Sunday, August 26, 2012

සොහොන් ශ්‍රී මහසොහොන් දිෂ්ටිය

මහසොහොනට පිදේනි කැප කිරීමේදී, ඒ සම්බන්ද කටයුතු වලදී, දිෂ්ටි කිරීමට මේ මන්ත්‍රය යොදා ගනී......



ඕං නමෝ සෝ වැලි ගජරාෂ්ට දේසේ උපන් සිද්ද මහ සොහොන් දේවතාවුන් වහන්සේ එදා යමරජ්ජුරුවන්නේ යම දොර හත, පලාගනීමැයි සිතා කටින් ජලාටයක් මවාගෙන නාස්පුඩු දෙකෙන් දුම් කදන් දෙකක් මවාගෙන දෑත් දෙකින් ගංගා දෙක්ක මවාගෙන සිවුඅත් සිව්නේත්ත්‍රයක් මවාගෙන, අතුන් දහසක් මවාගෙන ඇතුන් දහසක් වම් අතින් ඇන ඉරා ලේ බීගෙන යමගල් පර්වතේට පැනනැගී, තිස් දහසක් පිරිවෙරට අඩ ගැසූතැනේදී, සැනකින් තිස්දහසක් පිරිවර ස්වාමීනි අඩගැසූ කාරණා කිමෙක් දැයි විචාල තැනේදී, යම රජ්ජුරුවෝ අල්ලා ලේ රීරි බොන්ඩ අඩගැසීමැයි කී තැනේදී, එවිට මහ විෂ්ණු දෙවියෝ යමරජ්ජුරුවන්ඩ සැල කල තැනේදී, යමරජ්ජුරුවෝ එක් සැණෙකින් ගොසින් මාලා දේවතාවට අඩ ගසා මහසොහොන් දේවතාවා එරන් කීල කණුවේ බැද මහසොහොන් දේවතාවා දැපනය කල අනූභාවයෙන්, ඊශ්වර බන්ද, මහේශ්වර බන්ද, ක්‍රිතේශ්වර බන්ද, තිස්දහසක් පිරිවර ලත් මහසොහොන් දෙවතාවා, සර්ව නාග පාසාවෙන් ඉගිල බන්ද බන්ද වර වර ඒස්වාහං....

ඕං නමෝ අදේ නැකතින් උපන් යමරජ්ජුරුවන් වරං ලත් සිද්ද මහසොහොන් දේවතාවුන් වහන්සේට අමු රීරි පුලුටු කැපකර දෙන හෙයින් තිස්දහසක් පිරිවර ලත් සිද්ද මහසොහොන් දේවතාවා දිෂ්ටි ලා විගස බන්ද බන්ද ඒස්වහං...
ඕං නමෝ රූපන්ච නම් ගංගාවේ රූපංච නම් පර්වතේ පැදෙගෙන ඇතෙකු ඇන ලේ බීගෙන කටින් ගිනිජල් මවාගෙන තිස්දහසක් පිරිවර ඇති සිද්දි මහසොහොන් දේවතාවුන් වහන්සේ එරට එදේස් සිට මෙරට මේ දේසේට ගොඩ බසින්ඩ එන වේලාවට, ඊශ්වර දෙවියෝ සිටින් කියා නැවැත්තූ අච්චාවෙන්, ආනුබාවයෙන්, තිස්දහසක් පිරිවර ඇති මහසොහොන් දේවතාවුන් වහන්සේ, අදත් මාගේ රංග මණ්ඩගලයට දිෂ්ටි ල එන්ඩ ඊශ්වර දෙවියන්නෙන් වරමි.....

ඕං නමෝ නේරංජ නන් ගංගාවේ නේරංජ නන් පර්වතේ පැදගෙන අතුන් දහසක් ඇන ලේ උරා බීගෙන, ඇවිත් කටින් ගිනිදැල් දහසක් විහිදුවාගෙන සක්වල ගලේ මහමේරු පර්වතේ කඩා පැදගෙන සිද්ද මහාසොහොන් දේවතාවුන් වහන්සේ, මේ ලංකාද්වීපේට ගොඩ බසින්ඩ එන වේලාවට ගෝඩම්බර දේවතාවුන් වහන්සේ කොයි යන ගමනක් දැයි කියා, වම් පයින් ගසා සිටින්ඩ කියා නැවැත්තූ ආච්චාවෙන් ආනුභාවෙන්, ආකාර යක්ෂයෝ ගොලු යක්ෂයෝ, බිහිරි යක්ෂයෝ, මති යක්ෂයෝ, ඉන්ද්‍ර කාම යක්ෂයෝ, පුලුටුකාම යක්ෂයෝත් තිස් දහසක් පිරිවර ඇති මහසොහොන් දේවතාවුන් වහන්සේ අදත් මාගේ රංග මංඩලේට දිෂ්ටිලා එන්ඩ ඊශ්වර දෙවියන්ගෙන් වරමි......  

ඕං නමෝ මහා සම්මත කාලේදී මහා සම්මත රජ්ජුරුවන් දැවූ සොහොනේ උපන් සිද්ද මහසොහොන් දේවාතාවුන් වහන්සේත් පඩුවස් රජ්ජුරුවන්නේ නුවර පඩුවස් රජ්ජුරුවෝ දැවූ සොහොනෙන් උපන් සිද්ද මහ අමුසොහොන් දේවතාවන් වහන්සේත් විජේ රජ්ජුරුවෝ දැවූ සොහොනෙන් උපන් සිද්ද ජය සොහොන් දේවතාවුන් වහන්සේත් යක්ෂණියන් අට දෙනෙකුත් කුරුම්බ්‍රයින් නවදෙනෙකුත් පිරිවරන් ඇතුන් දහසක් ඇන ලේ රීරි උරා බී මේ ශ්‍රී ලංකාදීපයට ගොඩබසින්ඩ එන් වේලාවට ඊශ්වර දෙවියෝ දිවසින් දැකලා උන් වහන්සේගේ කරේ තිබුනු නූල් සත්පොට කඩා ගැට හතක් ගසා සිවුසැටක් වරලා යක්ශයෝ තුන්දෙනෙක් අමුසොහොනට ගෙන්නා සොහොන් පොලේ සිටුවා බැන්ද ආච්චාවෙන් තඩුත්තු කල අනූබාවෙන් මෙවැනි යකුන් යක්ශනීයන් දිෂ්ටි ලා බන්ද බන්ද ඒස්වාහං .......

ඕං නමෝ තානංගුරු පොතී, ආදේස් පොතී, ත්‍රී නේත්‍රා දාරී ආගෝර විෂ්ණු අණින් සිද්ද මහසොහොන් දේවතාවා දිෂ්ටි ලා විගස බන්ද බන්ද ඒස්වාහා....

ඕං සූර්යා දිෂ්ටි, රාම දිෂ්ටි දිරි දිරි කයි කොණ්ඩුන් කුමාර වේට්ටුගන් ජන්කා වේට්ටු ගජකුම්බකාරීගේ පුතා, අද අසූවිය තෝ ඊශ්වර දෙවියන්ගෙන් වරමින් තා හිමි නැත, විෂ්ණු අවතාර ගජමුත්තු සුර්යා පත්තු වෙසමුණි අණින් දිෂ්ටි ලා විගස බන්ද බන්ද ඒස්වාහා....

ඕං නමෝ ගජන්ත දේසේ ගජකුම්බකාරිගේ කුසයෙන් උපන් සිද්ද මහසොහොන් දේවතාවා, සමන් දෙවියෝ ලගදී, අපි නරපනුවන් ලේ රීරි උරා බොන්ඩ නරලොවට යමුයි කී තැනෙදී, ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේත්, සමනල සමන් දෙවියන් වහන්සේත්, ඕං තිලත්තාල් උල්ලාල්ල ප්‍රාණ රූ තලික්කී පල්ලාලං නෝරුන් පල්ලා, ඕරුක්කා මෙරේ රූඩන් යන් මික්කා කාකෝඩුන් වච්චිරු පාක්කු වෙඩි වසලච්ච ක්‍රී එං කියා රාමසැරේන් බන්දන කර නරලොව කෙලි පිදවිනි ගන්ඩ වරං දුන් අච්චාවෙන් ආනුබාවයෙන් සොහොන් ශ්‍රී මලාවෙන් බැන්දෙන් ජලරාම දිෂ්ටි දිෂ්ටි ඒස්වහං ....

ඕං නමෝ ඉරිදා අදේ නැකතින් මවු කුම්බකාරීගේ කුසයෙන් උපන් සිද්ද මහසොහොන් දේවතාවා තිස්දහසක් පිරිවර මවාගෙන නරලොවට ගොඩ බසින්ඩ එන වේලාවට අහස පොලොව මවාපාපු ශ්‍රී විෂ්ණුන් වහන්සේත්, සමනල සමන් දෙවියන් වහන්සේත් දිවසින් දැක කොයි යන ගමනක්දැයි කියා ඇසූ තැනේදී තිස්දහසක් පිරිවර ඇති සැටපන්දහසකට නායකයා වූ තිස්දහසක් අතුමං රකින්නා වූ මරුවාට සොල්මන් බලන්නා වූ සිද්ද මහසොහොන් දේවතාවා, අදත් මා ගේ රංග මන්ඩලේට දිෂ්ටි ලා එන්ඩ කුවේර පුර නුවර වාසස්තානය කරන  වෙසමුනි රජ්ජුරුවන්ගෙන් වරමි.......

(වැරදි ඇත්නම් නිවරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.....)

0 comments:

Post a Comment