Sunday, August 26, 2012

රාවනා මහ රජතුමා



රාවනා මහ රජතුමා ගැන හැම තැනම කතා වෙන නිසා මෙහෙම රාවනා නම් ශ්‍රේෂ්ඨ රජ දරුවා ගැන ලියන්නට හිතුනා.පුරාවෘර්ත වලට අනුව කාශ්‍යප බුදුන් ගේ කාලයේ විසුවන්ගේ චිත්ත ශක්තිය භෞතික ශක්තියට වඩා වැඩි යුගයක්. මෙකල ලංකා පුරයෙහි රජකම් කල පුලතිසි පරපුරේ රාවනා නම් නම ලද රජ කුමරා සියලු ශාත්‍රයන් පිලිබද උපරිමයෙන් හදාරා, දෙවි වරුන්ටත් භක්තියෙන් සුගතියෙන් කටයුතු කරන්නට විය.විවිධ වූ පූජා සත්කාර නිසා සතුටට පත් වෙන්නා වු දෙවි වරුන් ප්‍රති උපකාරයක් ලෙස තමන් අදහන්න වු අයට විවිධ වරප්‍රසාද ලබා දීමේ චාරිත්‍රයක් පැවතුනුනි.

මේ ආකාරයෙන් ලංකාපුරයේ පාලකයා බවට පත්වෙන රාවනා නම් යහපත් මනුස්සයා ගේ යහපත් ගතිය නිසා විවිධ අවස්තාවන් වලදි දෙවි වරුන් විසින් ලබා දුන් වරප්‍රසාද නිසා රාවනා රජට සැලකිය යුතු තරම් බලයක් හිමිව තිබුනි. මේ වෙනවිට සුර අසුර යුද්ධයෙ ජයග්‍රනය උදෙසා ආරක්ශාව බාරව කටයුතු කල ත්‍රිනේත්‍රයක් හොබවන්නා වූ ඊශ්වර දෙවියන්ගේ සුරතෙහි තිබුනු මහා බලසම්න්න කඩුව සොහොන් කාලි නම් දෙවඟනට ලබා දී තිබුනි. ලෝක පාලනයට, ආරක්ශාවට මේ වන විට වඩාත් සුදුසුම පුද්ගලයා රාවනා රජ බවට සිද්ධ ඊශ්වර දෙවියන් තීරනය කර කාලි දෙවඟනට ලබා දී තිබුනු කඩුව නැවත ලබා ගෙන රාවනා රජත ලබා දෙනු ලැබුවා.ඒ මහා මන්ත්‍රබලචාර්ය්‍ය,යන්ත්‍ර,මන්ත්‍ර,ගුරුකම් සම්බන්ද්දව උසස් ,උසස් මනසක් ,උසස් දැනුමක්, උසස් සත්පුරුෂ ගති තිබුනා වු බැවිනි. ඉන් අනතුරුව මහා බ්‍රහ්ම දෙවියන්ගේ දුන්න,හී ද මෙතුමානන්ට භාර කෙරුනා. ඒ ලෝකයට වෙන විවිධ උවදුරු වලින් ආරක්ශා කරන්නට. මෙලෙස ලැබුවා වූ ශක්තිය රාවනා රජට තුන් ලෝකය පලනය කරන්නට, යටත් කරන්නට තරම් හැකියාවක් ලැබුනා.

බලය වැඩි වෙන්න වෙන්න තිබුනා වූ උසස් මනස ක්‍රමයෙන් පිරිහෙන්නට විය. තම බලය අයුතු ලෙස භාවිතා කරන්නට විය. මෙනිසා දෙවි වරුන්ටත් විවිධ වූ තාඩන පීඩන වලට ලක්වෙන්නට විය. නමුත් දෙවියන් ලබා දුන් බලය නිසා රාවනා පැරදවීමට හැකියාවක් කිසිවෙකුටවත් නොවීය. රාවනා රජතුමාගේ උසස් ගති පිරිහෙන අතර අනිසි ලෙස බලය පාවිච්චි කර කරන්නා වූ තාඩන පීඩන නිසා මේ පැමිනිල්ල තුන්ලෝකයටම අධිපති වෙන ශ්‍රී විශ්ණු දෙවියන්ට ඉදිරිපත් විය. රාවනා රජ ගේ අනිසි ක්‍රියාව මර්දනය කරන්නට නම් ශ්‍රී විශ්ණු දෙවියන් නර අවතාරයකින් නරලොවට සැපත් වී මර්දනය කරන්නට සිදු වෙන බව අවබෝද විය.


රාම, රාවනා

රාවන යන්නෙහි අර්තය වෙන්නේ "උසස් බලයකින් යුතු වර්ෂ ගනනාවක් පාලන බලයයේ යෙදෙන නරයන්ට අධිපති" යන්නයි. මෙව්වන් පුද්ගලයෙක් මර්දනය කරන්නට "ර" කාරයෙන් ආරම්භ වෙන තවත් එක් අක්ශරයකින් අවසන් වෙන මීට වඩා බලවත් තේරුමක් සහිත පුද්ගලයෙක් අවශ්‍ය වේ. ඒ අනුව "රාම" - (උසස් දැනුමකින් ,සත්පුරුශ ලක්ශන වලින් යුත් මනස ක්‍රියා කරවා ඕනෙම දෙයක් කල හැකි) යන නාමය සහිතව උපත ලබනවා. මේ ආකාරයෙන් රාම කුමාරයාගේ උපත සදහා නැකැත් 16ක් බැලූ බව පුරාවෘර්ත වල සදහන් වේ .ඒ නම, උපදින ස්ථානය,උපදින පරපුර , උපදින මව, උපදින සහෝදරයෝ, උපදින රට යනාදි වශයෙනි.

යුද්ධය

රාම කුමාරයාව දකින රාවනා රජුගේ නැගනියට(සුපර්නිකා) ඇතිවෙන්නා වූ දොල දුකක් හේතු කරගෙන ,රාමව ලබාගැනීමට භාදකයක් වෙන්නා වූ රාම කුමාරයාගේ බිරිද වන සීතා දේවිය ව රවනා රජ තුමා ලවා පැහැරගෙන ලංකා පුරයට රැගෙන එනු ලැබිනි. මේ ආකාරයෙන් ඇරෙඹෙන මහා යුද්ධය රාම කුමාරයා ජයග්‍රනය කරනවා. ඒ විභීෂන නම් රාවන ගේ සහෝදරයෙකුගේ උදව්වෙන්.

විභීෂන රාම ට උදව් කලේ ඇයි? 

එක්තරා අවස්තාවක දි විභීෂන බ්‍රහ්ම දෙවියන්ගෙන් වරමක් ලද අවස්තාවකදි විභීශන බ්‍රහ්ම දෙවියන්ගෙන් ඉල්ලන්නේ "ශ්‍රී විෂ්ණු දෙවියන්ට අසීමත භක්තියක්" තමන්ට ලබා දෙන ලෙසයි. එවිට බ්‍රහ්ම දෙවියන් පවසන්නේ මතු දවසක රාම නම් ලද කෙනෙක් ලංකා පුරයට පැමිනෙන බවත් එදිනට එතුමානන්ට උදව් කරමින්, එතුමානන්ගේ අවශ්‍යතාවන් සපුරා දෙන්න යනුවෙනි.අන්සතු බිරිදක් පැහැර ගැනීම රාවන වැනි රජ කෙනෙකුට නොගැලෙපෙන දෙයක් බව නීතිපති විභීෂන ගේ උපදේශය විය. එමෙන්ම රාව දිගු කරන සාමයේ හස්තය පිලිගත යුතු බවත්  නීතිපති විභීෂන ගේ උපදේශය විය. නමුත් බලයෙන් උද්ධාමයට පත්ව සිටි රාවන රජ මේ කිසිවක් පිලිගත්තේ නැ. තම මවගේ උපදෙස් මත වංශය රක්ෂා කිරීම උදෙසා විභීෂන රාම කුමාරයට උදව් කීරීමට තීරනය කලේය.

රාවන රජ මිය ගියාද?

රාවනා රජු එක්තර අවස්තාවකදි බ්‍රහ්ම දෙවියන් වෙනුවෙන් කලා වූ පූජාවකින් සතුටට පත් බ්‍රහ්ම දෙවියන් ලබා දුන් වරයකට රාවනා රජු ඉල්ලුවේ අමරණීයත්වයයි. නමුත් එල ලෝක දහමට පටහැනි නිසා එවත් වරයක් ලැබිය නොහැකි බවත් ඒ වෙනුවෙට "අජෙයි" වරයක් ලබා දුනි. ඒ අනුව රාවනා රජුව නර,වානර පමණක් නොව සුර අසුර යනාදී කිසිවෙක් අතින් මරුමුවට පත් කල නොහැකිය.රාවන නම් වූ අසහාය රජතුමා වෙත එල්ල වෙන හී වලින් වෙන් වෙන් වෙන්නා වූ හිස වෙනුවට නව හිසක් මැවෙන්නට විය. ඒ අන්සති අඹුවක් පැහැර ගත් පාපය නිසාවෙනි.ඒ අනුව රහස් නිලයකට එල්ල වෙන හී සැරයක් නිසා සිහිසුන් වෙන රාවන රජුගේ හිස කදින් වෙන් කර සත් මුහුද තුලද උස අඩි 8කින් යුතු කඳ මධ්‍ය දේශයේ එක්තරා ගුහාවක අඩි 8ක් දිග අඩි 6ක් රන් ටැඹක තැන්පත් කර ඇත.

රාවනා රජු නැවත උට්ඨානය වෙයිද? 
මෙලෙස ස්ථාන දෙකක තැන්පත් වී තිබෙන හිස සහ කඳ ජීවමනාව පවතින බව පුරාවෘර්ත වල සඳහන් වේ.යම් දිනය මෙම හිසත් කඳත් එක්තැන් උනොත් නැවතත් ජීවමාන වෙන බව පුරාවෘත්ත වල සදහන් වේ. මේ ගැන මටත් පොඩි සැකයක් තිබුනත් අදටත් සුරක්ශිතව හිස කෙස්, නියපොතු වැවෙමින් තිබෙන රාහුල හාමුදුරුවන්ගේ දේහය දකින විට මෙහිත් සත්‍ය තාවයක් තිබෙන්න පුලුවන් බව හිතෙනවා. මතු දිනෙක මෛත්‍රී බුදුන් බුද්ධත්වයට පත්වෙන දිනක මෙම එක්වීම සිදුවේ. ගෞතම බුදුන් ට එරෙහිව කටයුතු කල දේවදත්ත නම් කෙනෙක් එරෙහිව සිටියා වාගේ රාම රාවන නම් යුග පුරුෂයන් දෙදනාගේ කතාව නැවතත් ඇති වේ. නමුත් දේවදත්තයන් අවසානෙට අපාගත වුවත් රාවන රාම කතාවේ අවසානය වෙන්නේ රාවන බුද්ධ සාසනයට එකතු වීමෙනි.

0 comments:

Post a Comment