Friday, August 24, 2012

සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (3 වන කොටස)


56 දෙවන බෙහෙත කල් ගිය කෑලිය වැලක පොතු ඇත්පෝඩා කොල කොබ්බෑකොල පොතු බැලතණ මේවා එක තරමට ගෙන පොල්කටු අඟරු බත් කැඳ වත්කොට කොටා මලවා බඳිනු (පැය 6ක් හැර මුදනු හන්දි වෙයි*

57 ඊටම ඇට මුරුවා කොල පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු තිස්පැයකින් හන්දි වෙයි.

58 ඊටම බොරදමුන පොතු උගුරැුස්ස පොතු සුඹු’ හැර කොටා පැන් වත්කර ලිප තියා තම්බා ගෙන මස්බැද්ද පොතු හිරමණෙන් ගා ඒවාට දමා කිතුල් හකුරු ලියා දමා අනා කබලෙන් උණුගන්වා බඳිනු. (තිස්පැයයි අත්දුටුවයි*

59 ඊටම ගුරුලද’ බත්තිඹිරි මදමේවා ගෙන අඹරා උණු ගන්වා බඳිනු 60 ඊටම ගුරුල පොතු පොලු් කහ ලූනු දමා කොටා මලවා බඳිනු

61 ඊටම බැලතන දඹ පොතු පැහුන හීන් බටු එලබිංතඹුරු මිදැල්ල පොතු මේවා ගෙන පොල් පොලුකටු අඟුරුදමා කහ ලූනු දමා කොටා උණුගන්වා බඳිනු (තැල්මට කෙවුමට බිඳුමට*

62 ඊටම අට්ටික්කා පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු (තිස් පැයට හන්දි වෙයි*

63 හත් පෑ හන්දියට නව හන්දි කහ ලූනු පොල් දමා කොටා කබලෙන් මලවා බඳිනු

64 තිස් පෑ හන්දියට පුවක් ගොබ එම බොඩ දුනුකෙයියා ගොබ සහ එම බොඩ කහ ලූනු දමා කොටා මලවා බඳනු

65 පැනි තෙල ඇටමුරුවා පොතු කොටා උණු වතුර වත්කර අනා ඉස්ම මිරිකාගෙන පැසවා ගානු (බිඳුනු තැන් හන්දි වෙයි*

66 එක් පෑ හන්දියට පොඩි හනස්ස ඳ’ හිඟරු පට නිතුල් මුල් දියලබු වැල් නික පොතු කලහ පොතු ගස් කැප්පෙටියා මුල් පිල මුල් නවහන්දි මේවා කහ ලූනු දමා කොටා මලවා බඳිනු. (පැයට හන්දි වෙයි*

67 ඊටම පොල් මල් තල් ගහේ පොතු බෝ මී පොතු මෙකී දේ කොටා උණුවතුර ඉස අනා මිරිකා පැසවා ගානු.

68 තව තෙල් කිරක් පැපොල් ද’ කිරි අඟුන කොල පොල් ගෙඩියක පොල් දමා කොටා උණු වතුර ඉස අනා ඉස්ම මිරිකා එම ඉස්මට දේදුරු මොදගං වදකහ පල්ලමානික්කං මේවා කුඩුකර දමා පොල් කිරි තැටියට දමා අවුවේ පැසවා ගානු (බිඳුනාට තැල්මට කෙවුමට පේන්දුවට යහපති අත්දුටුවයි*

69 ඊටම බැලතණ අමුකහ ලූනු දම කොටා මලවා බඳිනු (හන්දි වෙයි*

70 හැටපෑ හන්දියට නවහන්දි හාතාවාරිය කොල එලබිංතඹුරු කොල ඔලිඳ කොල කොබ්බෑ කොල මේවා ගෙන පොල් දමා කහ ලූනු දමා කොටා මලවා බඳිනු (හැටපැයට හන්දි වෙයි අත්දුටුවයි*

71 හන්දිවුන තැන කෙවුමට වැල් පෙනෙල කොල ඔලිඳ කොල අඳුන් තැල් කොල හීරැුස්ස ඳ’අමු කහ ලූනු දමා කොටා මලවා බඳිනු. එම බෙහෙත් බැඳ උණු දිය වත්කරනු.

72 තෙලට – තුවාලවලට ඇඹුල් නැති දෙහි පිංචි සිහිනිවට ලියා තලා තෙලට දමා ඉඟුරු සුදු’නු ගම්මිරිස් මෙකී දේ චූර්ණ කර තෙලට දමා දිය නැතිව සිඳ තෙල් ගානු. උණු වතුරෙන් සෝදනු කැපුන් කෙටුන් තුවාල ගුණ වෙයි – අත්දුටුවයි*

73 ඊටම බොල්පනා මුලේ පොතුයි ඉඟුරු කුඩුයි පොල්බෑවේ පිට කුරුටුයි මෙකී දේ එක හරියට කුඩුකර තුවාලවලට දමනු (ලේ හිටියි තුවාල පෑහෙයි අත්දුටුවයි*

74 ඊටම තිබ්බටු මුල් දෙහි ඳ’ කුඩු කර තුවාල වලට දමනු

75 තුවාල තෙල කරඳ පොතු කටුකෑලිය පොතු හීං දඹල කොල පොතු ගොන් කැකිරි කොල ඉරමුසු කලාඳුරු නුගඅර’ ඇහැටුඅර’ රසකිඳඅර’ මේවා එක තරමට ගෙන කොටා පැන් ඉස ඉස්ම මිරිකා ගෙන හැලියකට වත්කර පොල් කිරි දමා පැසවා ඊට පල්ලමානික්කං බිංදුම්මල පිඹුරු ඇට මේවා අඹරා තෙලට දම දිය නැතිව සිඳ තුවාලයට දමනු තෙල් තුවාලයට පිඹිනු. (අත්දුටුවයි*

76 තිස්පෑ හන්දියට හොක්‍ෂඅල හිරමණෙන් ගාගෙන කහ ලූනු පොල් දමා කොටා මලවා බඳිනු (හන්දිවෙයි*

77 පත්තුව මානෙල් මල් කොල කොටා පැන් වත්කර අනා ඉස්ම මිරිකාගෙන හීනටි හාල්පිටි දියකර පැසවා ගානු

78 ඊටම – තෙලට හීන්දඹළ කොල පොතු ලේ වැරැුල්ල සහමුලින්ම ලෙන මොණරකුඩුම්බිය හොක්‍ෂඅල මෙකී දේ එක පමණ ගෙන ෙඉස්ම ගෙන පොල් කිරි වත්කර තැටියකට දමා අවුවෙන් පැසවා ගානු (තැල්මට කෙවුමට රිදුමට පේන්දුවට*

79 කරේ බඳින බෙහෙතට අන්දර කොල පොතු ගෙන කහ ලූනු දමා කොටා මලවා එම පටෙන් කරේ බඳිනු (හන්දි වෙයි*

80 තුවාලයට වෙම්බඩංගා ඳ’ පුපුල ඳ’ අමු කහ දමා අඹරා තල තෙලෙන් මලවා බඳිනු (ගුණ වේ*

81 ඊටම දෙමට ඳ’ මුල් කරඳ ඳ’ මුල් අමු කහ දමා තලා මී තෙලෙන් මලවා බඳිනු.

82 ඊටම කෝවක්කා කොල අමුකහ දමා තලා බඳිනු

83 තැල්මට මී පොතු කෑලිය පොතු එක තරමට ගෙන වනෙන් කොටා වතුර ඉස මිරිකා හීනටි හාල්පිටි දමා කැඳහදා පොවනු (තැල්මට රිදුමට ඇවිළිල්ලට කඳරිදුමට යහපති*

84 ඊටම කිරිය පොතු හික් පොතු මෙකී දේ එක පමණ ගෙන කොටා උණු වතුර ඉස අනා ඉස්ම ගෙන පැසවා ගානු. (බිඳුමට තුවාලෙට යහපති*

85 තුවාල තෙල ඔළිඳ කුඹුරු පිල ගොන්කැකිරි සේරු කැප්පෙටිය තිබ්බටු මදුරු මේවා ඳ’ එක තරමට ගෙන අඹරා පොල්තෙලට දියකර ලිප තියා ඊට දෙදුරු මොදගං තිප්පිලි කරාබුනැටි වසාවාසි සාදික්කා අබිං ලූනු වේලූනකහ මෙකී දේ අඹරා තෙලට දියකර දිය නැතිව සිඳ ගානු. (තුවාල ඔඩු ගුණ වෙයි*

86 තිස්පෑ හන්දියට ලූනුවරණා කොල පොතු ගෙන කහ ලූනු දමා කොටා මී තෙලෙන් තුන් වරුවයි. එක්‍ෂරු තෙලෙන් තුන් වරුවයි. (උයද සවස*

87 ඊටම මස්බැද්ද පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු

88 තුවාල වූ අයගේ සිහි නැතිවූ විට කරල්සැබ්බ කොල මුල් ගෙන කොටා ඉස්ම මිරිකා ගෙන නස්න කරනු සිහිය එයි.

89 බිඳුන තැන ලේ යනවාට කැහිපිත්තන් කොල ගැඩුඹ කොල අර’ ඉඟුරු සුදු’නු වියළි කහ ගෙන කොටා මලවා බඳිනු සන්දි වෙයි. ලේ හිටියි

90 වනයට කුඩුමිරිස් ඳ’ පොඩිහීරැුස්ස ඳ’ පුපුල ඳ’තොලබෝ අල මේවා එක තරම ගෙන උණු වතුර ඉස මිරිකාගෙන ලිප තියා ඊට පොල් තෙල් එක්‍ෂරු තෙල් දමා දිය නැතිව සිඳ ගානු කුඩු තියා ඔතනු (සුව වන තුරු* අත්දුටුවයි

91 තුවාලවල ලේ සිටුවීමට ඉඳිබොඩ කරල්සැබ්බ පොල්පලා හාතාවාරිය කොල බේඳුරු අල ඇහුටු කොල පොතු කිරි අඟුන මදුවැල් කොල මේවා එක තරමට ගෙන බැලතණ ඒ තරමට ගෙන කහලූනු දමා කොටා මලවා බඳිනු (තුවාල ගුණ වේ. හන්දි වෙයි* හන්දි නොවැදුනේ නම් ගැඩුඹපටෙන් බේත් බඳිනු.

92 ඊටම පොඩිහීරැුස්ස පුපුල කොල දිවුල් කොල තිබ්බටු කොල දෙමලපිලල කෑලියපිලල මිල්ලපිලල මේවා කහ ලූනු දමා කොටා මලවා බඳිනු (තැල්මට අවහන්දියට*

93 ගැටකනමිල්ල පොතු කොටා ඉස්ම මිරිකා පැසවා ගානු (තැල්මට සිය’ තුවාලවලට යහපති*

94 ඊටම බටහිර දිසාවෙන් බෝපොතු ගෙන කොටා ඉස්ම මිරිකා එම ඉස්මට ඉගුරු මිරිස් වදකහ අඹරා දියකර හීනටි හාල්පිටි දමා ලිප තියා පැසවා කිකිළිබිජු සෝරස දමා පොවනු (ගහෙන් වැටුන අයගේ තැල්මට බඩරිදුමට යහපති*

95 ඊටම ගම්මිරිස් පතක් පමණ ගෙන බැද අඹරා කිකිළිබිජු සාරු සමග දෙනු (තැල්මට රිදුමට බඩ පිපුමට අත්දුටුවයි*

96 ඊටම තෙලට හීංදඹල මුල් සතුරුසම්මට්ටිය මුල් දෙමට මුල් කරඳ මුල් ඇහැටු අර’ ඇහැල මුල් මේවා එක පමණ ගෙන කොටා උණු පැන් වත්කර අනා ලිපතියා දුන්තෙල් නැලියක් දමා ඊඨ දෙදුරු මෝදගං වදකහ සුදු’නු ඉඟුරු ගම්මිරිස් පල්ලමානික්කම් මේවා චූණ_කර අඹරා තෙලට දමා දිය නැතිව සිඳ තුවාලවලට දමනු. (බිඳුනතැන තුවාලවලට යහපති*

97 තෙල් කිරට කෑල පොතු දඹ පොතු ඇහැල පොතු මේවා එක පමණ ගෙන කොටා උණූ පැන් ඉස අනා ලිපෙන් පැසවා ගානු. (අවහන්දි ඇරෙයි කෙටුම් රිදුම් ඇරෙයි*

98 ඊටම පැණියට/ පත්තුව කීරිය පොතු දඹ පොතු පලූ පොතු ඇහැල පොතු ඇට්ටමුඩංගා පොතු කහට පොතු හික් පොතු කෑලිය පොතු ගෙන කොටා මිරිකා එම ඉස්මට තල් හකුරු කිතුල් හකුරු අක්මල් පැණි දියකර පැසවා ගානු. (හන්දි වෙයි* අත්දුටුවයි

99 හන්දි උන තැන කෙවුමට පලූඅරටු අන්දරඅරටු මිල්ලඅරටු කෑලිය පොතු ගෙන කොටා මිරිකා පැසවා ගානු. (ඉදිමුනටද යහපති*

100 ඊටම නවහන්දි පොල් එක්ක කොටා තැටියකට මිරිකා අමුවෙන් පැසවා ගානු (අවහන්දි ඇරෙයි කෙවුමට රිදුමට* තුවාලයට: සුදුනයිකොල පොඩිකර ලේ හිටී. 101 ඊටම පුපුල කොල කහ ලූනු දමා කොටා අරක්කු දමා අනා කබලෙන් රත්කර ගානු. (තුවාලයට තැල්මට අත්දුටුවයි*


0 comments:

Post a Comment