Friday, August 24, 2012

සිංහල කැඩුම් බිඳුම් වෙද පොත (2 වන කොටස)


26 දිය බුබු’වලට සියඹලා කොල තැඹිළි පොල් මල් එක තරමට ගෙනකොටා ඊට පැහුණු උණුවතුර ඉස මිරිකා එස ඉස්මට අමුකහ හාල් පිටි දමා නැවතත් පත්තුව පැසවා දමනු. (උදය – සවස*

27 ඊටම (දිය බුබු’වලට බඳින්නට* ඉරමුසු අල සහ එම කොල අමු කහ දමා කොටා තල තෙලෙන් මලවා බඳිනු. (දිය බුබුල් සුව වෙන තුරු* දිය බුබුල්වල තුවාලවලට සහ පිළිස්සුන තුවාලවලට

28 තෙලක් තෝර කොල අමු කහ පැහුන පොල් දමා කොටා උණුවතුර වත්කර අනු ඉස්ම මිරිකා ගෙන එම ඉස්මට අමුකහ අඹරා දිය කර ලිපෙන් පැසවා තෙල් සිඳ තුවාලවලට ගානු. (අත්දුටුවයි*

29 බත් ඉතිරෙන හන්දිය ගෝන අං මුව අං මී අං ඇත් දත් මේවා කුඩු ඇරගෙන හිඟුරු පොතු නෙ’ම් අල මේ වා එකට කොටා මලවා බඳිනු. (බත් ලිප තියා බඳිනු – ඉතිරෙන කොට හන්දි වදී*

30 ඊටම කොහොඹ කොල පොතු පොඩා කොල බිං තඹුරු කොල ලබු කැන්ද කොල පොතු කහ ලූනු දමා කොටා මලවා බඳිනු. මස් බැද්දවැල ඉරා එම පටෙන් බඳිනු පැයකින් හන්දි වදී. කලූ ඇට්ටේරියා සුදු ඇට්ටේරියා ඇට්ටමුඩංගා කහ ලූනු දමා කොටා මලවා බඳිනු.

31 බාලයින්ට බඳින බෙහෙත. නිතුල් පොත්ත අගින් මුලින් ගලවා බෙහෙත් පොත්ත තලා උණු අ’වේ තම්බා කහ ලූනු අඹරා බෙහෙත් පොත්තේ ගා භාජනයක තියා පොල් කිරී මිරිකා අත් උණුහුං පදමට බඳිනු

32 ඊටම මී ගහේ බේඳුරු කහ ලූනු දමා කොටා මලවා බඳිනු. පැයෙන් හන්දි වේ.

33 ඊටම තැල් කොල කහ ලූනු දමා කොටා මලවා බඳිනු. පසළොස් පැයට හන්දි වේ.

34 බෝ මී පොත්ත ගෙන දොඩං ඇඹුල් කොරහට වක්කර බෙහෙත් පොත්ත ගා එම ඉස්මට හාල් පිටි අඹරා දියකර පත්තුව පැසවා ගානු. (තැල්මට රිදුමට*

35 අවහන්දියට දඹ පොතු කටුකෑලිය පොතු බැල තණ පුස්වැලේ පොතු දමුන පොතු මේවා එක තරමට ගෙන කපා කොටා පොල්කටු අඟුරු උණු බත් දමා කොටා එක්‍ෂරු තෙල් අව හන්දියේ ගා එම බෙහෙත් එක්‍ෂරු
තෙලෙන් මලවා බඳිනු ( බැඳ දවසකට පසුව මෙලෙක් වුන පදමට මුල සිට බෙහෙත් බඳිනු*

36 අව හන්දියට තරණ ගහේ කොල පොතු දෙවණක් පමණ කොටා පැන් වත්කර තම්බා ගෙන ඒ ඉස්මට ලූනු කැට මිටක් විතර දමා කකාරා ගානු. (ලූනු බෙහෙත් පැණිය*

37 අව හන්දියට බෙහෙත් ඇත් පෝඩා කොල හීරැුස්ස බැලතණ පොල් පලා හීන් බුහුටිය කොල කොබ්බෑ කොල පොතු බිංතඹුරු මෙකී කොල ගෙන පැහිච්ච පොල් දමා කොටා බේසමකට දමා උණුවතුර ඉස හොඳට අනා තැටියකට මිරිකා අවුවෙන් පැසවා තෙල් කිරි ගානු. තෙල් කිරි පැසෙන තුරු මිරිකූ බෙහෙත් රොඩු වණ්ඩුවෙන් තම්බා බඳිනු. (දින තුනයි*

38 අව හන්දියට ඇත් පෝඩා කොල වරකා පොතු එක තරමට ගෙන කහ ලූනු දමා කොටා තතියා ගොන් කැකිරි කොල පොල් බෑවක පොල් දමා කොටා ඉස්ම මිරිකාගෙන තෙල් කිරි දමා තවා බැවත බෙහෙත් බඳිනු. (හන්දි වදී*

39 ඉදිමුමට පලූ කාඩි කරණ මෙකී පොතු කොටා මිරිකා පැසවා ගානු.

40 ඊටම කලූ ඇට්ටේරියා සුදු ඇට්ටේරියා කොල පොතු කහ ලූනු දමා කොටා කබලෙන් මලවා බඳිනු.

41 ගෑමට බෙහෙතක් අඹ පොතු දඹ පොතු කහට පොතු හුලංහික් පොතු කෑලිය පොතු දමන පොතු මේවා එක තරමට ගෙන කොටා භාජනයකට දමා පැන් වත්කර තම්බාගෙන ඉස්ම මිරිකා එම ඉස්මට අර’ බු’ නෙල්ලි ඉඟුරු ගම්මිරිස් අබ සුදු’නු වදකහ අඹරා දියකරනු. හාල් පිටි කුරහන් පිටි බඹර පැණි මී පැණි දක්‍ෂුවැල්ල පැණි කිතුල් හකුරු තල් හකුරු දමා දිය කර පත්තුව පැසවා දමනු. (තැල්මට ඉදිමුමට හොඳයි* පැනි පත්තුව

42 ඊටම බෝම් පොතු ගෙන ඇඹුල් දොඩම් ඉස්මෙන් නෑඹිළියේ ගා එම ඉස්මට යබර ගල් පු’ස්සා කුඩුකර දමනු. ඉරිගොන්පස් කුඩුකර දමනු. හාල් පිටි කුරහන් පිටි අබරල අලයක් පු’ස්සා අඹරා දිය කර කුලංබුව හදා දමනු. (ඉදිමුමට තැල්මටඇට තදවීමට හොඳයි*

43 ඊටම හුලං හීන් පොතු ප’ පොතු කැටකාල පොතු දඹ පොතු මේවා එක තරමට ගෙන කොටා උණූවතුර දමා අනා එම ඉස්මට මී පැණි කිතුල් පැණි වත්කර පැසවා ගානු.

44 තෙල් කිර නවහන්දි හාතාවාරිය කොල බැලතණ පොල්පලා හීරැුස්ස පෝඩා කොල කොබ්බෑ කොල තරණ කොල පනං පෙති කුප්පමේනිය වේලා කොල අමු කහ අරං කහ අමු ඉඟුරු වදකහ රතු’නු සුදු’නු මේවා එක තරමට ගෙන දෙවනුව තැඹිලි පොල් දමා කොටා භාජනයක දමා උණුවතුර වත් කර අනා මිරිකා තඹ තැටියේ අවුවේ පැසවා තේල පෑදෙන විට ඊට ක’ දුරු සිදුරු අසමෝදගම් පල්ලමානික්කම් කබලෙන් බැද කුඩු කර දමා තෙල් හොඳින් පැහෙන විට ගානු. එම බෙහෙත් රොඩු වණ්ඩුවෙන් තම්බා තෙල් පැහෙන තුරු තුන් වරුවක් පමණ බඳින්න. (නහර මොලොක් වී හන්දිය හරියයි*

45 අතපය කොර දිගෑරෙන තෙල හාතාවාරිය කොල ඉරමුසු අල සහ කොල නව හන්දි බැල තණ මේවා එක තරමට ගෙන කොටා භාජනයකට දමා පැන් වත්කර ලිප තියා රත් කර තුන් දිනකට පසුව බෙහෙත් රත් කර ඉස්ම මිරිකා එම ඉස්මට සරක්කු ක’දුරු සුදුදුරු අසමොදගං පල්ලමානික්කම් තිප්පිලි කරාබුනැටි වසාවාසි සාදික්කා අමුකහ අරංකහ ඉඟුරු රතු’ණු සුදු’නු ගුලියක් අඹරා තියා එක්‍ෂරු තෙල් වත්කර කකාරා තෙල පදමට එන විට සරක්කු ගුලිය දමා පැසවා දිය නැතිව සිඳගෙන ගානු. (නහර තදවීමට පරන ගල් වුන හන්දිවලට තුවාලවලටද ගින්දරෙන් වුන තුවාලවලටද හොඳයි*

46 මහා හන්දි තෙල ගොඩ කිරල කොල පොතු ක’වෙල්ලංගිරිය කොල පොතු බෝකොල පොතු වල් දෙහි කොල පොතු කෙතාට කිඹුලා කොල පොතු හැකිරිල්ල කොල පොතු අහු බුකුන්ද කොල පොතු ගොනුකෑවැල් නව හන්දි සිවිය අල කොල සම්දාන කහටකොල පොතු අංකෙන්ද කොල පොතුකැටකාල කොල පොතු ලූණුවරණා කොල පොතු මී කොල පොතු පෝඩා කොල බැල තණ පොල් පලා ඇට්ටේරිය කොල පොතුවලට සරක්කු ක’දුරු සුදුදුරු අසමෝදගං තිප්පිලි කරාබු නැටි වසාවාසිය සාදික්කා අර’ බු’ නෙල්ලි එනසල් ඉඟරු ගම්මිරිස් අබ වදකහ සුදු’නු අමුකහ අරංකහ කොහොඹ ද’ කුබද’ වේලා ද’ මුරුන්ගා ද’ අමු කහ එක තරමට ගෙන ආරා ගානු.

47 පෙනෙල කොල ගෙන අමු කහ ලූනු සමග අඹරා තල තෙලෙන් උයා ගානු (වේල් හයයි උදේ සවස*

48 ඊටම බෝ කොල පොතු නවහන්දි ගෙන අමුකහ ලූනු දමා කොටා තල තෙලෙන් මලවා බඳින්න. (වේල් 6 යි උදේ සවස*

49 ඊටම බෝමි පොතු ගෙන අමුකහ ලූනු දමා අඹරා තල තෙලෙන් උයා බඳින්න. (වේල් 4යි*

50 ඉදිමුමට කෙවුමට රිදුමුට පත්තුව කරන කොල ගෙන කොටා වතුර වත්කර තම්බා මිරිකා රොඩු අයින් කර එම ඉස්මට හීනැටි හාල් පිටි අමු කහ ලූනු කැට දමා දිය කර පත්තුව පැසවා ගාන්න. (වේල් 6 යි*

51 බඩ යෑමට අර’ කලං 6යි පිටිසීනි කලං 6යි දෙකම එකට අඹරා උණු වතුරටදිය කර වසා තැන්බූතැන් පසු එක්‍ෂරු තෙල් කළඳක් දමා දෙනු. බඩ යෑම වැඩි උනොත් රත් තැඹිලි වතුර දෙන්න ඊටම සුදු හඳුන් දෙහි ඇඹුලට දමා දෙන්න.

52 තැවුම් කිහිපයක් ලූණුවරණා කොල පොතු අමුකහ ලූණු දමා කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවනු. (තෙල් රත්කර ගා හොඳට සමන්හැර තවනු* තැල්මටයි.
53 වාතයට මුරුංගා පොතු ඉඟරු සුදු’නු අබ ගම්මිරිස් කහ ලූනු දමා කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවනු.

54 බත් ඉතිරෙන හන්දියට ලූනුවරණා පොතු අට්ටික්කා පොතු කහට පොතු අහු පොතු ටික්කා පොතු කහට පොතු අහු පොතු මේවා එක තරමට ගෙන කහ ලූනු දමා කොටා කබලෙන් මලවා බඳිනු (බත් ඉතිරෙන විට බිඳුනු හන්දි වදී*

55 තිස් පෑ හන්දියට කොතලහිඹටු කොල පොතු කහ ලූනු පොල් දමා කොටා කබලේ මලවා බඳිනු (අත් දුටුවයි*


0 comments:

Post a Comment