Thursday, August 23, 2012

සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (1 වන කොටස )


ආයුර්වේද වෛද්‍යාචාර්ය ටී. පුංචිකිරා වෙද මහතාගේ පාරම්පරික වෙදකම, (හන්දි වෙදකම)ආයුර්වේද වෛද්‍යාචාර්ය ටී. පුංචිකිරා වෙද මහතාගේ පාරම්පරික වෙදකම, (හන්දි වෙදකම) එතුමාගේ මුණුපුරු ඩබ්. ජී. ජේමිස් වෙදමහතා විසින් පිරිසිදු සිතින් ම ගල් කැටිගම පදිංචි ඩබ්. පී. ගණිතාවෙද මහතාට ලියා දුන් වගයි.

—භෙසජජගුරු නමසකාරාමි—

1 පළමුවෙන්ම ගහෙන් වැටුන මිනිසෙකුට ශරීරයට දෙන බෙහෙත් කැඳ ගංසූරියා පොතුල මුරුංගා පොතු කොටා වතුර වක්කර අනා ඉස්ම මිරිකා අරගෙන එම ඉස්මට ඉඟුරු, ගම්මිරිස්, සුදුළුනු අබ වදකහ මේවා එක තරමට ගෙන අඹරා කසායට දියකර තණහාල් දමා ලිප තබා පැසවා කැඳ සාදා සහිඳ ලූණුල එක්‍ෂරු තෙල් දමා දෙනුග (උදේ සවස)

2 බඩ පාචනයට දෙන බෙහෙත් 2 හීන් මෑ කරල් වගේ ඇති හීනුක් පලූ ගෙන කොටා පැනි වක්කර අනා මිරිකා ලිප තියා පැසවාගෙන එම ඉස්මට හිරියල්ල ගෝකටු කිරිල දමා දෙනු (බඩ පාචනය වෙයි)

3 කොහිල ගෙන කොටා මිරිකා ලිප තියා පැසවා එම මාත්තු දමා දෙනු.

4 කොල පතොක් තොලල මුල් ගෙන කොටා උණු වතුර වත්කොට අනා ඉස්ම මිරිකා ගෙන පෙරා තණ හාල් දමා පැසවා කැඳ හදා දෙනු. (පෙරාපු ගානට පාචනය වෙයි*.

5 දෙහි කොල පොතු ගෙන කොටා මිරිකා එම ඉස්මට ඉඟුරු, ගම්මිරිස්, අබ, නෙල්ලි, සුදු’නු, වදකහ එක තරමට ගෙන අඹරා ඉස්මට දියකර තණහාල් දමා පැසවා දෙනු. (ගහෙන් වැටුන අයගේ කඳට ලේ බැස්සාට, කරප්පනට සිය’ රිදුම් බඩ පිරුම් ගුණ වේ)

6 තැල්මට තැඹිළි පොල් මල් එක තරමට ගෙන කොටා පැන් වත්කර මිරිකා ඉස්ම ගෙන එම ඉස්මට අර’ ගෙඩියක් කුඩුකර දමා හීනටි හාල් පිටි දමා තල තෙල් වත්කර පැසවා බොන්න දෙනු. පත්තුව සියඹලා කොල, තැඹිළි පොල් මල් කොටා මිරිකා එම ඉස්මට අමුකහ, හීනටි හාල් පිටි දමා දියකර පත්තුව පැසවා දමන්න. (ගහෙන් වැටුන අයගේ කඳට ලේ බැස්සාට, තැල්මට යහපති)
.
7 කඳට ලේ බැස්සාට කොල්ලූ දෝතක් ගෙන කබලෙන් බැද තම්බා දිය ගෙන එම ඉස්මට දෙහි මුල්, දොඩම් මුල්, නික මුල්, කොහොඹ මුල්, කලූවෙල්ලංගිරිය මුල්, ෂත්සඳ මුල්, මුරුංඟා මල් මේවා එක තරමට ගෙන කොටා උණු වතුර වත්කර අනා ඉස්ම මිරිකා එම කසයට දෙදුරු, මොදගං, තිප්පිලි, කරාබු, වසාවාසි, සාදික්කා, ඉඟරු මිරිස් සුදු’නු, අබ, වදකහ, අර’, ගොරකා යන මේවා අඹරා දෙකට බෙදා පංගුවකට ජාපාල කොල හැරදමා අඹරා ගුලිය තියා ජාපාල දැම්මේ තැති ගුළිය කසායට දමා දියකර පැසවා හවසට පත්තියමට දෙනු. (ගහෙන් වැටුන අයගේ කඳට ලේ බැස්සාට, ඇඟ රිදුමටද යහපති)

8 අඩිස්සියට අර’, ඉඟරු, හඳුන්, වැල්මී, සුදු’නු කුඩුකර දමා කුරුම්බා ගෙඩියේ පැසවා දෙනු. කල් ගිය ඒවාට දෙන බෙහෙත. තිරස්ස වලලූ මුල් කුඩුයි, අර’, ගම්මිරිස් මේවා කුඩු කර එක තරමට ගෙන අඹරා කුරුම්බා ගෙඩියට දමා පැසවා දෙනු.

9 ගහෙන් වැටී ඇට කැඩුනාට බඳින බෙහෙත බෝ පොතු කොල ගෙන අමු කහ, ලූණු, පොල් දමා කොටා කබලෙන් මලවා බඳිනවා වේල් හතරයි. (උයද සවස)

10 ඊටම රිටි පොතුගෙන කහ, ලූණු දමා හොඳට රත්වෙන තුරු වනෙන් කොටෙ මලවා බඳිනු.

11 ඊටම කොට කිඹුලා කොල පොතු ගෙන කහ ලූණු දමා කොටා පැහිච්ච පොල් දමා නැවත කොටා කබලෙන් මලවා බඳිණු.


12 පොඩි ළමුන්ට ඇට්ට මුඩංගා කොල, පොතු, අමුකහ, ලූණු, පොල් දමා කොටා මලවා බඳිනු.

13 හාතාවාරිය කොල, නවහන්දි, බැල තණ, අමුකහ, ලූණු පොල් දමා කොටා මලවා බඳිණු.

14 පුවක් මල්, ලූනු දමා කොටා මලවා බඳිනු.

15 ඊටම හොක්‍ෂ අල කහ , ලූනු දමා කොටා මලවා බඳිනු.

16 ඊටම වල් දෙහි කොල පොතු අමුකහ ලූනු දමා කොටා මලවා බඳිනු.

17 හන්දිවලට බඳින බෙහෙත ලූනුවරණා කොල පොතු ගෙන අමු කහ ලූනු දමා කොටා ඊට එක්‍ෂරු තෙල් අනා තුන් වරුවයි. මී තෙල් අනා තුන්වරුවයි. කබලෙන් මලවා බඳිනු.

18 ඊටම මී කොල පොතු ගෙන කොටා මී තෙල් අනා කබලෙන් මලවා බඳිනු (වේල් හතරයි* උදය සවස

19 කල් ගිය අමාරුවලට බඳින බෙහෙත/ ගල් වුන හන්දි පොඟන්ට පළමු බෙහෙත. දැමුනු පොතු පහලට ගලවා ගෙන පිට පොත්ත කුරුටු ගා හොඳින් තලා අමුකහ ලූනු අඹරා ඇතුල් පැත්තේ තවරා පොල් කිරෙන් තම්බා බඳිනවා.

20 ඊටම දුනුකේ බොඩ වැටකේ බොඩ කහ ලූනු දමා කොටා හීනටි හාල් පානු වතුරෙන් තම්බා බඳිනු.

21 ඊටම කෙටල අල කහ ලූනු දමා කොටා පොල්කිරෙන් 4 වරුවයි. එල කිරෙන් 4 වරුවයි.

22 ඊටම ලබු ගෙන කහ ලූනු දමා අඹරා 3 වරුවයි මෙම බෙහෙත් වලින් මෙලෙක් වූ පසු සැර බෙහෙත් බඳිනවා.

23 ගොඩ කිරල පොතු ගෙන අමු කහ ලූනු දමා කොටා මලවා බඳිනු. (පැය 1 යි* මහ’ අයට බෙහෙත් සැර විදියට තියන්න පැය 1 1/2 බෙහෙත් ලිහා මෙලෙක් බෙහෙත් තෙල් ගා හොඳින් තවන්න


24 ඊට පසු කෑලිය පොතු ගෙන බත් කැඳෙන් නෑඹිළියේ ගා එම ඉස්මට හාල් පිටි දමා දිය කර පත්තුව පැසවා දමනු (දවසයි*

2 comments:

  1. Damith Sameera Edirisinghe මහතාණෙනි, ඔබ මේ කර ඇති ක්‍රියාව නම් අනුමත කිරීමට නොහැකිය.
    https://kendaralk.wordpress.com/2011/01/24/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%AF-%E0%B6%B4/

    ඔබ කළින් සඳහන් කර ඇති ලිපියෙන් කිසිදු අවසරයකින් තොරව ඉන් කොටසක් ඔබගේ බ්ලොගයේ මෙසේ පළ කර තිබීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පෙර මා අමතන්න 0714161082 එම්. එම්. රෝහණ වසන්ත

    ReplyDelete
  2. වසර 6 කට පෙර සිදුවි ඇති අස්ථි බිදිමක් නැවත අණඅණතුරකින් අස්ථි පිපිරීමක් වි ඇත.එයට බෙහෙත් කරැණාකරල දන්වන්න

    ReplyDelete