Thursday, August 23, 2012

බලසම්පන්න රන් කගවේනා දැහැන...

මතක හැටියට ලිව්වේ.....වැරදි ඇත්නම් සමාවෙන්න.....
ඕං නමෝ රංගිරි දේශයේ රංගිරි පර්වතේ වැඩ වාසස්තානය කරන රංගිරි බිසවුන් වහන්සේගේ බඩෙන් උපන් රන් කගවේනුන් වහන්සේ හෙණ ගල් පොළවට වැඩලා හෙණගල් රුසියා මූර්තූ කරගෙන දහසක් බුදුන් ගෙන් වරන් ගෙන සදිව්‍ය ලෝකය සලිත කරගෙන ගන්ද මූල පර්වතයට වැඩලා ගන්ධ මූල පර්වතය පුපුරුවාගෙන දේව රජ්ජුරු දෙවියන්ගේ රන් දොර හතේ ඇණ යතුරු පුපුරුවාගෙන, විශ්ව කම්ම දිව්‍ය පුත්‍රයාගේ එරන් යගදාව සත්පොලකට පුපුරුවාගෙන, වීනාකාර පර්වතයට වැඩලා සිද්ධකූට පර්වතයට වැඩලා සිද්ධකූට පර්වතය පුපුරුවාගෙන, දෙලක්ෂ අටසැට දහසක් යොදුන් උසැති ගනකඩ මහාබොල් පොළොව පළාගෙන, නාලොවට වැඩලා නාලොව නා රජ්ජුරුවන්ගේ රුවන් පෙණ ගොබේ සත් පොල්ලකට කඩාගෙන ගිය රන් කගවේනුන් වහන්සේගේ ආඥාවෙන් ආනුභාවයෙන්...

 ඕං හීං බුද්ද ලෝකේ ස්වාහඃ ......
ඕං හීං ජල පොලව ඉඩහැරී පලයන් තොස්වාහඃ ......
ඕං හීං මන්ත්‍ර ඉඩ හැරී පලයන් තොස්වාහඃ ......
ඕං හීං බෙහෙත් ඉඩ හැරී පලයන් තොස්වාහඃ ......
ඕං හීං වෙඩි ඉඩ හැරී පලයන් තොස්වාහඃ ......
ඕං හීං යක්ශ  ඉඩ හැරී පලයන් තොස්වාහඃ ......
ඕං හීං ක්‍රේම් සූනියන්  ඉඩ හැරී පලයන් තොස්වාහඃ ......

(හිමිකම දුමිත් සොයුරා සතුය...)

1 comments: