නතු කරගෙන තිබේ.... ඈත පිටිසර පැල්පතේ මෙන්ම, නගරයේද මන්දිරේද එක ලෙස එදා සිට මේ දක්වා එක ලෙස තම අනසක පැතිර වු අභිචාර ක්‍රමයක් ලෙස පැණයක් නැගුවොත් ඒකාන්තෙන්ම ලැබෙන පිලිතුර නම් "බාලගිරි දෝෂය" කීවොත් ඔබ මට එකග වෙනවා යයි මම සිතමි.... 

" අද නොවේ හෙට" යනුවෙන් අලුත උපන් දරුවන් සිටින නිවස් වල සුලභව මෙන්ම අනිවාරයෙන්ම දක්නට ලැබෙන දෙයකි.... අලුත උපන් බිලින්දන් මෙම දෝෂයට විශේෂයෙන් ලක්වන බවට ජන සමාජයේ මතයක් පවතී... සෑම යක්ෂ කතාවකට මෙන්ම මේ බාලගිරි යක්ෂ කතාවටද උප්පත්ති කාතාවක් තිබේ....

පුරාණ දඹදිව දන්ත පුරයේ සිංහ හා හංසවතී නමින් රජයුවලක් විය. මෙම රජයුවලට දූ සහ පුත් කුමරයකු විය. මෙම රජ දරුවන් පිලිබදව අනාවැකි කරුවන් පැවසූ අනාවැකි එතරම් සුභදායක නොවුනි....මෙම දූ කුමරිය අතිශයෙන් රූමත්ය. ඇගේ රූමත් කම නිසාම ඇයව ඇගේ සොයුරුවන දළ කුමරු  සහවාසයට ගන්නා බවය... මෙයින් මහත් සේ කම්පාවට පත් රජයුවල සිය දූ කුමරිය එක් ගිරිලෙනක සැගවූ අතර ඇගේ ආරක්ෂාවට දැඩි මුරකාවල්ද යෙදූහ... දළ කුමරු නියමිත කාලය එලබවූ පසු සුදුසු කුමරියකට විවාහ කර දීමට සිය දෙමාපියන්ට අවශ්ය විය...කුමරියක තොරාගැනීම පහසුව පිණිස කුමරියන් පන්සීයක් රජ මැදුරට ගෙන්වූහ... මේ අවස්ථාව දැක බලාගැනීමට මෙතෙක් කල් ගිරිලෙනෙහි විසූ කුමරියද ගෙන්වන ලදි... එහෙත් පන්සියයක් පමණ කුමරියන් අබිබවා කුමාරයාගේ සිත සිය සොහොයුරිය කෙරෙහි අදී ගියේ දෛවය කාටවත් වෙනස් කල නොහැකි බcව රහසේ පෙන්නමින්ය.... මෙය අසාමාන්‍ය ඇල්ම නිසා යාතාර්තය සගවා මේ දෙදෙනා විවාහ කර දීමට දෙමාපියන්ට සිදුවිනි.. කාලය කෙමින් ගතවිණි..කුමරිය ගැබ්බර වූ පසු කුමරියට මේ රහස අනාවරණය විය..මෙයින් මහත් කම්මනයට පත් කුමරිය අසල ගසක ගෙල වැළ සියදිවි හානි කර ගත්හ... මෙම සිද්දීදාමයෙන් කම්පනයට පත් දළ කුමරු වනගත විය...කාලයක් වනයේ සැරිසරා මිය ගිය කුමරු "ගරා යකු" ලෙසින් සමජ කරලියට අවේය...දැන් ඔහු අවතර දොළසකින් පෙනී සිටමින් සමාජයට වින කරන්නෙකි....

01. කීල ගරා  | 02. සෝලන් ගරා | 03. මෝලන් ගරා | 04. අදුන් ගරා | 05. සදුන් ගරා | 06. පට්ටි ගරා | 07. ඔකද ගරා | 08. ජල ගරා | 09. පුෂ්ප ගරා | 10. සොහොන් ගරා | 11. වට ගරා | 12. කොට ගරා

එමෙන්ම කුමරියද මියගියේ ද්වේෂය මුල්කර ගනිමිනි, එමනිසා ඇය නපුරු, දුෂ්ට යක්ෂණියක්ව උපත ලදබව පැරණි පොත්පතෙහි දැක්වේ. ගිරි ලෙනෙහි විසූබැවින් එහි වැසියෝ ඇයව ගිරිදේවිය නමින් හදුන්වමින් ඇයට වැදුම් පිදුම් සිදු කලහ... ජනතාවට වින කිරීම සදහා ගිරි දේවියද අවතාර 9ක් මවා පාන බව පවසයි...

01. මදනගිරි | 02. හපුමල්ගිරි | 03. මෝලංගිරි | 04.භූතගිරි | 05.නීලගිරි | 06. අදුන්ගිරි | 07.සේලගිරි | 08.සොහොන්ගිරි | 09.බාලගිරි   , මෙම අවතාර වේ.....

කුඩා දරුවකුට කිසියම් කායික හෝ මානසික අපහසුතාවයක් මත නිතර නිතර අපහසුවෙන් හඩනවානම් ඊට "බාලගිරි දෝෂය" යන සංකේතාර්තය ලබාදීමට ගැමි මෙන්ම නාගරික සමාජයේද බොහෝ දෙනා පුරුදු වී සිටිති.. ගිරි දේවියගේ බාලගිරි අවතාරය දැන්වීමකින් නැවැත්වීමට පුලුවන් යැයි සිතීම අනුකම්පාව උපදවන කතවකි.... මේ අනුව නිගමනය වෙන්නේ බාලගිරි යනු සිංහල දන්නා මොඩ යකෙකු බවයි.. කෙසේ වෙතත් නවීන ලෝකයේද මේ මතය තදින්ම සමාජ ගත වී තිබේ...

ඈත අතීතයේ දැන්වීමට අමතරව තව සරල ගුප්ත ක්‍රම මේ දෝෂයෙන් මිදීමට යොදා ගෙන තිබේ.. පහත මන්ත්‍රය 108 වරක් ගැට නවයකට මතුරා නුලක් කරේ දැමීමෙන් බාලගිරිදෝෂය දුරු කර ගත හැක..

ඕං නීලගිරි යක්ෂණී හුං හුං පට් පට් ප්‍රේල්ස්වහ්ඃ
ඕං නමෝ වාත අසුර දේවතාවා ඊශ්වර අණින් එහි එහි එස්වාහඃ

අබ මිටක් ගෙන පහත මන්ත්‍රයෙන් 108 වර මතුරා දරුවා සිටින කාමරයට ඉසින්න.

ඕං හරිං හරිං හං හං එට් එට් ඒ කා හා

අප රටේ මින්සුන් නාග යක්ෂ වන්දනාව මහින්දාගමනයට පෙර සිදුකල බව පැවසුවත් බාලගිරි නමින් යක්ෂයෙක් සිටින බවත් මෙයින් උපක්‍රමයෙන් මිදිය යුතු බවත් අදටත් මිනිසුන් පිලිගැනීමට පුරුදුව සිටිති....

0 comments:

Post a Comment