Thursday, August 23, 2012

මන්ත්‍ර සහ සමාජය




අද ඉරිදා නිසා ගෙදරට වෙලා ඉන්න වස කම්මැලී....ඉරිදා පත්තරේ තිබුන නිසා එකවත් කියවනවා කියලා අරන් බැලුවා...දැන්වීම් වලින් 60% වඩා තියෙන්නේ වරු 3 ප්‍රතිඵල හා වශියන් ගැන තමයි...මෙවා දැක්කම තමයි හිතෙන්නේ ලංකාවේ කොච්චර වැඩකාරයින් ඉන්නවද කියලා... මේ දිහා බැලූ බැල්මට අවබෝධ වන එල දෙයක් තමයි ඉස්සරට වඩා, වෙනදාට වඩා මිනිසුන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට වැඩි නැඹුරුවක් පෙනීමට තියෙන බවයි.... මෙහෙම වෙන්නේ ඇයි...??? එහෙම වෙන්න හේතු මොනවද...???  මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න තරම් මං පරිනත නැහැ...ඕවට උත්තර දෙන්න ගිහින් අහන දේවල් වලට උත්තර දෙන්න බැරි උනොත් වස ලැජ්ජාවක් තමයි වෙන්නේ... එත් ඉතින් අපේ Group එකේ මේ ගැන් ටිකක් ලියන්න ඕන කියලා හිතෙනවා..එකයි මෙහෙම ලියන්න හිතුවේ...

මහින්දා ගමනයට පෙර ඈත කාලයේ සිට ලාංකීකයන් යක්ෂ / නාග වන්දනාව සිදුකල බව අපි කවුරුත් පිලිගන්න දෙයක්... එදා අත්භූත බලයක් ඇතැයි සැලකූ ස්භාවික වස්තූන්ට (හිරු, සදු, වැස්ස, ගින්න, විදුලිය ) වැනි දෑට වැදීම් කිරීමට පුරුදුව සිටියහ... ස්භාවිකව තමාට, ස්භාව ධර්මයන්ගෙන්ම ලැබෙන කරදර වලින් මිදීමට ඒ වස්තූන්ට වන්දනා මාන කොට ඒවායෙන් ආරක්ෂාව පැතූහ.. එම වස්තූ වලට වැදීම් පිදූම් කිරීමෙන් ඒවයෙන් කරදර අඩුවන බවට ඔවුන් මතයක එල්බ සිටීයා වීමට පුලුවනි...

බහුං වෙ සරණං යන්ති
පබ්බතානී වනානිච
ආරාම රුක්ඛචෙත‍යානි
මනුස්සා භයතජ්ජති....

ධම්ම පදයේ බුද්ද වග්ගයට අයත් මෙම ගාථාවෙන් පවසන පරිදි බියෙන් තැතිගත් මිනිස්සු පර්වත, කැලෑ, ආරාම, ගස්,චෛතය යන  බොහෝ දේ සරණ යන බවය... මෙය සාමන්‍ය මනුස්ස ස්භාවයයි.. මෙම ස්භාවයෙන් ගැලවීමට ඔබටවත් මට වත් ලේසියෙන් කීරීමට පුළුවන් දෙයක් නෙමියි.. මේ අනුව පෙනී යන්නේ ගුප්ත වස්තූන් පිලිබදව විශ්වාසය සෑම මිනිසුන් තුලම පොදු දෙයකි...එය එදාට මෙන්ම වර්තමානයටද, එමෙන්ම අනාගතයටද පොදු දර්මතාවකි....ඈත අතීත්යේ තිබුනු මෙම වන්දානා ක්‍රම දීර්ඝකාලයක් පැවතීම නිසා, සමජයේ දියුනුවත් සමගම මෙම වන්දනා ක්‍රම, මුලදී ලදරු මට්ටමේ තිබුනද පසුව සංවිධානාත්මක ස්වරූපයක් ගත්හ...මේ කාලයේ ඇතම් පුද්ගලයින් සමජයෙන් ඈත්ව හුදකලාව තමා විසින් ගවේෂන වල නිරිත වූහ..මෙහි ප්‍රතිපල ලෙස මුලීක අගම් සංකල්පය බිහිඋනා විය හැක.. හුදකලාව අධ්‍යාත්මික ගවේශන වල නිරිත වූ පිරිස් ඉෂිවරු ලෙස හැදුන්විය...මොවුන්ගේ ගවේශන වල ප්‍රතිඵල ලෙස පෙර නොඇසු දේවල්ද, විශ්වයේ සැගවුන රහස්ද අනාවරණය කර ගත්හ... ඔවුන්ගේ මේ සොයා ගැනීම්, අවබෝධයන් තම ගෝලයින්ටද පුරුදු පුහුණු කලහ... අද අයුර්වේදය යනුවෙන් අප භාවිතා කරන ශාස්ත්‍රයද මෙම මුනිවරුන්ගෙන් අපට ලැබුනු දායාදයකි....මෙම ආයුර්වේදයේ අංග අටකින් යුත්ත අතර භූත විද්‍යාව මින් එක් කොටසකි...( මගේ මෙතන වැඩි අවදානය මන්ත්‍ර පිලිබදව යොමු කර ඇති නිසා ඉතුරු අංග 7 ගන පසුව කතා කරමු....)
වෛදික මන්ත්‍ර වල යොදා තිබෙන සමහර වචන හා සිදුවීම් බැලූ බැල්මට අර්ත ශූන්‍ය හිස් වචන බව පෙනී යයි. අධිමානසික ශක්තීන් ලබාගත් මුනිවරු මෙම මන්ත්‍ර සකස් කර ඇත්තේ පංච මහා භූත , ශබ්ද, හා තරංග ශක්තියන්ද එකට කැටකර එක්තරා යුක්ති ක්‍රමයකට ගැලපීමෙන් හා බන්ධනය කිරීමෙනි... මේ හේතුවෙන් මෙය අර්ත ශූන්‍ය වචන මෙන් පෙනුනද අපේක්ශිත කාර්ය ගුණය ලැබේ...

යම් ව්ද්‍යාවක මුලීක අංග, මූලික සංයෝගයන් දැනගත් පසු අලුත් දේ සිදුකීරීමට පුලුවනි..ඒ බිහිවෙන අලුත් දේ සමහර විට අලුත් විද්‍යාවක්ද වීමට පුලුවනි... මෙම නියමතාවය මන්ත්‍ර ශාස්ත්‍රයට පොදු වූවකි. මෙය මුනිවරුන්ගෙන් උගත් ගෝල පරම්පරාව මුලීක මන්ත්‍ර යොදා, මූලික සිද්දාන්ත යොදා නව මන්ත්‍ර බිහි කලහ.. මෙහි ප්‍රතිඵලයක් විදිහට මිනිසුන්ට යහපත මෙන්ම අයහපතද සිදුකල හැකි මන්ත්‍ර බිහිවිය.... මිනිසා උපන් මොහොතෙම තමා විශ්ව ශක්තියට යටත් වෙයි..පථවි, අපෝ, තේජෝ, වායු යන පංච භූතයන් ඔහු කෙරෙහි ආකර්ශනය වෙයි. ග්‍රහ බලවේගද එයට එකතු වේ. මෙම ආකර්ශනයන් එක එක පුද්ගලයාට එකිනෙකාට වෙනස් විදිහට බලපෑම් සිදු කරයි..මෙම සිද්දාන්තය පෙර විසූ ඉෂිවරුන් දැනසිටියහ.

මේ හිතුව නිසා එලඹිය හැකි සරල නිගමනය වන්නේ සෑම මන්ත්‍රයක්ම සෑම කෙනෙකුටම එක හා සමාන ලෙස ක්‍රියානොකරන බවය. කෙනෙකුට සුවදෙන මන්ත්‍රයක් තවත් කෙනෙකුට නිශ්ඵල විය හැක. උපතෙදී පුද්ගලයාට බලපාන අකාර්ශනයන්ද මන්ත්‍රයේ කැවී ඇති ගුනයන්ද එකට සමාන නම් මන්ත්‍රය මාර්ගයෙන් ඔහුට ගුන ලැබේ.... භූත ශක්තිය තුල පවතින්නේ වා, පිත්, සෙම් යන ත්‍රීදෝෂයන්ය...ගුප්ත විද්‍යාවට අනුව මේ ත්‍රිවිද දෝෂයන් මන්ත්‍ර ශක්තියෙන්ද බන්ධනය කරයි. තුන්දොස් බන්ධයනය වන්නේ එයයි. මන්ත්‍ර වලින් ගුණාගුණ දීමේදී මේ ත්‍රිදොස් සම්බන්ධය බලපායි.. මීට අමතරව තරංග ශක්තියද මෙයට බලපෑම් කරයි. ශබ්ද තරංග ඕනෑම කෙනෙකුට මුදාහැරීමේ ශක්තියක් පවතී.  පෙර කී දෝෂ අහිතකරව බන්ධනය කර පුද්ගලයකුට මුදාහැරියොත් එම තරංග ඔහුගේ හානිය පිණිස හේතු වේ.. කොඩිවින වන්නේත් වස් කවි වන්නේ මේ අහිතකර මුදාහැරීම්ය....මෙයට අමතරව මන්ත්‍ර බන්ධනයන්දී ඊට අතුලත් කල යුතු තවත් බොහෝ ශක්තීන් වේ. අක්ෂර, ගණ, යෝනි, යෝග, පක්ශි, නක්ෂත්‍ර, අව, මර, කාර, දග්ධ යන බොහෝ ශක්තීන් බන්ධනය කරයි....

යහපත් ශක්තීන් වැඩිවූ විට සුභ වන අතර අයහපත් ශාක්තීන් වැඩි වූ විට අසුභ ප්‍රතිඵල හෙවත් විණ බන්ධන වේ....පසු කාලීනව විශ්වයේ පවතින උප ශක්තීන්ද මූලික ශක්තීන් සමග සම්බන්ධ කර බන්ධන සිදුකීරීම සිදු කලහ....අද වර්තමානයේ බොහෝවිට භාවිතා වන්නේ මෙම ගනයේ මන්ත්‍රයි...

මෙය අකාරයෙන් අලුත් අංග එකතුවීමෙන්ද, පෙර තිබූ අංග ඉවත් වීමෙන්ද නව ගුරුකුල අතිවීමද මෙම මන්ත්‍ර ශාස්ත්‍රය වියාපත් වීමද සිදුවිනි... අද ස්මාජයේ බොහෝ සෙයින් යොදාගන්නේ මෙම මන්ත්‍රය. සමහර මන්ත්‍ර සමහර ගුරුකුලවලට අවේනික වූ අතර එහි වත්පිලිවෙලිත් වෙනස්ය…..

මිනිසාට හොද මෙන්ම වින කිරීමටද මේ වටිනා ශාස්ත්‍රය යොදා ගැනීමට අද මිනිසුන් බොහෝ විට පුරුදුව සිටී... වර්තමාන සමාජයේ 75% පමණ ප්‍රමාණ්යක් මෙයින් පිලිසරණ පතන බව නොරහසකි. එහෙත් මේ පිලිබදව මුලීක සිද්දාන්ත පවා නොදන්නා බොහෝ දෙනෙක් මෙවා මාර්ගයෙන් ගැටලු විසදා ගැනීමට ගොසින් අමාරුවේ වැටුනු අවස්තා අනන්තවත් ඇත....පත්තර වල දැන්වීම් දමාගෙන  දැවෙනා සියලුම ප්‍රශ්න වලට පිලිතුරු ඔවුන් ලග තියනවා යැයි පවසන බොහෝ අදුරන් නිසා මේ වටිනා කියන සාශ්ත්‍රය බාල්දු මට්ටමකට පත් වී තිබේ...

ඉන්ද්‍රිය ගෝචර නොවන සියලුම දේ මිත්‍යාවක් සේ සලකා අසත්‍ය ලෙස සලකා බැහැර කිරීම බුද්ධි ගෝචර නොවේ....මෙවා මිත්‍යාවන් ලෙස සමහරු බැහැර කරයි.. නමුත් නූතන විද්වතුන් විශ්ව ශක්තීන් තුල පවතින බවද ඒවා මිනිසුන්ට බලපෑම් කරන බවද තම පර්යේෂණ වලින් අනාවරණය කරගෙන තිබේ.....

0 comments:

Post a Comment