Thursday, August 23, 2012

නිවැරදි උපන් වේලාව යනු කුමක්ද ?

ඔබගේ නිවැරදි උපන් වේලාව යනු කුමක්ද ?


නිවැරදි උපන් වේලාව කුමන මොහොතේදැයි ඇතැම් දෙනා නොදනිති. ඇතැමෙක් පවසන්නේ දරුවා මව් කුසින් පිටතට පැමිණි මොහොත නිවැරදි උපන් වේලාව බවයි.තවත් අය පවසන්නේ පෙකනි වැල කැපූ මොහොත නිවැරදි උපන් වේලාව ලෙස ගත යුතු බවයි. දරුවා මුලින්ම හඩන මොහොත උපන් වේලාව ලෙස ගතයුතු බවද සමහරු පවසති. නිවැරදි උපන් වේලාව කුමක් දැයි නිවැරදිව අවබෝධ කරගැනීම සෑම දෙනාටම වැදගත්ය.

දරුවෙක් මව් කුසින් ඉවතට පැමිණි විගස ලබාගන්නා පළමු ආශ්වාසය මගින් ක‍්‍රියාත්මක වන විශ්ව සබඳතා ක‍්‍රියාවලිය නියම උපන් වේලාවයි. මෙය තේරුම්ගත හැක්කේ දරුවා හැඞීමෙනි. මව්කුස තුලදී දරුවාගේ රුධිර සංසරණය සිදුවන්නේ නාභිය හරහා පමණි. ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීමක් සිදුනොවේ. පෙනහළු අක‍්‍රියව හැකිලී පවතියි. මව් කුසින් පිටතට පැමිණි විගස දැඩි වායු පීඩනයකට දරුවා භාජනය වේ. නාසයෙන් ඇතුළුවන වායුව පෙනහළු කරා ගොස් හැකිලි තිබූ පෙනහළු ක්‍ෂනයකින් දිග හරිනු ලබයි. මෙහිදී දැනෙන අධික වේදනාව නිසා දරුවා හඩයි. මේ අනුව නිවැරදි උපන් වේලාවා දරුවා හඩන වේලාවයි.

උපත සිදුවූ ප‍්‍රදේශය මුල්කරගෙන නැගෙනහිර ක්‍ෂිතිජයේ පිහිටි රාශිය තුලින් දරුවාගේ කර්ම ශක්තිය වර්තමාන භවය සමඟ සම්බන්ධව පවතින ආකාරය තේරුම් ගැනීමට හැකිවේ. දරුවෙක් මෙලොව බිහිවන්නේ තමන් පෙර භවයන්හි කරන ලද කුසල් අකුසල් පලදෙන ආකාරයේ ග‍්‍රහ රටාවක් අහස්කුස තුල සටහන්ව පවතින මොහොතකය.

උපුටා ගන්නා ලද්දකි ....

0 comments:

Post a Comment