Saturday, August 25, 2012

ලෙඩ කිහිපයකට පාරම්පරික බෙහෙත් බිදක් ......


පණුවන් ගසා ඇති වණ වලට
අමුකහ, බුරුත, කොළ වනේ ලා කොටා ගුලිකර පණුවන් ගසා ඇති තුවාලයෙහි බදින්න‍.
දුම්කොළ පුළුස්සා අළු රැගෙන කොහොඹ‍ තෙල් මිශ්‍රකර ගාන්න.
තුඹ සහ හුණු අඹරා ඇල් ජලය දමා තුවාලයේ ගාන්න.
අබ ටිකක් දුම්කොළ සහ හුණු එකට කොටා පෙකනියේ තබා බදින්න.
කොහොඹ තෙල් ගාන්න.

ගෙඩි වලට
ගෙඩිය විවෘත වී නැතිනම්, පලා සැරව ඉවත්කර එයට රතුළූණු සමග පැපොල් කොළ එකට අඹරා ආලේප කරන්න.
කුප්පමේනියා කොළ, අළු කෙසෙල්, පරඩැල් සමග කොටා කොහොඹ තෙල් මිශ්‍ර කරගාන්න.

අක්ෂි රෝග
වියළි ඉගුරු සහ බුලත් සපා සත් දිනක් සුද ඇති ඇසට කෙළ විදින්න.
කැකුළු හාල් සහ ගම්මිරිස් කුඩු තුන්වරුවක් ඇසට පිඹින්න.
කෝමාරිකා තම්බා කහ කුඩු තුන්වරුවක් ඇසට බදින්න.‍
කුප්පමේනියා දළු, ඔලිද දළු, ඇල් දියෙන් අඹරා ඇහි බැමේ ගාන්න.
දෙළුම් දළු, රතුළූණු, කහකුඩු, ගම්මිරිස් සහ ලුණු එකට අඹරා වරකට බිංදු දෙක තුනක් සුද ඇති ඇසට වත් කරන්න.

කබ, කදුළු ගලනවාට
උදුපියලිය කොළ හා අමු කහ තළා ඇසට ඉස්ම වත්කරන්න.‍

ඇසේ බිබිලි වලට
මුරුංගා මල්, දැලි පොතු සහ බිත්තර කටු අඹරා ගාන්න.

ස්වසන මාර්ගය ආශ්‍රිත රෝග,
නාසයෙන් සොටු දියර ගලනවාට

පොල් කටු පිලිස්සූ අගුරු ඇති කබලකට වියළි රතු මිරිස් කුඩු, කහ කුඩු එකවර දමා එම දුම් මුඛයෙන් සහ නාසයෙන් ඉහළ පහළ ගැනීමට සලස්වන්න.

0 comments:

Post a Comment